The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දමිතා අබේරත්න හා අරගලය

T

The Leader Desk

February 24, 2023 • 11:17 AM

දමිතා අබේරත්න හා අරගලය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇගේ අලුත්ම කලඑලි බැසීම සමගි ජන බලවේගයේ පොලොන්නරුව රැලියේදී දකින්නට ලැබූ අතර ඇය එහිදී 88/89 ජ.වි.පෙ.
  • නූතන විහාරමහා දේවිය වශයෙන් නම් කරනු ලැබූ හා වාමාංශික, රැඩිකල් අරගලකරුවන් අතර වීරවරියක හා පරමාදර්ශයක් වූ ඈ, දැන් ඉතාම පහත් තත්ත්වයේ නිග්‍රහ කිරීම් වලටත් ඇගේම පුද්ගලික ජීවිතයේ ඇති ගැටලු හරහා මඩ ගැසීමටත් ලක්වී ඇත.
  • හෝ පෙරටුගාමී) වේදිකාවකට ගොඩ වූවානම් ඇයට ස.ජ.බෙ.
  • ඇගේ දේශපාලනය පුද්ගලික කැමැත්තක් හැටියට නම් කිරීමට ඇති නොකමැත්ත ලාංකීය දේශපාලනය තුල ඇති මුග්ධ ග්‍රාමීය චින්තනයට ඇති හොදම උදාහරණයකි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඇගේ අලුත්ම කලඑලි බැසීම සමගි ජන බලවේගයේ පොලොන්නරුව රැලියේදී දකින්නට ලැබූ අතර ඇය එහිදී 88/89 ජ.වි.පෙ. කැරැල්ල පිළිබඳව නිර්දය විවේචනයක් කළාය.

1677200492 large

උපුටා ගැනීම - අද දෙරණ

 

ඇය විසින් අතීත අරගල බිමේදී කල ආයෝජනය සදහා ප්‍රතිලාභ වර්තමානය තුලින් ලබාගනිමින් තිබේ.

ඇගේ දේශපාලනය පිළිබඳව තෝරාගැනීම ඇගේ අයිතියක් බැවින් ඊට ප්‍රතිපත්තිමය වශයෙන් විවේචනයක් ගෙනෙනවා හැර ඇගේ තෝරාගැනීම ප්‍රශ්න කරමින් විවේචනය කිරීම නොකළ යුත්තකි.

නූතන විහාරමහා දේවිය වශයෙන් නම් කරනු ලැබූ හා වාමාංශික, රැඩිකල් අරගලකරුවන් අතර වීරවරියක හා පරමාදර්ශයක් වූ ඈ, දැන් ඉතාම පහත් තත්ත්වයේ නිග්‍රහ කිරීම් වලටත් ඇගේම පුද්ගලික ජීවිතයේ ඇති ගැටලු හරහා මඩ ගැසීමටත් ලක්වී ඇත.

ඇය වෙනත් වාමාංශික පක්ෂයක (ජ.වි.පෙ. හෝ පෙරටුගාමී) වේදිකාවකට ගොඩ වූවානම් ඇයට ස.ජ.බෙ. තුලින්ද මෙවැනිම ප්‍රතිචාර ලැබෙන්නට තිබුනි. ඇගේ දේශපාලනය පුද්ගලික කැමැත්තක් හැටියට නම් කිරීමට ඇති නොකමැත්ත ලාංකීය දේශපාලනය තුල ඇති මුග්ධ ග්‍රාමීය චින්තනයට ඇති හොදම උදාහරණයකි.

එසේම දමිතාද, ක්‍රියාකලේ සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් බැවින් ඒ සදහා සජිත් ප්‍රේමදාසගේ ඇති, ඔබ දුටු ප්‍රතිපත්ති මොනවාදැයි ඇගෙන් ප්‍රශ්න කල යුතුය. ඒ සදහාද ඇති අයිතියද ආරක්ෂා කල යුතුය. නමුත් එයද කල යුත්තේ මඩගැසීම් වලින් තොර මතවාදීමය තලයේය.


(carbonnews.lk)



JW

 

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...