උදාහරණයක් විදියට මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිතව වාහන ආනයනය කරගැනීමේ වරප්‍රසාදය ලබාගත්තා. ඒක රැකගන්නට, එම වරප්‍රසාදය ඉහළ රාජ්‍ය නිලධාරීන්ටත් දුන්නා. රාජ්‍ය නිලධාරීන් මේ විදියට ගත්ත වරප්‍රසාද පිළිබඳ විස්තර මහජනතාවට දැනගන්නට පවා අමාරුයි. වැටුප් විස්තරයක්වත් ලේසියෙන් හෙළිදරව් වෙන්නෙ නැහැ. හැමෝම හවුලෙ ආරක්ෂා කරනවා.
පසුගිය දවසක මං මෙතන විවෘතව ඇහුවා ප්‍රශ්නයක්. රජයේ ජ්‍යේෂ්ට නිලධාරීන්ට තමන් පාවිච්චි කළ නිල වාහනය විශ්‍රාම යන විට ගෙදර ගෙන යාමට අවස්ථාව දෙන, දැනට වලංගු චක්‍රලේඛයට ලින්ක් එකක් දෙන්නය කියලා. කිසි කෙනෙකු දෙන්නෙ නැහැ. අංකය නොදැන අදාළ වෙබ් අඩවියෙන් ඒක හොයාගන්න බැහැ. කිසි කෙනෙකු අංකයවත් කියන්නෙ නැහැ. ඒ තරම් ගෝත්‍රිකයි.
ඉහළ නිවැරදි කළොත් පහළත් නිවැරදි කරන්නට පුළුවන්ය කියලා ජවිපෙ ගැන විශ්වාසය තියන අය හිතන එකේ අසාධාරණයක් නැහැ. කරලා බලන්න ඕනැ. ජවිපෙ ඉහළත් ඔය දූෂිත ක්‍රමය එක්ක පැටලිලායි තියෙන්නෙ. උදාහරණයක් විදියට අනුර කුමාරගෙ පුතාට මහින්දලා මිහින් ලංකා එකේ රැකියාවක් දෙනවා. ඒකට ඇටෑක් කරන්නද කියලා වීරකුමාර දිසානායක පස්සෙ කාලෙක ඇහුවම මහින්ද ඒකට ඉඩ දුන්නෙ නැහැ කියලා මං අහලා තියෙනවා.
පෞද්ගලිකව මං හිතන විදියට මේ සිස්ටම් එක දූෂණය වෙලා තියෙන තරමෙ හැටියට විසඳුම් එච්චර සරල නැහැ. ජවිපෙ බලයට ගේන්නෙ මේ වරප්‍රසාදිත මධ්‍යම පන්තිය. උන් ඉඩ දෙයිද ජවිපෙට ඔය වරප්‍රසාද නැතිකරන්න? මට නම් විශ්වාස නැහැ. මේ සමාජය ඒ තරම් දූෂිතයි.
ඒ නිසා මට නම් දූෂණය නැතිකිරීම කියන එක පවා ප්‍රමුඛ නැහැ. ඒක කළමනාකරණය කරගැනීම විතරයි මං හිතන විදියට ප්‍රායෝගිකව කරන්නට පුළුවන්.
(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com
(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)
ජවිපෙට දූෂණය නැතිකරන්න පුළුවන් ද? - (අජිත් පැරකුම් ජයසිංහ)
T
The Leader Desk
February 16, 2023 • 6:08 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- උදාහරණයක් විදියට මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිතව වාහන ආනයනය කරගැනීමේ වරප්‍රසාදය ලබාගත්තා.
- ජවිපෙ ඉහළත් ඔය දූෂිත ක්‍රමය එක්ක පැටලිලායි තියෙන්නෙ.
- ඒක රැකගන්නට, එම වරප්‍රසාදය ඉහළ රාජ්‍ය නිලධාරීන්ටත් දුන්නා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



