The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රනිල්ගේ ස්වාධීන අනියමය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

February 17, 2023 • 8:04 PM

රනිල්ගේ ස්වාධීන අනියමය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නැවතත් ඔප්පු වෙමින් තිබෙනවා නේද!
  • ඒ 13 වැනි සංශෝධනය හරහා පළාත් සභා පිහිටුවීමෙනි.
  • එය 1978 සම්මත කළ ව්‍යවස්ථාවට බලෙන් එබ්බ වූවකි.
  • අද එය විධායකය සමග ගැටෙන ලූස් කැනන් චණ්ඩියෙකු බවට පත්ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

නැවතත් ඔප්පු වෙමින් තිබෙනවා නේද! ව්‍යවස්ථාවක් හදන විට එහි කිසියම් පදනමක් තිබේ. එහි මුල මැද අග ගැලපිය යුතුය. ඕනෑම ව්‍යුහයක පදනමට පරස්පර කිසිවක් පසුව එකතු කළ විට එම ව්‍යුහය අස්ථාවර වේ. 17 වැනි සංශෝධනය හරහා රනිල් වික්‍රමසිංහ එදා ගෙන ආ ඊනියා “ස්වාධීන කොමිෂන් සභා” අද ඔහුටත් රටටත් හිසරදයක් වී තිබේ.

මෙවැනි විකෘතියක් මුල් වරට සිදු කළේ ජේ ආර් ජයවර්ධනය. ඒ 13 වැනි සංශෝධනය හරහා පළාත් සභා පිහිටුවීමෙනි. එය 1978 සම්මත කළ ව්‍යවස්ථාවට බලෙන් එබ්බ වූවකි. එයින් කිසිදු ගැටලුවක් විසඳුනේ නැත. යුද්ධය නැවතුණේ නැත. එයින් වුණේ ජනරජය බිඳී ගොස් ගොස් අතිශය වියදම්කාරී බරවා කකුල් නවයක් බිහි වීමයි. මූලික ආකෘතියට පටහැනි වැඩ කරන්නට ගියාම වෙන්නේ එයයි.

ඊළඟට එවැනි විගඩමක් කරන්නේ රනිල් වික්‍රමසිංහයි. ඒ “ව්‍යවස්ථාදායක සභාව” සහ ඊනියා “ස්වාධීන කොමිෂන් සභා” පිහිටුවීමෙනි.



මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීමෙන් සිදු වූ විශේෂ වාසියක් නැත. අද එය විධායකය සමග ගැටෙන ලූස් කැනන් චණ්ඩියෙකු බවට පත්ව ඇත. ඊටත් වැඩිය හත්පොලේ මැරයා වී ඇත්තේ පාරිභෝගික සේවා කොමිෂන් සභාවයි.



ඕනෑම ජීවී පද්ධතියක මූලික කාර්යයන් දෙක වන්නේ තීරණ ගැනීම (legislation) සහ ඒ ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමයි (execution). (අධිකරණය යනු තීරණ ගැනීමේම දිගුවකි.) පද්ධතිය නිසි ආකාරයෙන් පවත්වා ගැනීමට නම් මේ කාර්යයන් දෙක ඔරලෝසුවේ දැති රෝද මෙන් මනාව ක්‍රියාත්මක විය යුතුය. (ඒවා ක්‍රියාත්මක කරන වෙනත් පිටස්තර බලයක් නැත.) රාජ්‍යයකරණය යනු එම ප්‍රාථමික ස්වභාවයේ දෘඩ අනුකරණයක් පමණී.

තීරණ ගැනීම “ව්‍යවස්ථාදායක”යෙනුත් (legislature) තීරණ ක්‍රියාත්මක කිරීම “විධායක”යෙනුත් (executive) සිදු වේ. ඒවා එකිනෙකින් සංවරණය හා තුලනය (check and balance) වෙයි. සංවරණය හා තුලනය වෙන කිසිවක් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම “ස්වාධීන” විය නොහැකිය. එහෙනම් ඊනියා “ස්වාධීන” මගුල් හැදීම මේ මූලික සිද්ධාන්තයට පටහැනිය. දැන් සිදු වී ඇත්තේ එයයි. සිස්ටම් එක ඇතුළේ සිස්ටම් එකේ වල් කොපියක් නිර්මාණය වීමයි.

fgdrt


දැන් මැතිවරණ කොමිෂන් සභාව ඇත්තටම “ස්වාධීන”ද? නැහැනේ. අඩුම ගානේ තැපැල් ඡන්ද පත්‍රිකා ටිකවත් මුද්‍රණය කරගන්න බැරුව නාහෙන් අඬනවා නේද… පාරිභෝගික සේවා කොමිෂන් සභාවේ පම්පෝරි ජනක හෙන ලොකු ටෝක් දීලා ඊයේ පූස් පැටියා වගේ විදුලි බිල වැඩි කරන්න එකඟ වුණා නේද… දැන් කෝ “ස්වාධීනත්වය”? ඇත්තටම මේ ස්වාධීන කොමිෂන් සභා කියන්නේ ජනතාව අන්දන බොරු ෂෝ එකක් විතරයි නේද...



ජනරජයේ වරණ පැවැත්වීම ගැන තීරණ ගන්නේ ව්‍යවස්ථාදායකය. ඒ තීරණ තමයි පනත්වල තියෙන්නේ. ඒ තීරණ ක්‍රියාත්මක කළ යුත්තේ විධායකය. පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඕනා විධායකය. දැන් වෙලා තියෙන්නේ විධායකටත් වග නොකියන ව්‍යවස්ථාදායකයටත් වග නොකියන ජනතාව විසින් ඡන්දයෙන් තෝරා නොගත් දේශපාලන පත්වීම්වලට උඩින් පාත් වුණු පරයන් ටිකක් (අන්‍යයන් යන අර්ථයෙන්) ජනතාවගේ පරමාධිපත්‍ය සමග බිලියඩ් ගැසීමයි.

ඊනියා ස්වාධීන කොමිෂන් සභා හරහා සැබැවින්ම කරගෙන ඇත්තේ ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර තිබිය යුතු සංවරණය හා තුලනය බිඳ දැමීමයි. කොමිෂන් සභාවට “පත් කරන්නේ” ඒ දෙකෙන්ම නිසා දැන් කවුරුවත් කාටවත් වගකිව යුතු නැහැ. මේ අපේ රටේ එහෙම ස්වාධීන සභාවකින් පරෙස්සමෙන් තෝරා ගන්න තරම් වටින මහා බුද්ධිමත් අතිදක්ෂ ගෞරවාන්විත “සභිකයන්” ඉන්නවා වගේ හරියට… මොන කුල්ලෙන් හැලුවත් එන්නේ ඉතින් එකම සෙට් එක තමයි.



රනිල් දන්නේ ඕනෑම ප්‍රශ්නයකට කොමිසමක් දාන්න විතරයි. කොමිසම් දාලා දාලා අන්තිමට “ස්වාධීන” යන ලස්සන වචනය ජනතාවට බස්සලා ව්‍යවස්ථාපිත මැර කොමිසම් ටිකකුත් හදලා කරගෙන තියෙන්නේ ඔය ලස්සනට.


ධර්මය අපට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 පෙබරවාරි 16
 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රනිල්ගේ ස්වාධීන අනියමය - (එරන්ද ගිනිගේ) | The Leader