The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මැතිවරණ ක්‍රියාවලියද අත්‍යවශ්‍ය සේවාවකි - ජෙහාන් පෙරේරා

T

The Leader Desk

February 25, 2023 • 4:26 AM

මැතිවරණ ක්‍රියාවලියද අත්‍යවශ්‍ය සේවාවකි - ජෙහාන් පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.
  • මේ හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ප්‍රමාද වීම සහ නියමිත වේලාවට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අපහසුතාව මත, මැතිවරණය කල් දැමීමට සිදු විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
  • මෙහිදී මැතිවරණ කොමිසමට මුදල් ලබානොදීමේ පදනම වී ඇත්තේ, රජයේ දෙපාර්තමේන්තු සඳහා ණය පදනම මත මිලදී ගැනීම්වලට අවසර නොදීමට රජය ගත් තීරණයයි.
  • කල්තියා මුදල් නොගෙවා තිබියදී, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ ක්‍රියාවක් වන නමුත්, මෙවර එය අත්හිටුවා ඇත. මෙය රජයේ තීරණ මත අරමුදල් සපයන රාජ්‍ය ආයතන දෙකක් අතර අභ්‍යන්තර ප්‍රශ්නයක් වන බැවින් එය ඇත්තෙන්ම විකාරයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. මේ හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ප්‍රමාද වීම සහ නියමිත වේලාවට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අපහසුතාව මත, මැතිවරණය කල් දැමීමට සිදු විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි. මෙම අනපේක්ෂිත ආපසු හැරීම විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය අනතුරේ හෙළා තිබේ.

මෙහිදී මැතිවරණ කොමිසමට මුදල් ලබානොදීමේ පදනම වී ඇත්තේ, රජයේ දෙපාර්තමේන්තු සඳහා ණය පදනම මත මිලදී ගැනීම්වලට අවසර නොදීමට රජය ගත් තීරණයයි.

 

Ballot paper printing

 කල්තියා මුදල් නොගෙවා තිබියදී, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ ක්‍රියාවක් වන නමුත්, මෙවර එය අත්හිටුවා ඇත. මෙය රජයේ තීරණ මත අරමුදල් සපයන රාජ්‍ය ආයතන දෙකක් අතර අභ්‍යන්තර ප්‍රශ්නයක් වන බැවින් එය ඇත්තෙන්ම විකාරයකි. එයින් පිළිබිඹු වෙන්නේ, මේ මොහොතේ මැතිවරණයකට යෑමට ආණ්ඩුව දක්වන අකමැත්තයි. පළාත් පාලන මැතිවරණය ආණ්ඩුවේ ජනප්‍රියත්වය සහ එහි නීත්‍යනුකුලභාවය පිළිබඳ ජනමත විචාරණයක් ලෙස පුළුල් ලෙස ගත්කල සැළකිය හැකිය.

මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති නඩු දෙකෙන් දෙවැන්න මෙම සතියේදී විභාගයට ගැනීමට නියමිතය. මැතිවරණ දිනය ප්‍රකාශ කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බැවින් ඊට මැදිහත්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කරමින්, පළමු නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ලබා දී ඇත.

කෙසේ වෙතත්, පෙත්සමේ අඩුපාඩු හේතුවෙන් දෙවන නඩුව විභාගයට නොගත් අධිකරණය, ඒවා නිවැරදි කිරීමට හැකිවන පරිදි නඩු විභාගය පෙබරවාරි 23 වැනිදාට කල් තබනු ලැබීය. මෙම නඩුවේදී පෙත්සම්කරු තර්ක කර තිබුණේ රටේ පවතින ආර්ථික තත්ත්වය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හිතකර නොවන බවයි. ජාතික ආර්ථිකය පුනර්ජීවනය කිරීම සහ ඒ සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගැනීම තම ප්‍රමුඛතාව බවට ආණ්ඩුවේ නායකයන් ප්‍රකාශ කරන ස්ථාවරයට මෙය සමාන වේ.

මැතිවරණය සඳහා වැය වන මුදල රුපියල් බිලියන 10ක් ලෙස ගණන් බලා ඇත. මේ වන විටත් මූල්‍ය වර්ෂය සඳහා වන ජාතික අයවැයෙන් රජය මැතිවරණය වෙනුවෙන් ප්‍රතිපාදන සලසා ඇත. එලෙස අයවැයෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබුණද, මැතිවරණයට වැයකිරීම සඳහා තමන් සතුව මුදල් නොමැති බව දැන් ආණ්ඩුව ප්‍රකාශ කරයි.

kaluthara 4

නැවත නැවතත් විරෝධතා



රජයේ මුදල් පරිහරණය කිරීම සඳහා ක්ෂේත්‍ර පහකට ප්‍රමුඛත්වය දීමට රජය ගත් තීරණය නිසා දුෂ්කරතාවන් උද්ගතව ඇති බව මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කර ඇත. පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් යෙදවිය යුතු බවට රජය තීරණය කර ඇති බව භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වාදී තිබේ.

එලෙස අත්‍යවශ්‍ය සේවාවන් වර්ගීකරණය කර ඇති නමුත්, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය වියදම් ඊට ඇතුළත් නොවේ. ගොවීන්ගෙන් වී මිලදී ගැනීම, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට සහ ගැබිනි මවුවරුන්ට පෝෂණය අවශ්‍යතා ලබාදීම, විමධ්‍යගත අයවැය වැඩසටහනින් පාරිතෝෂිත දීමනා සහ හිඟ බිල්පත් ගෙවීම මෙලෙස අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර ලෙස වර්ගීකරණය කර තිබේ.

මෙම අයිතම ලැයිස්තුවෙන් පරිබාහිරව වියදම් පියවා ගැනීමට අවශ්‍ය නම්, විශේෂ අනුමැතියක් ලබා ගත යුතුය. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයේ පදනම වන කාලානුරූපී මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස මෙහිදී සැළකිව යුතුය.

 මැතිවරණයක් නොපවත්වන්නේ නම් හෝ මැතිවරණයට නව දිනයක් නියම නොකළහොත්, දේශපාලන අස්ථාවරභාවයක් නිර්මාණය වීමට ඉඩ තිබේ. නීතීඥ සංගමය අනතුරු අඟවා ඇත්තේ, “පසුගිය සති කිහිපය තුළ භාණ්ඩාගාර ලේකම්වරයා, රජයේ මුද්‍රණාලය සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් මෙන්ම රජයේ ආයතනවල ක්‍රියාකලාපයන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ මැතිවරණය නතර කිරීමට සාමූහික ප්‍රයත්නයක් ගෙන, එමඟින් ජනතාවගේ ඡන්ද බලය හෑල්ලු කර, ශ්‍රී ලංකාවේ ජනතාවගේ ස්වෛරීභාවය අනතුරේ හෙළීමයි.

Recovered Recovered Recovered 64

නීතියෙන් නියම කර ඇති මැතිවරණ වැළැක්වීමේ එවැනි උත්සාහයන් ප්‍රජාතන්ත්‍රවාදයට සහ නීතියේ ආධිපත්‍යයට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල කරන අතර, එය අනාගතයේ මැතිවරණ ක්‍රියාවලියට දැඩි තර්ජනයක් වනු ඇත. මැතිවරණයක් වෙනුවෙන් සම්පත් වෙන් කිරීමට බාධා කිරීම සහ ශ්‍රී ලංකාවේ මහජනතාවට තම නියෝජිතයන් හා නායකයන් තෝරාගැනීම වැළැක්වීම සඳහා ජනප්‍රිය නොවන විධායකයක් හෝ ව්‍යවස්ථාදායකයක් කටයුතු කිරීම භයානක පූර්වාදර්ශයක් විය හැකි බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනතුරු අඟවයි.” යනුවෙනි.

මෙම සන්දර්භය තුළ, මැතිවරණ නොපැවැත්වීම, විරුද්ධ දේශපාලන පක්ෂවල මැදිහත්වීමෙන් මහජන විරෝධතා අවුලුවාලීමට සහ පසුගිය වසරේ දක්නට ලැබුණු තත්ත්වය දක්වා උග්‍ර වූ පුළුල් විරෝධතා ව්‍යාපාරය වැනි සෘජු ක්‍රියාමාර්ගවලට යොමුවීමට හේතුවිය හැකිය.

ආණ්‌ඩු විසින් මැතිවරණ කල් දැමීමේ සෘණාත්මක අත්දැකීම් දෙකක්‌ ශ්‍රී ලංකාවට පවතී. පළමුවැන්න නම්, 1970 දී තේරී පත් වූ පාර්ලිමේන්තුවේ ආයු කාලය දීර්ඝ කිරීමත් සමඟ, 1972 දී පාර්ලිමේන්තුවේ 2/3 බලය භාවිත කරමින්, ආණ්ඩුවට 1977 දක්වා අමතර වසර දෙකක් ලබාදෙමින්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කළ අවස්ථාවයි. දෙවැන්න, 1977 දී පාර්ලිමේන්තුවේ 5/6 ක බලයකින් තේරී පත් වූ ආණ්ඩුව විසින් 1982 දී ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර පහකට (සම්පූර්ණ වාරයක්) දීර්ඝ කිරීමයි. ඒවායේ ප්‍රතිඵල රටට විනාශකාරී විය.

 


නීත්‍යනුකූලභාවය නැවත ලබාගත යුතුය



ආණ්ඩුවකට සහ එහි ප්‍රතිපත්තිවලට තම සහයෝගය හෝ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට මැතිවරණ මගින් ජනතාවට අවස්ථාව සැලසේ. ජනමත විචාරණයෙන් වසරකට පසුව, 1983 දී දෙමළ ජනතාව ඉලක්ක කර ගනිමින් දැවැන්ත වාර්ගික කෝලාහලයක් ඇති වූ අතර, එය ජනතාවගේ කලකිරීමට හේතුවිය. මෙය සම්පූර්ණ ජනවාර්ගික කැරැල්ලට සහ සිවිල් යුද්ධයට මග පෑදීය. මේ අවස්ථා දෙකේදීම මැතිවරණ ක්‍රියාවලිය යටපත් කළ ආණ්ඩු, එම දෛවෝපගත තීරණ ගන්නා විට සිටියේ ඔවුන්ගේ බලතලවල උච්චතම අවස්ථාවේය. එය වර්තමානය හා සැසඳීම වඩා නිවැරදි වන්නේ නැත.

වත්මන් ආණ්ඩුව ජනවරම මත පදනම් වූ ආණ්ඩුවක් ලෙස සැලකිය නොහැකිය. අන් සියල්ලටම වඩා ආණ්ඩුවක නීත්‍යානුකූලභාවය ශක්තිමත් කිරීම අවශ්‍ය වන අතර, ආණ්ඩුවකට වඩාත් සුදුසු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට අදාළ නීති සහ ක්‍රියාවලි සාධාරණ ලෙස අනුගමනය කිරීමය.

savi 1200x550

පසුගිය වසරේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ ඇමැති මණ්ඩලයට ඉල්ලා අස්වීමට බල කිරීමට විරෝධතා ව්‍යාපාරය සමත් වූ දා සිට ආණ්ඩුවේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්ව තිබේ. ආණ්ඩුවේ ජයග්‍රහණය වන්නේ මැතිවරණයකට නොගොස් නව ජනාධිපතිවරයකු, අගමැතිවරයකු සහ ඇමැති මණ්ඩලයක් සමඟ යළි නැගීසිටීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පවතින්නේ බලය අල්ලාගෙන කටයුතු කරන නීත්‍යනුකූල ආණ්ඩුවකි. කෙසේ වෙතත්, ආණ්ඩුවේ නීත්‍යනුකුලභාවය ප්‍රශ්නාර්ථයකි. නීත්‍යනුකූලභාවය යන්නෙන් අදහස් කරන්නේ නීතියට ගැලපෙන තත්වයයි.

 

 කෙසේ වෙතත්, නීත්‍යනුකූලභාවය යනු මිනිසුන්ට පොදුවේ පිළිගත හැකි සදාචාරාත්මක සහ සාධාරණ මාවතක් අනුගමනය කිරීමයි. මැතිවරණ ප්‍රමාද කිරීම ඔස්සේ සිදුවන්නේ ආණ්‌ඩුවේ නීත්‍යනුකූලභාවය තවදුරටත් ඛාදනයවීම මිස, එය ශක්තිමත් වීම නොවේ. එසේම එමගින් ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක් පවතින බවට සංඥා කරයි. එසේ කිරීමට අපොහොසත්වීම යනු විරෝධතා ව්‍යාපාරයේ දෙවැනි පැමිණීමකට තුඩුදෙන්නක් විය හැකි අතර, ඒ සමග සටන් කිරීමට රජයට අපහසු වනු ඇත.


වත්මන් ආණ්ඩුවේ නායකත්වයට අයත් වන්නේ අතීතයේ ප්‍රජාතන්ත්‍රවාදී විකෘති කිරීම් සහ ඒවායින් පසු ඇති වූ විනාශයන් අත්විඳි පුද්ගලයන්ය. ඔවුන්ට මුහුණදීමට සිදුවිය හැකි විනාශකාරී තත්ත්වය ගැන ඔවුන් නොදැන සිටීමට හැකියාවක් නැත. කල්දැමීමකින් පසුව වුවද, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ජාතික අවශ්‍යතාවක් ලෙස හඳුනාගත හැකිය.

මූලිකව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාදාමයට ප‍්‍රමුඛත්වය ලබාදීම තහවුරු කළ යුතුය. එසේම  ආර්ථික ප‍්‍රකෘතිය වෙනුවෙන් දේශපාලන ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ආණ්ඩුව සහ විපක්ෂය යන දෙඅංශයම සම්බන්ධවන, වෙනසක් සඳහා වූ අවස්ථාවක් බවට මෙම අර්බුදය පරිවර්තනය කිරීමේ හැකියාව ද ඒ සමඟින්ම තහවුරු කළ යුතුව ඇත.

 

jehan perera

 

 

 

 

 

ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විශ්ලේෂක
ආචාර්ය ජෙහාන් පෙරේරා

jehanpc@gmail.com

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...