The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සජබ ට බලපාන සජිත් නොදන්න ප්‍රතිවිරෝධතා !

T

The Leader Desk

February 22, 2023 • 6:36 AM

සජබ ට බලපාන සජිත් නොදන්න ප්‍රතිවිරෝධතා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලැබෙන අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව ඒ සදහා බස්නාහිර පළාතට පිටතින් පවා පොලිසිය කැදවා තිබුනා.
  • පොලීසිය විසින් මෙන පාගමනේ ඇතුලත් නොවිය යුතු මාර්ග ලෙස දක්වා අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබූ අතර, ඒ අනුව සිය බලය මේ සදහා යෙදවීම යුක්තිසහගත කිරීමේ හැකියාව ලබා ගත්තා.
  • රනිල් වික්‍රමසිංහ විසින් සජිත් ප්‍රේමදාසට එරෙහිව සිය ශක්තිය හා තීරනගැනීමේ නොනැමෙන සුලුබාවය ප්‍රදර්ශනය කිරීම කෙනෙකුට මර්දනයක් ලෙසින් දැකීමට ඇති අයිතියට මම බාධා නොකරන නමුත් මින් ඊට වඩා ඉදිරියට ගිය දේශපාලනික කාරනාවක්ද ගැබ් වෙනවා.
  • රනිල් වික්‍රමසිංහ අවස්ථා දෙකකදී අගමැති පදවිය හෙබවුවද ඒ දෙවරම ජනාධිපති වූයේ චන්ද්‍රිකා කුමාරණතුන්ග හා මෛත්‍රිපාල සිරිසේනයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ලැබෙන අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව ඒ සදහා බස්නාහිර පළාතට පිටතින් පවා පොලිසිය කැදවා තිබුනා. පොලීසිය විසින් මෙන පාගමනේ ඇතුලත් නොවිය යුතු මාර්ග ලෙස දක්වා අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබූ අතර, ඒ අනුව සිය බලය මේ සදහා යෙදවීම යුක්තිසහගත කිරීමේ හැකියාව ලබා ගත්තා.

රනිල් වික්‍රමසිංහ විසින් සජිත් ප්‍රේමදාසට එරෙහිව සිය ශක්තිය හා තීරනගැනීමේ නොනැමෙන සුලුබාවය ප්‍රදර්ශනය කිරීම කෙනෙකුට මර්දනයක් ලෙසින් දැකීමට ඇති අයිතියට මම බාධා නොකරන නමුත් මින් ඊට වඩා ඉදිරියට ගිය දේශපාලනික කාරනාවක්ද ගැබ් වෙනවා.

 

MS RW CBK

ඩී.බී.විජේතුංගගෙන් පසු එ.ජා.පක්ෂයෙන් විධායක ජනාධිපතිවරයෙකු බිහිවී නැහැ. රනිල් වික්‍රමසිංහ අවස්ථා දෙකකදී අගමැති පදවිය හෙබවුවද ඒ දෙවරම ජනාධිපති වූයේ චන්ද්‍රිකා කුමාරණතුන්ග හා මෛත්‍රිපාල සිරිසේනයි. මේ දෙවාරයේදීම බලය අභ්‍යාස කිරීම පිළිබඳව අගමැති රනිල් කෙරෙහි ප්‍රබලම විරෝධය ආවේ එ.ජා.පක්ෂය තුලින්මයි. නමුත් ඔවුන් අගමැති තනතුර පිළිබඳව රත්නසිරි වික්‍රමනායක හෝ දි.මු.ජයරත්නගේ භූමිකාව සමග රනිල් වික්‍රමසිංහගේ භූමිකාව පිළිබඳව සැලකිලිමත් වූයේ නෑ.

ලංකාවේ දේශපාලනය තුල අගමැතිවරයෙකුට ප්‍රබල භූමිකාවක් හිමිවන්නේ ජනාධිපතිවරයාගේ කැමැත්ත හා කකුලෙන් ඇදීම් අවම වන ප්‍රමාණයට පමණයි. රණසිංහ ප්‍රේමදාස ඉතා ප්‍රබල අගමැති වරයෙක් වන්නේ ජේ.ආර්.ජයවර්ධන විසින් ඔහු විෂයේ ලබාදුන් වැඩ කිරීමේ නිදහස තුලයි.

ආර්.ප්‍රේමදාසගේ ආන්ඩුව තුල ඩී.බී.විජේතුංග යනු ඉතා අක්‍රිය කරන ලද අගමැති වරයෙක්. ප්‍රේමදාසගේ හා විජේතුංගගේ අගමැති භූමිකා එකිනෙක අතර ඇති පරස්පරයන් අතර ජනාධිපතිවරයාගේ අභිලාශයන් ඉතා හොදින් ගැබ්වී තිබෙනවා.

 

සමගි ජබ බලවේගයට රනිල් වික්‍රමසිංහ විසින් මෙම සීමාවන් හා ඒහා බැදුනු බලයේ අභ්‍යාස කිරීම් හොදින් පෙන්වා දී තිබෙනවා. දමා තිබු හියුමන් බැරියර් නොහොත් පොලිස් නිලධාරීන්ගේ ශාරීරික බාධාවන් හෝ බිදීමට හෝ ඒවා අතික්‍රමනය කිරීමට හෝ සජිත් සමත් වූයේවත්, උත්සාහ කලේවත් නැහැ. මෙය ස.ජ.බෙ. වෙත බලපානු ඇත්තේ බොහෝ දෙනෙකු සිතන ආකාරයට නොවෙයි. ජේ.ආර්.සහ ප්‍රේමදාස වැනි ප්‍රබල නායකයින්ගේ සෙවනැලි අතර සිටි ඔවුන් රනිල් වික්‍රමසිංහගේ “නොහැකියාව” විවේචනය කල පිරිසක්.

 

දැන් ඊට පරස්පර දේ රනිල්ගෙන් ලැබෙන විට ස.ජ.බ.යේ කොටස් රනිල් වෙත ආකර්ශනය වීමේ ඉඩකඩ බොහෝ වැඩියි.ඔවුන් විසින් බලාපොරොරොත්තු වන ජේ.ආර්. හෝ ප්‍රේමදාස පන්නයේ නායකයෙකු තමන් දුර්වලයැයි සිතා පිටමන් කරන ලද රනිල්ගෙන් තමන්ට එරෙහිවම ලැබීම පලමු අවස්ථාවේදී වේදනාකාරී වුවද ,එය දෙවන අවස්ථාව වන විට ආකර්ශනයක් හා කැමැත්තක් වශයෙන් මතුවෙනු ඇති.


(carbonnews.lk)



JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජබ ට බලපාන සජිත් නොදන්න ප්‍රතිවිරෝධතා ! | The Leader