The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'රනිල්' අනෙකා වීම

T

The Leader Desk

February 15, 2023 • 9:48 AM

'රනිල්' අනෙකා වීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒක නිසාම පුද්ගල චරිත විශාල වෙමින් ඒවා අයිකන් බවට පත්වෙනවා විතරක් නෙමෙයි ඒවාත් එක්ක ඒ දේශපාලන ප්‍රොපගැන්ඩා බිමටම සමතලාත් වෙනවා.
  • වන වන හිටපු ජාතිකවාදී කොඩිය 2009 න් පස්සේ මහින්ද තමන්ගේ භුක්තියට ගත්තයින් පස්සේ ඉතුරු වෙන්නේ දූෂණය, භීෂණය කියන සටන් පාඨ විතරයි.
  • එයා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල කියන්නේ ප්‍රතිපත්ති පිළිබඳව හා පවතිනා ආර්ථික අර්බුදය පිළිබඳව.
  • පවතින තත්ත්වය කළමනාකරණ කොට ඒක වෙනුවෙන් රනිල්ගේ වැඩපිළිවෙළට එකඟ හා විරුද්ධද කියන බෙදීම ඇතුලේ එකිනෙකාගේ ප්‍රොපගැන්ඩා නිර්මාණය වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒක නිසාම පුද්ගල චරිත විශාල වෙමින් ඒවා අයිකන් බවට පත්වෙනවා විතරක් නෙමෙයි ඒවාත් එක්ක ඒ දේශපාලන ප්‍රොපගැන්ඩා බිමටම සමතලාත් වෙනවා.

2005 දි මහින්ද රාජපක්ෂ බලය ගන්නකොට මහින්ද වටා සියලුම වාමාංශික කොටස් සහ සුලු පක්ෂ එකතු වෙනවා. මූලිකවම ඊට පෙර තිබූ ආණ්ඩුව යටතේ උතුරේ අරගලය වෙනුවෙන් තිබූ දේශපාලනමය විසදුමක් කියන යාන්ත්‍රනය වෙනුවට යුධමය යාන්ත්‍රනයක් පිළිබඳව තිබ්බ සිංහල ජාතියේ “සිහිනය” ජනතා විමුක්ති පෙරමුණ, සිංහල උරුමය වගේ පක්ෂ ඉදිරියට අරගෙන ඇවිල්ලා මහින්දව දිනවනවා.

වන වන හිටපු ජාතිකවාදී කොඩිය 2009 න් පස්සේ මහින්ද තමන්ගේ භුක්තියට ගත්තයින් පස්සේ ඉතුරු වෙන්නේ දූෂණය, භීෂණය කියන සටන් පාඨ විතරයි. ඒකෙ උපරිම ස්ථානය යහපාලන ආණ්ඩුවකින් කෙළවරට ගේනවා. එතනදිත් දූෂණ, භීෂණ කොඩිය වනන ජ.වි.පෙ. අතින් ඒ කොඩිය මෛත්‍රිපාල සිරිසේන උදුරගන්නවා.

මේ හැම අවස්ථාවකදීම කේන්‍ද්‍රීය වෙන්නේ පුද්ගල චරිතයක්, සරත් ෆොන්සේකා වගේ කෙනෙක් එකපාරටම මතුවෙන්නේ එහෙම.

2019 දි ඝෝඨාභය බලයට එන්නෙත් පුද්ගල චරිතයක් විදිහට. ඒකට මූලික වෙන දෘෂ්ටිවාදය වෙන්නෙත් ජාතිකවාදී මූලයන්ම තමයි.

2022 දි සිද්ධවෙන අරගලය හරහා රාජපක්ෂල වේදිකාවෙන් බැහැල යනකොට රනිල් බලේට එනවා. එයා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල කියන්නේ ප්‍රතිපත්ති පිළිබඳව හා පවතිනා ආර්ථික අර්බුදය පිළිබඳව. ඒවාට එකග වීම හා නොවීම කියන කාරනා තිබ්බත් ඊට පස්සේ හැමෝටම සිද්ධවෙනවා ආර්ථික ප්‍රතිපත්ති සහ ආර්ථික වැඩපිලිවෙලවල් ගැන බැරෑරුම්ව කතාකරන්නත්, ඉදිරිපත් කරන්නත්.

ඒක නිසාම අනිත් හැම විපක්ෂ කණ්ඩායමකම දේශපාලනික අනෙකා වෙන්නේ රනිල්. පවතින තත්ත්වය කළමනාකරණ කොට ඒක වෙනුවෙන් රනිල්ගේ වැඩපිළිවෙළට එකඟ හා විරුද්ධද කියන බෙදීම ඇතුලේ එකිනෙකාගේ ප්‍රොපගැන්ඩා නිර්මාණය වෙනවා.

 

දේශපාලනික සාධකයක් හැටියට රනිල් වගේ තනි පුද්ගල “මතවාදයක්” හැමෝගෙම අනෙකා වන එක කියවගන්න එක විපක්ෂය පිළිබඳව තියෙන හොද නිර්නායකයක්.

 

ගොඩනැගිච්ච හැම පුද්ගල චරිතයක් වටාම ඒහා බැදුනු මතවාදී ශක්තිමත් යාන්ත්‍රනයක් තිබුනත් රනිල් වටා තියෙන්නේ අර්බුදයක් සමග මතුවුනු ප්‍රශ්නාවලියක්.

ඉතින් රනිල් දේශපාලනික අනෙකා කරගන්නකොට අනිත් හැමෝගෙම හෙලුව පේන එක තමයි වෙන්නේ. මොකද මෙතෙක් කල් සැබෑ ප්‍රශ්න ලංකාවෙ දේශපාලනය තුල අධිනිශ්චය වෙලා නෑ. හැමවිටම වුනේ දේශපාලනය ජාතිය, ආගම වගේ සංස්කෘතික කාරණා උඩ කැරකැවිච්ච එක.

ආර්ථික අර්බුදය විසින් මෙතැනින් හැමෝගෙම දේශපාලනයන් ආර්ථිකය වෙත විතැන් කරනවා. ඒකට මුහුණ දෙන්නේ රනිල්, ඉතින් රනිල් අනෙකා කරගන්න එක ලංකාවේ දේශපාලනය තුල ටර්නින් පොයින්ට් එකක්.

(carbonnews.lk)


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'රනිල්' අනෙකා වීම | The Leader