The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පශ්චාත්-නූතන පංචශීල මාර්ගෝපදේශ

T

The Leader Desk

February 20, 2023 • 5:07 PM

පශ්චාත්-නූතන පංචශීල මාර්ගෝපදේශ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පදනම් කොට නිරූපණය කරන්නට දරණ ලද සියලු අවංක උත්සාහයන් වියැකී යාම නිසා ක්‍රිස්ටෝෆ් කිසලොව්ස්කි යථාර්ථයේ ප්‍රබන්ධ මානය වෙතට ආපසු ගමන් කරන්නට විය.
  • ලංකාවේ ‘සමාජ යථාර්ථයට’ ද පෝලන්ත සමාජ යථාර්ථයට සොලිඩැරිටි සංවිධානයේ අවසානය සමඟ සිදු වූ දේ සිදු වී ඇත.
  • මේ පසුබිම තුළ, කිසලොව්ස්කිගේ ‘වෙරෝනිකාගේ ද්විත්ව ජීවිතය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ “වෙරෝනිකා” පරිදි ලංකාවේ මැදපාන්තික තරුණ-තරුණියන් බටහිර ධනවාදී රටවලට ‘දාර්ශනික අනාතයන්’ ලෙස පිටවෙමින් සිටිති.
  • ඔවුහු උතුරු ගෝලයේ වැන්කූවර් සිට ඔස්ලෝ දක්වාත්, දකුණු ගෝලයේ සියෝල් සිට මෙල්බන් දක්වාත් නගරවලට ඇතුළු වී සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

පදනම් කොට නිරූපණය කරන්නට දරණ ලද සියලු අවංක උත්සාහයන් වියැකී යාම නිසා ක්‍රිස්ටෝෆ් කිසලොව්ස්කි යථාර්ථයේ ප්‍රබන්ධ මානය වෙතට ආපසු ගමන් කරන්නට විය. ඒ සඳහා, ඔහුට පෝලන්තය අතහැර පැරීසිය බලා ගමන් කරන්නට සිදු විය. පැරීසියේ දී, ඔහුගේ විශිෂ්ට නිර්මාණ තුනක් බිහි විය.

ලංකාවේ ‘සමාජ යථාර්ථයට’ ද පෝලන්ත සමාජ යථාර්ථයට සොලිඩැරිටි සංවිධානයේ අවසානය සමඟ සිදු වූ දේ සිදු වී ඇත. ලංකාවේ ‘සමාජ යථාර්ථය’ නිරූපණය – REPRESENTATIONAL LOGIC OF SOCIAL REALITY- කරන අවසාන ආකෘතිය වූ ‘ජනතා විමුක්ති පෙරමුණ’ එහි අවසාන සමාජ නිරූපණය කරමින් සිටිති.

මේ පසුබිම තුළ, කිසලොව්ස්කිගේ ‘වෙරෝනිකාගේ ද්විත්ව ජීවිතය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ “වෙරෝනිකා” පරිදි ලංකාවේ මැදපාන්තික තරුණ-තරුණියන් බටහිර ධනවාදී රටවලට ‘දාර්ශනික අනාතයන්’ ලෙස පිටවෙමින් සිටිති. ඔවුහු උතුරු ගෝලයේ වැන්කූවර් සිට ඔස්ලෝ දක්වාත්, දකුණු ගෝලයේ සියෝල් සිට මෙල්බන් දක්වාත් නගරවලට ඇතුළු වී සිටිති. [ඉහළ අධ්‍යාපනයක් නොලද අය මැදපෙරදිගට සංක්‍රමණය වී ඇත.] ආර්ථික අර්බුදයක දී තෝරාගත හැකි එක විකල්පයක් වන්නේ, විගාමනය යි.



දේශපාලන විකල්පයක් විසින් ‘ආර්ථික පැරඩයිමය’  නො විසඳූ සෑම මොහොතකම- 70 සමගි පෙරමුණ, 1994 චන්ද්‍රිකාගේ මානුෂික ධනවාදය, 2019 ගෝඨාභයගේ වියත් දේශපාලනය- අදාළ දේශපාලන ව්‍යාපාරයක්ම සහමුලින් ම විනාශ වී යාම ඉතිහාස ගතිකයකි.



ලංකාවේ උන්මුල සමාජ අර්බුදය සඳහා තවදුරටත් පාරභෞතික (සමාජවාදය, ජාතිකවාදය, ලිබරල්වාදය) හෝ ආගමික අර්ථකතන හෝ දේශපාලන ජනප්‍රියවාදයන් විකල්ප නොවේ. ෆ්‍රෙඩ්රික් ජෙම්සන් විසින් කිසලොව්ස්කිගේ සිනමාව අරභයා රැගෙන එන තිසීසය අපගේ යථාර්ථයට ද අදාළ ය.



  “ කිසලොව්ස්කිගේ සිනමා කතන්දර 1989 වසරේ බර්ලින් තාප්පය ඇද වැටෙන තුරු දෝලනය වූයේ, විගාමිකත්වය සහ යකඩ තිරයකින් වැසී ගිය සමාජවාදය නම් අදහස අතර ය. ඇලෙක්සැන්ඩර් සොල්සනෙට්සින්  සහ බොරිස් පැස්ටනැක් මගින් නිරූපණය වූයේ, විමතික අදහස් සහ අව්‍යාජ කොමියුනිස්ට්වාදය අතර පරතරය යි. නමුත්, 1989 දී සිදු වූ සෝවියට් දේශයේ බිඳ වැටීම මගින් මූර්තිමත් වූයේ, ඉහත තේමාවන් සහ තත්වාරෝපණයන් තවදුරටත් වලංගු නොවන බවත් කොමියුනිස්ට්වාදය පිළිබඳ ගැටලුව පසුජාතික තත්ත්වයකට පරිවර්තනය කළ යුතු බවත් ය”.

 

ටොරොන්ටෝ, බර්ලීන්, පැරිස්, ඔක්ලන්ඩ්, හෙල්සින්ස්කි, ඇම්ස්ටර්ඩෑම්, ටෝකියෝ, බර්න් වැනි නගරවල සිට YOUTUBE මගින් යුරෝපා ශිෂ්ටාචාරයේ අසිරිය අපට පෙන්වන සිංහල තරුණියන් ඔවුන්ගේ යථාර්ථය පසුජාතික තත්ත්වයකට රැගෙන ගොස් ඇත.

 රට තුළ පදිංචිව සිටින ඔබත් ඊට සූදානම් ද?

(SAMABIMA)


වැඩිදුරටත් විස්තර මෙතනින්

 



JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...