The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රට්ටු හිනස්සන රට සිනා - (කපිල කුමාර කාලිංගගේ හීසරය)

T

The Leader Desk

February 19, 2023 • 7:12 AM

රට්ටු හිනස්සන රට සිනා - (කපිල කුමාර කාලිංගගේ හීසරය)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංවර්ධනය කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඉතා දියුණු රටක් වශයෙන් සිරි ලංකාවේ අපට නම් එබඳු ප්‍රශ්නයක් නැත.
  • සිරි ලංකාවේ ජනයා ද මේ දිනවල පිටරට පැනීමට පෝලිම් ගැසෙන්නේ රට ගැන සිනාසීමට ඇති බලවත් ආශාව නිසා යැයි වරදවා වටහා ගත යුතු නැත.
  • එහෙත් ඔවුන්ට ධාන්‍ය හා එළවළු සපයන ගොවීන් ගත කරන්නේ ඉතා කටුක ජීවිතයක්.'' ''I come from Two Indians'' මැයින් වීර් දාස් විදේශයන්හිදී කරන උපහාසය පිරි දේශපාලනික කතාවෙන් ඉන්දියාවේ සමහරුන්ගේ සිත් රිදුණි.
  • එහෙත් උපහාසප්‍රිය වැඩි දෙනා වීර් දාස් පිළිගන්නේ ඉන්දියාව පිළිබඳ තිත්ත ඇත්ත රසවත්ව කියන්නට දන්නා කවට කථිකයකු ලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සංවර්ධනය කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඉතා දියුණු රටක් වශයෙන් සිරි ලංකාවේ අපට නම් එබඳු ප්‍රශ්නයක් නැත. මිනිස්සු උදේ සිට රෑ වෙන තුරුම අසා සිටින්නේ දේශපාලනඥයන් රට ගැන කියන සිනා මවන කතාවලට ය. එහෙයින් ජනතාවට අමුතුවෙන් සිනා වෙන්නට දෙයක් නැත. රට කරවන්නෝම රට්ටුන් සිනා ගස්වත් නම් තවත් කුමන කතා ද ?

 

රට ගැන සිනාසීම අනතුරුදායක රටවල බොහෝ මිනිස්සු රටට සිනාසෙන්නේ පිටරටවලදීය. සිරි ලංකාවේ ජනයා ද මේ දිනවල පිටරට පැනීමට පෝලිම් ගැසෙන්නේ රට ගැන සිනාසීමට ඇති බලවත් ආශාව නිසා යැයි වරදවා වටහා ගත යුතු නැත.

 

Vir Das 1 1

වීර් දාස්

 

ඉන්දියානුවකු වන වීර් දාස් සුප්‍රකට හිටිවන විහිළුකාරයෙකි. (Standup Comedian). ඔහු ඉන්දියාව ගැන පිටරටවලදී කරන සිනා කතාවන්ට ඉන්දියානුවන්ගෙන්ම (විශේෂයෙන්ම සිය රටදී) විරෝධතා නැගෙන අවස්ථා ද නැත්තේ නොවේ. එහෙත් ඉන්දියානු ඩයස්පෝරාවේ බොහෝ දෙනා වීර් දාස්ගේ සිනා කතා අසන්නට, ප්‍රසංග ශාලාවන්ට හෝ හෝටල්වලට සිය ගණනින් රොක් වෙති.

කැනඩාවට ගිය අවස්ථාවක වීර් දාස් සිය හිටිවන කතාව ඇරඹුවේ මෙසේය.


''මම ඉන්දියානුවෙක්. මගේ රට වන ඉන්දියාවේ වායු දූෂණය ඉතාම ඉහළ තැනක තිබුණත්, ජනගහණයෙන් හරි අඩකටත් වඩා නිදාගන්නේ තමන්ගේ එළිමහන් උඩු මහල්වල. නිදහසේ හුස්ම ගනිමින්.. තරු එළි නරඹමින්. මගේ රට වන ඉන්දියාවේ දවල් කාලයේ කාන්තාවන්ට විශේෂ සැලකිලි, ගරු බුහුමන් ලැබෙනවා. එහෙත් රාත්‍රී කාලයේදී ඔවුන් සමූහ දූෂණයන්ට ලක් වෙනවා. මගේ රට වන ඉන්දියාවේ ජනතාවගෙන් බහුතරයක් නිර්මාංශිකයන්. එහෙත් ඔවුන්ට ධාන්‍ය හා එළවළු සපයන ගොවීන් ගත කරන්නේ ඉතා කටුක ජීවිතයක්.''


''I come from Two Indians'' මැයින් වීර් දාස් විදේශයන්හිදී කරන උපහාසය පිරි දේශපාලනික කතාවෙන් ඉන්දියාවේ සමහරුන්ගේ සිත් රිදුණි. එහෙත් උපහාසප්‍රිය වැඩි දෙනා වීර් දාස් පිළිගන්නේ ඉන්දියාව පිළිබඳ තිත්ත ඇත්ත රසවත්ව කියන්නට දන්නා කවට කථිකයකු ලෙසිනි.

විදෙස්ගතව සිටින බොහෝ දෙනා සිරි ලංකාව ගැන මගෙන් තොරතුරු විමසති. මම ද දන්නා සැටියෙන් පිළිතුරු දෙන්නෙමි. මෑතකදී වාසිබෝලන්තයේ වෙසෙන මා වෙත චිත්‍ර මාධ්‍යවේදී ඉක්කා සුභාන් දුරකථන ඇමතුමක් දුන්නේය.

''දැන් කොහොමද සිරි ලංකාවෙ තත්ත්වෙ?''

''තුර්කියට වඩා හොඳයි.''

''පළාත් ඡන්දෙන් කවුරු දිනයිද?''

''ඡන්දයක් තිබ්බොත් ඒක බලාගත්තැකි''

''දැන් බදු ගහන එක නවත්තලද?''

''මොන පිස්සුද? දැන් මිනිස්සු මහ පාරේ යන්නෙත් බයෙන්.''

''ඒ මොකද?''

''ඇවිදින එකටත් ටැක්ස් ගහලද දන්නෙ නැති නිසා.''

''ඉන්ධන මිල අඩු කරන්නෙ නැද්ද?''

''මිනිස්සු දැන් බලං ඉන්නෙ ඊළඟට වැඩි වෙන්නෙ කීයකින්ද කියල''

''ලයිට් කපන එක නවත්තයිද?''

 

www.usnews

''ඒක තීරණය වෙන්නෙ මේ පාර ඒලෙවල් විභාගෙ කරපු ළමයින්ගෙ රිසල්ට්ස් උඩ. වැඩි දෙනා හොඳට පාස්වෙලා තිබුණොත් දිගටම ලයිට් කැපෙයි.''
''ගෝල්ෆේස් අරගලය දැන් කාටත් අමතකද?''

''මිනිස්සු දැන් කරන්නෙ ජීවන අරගලය''

''ලංකාව හරි ලස්සන රටක්... ඒත්, ජනතාවගෙ ජීවිත විතරක් අවලස්සන වෙලා. අපිටත් ඒ ගැන හරි දුකයි.''

''2025 දි අපේ රට ගොඩ යනවලු.''

''ඒ කියන්නෙ තව අවුරුදු දෙකක් උහුලගෙන ඉන්න වෙනවා?''

''ඕක මොකක්ද? අපේ මිනිස්සු උහුලන් ඉන්නෙ අද ඊයෙක ඉඳලා නෙවෙයි? 1948 ඉඳලා.''

''රට ගොඩ යනව නං සිස්ටම් චේන්ජ් කරන්නෙ නැද්ද?''

''ඒ වෙනුවට ස්ලෝගන් චේන්ජ් එකක් කරන්න වෙයි.''

සංවාදය නිමා විය.

 methode times prod web bin b9bc8a50 0b0c 11e6 9777 cb378ba09ac6

ස්ලෝගන් යනු සටන් පාඨය. බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්ගේ මැතිවරණ ව්‍යාපාරයේ සටන් පාඨය වූයේ, '' DON’T JUST HOPE FOR A BETTER LIFE, VOTE IT''  (යහපත් ජීවිතයක් බලාපොරොත්තු වුණාට මදි - ඒ සඳහා ඡන්දය දෙන්න.)

 

සිරි ලංකාවේ මිනිස්සුද උනන්දුවෙන් ඡන්දය දෙති. ඉන් පසු මැති ඇමැතිවරු යහපත් ජීවිත ගත කරති.




Kapila Kumara Kalinga(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)



JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...