The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

විදුලිය හා ඉන්ධන ඉහළ දැමීම් වහා අහෝසි කළ යුතුමයි - (කුසල් පෙරේරා)

T

The Leader Desk

February 28, 2023 • 11:44 AM

විදුලිය හා ඉන්ධන ඉහළ දැමීම් වහා අහෝසි කළ යුතුමයි - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ මන්දැයි කවුරුන් හෝ අසන්නේ නම්, මගේ උත්තරය ඉතාම සරළ ය.
  • ඉකුත් ඉරිදා (පෙබරවාරි 26) සන්ඩේ ටයිම්ස් පුවත් පතේ “පෞද්ගලික ව්‍යාපාරයක් ලංවිමට විදුලිය අලෙවිකර රු.බිලියන 18.4 ක ලාභයක් ලැබූ” ප්‍රවෘත්තියෙන් කෙරෙන හෙළිදරව්ව අතිශය බරපතල කාරණාවකි.
  • ඒට්කන්-සේපෙන්ස් සමාගම විසින් පිහිටුවනු ලැබූ “ඒස් පව ඇඹිලිපිටිය (පුද්) සමාගම” මෙගාවොට් 103 ක ධාරිතාවක් ඇති ඉතා ලාභ බැර ඉන්ධන තෙල් (බොර තෙල් පිරිපහදුවෙන් අපතේ දැමෙන ඉතිරියකි) භාවිත කරන විදුලි ජනන සමාගමකි.
  • සිට 2015 දක්වා ලංවිමට විදුලිය අලෙවි කිරීමේ ගිවිසුමක් අත්සන් කළ ඔවුන් එහි තිබූ අතිශය ලිහිල් කොන්දේසි සමග රු.බිලියන 8.57 ක ශුද්ධ ලාභයක් ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ මන්දැයි කවුරුන් හෝ අසන්නේ නම්, මගේ උත්තරය ඉතාම සරළ ය.

 

ආයතනික දූෂණ වංචා, අපතේ යැවීම්, අනවශ්‍ය වියදම්, අකාර්යක්ෂමතා වෙනුවෙන් පාරිභෝගික අප ආයතන නඩත්තු කිරීමට බැඳී නැත.

 

ආණ්ඩුව මේ කරන මිල ඉහළ දැමීම් සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියකට අනුව කරන මිල සංශෝධනය කිරීම්ය. ඔවුන් ආණ්ඩුවට කියන්නේ මේ ආයතන තමන්ගේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් තමන්ගේ සේවා හා භාණ්ඩ සැපයුම් සඳහා මිල සංශෝධනය කළ යුතු යැයි කියා ය. ඒ ආයතනික වියදම ගණන් හැදෙන්නේ යෝධ දූෂණ වංචා, අපතේ යැවීම්, අනවශ්‍ය වියදම්, අකාර්යක්ෂමතා ආදිය නිසා වැය වෙන වියදම් වෙන්කර ගණන් හැදීමෙන් නොවේ.

 

එය තේරුම් ගැනීමට, මේ දූෂණ වංචා ගැන මඳක් සිතා බලන්න.

 

CEB

මේ එක සොයා ගැනීමකි. ඉකුත් ඉරිදා (පෙබරවාරි 26) සන්ඩේ ටයිම්ස් පුවත් පතේ “පෞද්ගලික ව්‍යාපාරයක් ලංවිමට විදුලිය අලෙවිකර රු.බිලියන 18.4 ක ලාභයක් ලැබූ” ප්‍රවෘත්තියෙන් කෙරෙන හෙළිදරව්ව අතිශය බරපතල කාරණාවකි.

එයට අනුව,

1. ඒට්කන්-සේපෙන්ස් සමාගම විසින් පිහිටුවනු ලැබූ “ඒස් පව ඇඹිලිපිටිය (පුද්) සමාගම” මෙගාවොට් 103 ක ධාරිතාවක් ඇති ඉතා ලාභ බැර ඉන්ධන තෙල් (බොර තෙල් පිරිපහදුවෙන් අපතේ දැමෙන ඉතිරියකි) භාවිත කරන විදුලි ජනන සමාගමකි.

2. 2005 සිට 2015 දක්වා ලංවිමට විදුලිය අලෙවි කිරීමේ ගිවිසුමක් අත්සන් කළ ඔවුන් එහි තිබූ අතිශය ලිහිල් කොන්දේසි සමග රු.බිලියන 8.57 ක ශුද්ධ ලාභයක් ලැබීය.

3. 2016 ගිවිසුම අවසන් වනවිට එම විදුලි ජනන බලාගාරය මිලට ගැනීමට ඇමති මණ්ඩල ලංවිමට අනුමැතිය ලබාදී තිබියදීත්, ලංවිම වෙනුවෙන් වූ තක්සේරුකරු එය ඉතා පහළ වටිනාකමකට අවතක්සේරු කිරීමෙන් එය මිලට ගැනීම අත හැරුණි. ඒ වෙනුවට 2016 අවසන් වූ ගිවිසුම එළෙසින්ම 2022 සැප්තැම්බර දක්වා ක්‍රියාත්මක කෙරුණි. 2016 සිට 2021 දක්වා කාලය තුල සමාගමේ ශුද්ධ ලාභය රු.බිලියන 6.8 කි.

4. මේ සමස්ථ කාලය තුල විදුලිය සැපයුම සඳහා සමාගමට ගෙවූ මුදලට අමතරව, ලංවිම විසින් සමාගමේ ධාරිතා දීමනාව යැයි ඔවුන්ගේ ණය වාරික සඳහා විශේෂ දීමනාවක්ද, රක්ෂණ ආවරණයක්ද, පරිපාලන වියදමද, ස්ථාවර හා නඩත්තු වියදම්ද ගෙවා ඇත.

5. සමාගමේ සියලු බදු ගෙවීම්ද ලංවිම විසින් ගෙවා ඇත. ඒ වෙනුවෙන් සමාගම පළමු අවුරුදු 10 දී රු.බිලියන 4.78 ක්ද ඉතිරි වසර 05 ට වැඩි කාලය වෙනුවෙන් රු.බිලියන 1.49 ක්ද ලබා ගෙන ඇත.



ඊට අමතරව පසුගිය මාසයේ දෙකේ විදුලිය හා බල ශක්ති ඇමති මාධ්‍යයට හා ඔහුගේ සමාජ මාධ්‍ය ජාල මෙවලම් මගින් හෙළි කළ තොරතුරු අනුව,

# ලංවිමට අවශ්‍ය සේවක පිරිසට අමතරව මේ වසරේ විශ්‍රාම ගැන්වෙන 1,100 ක සේවක සංඛ්‍යාවක් ඇත.

# එසේ අමතර සේවක සංඛ්‍යාවක් සිටියදීත් මාසිකව දළ වශයෙන් රුපියල් මිලියන 07 ට වැඩි අතිකාල සේවා ගෙවීමක් ඇත.

# ඊටත් අමතරව ඇමතිවරයා නොකියු ලංවිම සේවා හා නඩත්තු කිරීම් පෞද්ගලික සමාගම් වලට මුදලට ලබා දී ඇත. ඒ සඳහාවන වියදම ලංවිම සහ පොදු පහසුකම් කොමිසම ප්‍රසිද්ධ කර නැත.


එවගේම අකාර්යක්ෂමතා සහ සැඟවුනු න්‍යාය පත්‍ර යටතේ අත හැර දැමූ හා ප්‍රමාද කළ විදුලිය ජනන ව්‍යාපෘති මගින් සිදුවූ රුපියල් මිලියන ගණනක පාඩුවීම්ද ඇත. සීතාවක ව්‍යාපෘතිය ඉන් එකක් පමණි.

මේ කිසිවක් දූෂණ වංචා, අකාර්යක්ෂමතා, අපතේ යැවීම් ලෙස ගණන් හැදෙන්නේ නැත. මේවාද ලංවිම සාමාන්‍ය වියදම් ලෙස එකතුවන සමස්ථ වියදමේ රුපියල් බිලියන ගණන්ය. ඒ අනුව ඒවා පාරිභෝගිකයා දැරිය යුතු වියදම් වශයෙන් ඔවුහු විදුලිය ගාස්තු ඉහළ දැමීමේදී එකතු කරනු ලැබේ.

 

CEYPETCO

සිපෙට්කෝ ආයතනයේ ඉන්ධන මිල ඉහළ දැමීම් ගණන් හැදෙන්නේද එළෙසින්මය. දූෂණ හා වංචා, අකාර්යක්ෂමතා, නාස්තිය ආයතනික වියදම් ලෙස ගණන් හැදීමෙනි. එනිසා පෙට්‍රල් ලීටරයක් රුපියල් 400 ක් කෙරෙන්නේ දූෂණ හා වංචා, අකාර්යක්ෂමතා, නාස්තිය වැනි සියල්ලද ඇතුළත්වය.

 

දැන් අප පැහැදිලිව ඉර ගැසිය යුතුය. ලංවිම හා සිපෙට්කෝ පාඩු ලබන්නේ යැයි ඔවුන්ගේ දූෂණ වංචා, නාස්තිය, අකාර්යක්ෂමතා හා අපතේ යැවීම් වෙනුවෙන් මුදල් ගෙවන්නට අප සූදානම් නැතැයි ඉර ගසා කිව යුතුය. මේවායේ සියලු වියදම් දැන ගැනීමේ අයිතිය අපට ඇත.

 

එනිසා -
නැවත මිල සංශෝධන කිරීම් වලට පෙර මේවායේ සියලු වියදම් සවිස්තරව වහා ප්‍රසිද්ධ කළ යුතුයැයි ඉල්ලා සිටිය යුතුය.  


kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 පෙබරවාරි 28



JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...