The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මියෙන මිනිසුන් අතර නොමියෙන මිනිසා විජය -(මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

February 19, 2023 • 6:31 PM

මියෙන මිනිසුන් අතර නොමියෙන මිනිසා විජය -(මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ මුළු ලෝකයම දේශපාලන රඟමඩලකි.
  • ඔහු සිනමාවේදී එකල හැඳින්වූයේ සිහින කුමාරයා ලෙසය.
  • අවිහිංසක සුන්දර සිනහවකින් මුව සරසාගත් පීඩිත ජනතාව හා නිබඳවම ගැවසුනු මානව හිතවාදී දේශපාලනඥයාගේ ලස්සන මුව කමල වෙඩි ප්‍රහාර වලින් සීසීකඩව යන ලෙසින් විනාශ කළ සිදුවීම මින් වසර 35 කට පෙරාතුව සිද්ධ වූයේ මුළු රටම කඳුලින් නහවමිනි.
  • දිගින් දිගටම අඛණ්වම ජනප්‍රියතම නළුවා ලෙස සම්මානීයත්වයෙන් පුද ලද ඔහු විටෙක සිය රංගන හැකියාවෙන් සම්භාව්‍ය සිනමාවද දිග් විජය කළේ හොඳම නළුවාට හිමි සම්මානයද දිනා ගනිමින්ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මේ මුළු ලෝකයම දේශපාලන රඟමඩලකි. එහි රංගනයට එන නළුවෝ එති යති. එහෙත් සිය රංගනයන්ගෙන් සදා මතකයට නැංවිය හැකි රංගනාවලෝකයයක් කැටයම් කර නික්ම යන්නේ කීයෙන් කී දෙනාද?

මේ ප්‍රස්තූතයට අදාළ භූමිකාව නැතහොත් “කරිස්මාව”  හිමි පුද්ගලයාද රංගධරයෙකි. ඔහු රංගධරයකු වූයේ  සිනමාවේදී පමණය. සැබෑ ජීවිතයේදී ඔහු කිසිවිටෙක රඟන්නෙකු නොවීය.

ඔහු අන් කිසිවකු නොව “විජය කුමාරතුංගයන්ය”.
 
Vijaya Kumarathunga 8


විජය භූමිකාව කිසිවිටෙක දේශීය සිනමාවෙන් හෝ දේශපාලනයෙන් මකා දැමිය නොහැකි පුරාවෘත්තයකි.

ඔහු දිවියෙන් සමුගෙන නික්ම ගියේ ස්වභාවික මරණයකින් නොව ඝාතකයකු විසින් එල්ල කරන ලද වෙඩි පහරකිනි.


ඔහු සිනමාවේදී එකල හැඳින්වූයේ සිහින කුමාරයා ලෙසය. එකල තරුණ පරපුරේ අසහාය ප්‍රේමවන්තයා, වීරයා වූයේද ඔහුය. ඊට සමගාමීව මෙරට අශිෂ්ට දේශපාලනය තුළ ශිෂ්ට සම්පන්න සුන්දරතම මිනිසා වූයේද ඔහුය.
 
Vijaya Kumarathunga 3


මේ රටේ පීඩිත පංතිය නියෝජනය කළ සිංහල - දෙමළ - මුස්ලිම් ජනතාව බලපොරොත්තුවෙන් සිටි ජන නායකයා වූයේද ඔහුය. එහෙත් ඔහු දේශපාලන කරළියෙන් ඉවත් කිරීම සඳහා මේ රටේ ප්‍රතිගාමීන්ට අවශ්‍යව තිබුණි. ඒ නිසාම ඔහු වෙඩි වරුසාවකින් නිහඬ කිරීමට හැකි විය.


අවිහිංසක සුන්දර සිනහවකින් මුව සරසාගත් පීඩිත ජනතාව හා නිබඳවම ගැවසුනු මානව හිතවාදී දේශපාලනඥයාගේ ලස්සන මුව කමල වෙඩි ප්‍රහාර වලින් සීසීකඩව යන ලෙසින් විනාශ කළ සිදුවීම මින් වසර 35 කට පෙරාතුව සිද්ධ වූයේ මුළු රටම කඳුලින් නහවමිනි.

එකල මාධ්‍යවලින් එම ඝාතනය නිර්වචනය කරන ලද්දේ “සමනළයකුට වෙඩි තැබීම” යනුවෙනි. එවන් සුන්දර මුහුණකට ගිනි අවිය එල්ලකර එවන් සුන්දර මුහුණක් විනාශ කිරීමට තරම් ඝාතකයින් මොනතරම් කුරිරු වුයේද යන්න ගැන එදා බොහෝ මාධ්‍ය ප්‍රශ්න කළහ.
 
Vijaya Kumarathunga 2

ඔහු රංගනයෙන් වාණිජ සම්භාව්‍ය ධාරාවන් දෙකම නියෝජනය කළ අසහාය රංගධරයකු විය. දිගින් දිගටම අඛණ්වම ජනප්‍රියතම නළුවා ලෙස සම්මානීයත්වයෙන් පුද ලද ඔහු විටෙක සිය රංගන හැකියාවෙන් සම්භාව්‍ය සිනමාවද දිග් විජය කළේ හොඳම නළුවාට හිමි සම්මානයද දිනා ගනිමින්ය.


ඔහු සිය දේශපාලනය හැටියට තෝරා ගත්තේ ප්‍රගතිශීලී දේශපාලනයකි. වාමාංශික නැඹුරුවකට සමීප වූ ජනතාවාදී දේශපාලනයකි. ඔහු සිය අධ්‍යාත්මික ගුණාංගවලින් සහ මතවාදීමය වශයෙන් මානව හිතවාදියෙකු වූයේය.


කිසි විටෙක ජාතිවාදියෙකු නොවු ඔහු සැබැවින්ම සියළුම ජාතින්ට ආදරය කළ උත්තුංග මානුෂීය ගතිගුණවලින් පෝෂිත වූ රැඩිකල් දේශපාලනඥයකු වූයේය.

ඔහු සාම්ප්‍රදායික දේශපාලනයකින් දේශපාලනයට අත්සන් තැබුවද සිය දේශපාලන අරමුණු එම දේශපාලනයේ ඉටු නොවු කල්හි ප්‍රතිශීලි නායකයින් ඒකරාශි කරගෙන ස්වකීය දේශපාලන අනන්‍යතාව සනිටුහන් කළ වමට බර දේශපාලන පක්ෂයක් ගොඩ නගා වම ඒකරාශි කිරීමට උත්සාහ කළේය.

“ශ්‍රී ලංකා මහජන පක්ෂය” නම් වූ නැවුම් පක්ෂය එකල පැවැති සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට විශාල අභියෝගයක් විය.

ඔහු ජීවතුන් අතර සිටියේ නම්  ඔහුගේ දේශපාලන කූටප්‍රාප්තිය ඔහු නිමකරනු ඇත්තේ ප්‍රගතිශීලී ආණ්ඩුවක නායකත්වයෙන් බව වැටහුනු ප්‍රගතිගාමී බලවේග ඔහු නිහඬ කළේය.

ඔහු සමීපව ඇසුරු කළ සිනමා කලාවේ වේදිකා නාට්‍ය කළාවේ මෙන්ම දේශපාලනයේදී හිතවතුන් මිතුරන් ඔහුගේ අවංකකම නිර්ව්‍යාජ බව ගැන හොඳින් දැන සිටියේය.

“විජය කුමාරතුංඟ’ යනු මේ රටේ බිහිවූ විශිෂ්ටතම දේශපාලනඥයින් අතර සුවිශේෂී වූ ස්වකීය මානව හිතවාදී මුද්‍රාව කැටයම් කළ පුරාවතක් බවට පත්වී හමාරය.
 
Vijaya Kumarathunga 9


මේ රටේ ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහාද  ඔහු කළ කැපවීම ප්‍රශස්තය. එහෙත් ඔහුගේ ඒ සඳහා වූ භූමිකාව නොරිසිවූ ජාතිවාදී බලවේග ඔහුගේ ගමනට බාධකයක් ලෙස හරස් වූයේය.


ඔහු ජීවත්ව සිටි යුගයට වඩා ඔහු මළවුන් අතර වුවද ජීවමානව සිටින වත්මන් යුගය තුළ ඔහුගේ මානුෂීය ගුණාංග ඉඳහිට හෝ මෙනෙහි කරන ඔහුගේ සගයින් බොහෝය.
 
Vijaya Kumarathunga 6

ඒ ඔහු වඩාත් සමීපව ඇසුරු කළ සහෘදයින්මය.

ඔහුගේ ගමනට වින කැටූ ඇතැමුන් පවා ඔහුගේ ගුණ ගැයුමට අද පෙළැඹී සිටිති.

ඔහු කිසිවිටෙක තමන්ට සතුරන් නැතැයි යන ධර්මතාව ඇදහූ උතුම් මිනිසෙකි. ඔහු විටෙක ක්‍රිස්තු චරිතයටද සිනමාවේදී පණ දුන්නේය. එහෙත් එදා කිතු සමිදුන්ට එරෙහි වූ සතුරන් වැනි ජූදාස්ලා වැනි නොමිසුන් විජයට එරෙහි වූහ.
 
Vijaya Kumarathunga 5

මෙම අකුරු පෙළ ගැස්ම විජය අතිශොක්තියන් වර්ණනා කිරීමට නොවේ.

විජයගේ අවසන් නික්ම යාමට එදා එක්වූ අති විශාල ජනගංගාව ඔහුගේ ගුණ මහිමය මෙනෙහි කිරීමට ප්‍රබලතම සාධකයක් වූයේය.

සාමාන්‍ය ධීවර ප්‍රජාවට, ගොවිජනතාව සහ කම්කරුවන්ද ළඟින්ම ඇසුරු කළ ඔහු පීඩිතයින්ගේ පැල්පත් තුළ පවා රැදෙමින් ඔවුන් පානය කළ මදුවිත ද සප්පායම් වෙමින් ඔවුන්  කෙරෙහි තමන් තුළ වූ හෘදයාංගම බව පෙන්නුම් කළේය. එය ඔහු කළේ ප්‍රදර්ශනවාදීව නොව බොක්කෙනි.

එවන් මිනිසුන් අද දේශපාලනය තුළ මෙන්ම කලාව තුළද විරලය.
 
Vijaya Kumarathunga 4

ඔහු යුද්දයට වඩා විශ්වාස කළේ සාමයයි.

ඔහු සියළු ජාතින්ට මෙන්ම සියළු සියළු ආගම්වලටද මුළු හිතින්ම  ගරු කෙළේය. ඒ ඔහු සතුව තිබූ උත්තුංග මානව හිතවාදී ගුණයයි.

සැබැවින්ම ඔහුට කළ හැකි හොඳම අනුස්මරණය, උපහාරය වන්නේ සදා ඔහුගේ ගුණ සුවද මෙනෙහි කරමින් ඔහු පැතූ ලොව මේ මහ පොළොව මත යථාර්තයක් කරන්නටය.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මියෙන මිනිසුන් අතර නොමියෙන මිනිසා විජය -(මහිම සුජීව ගමගේ) | The Leader