The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : ලෝකෙන් උතුම් රට ලංකාවයි! - (සුන්දර නිහතමානි ද මැල්)

T

The Leader Desk

February 26, 2023 • 10:03 AM

මානීගේ තීරුව : ලෝකෙන් උතුම් රට ලංකාවයි! - (සුන්දර නිහතමානි ද මැල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අසා මට හයියෙන් හිනා ගියේය .
  • ආණ්ඩු අල්ලන්න බැරිවුණාට උන් හැම ආණ්ඩුවක්ම අල්ලනව" "ඔය කවුරු හිටියත් රනිල් තමයි පොර" මම මගේ අදහස කියා සිටියෙමි .
  • "අනේ දෙයියනේ මෙච්චර දක්ෂ නායකයො ඉඳලත් ඇයි අපේ රටට මෙහෙම වුණේ ?"ඈ කම්පාවෙනි කියා සිටියාය ."හරි නම් අපේ රට ලෝකෙන් උතුම් රට වෙන්න එපාද?" "එක අතකින් බැලුවහම ඒකත් ඇත්ත කියල හිතෙනව තමයි "මෙහිදී පුතා කියා සිටියේය .
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අසා මට හයියෙන්  හිනා ගියේය .

"දැන් අවුරුදු දෙකකට කලින් පාර්ලිමේන්තුවට පත්වෙන්නවත් බැරි වෙච්චි මිනිහට දැන් පාර්ලිමේන්තුව තමන්ට ඕන වෙලාවක විසුරුවලා හරින්නත් බලය ඇවිල්ලා " මට කියවුණේය . "බලන්න, බංකොලොත් වුණා කියල නෑ  ලංකාව තමයි ලෝකෙන් පුදුම  රට"

"ඕකත් වැඩක්ද මෙයා ජෙප්පො වෙනස් වෙච්චි වෙනස් විල්ලෙ හැටියට "බිරිඳ මෙහිදී කියා සිටියාය . "1988-89  ඡන්දවලදි ඡන්ද පොළට ඉස්සෙල්ලම යන දහදෙනාව මරණව කියපු හාදයොනෙ , දැන් ඡන්ද කල් දැම්මම හාට් ඇටෑක් හැදෙන තරමට ප්‍රජාතන්ත්‍රවාදී වෙලා තියෙන්නෙ"

"ඔයා අම්මෙ ජෙප්පොන්ට විතරක් එහෙම තනිකර ක්‍රෙඩිට් දීම අසාධාරණයි "පුතා මෙහිදී සිය විරුද්ධත්වය පෑවේය ."2017දි පළාත් සභා ඡන්දෙ කල්දාන්න රනිල් එක්ක අත්වැල් බැඳගත්ත යූඑන්පීකාරයොනෙ, දැන් සජබෙ කියාගෙන, ඡන්ද කල්දානවට හොටු හූර හූර අඬන්නෙ  "

"ඕගොල්ලන්ට අමතක වෙච්චි ප්‍රජාතන්ත්‍රවාදියො තව ඉන්නව රටේ "මම ඔවුන් දෙදෙනාට මතක් කර දුනිමි ."ඇයි මතක නැද්ද තව කට්ටියක් බලසම්පන්න කාලෙ රාජපක්ෂලට සට්ටඹිකම් කරල රාජපක්ෂල පිරිහුණාට පස්සෙ හෙලිකොප්ට⁣රේක නැගගෙන කියන්නෙ අනේ අපි නෑ ඒවට කියල "

බිරිඳ යළිත් වරක් කතා කළාය .

"කොච්චර කරත් දෙපිටකාට්ටු සිංහල පක්ෂ  වගේ නම් නෙවෙයි දෙමළ පක්ෂ නම් හැමදාමත් එක වචනෙ පිහිටලයි හිටියෙ " ඈ අපට මතක් කර දුන්නාය.

"දෙමළ පක්ෂ කොටි ඉඳැද්දි කොටින්ට කඩේ ගියා, දැන් කොටි මකබෑවිල ඉඳැද්දිත් උන්ට කඩේ යනව. අන්න ආදර්ශෙට ගන්න ඕන කොල්ලො!"

"එහෙම කියන්න එපා අම්මෙ, මම නම් කියන්නෙ දේශපාලන වශයෙන් මුහුකුරාම ගිය කට්ටිය ඉන්නෙ මුස්ලිම් පක්ෂවල කියලයි "පුතා අපට කියා සිටියේය.

"කවුද බලේට එන්නෙ උන් වහාම ගන්නව බලේ ඉන්න එකාගෙ පැත්ත. ආණ්ඩු අල්ලන්න බැරිවුණාට උන් හැම ආණ්ඩුවක්ම අල්ලනව"

"ඔය කවුරු හිටියත් රනිල් තමයි පොර" මම මගේ අදහස කියා සිටියෙමි . "තමන්ගෙ පක්ෂෙ පාරම්පරික හතුරගෙ කරපිටින් ගිහිල්ල ජනාධිපති වෙන්න පුළුවන් එකාට වැඩියෙ වැඩකාරයෙක් කොහෙන්ද තව"

ඒ අසා පුතා හිනාවෙන්නට පටන් ගත්තේය.

"රනිලුත් දක්ෂයි තමයි "ඔහු කියා සිටියේය ."හැබැයි තාත්තෙ දක්ෂයන්ගෙත් දක්ෂයා නම් මහින්ද මහත්තයා තමයි . මේ ලෝකෙ කොයි රටේ කොයි එකාටද පුළුවන්  වුණේ තමන්ගෙ විරුද්ධවාදියව තමන්ගෙ ආරක්ෂකයා කරගන්න "

මෙහිදී බිරිඳ දිග සුසුමක් හෙලුවාය .

"අනේ දෙයියනේ මෙච්චර දක්ෂ නායකයො ඉඳලත් ඇයි අපේ රටට මෙහෙම වුණේ ?"ඈ කම්පාවෙනි කියා සිටියාය ."හරි නම් අපේ රට ලෝකෙන් උතුම් රට වෙන්න එපාද?"

"එක අතකින් බැලුවහම ඒකත් ඇත්ත කියල හිතෙනව තමයි "මෙහිදී පුතා කියා සිටියේය . "ඒ වුණාට අම්මෙ වෙලා තියෙන්නෙ, මේ රටේ මොළේ තියෙන්නෙ දේශපාලනඥයන්ට විතරයිනෙ. අනිත් ඔක්කොම ගොන්නුනෙ"


sundara nihathamani de mel(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


 JW

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මානීගේ තීරුව : ලෝකෙන් උතුම් රට ලංකාවයි! - (සුන්දර නිහතමානි ද මැල්) | The Leader