The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

එයා දැන් බැඳලා අන්තිම විය - (අජිත් පැරකුම් ජයසිංහ)

T

The Leader Desk

February 28, 2023 • 5:35 AM

එයා දැන් බැඳලා අන්තිම විය - (අජිත් පැරකුම් ජයසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එයා දැන් බැඳලා ජනප්‍රිය වූයේ එහි සිනමාත්මක රූප රචනය, කතාවේ නැවුම්බව, පරිසරය හා රංගනය නිසාය.
  • රංගනය ගැන බොහෝ අය කතා කළ ද එහි ඇත්තෙන්ම විශිෂ්ට රංගනයක යෙදුණේ සේමිනි ඉද්දමල්ගොඩයි.
  • ඉන්පසු ඇත්තේ ඉතා දුර්වල කතා කලාවකි.
  • එයා දැන් බැඳලා ටෙලිනාට්‍යය 28 චිත්‍රපටය සමග ගැටගසන්නට යාම අනවශ්‍ය විකාරයකි.
අකුරු ප්‍රමාණය (Font Size):



එයා දැන් බැඳලා ජනප්‍රිය වූයේ එහි සිනමාත්මක රූප රචනය, කතාවේ නැවුම්බව, පරිසරය හා රංගනය නිසාය.

රංගනය ගැන බොහෝ අය කතා කළ ද එහි ඇත්තෙන්ම විශිෂ්ට රංගනයක යෙදුණේ සේමිනි ඉද්දමල්ගොඩයි. මහේන්ද්‍ර පෙරේරා ද යම් සාර්ථක රංගනයක් සිදු කළේය. ප්‍රදීප් රාමවික්‍රම නැගී එන තරුවක ලකුණු පෙන්වූ අතර සරත් කොතලාවල කළේ ජනප්‍රිය අධි රංගනයකි.

ටෙලි නාට්‍යයේ අවසාන කොටසේ පැවති අප්පච්චි කවුරුදැයි ඇසූ කල ළමයා පිංතූරය පෙන්වන ජවනිකාව රංගනයෙන් අති විශිෂ්ටය.

 

2sds

 

ළමයා හා අප්පච්චි අතර සම්බන්ධය පිංතූරයකට සම්බන්ධ වන හැටි ද, පිංතූරයේ සිටින පුද්ගලයාගේ සැබෑ ස්වරූපය හා ළමයාගේ මනස් රූපය නොපෑහෙන හැටි ද, ළමයාගේ අප්පච්චි කවුද යන ගැටුම නිර්මාණය කරන කේන්ද්‍රීය ප්‍රශ්නය හා අවසානයේදී අප්පච්චි කඩදාසියක තිබෙන රූපයක් පමණක් බවට පත්වීමේ හිස්බව එයා දැන් බැඳලා ටෙලි නාට්‍යයේ කූටප්‍රාප්තියයි.

 

කෙසේ වෙතත්, මෙම ටෙලි නාට්‍යය අතාර්කික අභව්‍ය සිදුවීම්වලින් ගහණය. විශේෂයෙන්ම නායයාමෙන් පසු දර්ශන ටික ඉතා දුර්වල එකලස් කිරීම් ටිකකි. ඉන්පසු ඇත්තේ ඉතා දුර්වල කතා කලාවකි. එහි නොවිසඳුණු ප්‍රශ්න රාශියකි.

නායයාම සුද්දිගේ පතිව්‍රතාව ඔප්පු කිරීම සඳහා උදා වූ මායාමය අවස්ථාවකි. එතැනින් කතාව ඉවර කළා නම් වඩා වඩා සාර්ථක යයි සිතේ.

එයා දැන් බැඳලා ටෙලිනාට්‍යය 28 චිත්‍රපටය සමග ගැටගසන්නට යාම අනවශ්‍ය විකාරයකි. පහත දැක්වෙන්නේ කලකට ඉහතදී මා 28 චිත්‍රපටය ගැන ලියන ලද විචාරයකි.


ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ගැන උගන්නපු නැති පාඩම: 28




Ajith parakum J(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
ajithperakum@gmail.com


(මෙම ලිපිය praja.lk හි පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක)



 
JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...