The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

ඒකාධිපති වියරුව හමුවේ බෙදී වැනසෙමුද ?- (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

February 27, 2023 • 4:38 PM

ඒකාධිපති වියරුව හමුවේ බෙදී වැනසෙමුද ?- (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන් පසුව රෙපරමාදු ක්‍රිස්තියානීන් සොයා ගියහ.
  • මාටින් නිමෝලර් - “මාටින් නිමෝලර්” ගේ මේ ප්‍රකාශය වුනත් ඇති මිනිහෙකුට තවත් මිනිහෙක් ගැන හිතන්න.
  • මේ ප්‍රකාශය මේ විදියට මතක් කරන්න සිද්ධ වුනේ වර්තමානයේ අපේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන හොඳට කල්පනා කළාට පස්සේ.
  • පාර්ලිමේන්තුව ඇතුළත දී වත්මන් ජනාධිපති පොහොට්ටුවේ මැති ඇමතිවරු සතුටු කරවන්න, හිනස්ස වන්න මොනතරම් විහිළු කතා කිවුවද.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන් පසුව රෙපරමාදු ක්‍රිස්තියානීන් සොයා ගියහ. මා නිහඬව සිටියේ මා රෙපරමාදු ක්‍රිස්තියානුවෙකු නොවු බැවිනි. පසුව ඔවුන් සමාජවාදීන් සොයා පැමිණියහ.  මා නිහඬව සිටියේ මා සමාජවාදියෙකු නොවු බැවිනි. අවසානයේදී ඔවුන් මා සොයා පැමිණියහ. ඒ වන විට මා වෙනුවෙන් කතා කිරීමට කිසිවකු ඉතිරිව නොසිටියේය.
- මාටින් නිමෝලර් -


“මාටින් නිමෝලර්” ගේ මේ ප්‍රකාශය වුනත් ඇති මිනිහෙකුට තවත් මිනිහෙක් ගැන හිතන්න.

මේ ප්‍රකාශය මේ විදියට මතක් කරන්න සිද්ධ වුනේ වර්තමානයේ අපේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන හොඳට කල්පනා කළාට පස්සේ.

 

ටිකක් හිතලා බලන්න. දැන් මේ  රටේ  මිනිස්සු   අපාදුක් විඳින්නේ මොන හේතුවකටද කියලා කවුරුත් දන්නවා. මීට මාස හයකට හතකට විතර ඉස්සර මිනිස්සු මොනතරම් දුකක් වින්දද. ඒ දුක් වේදනා එකින් එක මතක් කරන්න ඕන නැහැ. ඒ කාලේ ගැන හිතනකොට ඒ සිද්ධි ඉබේම හිතට එනවා.

 

ඒත් එදාට වඩා අද හොදයි කියලා වජිර අබේවර්ධනලා, රුවන් විජේවර්ධනලා, අකිල විරාජ්ලා කිවුවට අද සියයට සියයක්ම හොඳ නැහැ. හැමදාම කියනවා වගේ මේ ගොල්ලො කියන්නේ අදට වැඩිය හෙට හොඳයි කියලා. අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ ඒ මන්තරය ඇහුවට ඒ හොඳඟෙට නම් තාමත් ආවේ නැහැ.

දැන් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවේගෙනයි එන්නෙ. මැතිවරණයක්  කල් දැම්මත්, මැතිවරණයක් නැහැයි කිවුවත් ඒ දෙකේම තේරුම මැතිවරණ සිතියම අකුලනවයි කියන එක.



වර්තමාන ජනාධිපතිගේ මාමණ්ඩි ජේ.ආර්. ලාම්පු කළගෙඩි සෙල්ලම දැම්මේ මැතිවරණ සිතියම හකුලන්න. ඒක එයා කළා. දැන් ඉන්නේ එයාගේ බෑනා එයා හදන්නෙත් මාමගේ අඩිපාරේ ගිහින් මැතිවරණ සිතියම හකුලන්න.



පාර්ලිමේන්තුව ඇතුළත දී වත්මන් ජනාධිපති පොහොට්ටුවේ මැති ඇමතිවරු සතුටු කරවන්න, හිනස්ස වන්න මොනතරම් විහිළු කතා කිවුවද.
“මැතිවරණයක් තියන්න සල්ලි නැහැ. ඒ හින්දා මැතිවරණ තියන්න බැහැ. “සල්ලි තිබුනත් මැතිවරණයක් නැති හින්දා මැතිවරණත් නැහැ.”

ඔන්න කිවුව කතාව. හරියටම ජෝකර්ගෙ භූමිකාවට ඇන්දා වගේ. එතුමා හැසිරෙන්නේ හරියටම “මේරා නාම්ජෝකර්” කෙනෙක් වගේ කියලා අපි හිතුවට මොකද ඒ විහිළුව පිටිපස්සේ හැංගිලා තියෙන “භයානක අන්තරාය” විනිවිද දකින්න අපි බුද්ධිමත් වෙන්න ඕන. එහෙම නැත්නම් අපට වෙන්නේ අර මුලින්ම උපුටා දක්වපු “මාටින් නීමෝලර්” ගෙ ප්‍රකාශනයේදී සිද්ධ වෙච්ච සිදුවීම විතරමයි.



මැතිවරණ සිතියම හකුලනවයි කියන්නේ මැතිවරණ නොතිය ඉන්න එකම විතරක් නෙමෙයි. ජනතාවගේ බඩ කට පුරවලා දුක අමතක කරවලා විරුද්ධවාදීන් මර්දනය කරන බව කියන එකයි.



අපේ විරුද්ධ පක්ෂ දෙක අතර ප්‍රධාන බලවේග දෙක වන සමගි ජන බලවේගයයි, ජාතික ජන බලවේගයයි කියන දෙක අතර බලය සඳහා ඇතිවෙලා තියෙන ගැටුමෙන් ප්‍රයෝජන ගන්න ඉන්නේ එකම එක මනුස්සයයි. ඒ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ, එකම එක දේශපාලන කඳවුර පොහොට්ටු අලි කපුටු කඳවුරයි.

 මේ වගේ විපරීත තත්ත්වයක තමයි අනුර කුමාර සජිත්ටත් සජිත් අනුරකුමාරටත් බැන ගන්නේ . චෝදනා කරන්නේ. ඒකෙන් හොඳටම විනෝදාස්වාදයක් ලබන්නෙ ෆන් එකක් ගන්නේ රනිල් රාජපක්ෂ සහ අලි පොහොට්ටු කපුටු කඳුවුර. රනිල් ලොක්කා සහ අලි කපුටු පොහොට්ටු සන්ධානය මේ ලෑස්ති වෙන්නේ මැතිවරණ සිතියම අකුලලා මේ රට ඒකාධිපති පොලිස් රාජ්‍යයක් බවට පත් කරන්න.

එදාට කාටවත් කවුරු වෙනුවෙන් වත් පෙනී   සිටින්න කවුරුවත් නැති වෙන්න පුළුවන්.

මේ ලිපියේ අරමුණ සජිත් පිලට සහ අනුර පිලට සිද්ධ වෙන්න යනදේ ගැන මතක් කරන්නයි. විශේෂයෙන්ම අනුර කුමාරලට මතක් කිරීම කරන්නයි.



එදා ජවිපෙ ට තිබුණු අධි තක්සේරුව හින්දම වමේ පක්ෂ එක්ක විජය වගේ ප්‍රගතිශීලීන් සහමුලින්ම ඈත්කරලා තනියම ජේ.ආර්. ගේ යකඩ සපත්තුවට පෑගිලා වැනසිලා ගියා. එදා ඒ කරපු දේම තමයි අද එතුමාගේ බෑනා කරන්න හදන්නේ.



මේ බෑනාගේ  ඒකාධිපති වියරුවට මුහුණදීලා  එය පරාජය කරන්නට ඕනෑ නම් මැතිවරණයේ අයිතිය දිනාගන්නම වෙනවා. ඒකට තනි තනියෙන් මුහුණදීලා. එකිනෙකා කුලල් කා ගන්න ගියොත් වෙන්නේ මේ ඒකාධිපති වියරුවේ අලුත්ම යකඩ සපත්තුවට පෑගිලා චප්ප වෙන්නයි.

ඒ නිසා ජනතාවට රටට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දීම තමයි එකම අරමුණ වියයුත්තේ.

අද සියළුම පක්‍ෂවල වෘත්තිය සමිති බදු ගැනීමට විදුලි බිලට එරෙහිව ඒකරාශි වෙලා ඉන්නේ. ඒ සමගි සම්පන්න වෘත්තිය සමිති සමගියට පුළුවන් ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව සටන් කරන්න.

ඒත් ප්‍රධාන විපක්ෂය වන සමගිජන බලවේගය සහ ජාතික ජන බලවේගය එකිනෙකා හැප්පෙන්න ගියොත් රනිල්ගේ සහ කපුටු අලි පොහොට්ටු සන්ධානයේ ගල්රෝලට චප්ප වෙලා ප්‍රජාතන්ත්‍රවාදය අහිමි රටක ජනතාවට අත්වූ ඉරණමට අපටත් මුහුණ දෙන්න වෙයි.



එක්ව සටන් කර දිනා ගන්නා අයිතිය උපයෝගී කරගෙන වෙන්ව ජයග්‍රහණය ලබන්න හැකිනම් ජනතාව තමන්ට කැමති පාලන තන්ත්‍රයක් පිහිටුවා ගැනීමේ අයිතිය දිනා ගනීවි. එහෙම එක්ව සටන් නොකළොත් වෙන්නේ එදා වෙච්ච අභාවාචක අත්දැකීම් වලට මුහුණ දෙන්නයි.



මේ ලිපියේ ආයාචනය වැඩියෙන්ම යොමු කෙරෙන්නේ ජාතික ජන බලවේගයටයි. මොන දේශපාලන මතවාද තිබුනත් ඔබලා නම්‍යශීලිවෙලා එක්සත් වෙලා වත්මන් පාලනයේ අත්තනෝමතිකත්වයට එරෙහිව සටන් කරලා මැතිවරණය දිනා ගන්න.

නැතිනම් මේ උන්නැහෙලා මැතිවරණ සිතියම අකුලාවි.

මේ මොහොතේ සජිත් ප්‍රේමදාස  විපක්ෂ නායක ප්‍රමුඛ සමගි ජන බලවේගයයි අනුරකුමාර ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි මේ මැතිවරණය දිනා ගැනීම සඳහා ඒකරාශි විය යුතුමයි කියා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මධ්‍යස්ථ මතධාරීන් කල්පනා කරනවා.

ආයෙමත් මේ උතුම් මව්බිම මත ලේ දහරාවක් ගලා යායුතු නැහැ. ඕනෑම දුෂ්ට බලවේගයක් පරාජය කළ හැකි එකම අවිය සමගිය බව මතක් කරන්නට ඕනෑ. මම මේ ලිපිය මේ ආප්තෝපදේශයෙන් අවසන් කරන්නම්.



''ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට කවදාවත් විප්ලවයක් කිරීමට ඔබට හැකි නොවේ. විප්ලවයක් ස්ථාපිත කිරීමට ඔබට ප්‍රජාතන්ත්‍රවාදය ඉතිරිව තිබිය යුතුයි.''
- (සී.කේ. චෙස්ටර්ටන්)

 

Sujeewa Photo(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...