The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පෝට්සිටි ව්‍යාපෘති ඇතුළාන්තයේ ඇත්ත කතාව !

T

The Leader Desk

February 22, 2023 • 5:53 PM

පෝට්සිටි ව්‍යාපෘති ඇතුළාන්තයේ ඇත්ත කතාව !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතිවීමට තිබූ බියකරු, ව්‍යසනකාරී තත්වයන් 2015 නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් මෙහෙය වූ නිසි පරිසර අධ්‍යනයකින් හා වස්තු විද්‍යාත්මක සැලසුමකින් මඟහරවා ගැනීමට හැකිවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
  • ඔහු එබව පවසා සිටියේ කොළඹ වරාය නගරය පිළිබඳව අද (22) දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක් වෙමිනි.
  • එහිදී ඔහු මෙසේ සඳහන් කළේය.
  • '' මේ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළාන්ත කතාවේ වරාය නගරයක් පිළිබඳව මූලික අදහස් ආවේ, 1998 ආසියානු සංවර්ධන බැංකුව විසින්, දකුණු වරාය පිළිබඳ ගෙනාපු යෝජනාවත් එක්ක.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතිවීමට තිබූ බියකරු, ව්‍යසනකාරී තත්වයන් 2015 නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් මෙහෙය වූ නිසි පරිසර අධ්‍යනයකින් හා වස්තු විද්‍යාත්මක සැලසුමකින් මඟහරවා ගැනීමට හැකිවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු එබව පවසා සිටියේ කොළඹ වරාය නගරය පිළිබඳව අද (22) දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක් වෙමිනි.

එහිදී ඔහු මෙසේ සඳහන් කළේය.

'' මේ වරාය නගර ව්‍යාපෘතිය ඇතුළාන්ත කතාවේ වරාය නගරයක් පිළිබඳව මූලික අදහස් ආවේ, 1998 ආසියානු සංවර්ධන බැංකුව විසින්, දකුණු වරාය පිළිබඳ ගෙනාපු යෝජනාවත් එක්ක. ඉන් පස්සේ, 2002 දී, පත්වෙච්ච එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ Regaining Sri Lanka වැඩපිළිවෙල යටතේ වරාය ඇතුලේ, වරාය නගරයක් යෝජනා වෙලා තිබුණා. ඉන් පස්සේ ඒ දියකඩනය ඇති කළාට පස්සේ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් දකුණු වරාය සඳහා මතුවුණා ගැටලුවක්. දකුණේ සිට උතුරට වැලි ගමන් කරන ප්‍රවාහයක් තිබෙන නිසා ඉබේම දූපතක් ඇතිවීමේ තත්ත්වය ඇති වුණා.

ert34

ඒ අනුව තමයි CCC  කියන චීන සමාගම මේ යෝජනාව ගෙනාවේ මුහුද ගොඩ කරලා වරාය නගරයක් බිහි කරන්න. 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ ඒ වරාය නගරය පිළිබඳව ඇති වුණ විවේචන, විරෝධතා නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා, අජිත ඩී කොස්තා මහත්මයාව පත් කළා මේ පිළිබඳව හොයා බලන්න. ඒ වාර්තාව මගින් නිර්දේශ ගණන ඉදිරිපත් කළා.

2015 සැප්තැම්බර් මාසයේ ඉඳන් අපි මහනගර අමාත්‍යංශයට යටතේ බස්නාහිර පළාතේ මහනගර සැලසුම 2016 ජනවාරි 29 ඉදිරිපත් කළා. ඉන් පසු එවකට වරාය අධිකාරිය යටතේ පවත්වපු මේ වරාය නගරය නැවත ආරම්භ කොට පවත්වාගෙන යාම සඳහා එන ව්‍යාපෘතිය මහනගර අමාත්‍යංශයට බැහැර වුණා. මේ සඳහා ප්‍රශ්න ගණනාවක් පැවතුණා.

# පළමුවෙන්ම වරාය අධිකාරියට මේ කටයුත්ත කරන්න පුළුවන්ද යන්න ගැන නීතිමය ප්‍රශ්නයක් තිබුණා. මුහුද ගොඩ කිරීම ගැන ලංකාවේ තිබෙන නීතිය කුමක්ද යන්න පිළිබඳව. අවසානයේ මේ කටයුත්ත නාගරික සංවර්ධන අධිකාරිය යටතේ තියෙන ව්‍යාපෘතියක් බවට පත් කළා.

zdfer4343

#  එමෙන්ම, ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. මේ වරාය නගරයේ බිම් කොටසෙන් කොටසක් අදාළ චීන සමාගමකට සින්නක්කරව ලබාදීලා තිබුණා. මේ නිසාම ලංකාවේ ස්වෛරීභාවය පිළිබඳ ගැටළුවක් පැන නගීද කියන සැකය ජාතික ජාත්‍යන්තර වශයෙන් තිබුණා. අපි ඒ ප්‍රශ්නෙත් විසඳුවා.

# ඒ වගේම මුහුදු ගොඩකරන වර්ගයේ ව්‍යාපෘති කිලෝමීටර් 20 උතුරට කිලෝමීටර් 20 දකුණට ඉදිකිරීමත් මේ ගිවිසුම මගින් වසර ගණනාවකට තහනම් කරලා තිබුණා.



මෙවැනි ගැටළු ගණනාවක් පැවතීම නිසා නැවත සාකච්ඡා කරන්න සිද්ධ වුණා. ඒවා සියල්ලම ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් ලැබෙන පරිද්දෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා වන පරිද්දෙන් අපි ළඟා කර ගත්තා. කිසිම සින්නක්කර ඉඩමක් අපි ලබා නොදී, සියලුම ඉඩම් රජයේ සන්තකයට නාගරික සංවර්ධන අධිකාරියට ගන්න අපිට පුළුවන්කම ලැබුණා.



ඒ වගේම ඉතාම බරපතළ පාරිසරික ගැටලුවක් තිබුණා. මොකද මේ නගරය ගොඩ කිරීම සඳහා පාරිසරික අධ්‍යනයක් කරලා තිබුන් නෑ. නගරයේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහාත් අවශ්‍ය පාරිසරික අධ්‍යනය සිදුකර තිබුණේ නෑ. ඇතැමුන් කියනවා මේ ව්‍යාපෘතිය අවුරුදු 2 ක් පස්සට ගියා කියලා. එහි තිබිච්ච ජල විද්‍යාත්මක ගැටළු අනුව කිසිම පරිසර අධ්‍යනයකින් තොරව ක්‍රියාත්මක කළා නම් ඉතාම බියකරු, ව්‍යසනකාරී තත්වයන් කොළඹ නගරයට ඇතිවෙන්න ඉඩ තිබුණා.

dfwer534


කොළඹ නගරය තිබෙන්නේ මුහුදට පහතින් ...


පළවෙනි හේතුව, කොළඹ නගරය මුහුදට පහතින් තිබෙන්නේ. ඒ අනුව, අති විශාල ඉඩම් ප්‍රමාණයකට, දැවැන්ත ලෙස පස් ගෙනත් දැමීම නිසා මේ අභ්‍යන්තර ජල තලය, ඉහලට මතුවීමේ තර්ජනයක් ඇති වුණා. ඒ අවට තිබුණු හෝටල් ගණනාවකටම ඒ ප්‍රශ්නයය පැන නැග්ගා. විශේෂයෙන්ම පැරණි ගොඩනැගිලි වන ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යංශ ගොඩනැගිල්ල වැනි ගොඩනැගිලි වලට තර්ජනයක් තිබුණා.

ඊළඟට මේ කොළඹ නගරයේ ජලය මුහුදට බැස යාම පිළිබඳව ගැටලුව මතු වෙලා තිබුණා.

මේ නිසා අපි ඇත්ත වශයෙන්ම ඒ ජල විද්‍යාත්මක කාරණය ලංකාවේ විසඳගන්න බැරි නිසා 'රෝයල් හැච්කින්' කියන නෙදර්ලන්ත සමාගම ගෙන්නලා ඒ පිළිබඳ උපදෙස් ලබා ගත්තා. ඒ උපදෙස් ලබා ගැනීමෙන් පස්සේ CCB ආයතනයත්, නාරා ආයතනයත්, MBRA  ආයතනයත් එක්ක එකතු වෙලා ඒ ගැටළු විසඳාගන්න අපි කටයුතු කළා. ඒ පළමු අධ්‍යනයෙන් මාර්ගෝපදේශකයන් 77 ක් ලබා දුන්නා. මොකද විවිධ පෙත්සම් ඉදිරිපත් වෙලා තිබුණා. විවිධ අදහස් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ මාර්ගෝපදේශයන්ට අනුකූලවයි වරාය නගරය ගොඩනැගුණේ.



2014 කිසිම මාර්ගෝපදේශයක් නොමැතිවයි වරාය නගරය ගොඩනැගීම ආරම්භ කරලා තිබුණේ. මාර්ගෝපදේශයන්ට යටත්ව ඒ කටයුත්ත කරන්න අපි කටයුතු කළා. මේ සඳහා විධිමත් වාස්තු විද්‍යාත්මක අදහසක් තිබුණේ නෑ. ඒ නිසා අපි 'ස්වේකෝ' කියන ස්වීඩන් සමාගම, සමඟ විධිමත් වාස්තු විද්‍යාත්මක සැලසුමක් ගෙනාවා. ඒ සැලසුම අධ්‍යනය කළාට පස්සේ ඒක යුරෝපීය ආකාරයට බර වැඩි කියන අදහස ඇතුව තමයි 'සුබානා ජෝරාන්' සිංගප්පූරු සමාගම ගෙනල්ලා ආසියාතික ලක්ෂණ සහිතව එය නැවත සකස් කරන්න අපි ක්‍රියා කළේ. මේ සැලසුම අද හිතුමතේට වෙනස් කරලා තැන තැන ගොල්ෆ් ක්‍රීඩාංගන, විවිධ ඉඩම් කට්ටි ඇති කරලා ඒ ඉතාම වැදගත් සැලසුම සම්පූර්ණයෙන්ම විකෘති කරලා තිබෙනවා.

 


අපි 2048 දක්වා දිවෙන කාලානුරූප සැලසුමක් ඇති කළා. 2020 - 2024 කාලයේදී වැදගත් ව්‍යාපෘති 4 ක් මෙයට ගෙන එන්න අපි කටයුතු කළා. මෙම නගරයට මුලික අරමුණක් සැපයීම සඳහා සියලුම බැංකු කටයුතු කරගෙන යන්න පුළුවන් ජාත්‍යන්තර මුල්‍ය නගරයක් ඉදිකිරීම පිළිබඳ යෝජනාවක් ආවා. ඒ සඳහා ආරම්භක ආයෝජනය ACHEC සමාගමට සිදු කරන්ඩ පොරොන්දු වුණා. මැලේසියාවෙත් එංගලන්තයෙත් ආකාරයක සබැඳියාවක් තියෙන ජාත්‍යන්තර පාසලක්, ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් අපි යෝජනා කරලා තිබුණා. මවුන්ට් එලිසබෙත් ආයතනයත් සමඟ ජාත්‍යන්තර රෝහලක්, අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවක් ඇති කිරීම සඳහා වෙන යෝජනාවකුත් අපි ගෙනල්ලා තිබුණා. මේ යෝජනා එකක්වත් අද ක්‍රියාත්මක වුණා නම් අද විපුල ඵල ලැබෙනවාට කිසිම සැකයක් නෑ. දින පනස් දෙකේ කුමන්ත්‍රණය සිදු නොවුණා නම් මේ ව්‍යාපෘතිය ආරම්භ තිබුණා.



පසුගිය වසර කිහිපයේ ලංකාවට පැමිණි විදේශ ආයෝජන වලට වඩා වැඩියි ලංකාවෙන් පිටරටට විදේශ ආයෝජන හරහා ගෙනිච්ච ලාභාංශ ප්‍රමාණය වැඩි. 2020 ඩොලර් මිලියන 225 ක්, 2021 ඩොලර් මිලියන 205 ක් ආයෝජන වලට වඩා වැඩියෙන් ගෙනිහින් තියනවා. ඒ අනුව මේවට ආයෝජන ගෙන එන්න නම් නීති පද්ධතිය, මේ වරාය කොමිෂන් සභාව පමණක් ප්‍රමාණවත් වෙන්නෑ. මේ සඳහා දැන්  නව උපාය මාර්ගය සකස් කරගැනීමට කොමිෂන් සභාවට සහ ඒ අදාළ ආයතන කටයුතු කළ යුතුයි.



වෛරී දේශපාලනය විසින් 2019 පත්වෙච්ච ජනාධිපතිතුමා සහ ඒ රජය විසින් රහස් පොලිසියට මේ ආයතනයේ අපේ නිලධාරීන් විටින් විට අති විශාල ප්‍රමාණයක් ගෙනිච්චා. මාස 36 කින් කෙරෙන්න තිබිච්ච ව්‍යාපෘතිය මාස 29 ඉවර කිරීම ගැන අපේ නිලධාරීන්ට ස්තුති කල යුතුයි. ඒ නිසා වෛරී දේශපාලනය වගේම ආපු ආයෝජන නතර කිරීමේ වෛරී දේශපාලනයේ ප්‍රතිඵල දැන් අපිට ලැබිලා තියෙනවා.

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...