The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු පන්නා දමන විට නොතිබුණු ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ -(මහින්ද පතිරණ)

T

The Leader Desk

February 20, 2023 • 11:45 AM

ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු පන්නා දමන විට නොතිබුණු ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ -(මහින්ද පතිරණ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ණය පැහැර හැරීම හෙවත් වෙනත් වචනවලින් කිවහොත් බංකොලොත් බව ප්‍රකාශයට පත්කිරීම රටක කොතරම් බරපතළ කාරණක් ද යන්න වග එවක උගතුන් පවා පෙන්වා දුන්නේ නැත.
  • එවන් පසුබිමක එම බොළඳ මතය ප්‍රමුඛ සමාජ මතය බවට පත්විය.
  • ඒ අනුව, 2022 අප්‍රේල් 12 වැනි දින ලංකාව විදේශ ණය ගෙවීම් නවතාලීමේ බරපතළ තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන අතර, ඉන්පසු සිදුවන්නේ අප නිරායාසයෙන් ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ග්‍රහණයට නතුවීමයි.
  • දැන් එය සිදුවී හමාරව ඇති අතර කුමන ආණ්ඩුවක් බලයේ සිටිය ද මේ තත්ත්වයට අන් විසඳුමක් නැති බව අප යථාර්ථවාදීව තේරුම ගැනීම අත්‍යාවශ්‍ය ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ණය පැහැර හැරීම හෙවත් වෙනත් වචනවලින් කිවහොත් බංකොලොත් බව ප්‍රකාශයට පත්කිරීම රටක කොතරම් බරපතළ කාරණක් ද යන්න වග එවක උගතුන් පවා පෙන්වා දුන්නේ නැත. එවන් පසුබිමක එම බොළඳ මතය ප්‍රමුඛ සමාජ මතය බවට පත්විය.

ඒ අනුව, 2022 අප්‍රේල් 12 වැනි දින ලංකාව විදේශ ණය ගෙවීම් නවතාලීමේ බරපතළ තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන අතර, ඉන්පසු සිදුවන්නේ අප නිරායාසයෙන් ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් ග්‍රහණයට නතුවීමයි. මන්ද ණය පැහැර හැරි රටකට අන් කිසිදු රටක් ණය නොදෙන අතර, ණය දියහැකි එකම ආයතනය අයි එම් එෆ් ආයතනය පමණි. දැන් එය සිදුවී හමාරව ඇති අතර කුමන ආණ්ඩුවක් බලයේ සිටිය ද මේ තත්ත්වයට අන් විසඳුමක් නැති බව අප යථාර්ථවාදීව තේරුම ගැනීම අත්‍යාවශ්‍ය ය.
 
 
බදු වැඩිකිරීම්, විදුලි බිල් වැඩිකිරීම් ආදිය කිරීමට සිදුව ඇත්තේ අපට ඉදිරියේ දී දෙනු ලබන ණයට කොන්දේසි වශයෙනි. කටුක නමුත් මේ ප්‍රායෝගික ඇත්තට අප මුහුණ දිය යුතු අතර, මැතිවරණ පවත්වා කුමන පක්ෂය ජයගත්ත ද, වේදිකාවලින් කුමක් ඇසුණ ද මේ සත්‍ය හැර අන් එකක් නැත.
 
 
පුරවැසියා පවා රටේ මූල්‍ය අපහසුතා හා අරපිරිමැස්ම ගැන කතා කරන විට එම ජනතාව විසින්ම අසීරුවෙන් ගෙවන බදු මුදල් කෝටි ගණන් ප්‍රාදේශීය මැතිවරණයකට දියකර හැරිය යුතු ද? එසේ දියකරන මුදල් නැවතත් ජනතාවගෙන්ම අයකරගත යුතු නොවේ ද? මේ දුෂ්කර අවස්ථාවේ එය කොතරම් සාධාරණ ද?

පවත්වන්නට යෙදී ඇත්තේ ජාතික වශයෙන් කොළඹ ආණ්ඩු බලය වෙනස් කරන මැතිවරණයක් නොවේ. ප්‍රාදේශීය හා නගර සභා මැතිවරණයකි. එමගින් සිදු කරන්නේ ප්‍රාදේශීය වශයෙන් ජනතාව මුහුණ දෙන එදිනෙදා ගැටලුවලට විසඳුම් ලබාදීමයි. ඉන් ආණ්ඩු වෙනසක් සිදුවන්නේ නැත. එවන් මැතිවරණයක් හරහා කිසියම් පක්ෂයකට ජනතා බලය කුමන තරමින් තිබේ ද යන්න යම් තරමකින් පැහැදිලි කරගත හැකි බව කරුණකි.
 
 
එසේ කළ පමණින් ද රටට හා ජනතාවට ලැ‌බෙන සහනය කුමක්ද? යට සඳහන් කළ පරිදි කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද අපට ඉදිරි තෙවසර තුළ ගමන් කිරීමට තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන මාර්ගයේ ය. ආණ්ඩුව කරන දේශපාලන පක්ෂය කුමක් වුව ද ඊට අනුගත විය යුතු ය.
 
 
නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් ජීවමානව පවත්වාගෙන යාම සඳහා මැතිවරණ අත්‍යවශ්‍ය බව අපි කිසිසේත් බැහැර නොකරමු. එහෙත් මෑත ඉතිහාසය තුළින් ම උදාහරණයක් ගෙන බලන කල එහි ප්‍රතිපක්ෂය භාවිතය වී ඇත. 69 ලක්ෂයක ජනවරමකින් වසර 5කට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා හරින විට කිසිවකු මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළේ නැත.

ප්‍රාදේශීය මැතිවරණයක් යම් නිශ්චිත කාලයක් යථාර්ථවාදී හේතු මත කල් යන විට රටක ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වන්නේ නම්, වසර පහකට රට පත්කරගත් ජනාධිපතිවරයකු, වසර 75ක සිට පැමිණි බව කියන ආර්ථික කළමනාකරණයක වැරදි මත පන්නා දැමූයේ කුමන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුව ද?


Mahinda Pathirana(ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ)
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති
 


(ලංකාදීප පුවත්පතෙන් උපුටාගන්නා ලදි)
 
 


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...