"අපි දෙන්න රුපියල් පන්සීයකට ඔට්ටුවක් අල්ලමුද තාත්තා මේ සුමානෙ මානිගෙ තීරුව ලියන්නෙ මොකක් ගැනද කියල " පුතා බිරිඳට යෝජනා කරනු මා අසාගෙනය . "මම කියන්නෙ නම් ඡන්දෙ කල්දැමිල්ල ගැන කියලයි "
බිරිඳ හිනා වුණාය.
"ලයිට් බිල වැඩිවෙච්ච කතාව එපැයි ළමයො මේ සැරේ ලියන්න "බිරිඳ කියා සිටියාය. "ඒක නිසා ඔයා දැන්ම රුපියල් පන්සීය මට දීල ඉන්න "
"මේ වෙලාවෙ මිනිස්සු කංචන ඇමතිට හෙණ ඉල්ලයි, හැබැයි මාසෙ අන්තිමේට කට පියාගෙන බිල ගෙවයි" පුතා කීවේය . "ඡන්දෙ කල්දැමිල්ල එහෙමද? වේටින් ජනාධිපතිල දෙන්නම ඕක අතහරින්නෙ නෑනෙ. ඒක නිසා ඡන්දෙ තමයි මාතෘකාව "
එවිට මටද කතාවට සම්බන්ධවීමට හිතුණේය .
"බලන්න ඒකෙත් හැටි. ජනාධිපතිට බණින්න ඕන දේටත් මිනිස්සු බණින්නෙ ඇමතිටනෙ" මම කියා සිටියෙමි . "ඒ කියන්නෙ රට්ටුන්ට රනිල් විශ්වාසයි නේද ?"
"රෙද්ද තමයි " බිරිඳගේ කටින් පැන්නේය. "රනිල් කියන්නෙ කිසි දේකට විශ්වාස තියෙන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි හලෝ "
"එහෙම කියන්න එපා " මම බිරිඳට විරුද්ධත්වය පෑවෙමි. "මොනවට නැතත් එක දේකට නම් මට රනිල්ව විශ්වාසයි"
බිරිඳත් පුතාත් පුදුමයෙන් කෑගැසූහ.
"ඒ මොනවටද රනිල්ව විශ්වාස කරන්න පුළුවන් ? "ඔව්හූ එක හඬින් ඇසූහ .
"ඒකවත් තේරෙන්නෙ නැද්ද ඔය දෙන්නට" මම අවඥාවෙන් ඇසුවෙමි . "රනිල්ව මට හොඳටම විශ්වාසයි, මිනිහ පළාත්පාලන ඡන්දෙ නම් තියන්නෙ නෑ කියල "
"ඒ වුණාට ඡන්දෙ තිව්ව නම් රනිල්ට වාසියි නේද ?" බිරිඳ ඇසුවාය . "ඡන්දෙන් පොහොට්ටුව හෝදල ගියාම රාජපක්ෂලට මිනිහට බලපෑම් කරන්නත් බැරිවෙයිනෙ, අනික මිනිහ කොහොමටත් ජනාධිපති නිසා පොහොට්ටු මන්ත්‍රීල රාජපක්ෂල අතහැරල මිනිහට සෙට් වෙයිනෙ "
"ඒ විතරක් නෙවෙයි, ජෙප්පො දින්නොත් සජබෙ එවුන් සජිත් බබා අතහැරල රනිල්ට සෙට් වෙයිනෙ" පුතා කියා සිටියේය . "ඒක නිසා ඡන්දෙ පැරදුණාට රනිල් දිනනවනෙ"
මේ කතන්දර අසා මගේ ඉවසීමේ රතු කටුව පැන්නේය .
"1947 ඉඳන් ආණ්ඩු අටක් හදපු යූඑන්පියත් නැතිභංග කරල දාපු 2020 ඡන්දෙ මතක තියෙන කල් මෑන් ඡන්ද එක්ක සෙල්ලම් කරන්නෙ නෑ" මම කීවෙමි .
"ඒක නිසා ඔය ළමයි හිතහදාගන්න රනිල්ගෙ ජනාධිපති කාලෙ ඉවර වෙන තුරු ආයෙ ඡන්ද නෑ"
"ප්‍රජාතන්ත්‍රවාදෙ ලොකු තාත්තා වගේ ඉඳන් රනිල් ඡන්ද නොතිය කොහොමද " බිරිඳ ඇසුවාය . "අනික ජනාධිපතිය කියල මිනිහට එච්චර හයියක් තියෙනවද?"
"ඇයි නෝනා ඔයාට රනිල්ගෙ මාමා, සොරි, රනිල්ගෙ බෑණා ජේ.ආර්.ගෙ සුප්‍රසිද්ධ කතාව මෙච්චර ඉක්මනට අමතක වුණාද? විධායක ජනාධිපතිට කරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කිරිල්ලයි, පිරිමියෙක් ගෑනියෙක් කිරිල්ලයි විතරයි කියල " මම බිරිඳට මතක් කළෙමි . "එහෙම කියල මිනිහ නිකම් හිටියද, නෑ ,1982 මහා මැතිවරණය නැති කරලම දැම්මනෙ. එහෙව් එකේ ජේ.ආර්ගෙ මාමට මේ සිල්ලර ඡන්දයක්වත් කල්දාන්න බැරිද ?"
"ඒ කොහොම වුණත් ඡන්ද කල්දැමිල්ල නම් හොඳ වැඩක් නෙවෙයි " බිරිඳ අප්‍රසාදයෙන් කියා සිටියාය . "ඒව ඒකාධිපතියො කරන වැඩනෙ"
"අපේ රට බෞද්ධ රටක්නෙ" මම බිරිඳට කියා සිටියෙමි . "මහා සංඝරත්නයේ ආශීර්වාදය තියෙනව නම් රනිල් මොනව කරත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ"
"ඔයාට පිස්සුද අනේ ?" බිරිඳ ඇසුවාය . "එක හාමුදුරු කෙනෙක් මෙතෙක් කටක් ඇරල කිව්වද ඡන්දෙ කල්දැම්මට කමක් නෑ කියල ",
"ඡන්දෙ කල්දාන්න නෙවෙයි මෙයා මම කිව්වෙ, ඒකාධිපතියෙක් වෙන්න " මම ඇයට පහදා දුනිමි . "ඇයි මතක නැද්ද ගෝටා ජනාධිපති වෙන්නත් කලින් වෙඬරුවේ උපාලි කියන අස්ගිරි පාර්ශවයේ අනුනායක ස්වාමීන් වහන්සේ කිව්ව මෑන්ට හිට්ලර් කෙනෙක් වෙන්න කියල . ඒ වෙලාවෙ එක හාමුදුරු කෙනෙක් ඒ කතාවට විරුද්ධ වුණාද? නෑනෙ. ඉතින් ගෝටාට කරන්න බැරි වෙච්ච දේවල් කරන්න නේද අපි රනිල්ව ගෙනාවෙ ?"
(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )
මානීගේ තීරුව : සංඝරත්නයේ ආශීර්වාදය රනිල්ට ද? - (සුන්දර නිහතමානි ද මැල්)
T
The Leader Desk
February 19, 2023 • 11:52 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- "අපි දෙන්න රුපියල් පන්සීයකට ඔට්ටුවක් අල්ලමුද තාත්තා මේ සුමානෙ මානිගෙ තීරුව ලියන්නෙ මොකක් ගැනද කියල " පුතා බිරිඳට යෝජනා කරනු මා අසාගෙනය .
- "ඡන්දෙන් පොහොට්ටුව හෝදල ගියාම රාජපක්ෂලට මිනිහට බලපෑම් කරන්නත් බැරිවෙයිනෙ, අනික මිනිහ කොහොමටත් ජනාධිපති නිසා පොහොට්ටු මන්ත්‍රීල රාජපක්ෂල අතහැරල මිනිහට සෙට් වෙයිනෙ " "ඒ විතරක් නෙවෙයි, ජෙප්පො දින්නොත් සජබෙ එවුන් සජිත් බබා අතහැරල රනිල්ට සෙට් වෙයිනෙ" පුතා කියා සිටියේය .
- "1947 ඉඳන් ආණ්ඩු අටක් හදපු යූඑන්පියත් නැතිභංග කරල දාපු 2020 ඡන්දෙ මතක තියෙන කල් මෑන් ඡන්ද එක්ක සෙල්ලම් කරන්නෙ නෑ" මම කීවෙමි .
- "එහෙම කියල මිනිහ නිකම් හිටියද, නෑ ,1982 මහා මැතිවරණය නැති කරලම දැම්මනෙ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



