The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සෙල්වරත්නම්ලාගේ දුක් දිවි පවත

T

The Leader Desk

February 26, 2023 • 4:15 PM

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සෙල්වරත්නම්ලාගේ දුක් දිවි පවත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මටත් ඒ අය එක්ක මොනවද කතා කරන්නේ කියලා හිතා ගන්න බැහැ.
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දශකයකට වැඩි කාලයක් සිරගත කර සිට නිදහස ලබන විට සෙල්වරත්නම්ට 71 ක් විය ඉක්ම ගොස්ය.
  • මේ වගේ තවත් කෙනෙකුට බරක් වෙලා ඉඳලා තමයි මැරෙන්න වෙන්නේ." වියපත් හඬින් සෙල්වරත්නම් පවසයි.
  • දවස් දෙකක් තියාගෙන ප්‍රශ්න කරලා නිදහස් කළා." "2010 නැවත පදිංචියට ආවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කියලා මට හිතෙන්නේ. මටත් ඒ අය එක්ක මොනවද කතා කරන්නේ කියලා හිතා ගන්න බැහැ. කොහොමද මගේ ළමයින්ගේ මුහුණු බලන්නේ කියලත් මට තේරුම් ගන්න බැහැ" - තමන් මුහුණ දෙමින් සිටින වේදනාබර දිවිය ගැන පහදන්න වෑයම් කරන්නේ මෑතකදී නිදහස ලැබූ දෙමළ දේශපාලන සිරකරුවෙක්ව සිටි සෙල්වරත්නම්. [ඔහුගේ සැබෑ නම නොවේ].

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දශකයකට වැඩි කාලයක් සිරගත කර සිට නිදහස ලබන විට සෙල්වරත්නම්ට 71 ක් විය ඉක්ම ගොස්ය. සිරගත කළවුන් අතරින් වයස්ගතම දෙමළ දේශපාලන සිරකරුවා ඔහුයි.

"ඇවිදින්න බැහැ. ටිකක් ඇවිද්දම හති වැටෙනවා. මගේ අන්තිම කාලේ වෙනකම් මේ අයගේ උදව්වෙන් තමයි ජීවත්වෙන්න වෙලා තියෙන්නේ. මම මැරුනොත් මේ අය තමයි භුමි දානය කරන්න ඕනේ. මට දැන් තනියම මුකුත් කරගන්න බැහැ. මේ වගේ තවත් කෙනෙකුට බරක් වෙලා ඉඳලා තමයි මැරෙන්න වෙන්නේ."

වියපත් හඬින් සෙල්වරත්නම් පවසයි. බලාපොරොත්තු විරහිත බිය මුසු ඔහුගේ හඬ දුක්බර ය.

"යුද්දෙන් ඔක්කොම නැතිකරගෙන, ඉතිරි වෙච්ච සේසතම ෂොපින් බෑග් එකක දමා ගෙන තමයි අපි කඳවුරට ගියේ. එහිදී මාව අල්ලා ගත්තා. දවස් දෙකක් තියාගෙන ප්‍රශ්න කරලා නිදහස් කළා."

"2010 නැවත පදිංචියට ආවා. මමයි බිරිඳයි ළමයිනුයි ගේ දොර අලුතෙන් හදාගෙන ජිවිතේ ආයෙත් පටන් ගන්න අරන් දවස් කීපයයි ගෙවුනේ. සුදු වෑන් එකකින් ආපු ටී.අයි.ඩී. එක ආයෙත් මාව ප්‍රශ්න කරන්න කියලා අරන් ගියා. මම කිසිම වරදක් කරලා නැහැ. මම කොටි සංවිධානයේ හිටියෙත් නැහැ. කිසිම ආයුධයක් ගැන මම දන්නෙත් නැහැ. ඒත් ත්‍රස්ත පනත යටතේ අවුරුදු 12ක් සිරගෙදර ඉන්න වුණා."

"නැවත පදිංචියට ඇවිත් ගෙවල් දොරවල් හදා ගෙන, ළමයින් හොඳ විදිහට බලා ගැනීමේ වගකීම මට තිබුණා. ඒත් මුකුත් නොකරම හිරගෙදර ඇතුලේ අවුරුදු 12 ක් මගේ කාලය නිරපරාදේ ගෙවිලා ගියා," හේ සුසුම්ලමින් ආවර්ජනය කරයි.

"දරුවෝ ඇති දැඩි වුනේ තනිවම. ජීවිතය ගෙවා ගත්තේ ඉගෙනීම අත්හැරලා කුලී වැඩ කරලා. ඒගොල්ලෝ වෙනුවෙන් මට කිසිම දෙයක් කරන්න බැරි වුණා. ඒ දරුවෝ මගෙත් එක්ක ඉන්නේ තරහින්. මගේ හිතට හරිම දුකයි."

සාමන්‍ය ජන ජීවිතය

"පණ පිටින් ඉඳලත් මගේ පවුලේ අයට කිසිම දෙයක් කරන්න බැරි වුණා. දැන් ජිවිතේ අන්තිම කාලේ ළමයි ගාවට ඇවිත් ඉන්නවා."

"මා වෙනුවෙන් කතා කරාපු ලෝයර් මහත්තයා දීපු සල්ලිවලින් තමයි මම නිදහස් වෙලා බස් එකේ නැගලා ගෙදර ආවේ."

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි සාහසික නීතියක් සාමන්‍ය මිනිස් ජිවිත කෙතරම් පීඩාවට පත්කරනවාද යන්නට කදිම සාක්ෂියකි සෙල්වරත්නම්. පින්තුරයක් ගැනීමට හෝ සිය නම ප්‍රසිද්ධ කිරීමටවත් ඔහුගේ අවසරයක් නොමැත්තේ තවමත් නිමක් නොමැති බිය නිසා ය. වරදක් කර නොමැති වුවද අවුරුදු 12 ක් සිරදඩුවම් විදීම සෙල්වරත්නම්ගේ දිවිය විසුණු කොට භීතියට පත් කර තිබේ. ඔහු මිය යන තෙක්ම එම බිය ඔහු පසුපස ලුහු බඳින නිසාම සිරගතව සිටියදීත්, ප්‍රශ්න කිරීම්වලදීත්, වධ බන්ධනවලට ලක්වීම ගැන කිසිවක් නොපැවසීමට හේ වග බලාගත්තේය.

xdftert

සෙල්වරත්නම් ත්‍රස්ත පනත යටතේ දඩුවම් විඳි දෙමළ දේශපාලන සිරකරුවෙකි. වැරදිකරුවෙකු නොවී නිදහස් වුවද ඔහු මුහුණ දුන් අවදානම සහමුලින් අවසන් වී නොමැත. සිය දිවියේ ඉතිරි කාලය අවදානමෙන් තොරව ගෙවා දමන්නට නම් කල්පනාවෙන් සහ අවධානයෙන් කතා කළ යුතුයැයි ඔහු සිතයි. මක් නිසාද යත් සෙල්වරත්නම්ලා වැනි දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස බොහෝ දෙනෙක් අපේක්ෂා නොකරන බැවිනි. ජනතාව ඒකරාශී වී ඔහුගේ නිදහස වෙනුවෙන් උද්ඝෝෂණ නොකරන බැවිනි. ඔවුන්ගේ පවුල් සාමාජිකයන්ට සහයෝගයක් ලබා දෙනුයේ ඉතාමත් සුළු පිරිසකි. දුක් වේදනාවන් පිරි ඔවුන්ගේ දුරකතන ඇමතුම්වලට සවන් දෙන්නට කිසිවෙකු කැමැත්තක් දක්වන්නේ නැත. නීතිඥයන්, සරසවි ඇදුරන්, කලාකරුවන්, තානාපතිවරුන් ඇතුළු ජාත්‍යන්තරය දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් බලපෑමක් නොකරන තරම් ය. බහුජන සංවිධාන විසින් දෙමළ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් උද්ඝෝෂණයකට ඇරයුම් කළහොත් වින්දීත පවුල්වල ඥාතින් හැරෙන්නට වෙනත් කිසිදු පාර්ශවයක් දකින්නට නොමැත. දෙමළ දේශපාලන සිරකරුවන්ගේ පවුල්වල වියදම් දරන්නට මේ සමාජය ඒකරාශි නොවේ. තුස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව නැගෙන මෙම බියට හේතුව මේ යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කළ හොත් ඉන් නිදහස් වීම මහත් දුෂ්කර කාර්යයක් බැවිනි. ඇත්ත වශයෙන්ම එය බිය ජනක ක්‍රියාවලියකි. 12 වසරක ජීවිත කාලය අහිමි වූ සෙල්වරත්නම්ගේ දිවිය කියා දෙදන කතාව එයයි.

පසුගිය වසර එළඹෙන තුරු දෙමළ - මුස්ලිම් ජනයා මෙම අවනීතියෙන් ඉමහත් පීඩාවට පත් වූ අතර කුසගින්නට එරෙහි දකුණේ සිංහල ජනයාගේ අරගලයෙන් පසුව ත්‍රස්ත පනත කෙරෙහි බියක් ඔවුන් අතර දැන් පැන නඟිනු පෙනේ.

ත්‍රස්ත මර්දන නීති දකුණේ ආණ්අඩු විරෝධී අරගලකරුවන් වෙත දමා ගැසූ විට මුළු මහත් ජාතියම බියෙන් මුසපත් වූ බවක් පෙනේ.


වසන්ත මුදලිගේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 168 ක් රඳවා ගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් වීමෙන් පසු සිංහල සමාජය විසින් ඔහු මහත් හරසරින් පිළිගනු ලැබිණි. වසන්තගේ නිදහස වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාව සිය කර මතට නංවා ගත් සිංහල තරුණයෝ ආචාර සමාචාර දැක්වුහ. දිවා රෑ නොබලා වසන්ත මුදලිගේගේ නිදහස වෙනුවෙන් කැප වූ සිංහල තරුණ කොටස් ඔහු නිදහස් වූ පසුවත් ඔහුට රැකවරණය ලබා දෙනු ඇත. සිර ගෙදරින් නිදහස් වූ පසු දිනයේම මාධ්‍ය හමුවට පැමිණි මුදලිගේ තමන් අත්විඳි සියල්ල නොබියව පවසමින් ත්‍රස්ත මර්දන නීති මගින් කෙතරම් බරපතල අයුරින් මිනිස් අයිතීන් උල්ලංඝණය කරනවාද යන්න පැහැදිලි කළේය.

ඔහුගේ කතාව පුවත්පත් හා වෙබ් අඩවි විසින් පළකරනු ලැබුණි. පහතින් ඇත්තේ ඒ අදහස් දැක්වීම්වලින් සපයා ගත් උධෘතයන් ය:

"පෑලියගොඩ පොලීසියේ විශේෂ ඒකකයේ ඒ.එස්.පී මහින්ද විලෝආරච්චි කියන පුද්ගලයා වරෙන්තුවක් තියෙනවා කියලා අත්අඩංගුවට අරන් කිසිම පැහැදිලි කිරීමක් නැතුව පොලීසිය ඇතුලේ හංගලා වගේ තියලා, පහුවදා පාන්දරම කවුරුත් අවදිවෙන්නත් කලින් සිවිල් පිට වාහනයක දාගෙන, රෙදිවලින් ඔතලා අරන් යනවා එඩේරමුල්ල පොලීසියට."

"පොලීසියේ හිටපු සියලු සැකකරුවෝ අයින් කරලා,පොලීසියම හිස් කරලා අමුතු විදිහකට අපිව අරන් ආවේ."

"ඒ.එස්.පී. විලෝආරච්චි කියන පුද්ගලයා තමන්ගේ මේසේ ඉඳගෙන පිස්තෝලේ මගේ පැත්තට හරවලා පේන්න තියලා විජේවීරට වුණු දේ උඹට මතකද, ඒ වගේම විජය කුමාරතුංගට වුණ දේ උඹට මතකද, උඹටත් ඒ ටිකම තමයි කරන්න අපිට ඕනෙකම තියෙන්නේ. හැබැයි මේ තත්වය නිසා උඹව ඝාතනය කරන්න විදිහක් නැහැ. ඒ නිසා හිරේ තැපලා අවුරුදු දෙකකින් විතර වරෙන් කියලා කිව්වා.``

"මරනවා කියලා තර්ජනය කරලා අපිව දිගින් දිගටම රඳවා ගැනීම කරා. උසාවියට ඉදිරිපත් කරන්නේ නැතුව, ප්‍රශ්න කිරීම් කරන්නේ නැතුව, කොහේටවත් අදාළ නැති පොලීසියක් ඇතුලේ අපිව මෙහෙම දිගින් දිගටම තියා ගත්තා."

"ඊට පස්සේ එතනින් එහාට අපිව වාහනවල දාගෙන කවුරුත් දන්නේ නැති විදිහට වෙරළ බඩ පොලීසියේ පැත්තේ පොලිස් නේවාසිකාගාරයකට අරගෙන ගියා. ඒකේ බිම් මහලේ අඳුරු කාමරයක දාලා කිසිම ප්‍රශ්න කිරීමක් නැතුව රෙදිවලින් ඔතලා පැය ගානක් අපිව තියනවා."

"නීතිඥයන්ට, සිවිල් සමාජයේ කාටවත් හමුවෙන්න දුන්නේ නැහැ. මානව හිමිකම් කොමිසම අපිව බලන්න එනකොට කොහේ හරි අරන් යනවා. සෑම දෙයක්ම සැලසුම් කළේ පෑලියගොඩ පොලීසියෙන්."

"21 වැනිදා උදේ වරුවේ මේ පොලීසියේ කට්ටිය අපිව වාහනයක දාගෙන අරගෙන යනවා නවගමුව දේවාලයේ ළඟ තියෙන වාහන පාක් එකට අඩි 10 ක් විතර පහලට බැස්සට පස්සේ තියෙන පාළු ගඟ අයිනට."

"රෙද්දකින් ඔතලා, මාංචුත් දාලා, ආයුධ ටික වටේම දාලා ඉවරවෙලා දුරකතන ඇමතුම් ලබා ගන්නවා ඒ ආරක්‍ෂක නිලධාරියා `සර්, අපි අදාළ තැනට ඇවිත් ඉන්නේ. දැන් මොකද කරන්න ඕනේ" කියලා.

"සැක කටයුතු වාහනයක් වාහන පාක් එකේ පහළ ගඟ අයිනේ නතර කර තිබුණු නිසා නවගමුව දේවාලේ ආරක්‍ෂාවට ඉන්න පොලීසියේ මහත්මයා ඇවිත් බලනවා."

cxt4g

"අපිව අරන් ගිය පොලිස් නිලධාරින් මොකද කියන්නේ 'යකෝ අන්න අරූ එනවා. ඌ එන්න කලින් ඉක්මනට එලවපන්.' කියලා. එතකොට නවගමුව පොලීසියේ අයවත් දන්නේ නැහැ අපිව ඇයි අරගෙන ගිහිල්ල අර දේවාලේ පිටිපස්සේ ගඟක් පල්ලේ දාගෙන හිටියේ කියල."

"මේ මැදිහත් වීම් කරපු නිශ්චිත නිලධාරින් කිව්වා පහුගිය කාලේ පාතාලේ කියලා නම් ප්‍රසිද්ධ කරපු බොහෝ දෙනෙක් අපි ඝාතනය කළේ මෙහෙමයි . විශේෂයෙන්ම මධුෂ්ගේ නම කියලා කියනවා අපි මධුෂ්ව ඝාතනය කළේ මෙන්න මෙහෙමයි. රැඳවුම් නියෝග දවස් ඉවර වේගෙන එද්දී අපි ප්ලෑන් කළේ මෙහෙමයි. සීසීටීවී නැති තැන් අපි හෙව්වේ මෙහෙමයි. අපි මෙහෙම තමයි ශූට් කළේ. ඒ නිසා වැඩිපුර සද්ද කරන්න එපා කියලා කිව්වා."

මේ අයුරින් මුදලිගේ කිසිවක් නොසඟවා කියා සිටියේ ඔහුගේ පළමු මාධ්‍ය හමුවේදීම ය. ආණ්ඩුවේ කෘෘර මිනිස් ඝාතන පිළිවෙත් ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට තරම් බියක් ඔහුට නොතිබිණි. ඊට හේතුව `මම බහුතර ජාතිය නියෝජනය කරන අයකු වීමත්, මා වටා ආරක්‍ෂකයන් සිටින බවට' ඔහු තුළ වූ ධෛර්යයි; තමන් පිළිබඳ සානුකම්පිතව කල්පනා කළ පොලිස් නිලධාරීන් සිටි බවට ඔහු තුළ තිබූ අවබෝධයයි. ඔහු පිටුපස සිංහල සමාජයේ සැළකිය යුතු පිරිසකුත්, ජනමාධ්‍යයත්, සිවිල් සමාජ සංවිධානත්, මානව හිමිකම් ආයතනයත්, තානාපති කාර්යාලත් ඒකරාශී වී සිටින බවට වූ විශ්වාසය මගින්ද එම ධෛර්ය ඔහු තුළ උපදවන්නට ඇත.

එහෙත් සෙල්ලවරත්නම් වැනි දෙමළ දේශපාලන සිරකරුවන්ට එවන් හිමිකමක් නොමැත. ඔහු වැන්නන් පිළිබඳ හඬ අවදිකරන්නට බහුතරයක් දෙමළ ජනයා පැකිළෙන්නේ අදාළ මර්දන නීතිවල තමන්ද පහසු ගොදුරක් විය හැකි බව ඔවුන් දන්නා බැවිනි.

ක්‍රෑර ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වැනි නීතියක් මුහුණු දෙකකි. එය දෙයාකාරයකින් ක්‍රියාත්මක වෙන අයුරු මනාව පෙන්වා දිය දීමට සෙල්වරත්නම් වැනි මිනිසුන්ගේ කතා ඕනෑතරම් තිබේ. 

(උපුටා ගැනීම - © JDS)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...