The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

කඳුළු ගෑස් ප්‍රහාරයකදී ආරක්ෂා වන හැටි - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

February 27, 2023 • 3:59 PM

කඳුළු ගෑස් ප්‍රහාරයකදී ආරක්ෂා වන හැටි - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උද්දේශනය යනු අරමුණු වෙනුවෙන් පෙනී සිටිමින්, සංවාද කරමින්, වෙනස්කම් නිර්මාණය කිරීමට උත්සාහ කිරීමයි.
  • වර්තමානයේදී උද්ඝෝෂණ පවත්වන්නේ බලය පෙන්වීමට බව කවුරුත් දනිති.
  • කඳුළු ගෑස්වලින් ආරක්ෂාවට ඇති හොඳම මාර්ගය ගෑස් මුහුණක් පැළඳීමයි.
  • අධික ලෙස කඳුළු ගෑස්වලට නිරාවරණය වී නම්, එම බෑගය මුඛයට හා නාසයට තබා හුස්ම ගන්න.
අකුරු ප්‍රමාණය (Font Size):

උද්දේශනය යනු අරමුණු වෙනුවෙන් පෙනී සිටිමින්, සංවාද කරමින්, වෙනස්කම් නිර්මාණය කිරීමට උත්සාහ කිරීමයි. එවැනි අවකාශ බොහෝ තිබේ. පාර්ලිමේන්තුවට, එහි මන්ත්‍රීවරුන්ට ඍජුව බලධාරීන් සමග එක්ව කටයුතු කළ හැකිය. උද්ඝෝෂණ අත්‍යවශ්‍ය නැත.



වර්තමානයේදී උද්ඝෝෂණ පවත්වන්නේ බලය පෙන්වීමට බව කවුරුත් දනිති. එය බල දේශපාලනයයි. එය වැරදි යයි මම නොකියමි. ඒ වෙනුවෙන් මැදිහත්වීම හෝ පාවිච්චි වීම තමන්ගේ කැමැත්තකි. එහෙත්, තමන්ගේ ආරක්ෂාව ගැන ද සිතීම ඉතා වැදගත්ය.

 

එහෙයින්, කලකට ඉහතදී මාධ්‍ය සංවිධානයක් වෙනුවෙන් කරන ලද පරිවර්තනයකින් උපුටාගත් මෙම කොටස මෙහි පළකරමි.

xfgdrg

සාමාන්‍යයෙන් කඳුළු ගෑස් විදිනු ලබන්නේ හිස් තුවක්කු පතුරමක් ආධාරයෙන් තුවක්කුවක අගට සවි කරනු ලබන බෝම්බයක ආකාරයටයි. එබැවින් කඳුළු ගෑස් විදින කල ද වෙඩි තබන ශබ්දය ඇසේ. ඔබට වෙඩි වැදුණා යයි වරදවා ‍වටහා නො ගන්න. කලබල වෙන්න එපා. වෙඩි ඇසුණු කල උඩ බලා කඳුළු ගෑස් බෝම්බය එන මාර්ගයෙන් ඉවත් වන්න. කඳුළු ගෑස් බෝම්බ බොහෝ විට ගුවනේදී ම පිපිරේ. දුම් පිට වන ලෝහමය කෑනයක් බිමට වැටේ.

මෙම කෑනය ඉතා උණුසුම් විය හැකි ය. එබැවින් එය අල්ලන්න එපා. නො පිපුරුණු කඳුළු ගෑස් බෝම්බ ද අල්ලන්න එපා. මන්ද, එය පුපුරා ඔබට තුවාල සිදු විය හැකි ය. කඳුළු ගෑස්වලින් ආරක්ෂාවට ඇති හොඳම මාර්ගය ගෑස් මුහුණක් පැළඳීමයි. එවැන්නක් සපයා ගත නො හැකි නම්, කඳුළු ගෑස් එල්ල වේ යයි සිතිය හැකි අවස්ථාවක් ආවරණය කරන්නට යන විට තෙත තුවා රැගෙන යන්න. ඒවායින් නාසය හා මුඛය ආවරණය ක‍රගෙන දෙහි යුෂ හෝ විනාකිරි ස්වල්පයක් ඒ මතට මිරිකන්න.  දෙහි යුෂවලින් පෙඟවූ තෙත තුවා හෝ කඩදාසි තුවා ප්ලාස්ටික් බෑගයක දමා ‍ගෙන යන්නටත් පුළුවන. අධික ලෙස කඳුළු ගෑස්වලට නිරාවරණය වී නම්, එම බෑගය මුඛයට හා නාසයට තබා හුස්ම ගන්න.

කලබල වෙන්න එපා. කලබල වුණොත් ඉක්මණින් හුස්ම ගෙන වැඩිපුර කඳුළු ගෑස් ආඝ්‍රානය කරන්නට ඉඩ තිබේ.

xcggt

තට්ටු කීපයක ඇඳුම් අඳින්න. කඳුළු ගෑස් වැදුණු ඇඳුම් තට්ටුව ගලවා දමන්න. මතුපිටින් වැසි කබා ඇඳීම සුදුසු ය. වෙනත් යමක් නැතිනම් කසල බෑග් වුණත් හොඳ ය.

ගොගල්ස් යනු ඉතා ප්‍රයෝජනවත් ඇස් ආවරණ විශේෂයකි. රසායනිකවලින් ඇස් ආරක්ෂා කර ගත හැකි ගොගල් කණ්ණාඩි නැති නම් තදින් හිර වන පිහිනුම් ගොගල් පළඳින්න. ස්පර්ශක කාච පැළඳ සිටී නම් වහා ම ඉවත් කරන්න. එවැනි තැන්වලට යන විට ඒවා පැළඳ නො යාම වඩා හොඳ ය.

අමතර ඇඳුම් කට්ටලයක් (මේස් ද ඇතුළුව) තිබීම හොඳ ය. ගෑස් හා ජල ප්‍රහාරවලට ලක් වුණු ඇඳුම් මුල් වර සෝදන විට වෙනත් ඇඳුම් සමග සෝදන්න එපා.

ගොගල්, ගෑස් මුහුණු වැනි කිසිවක් නැතිනම්, ඔබේ කමිසය ඇතුළෙන් හුස්ම ගන්න. එහි වාතය මඳ වේලාවකට හෝ කඳුළු ගෑස්වලින් තොර වෙන්නට පුළුවන.

ඇස් සඳහා ප්‍රථමාධාරය වන්නේ දැවිල්ල නැති වී යන තෙක් ‍සේලයින් වතුරෙන් හෝ පිරිසිදු ජලයෙන් සේදීමයි.

zxcdfvsdf


කඳුළු ගෑස් වැදුණු සම සබන් හා වතුරෙන් සෝදන්න. හුස්ම ගන්නට අපහසු නම් ඔක්සිජන් දිය යුතු ය. ඇදුමට දෙන ප්‍රතිකාර ද දෙන අවස්ථා තිබේ.

පිළිස්සුණු තැන් බැන්ඩේජ් කරන්න.

කඳුළු ගෑස් කිසි විටෙක උණුසුම් වතුරෙන් සෝදන්න එපා. සිසිල් ජලය භාවිතා කරන්න.          

තෙල් පදනම් කර ගත් ක්‍රීම් වර්ග හෝ හිරු ආවරණ ක්‍රීම් භාවිතා නො කරන්න. එමගින් උරා ගැනීම වැඩි වනු ඇත. මේකප් කිරීමෙන් ද කඳුළු ගෑස් සමට උරා ගැනීම වැඩි විය හැකි ය.

AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)

 

 

 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...