The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

දැන් මැතිවරණයට දින නියම වෙන්නේ කාගේ වාසියකටද? - (කුසල් පෙරේරා)

T

The Leader Desk

March 4, 2023 • 3:43 PM

දැන් මැතිවරණයට දින නියම වෙන්නේ කාගේ වාසියකටද? - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් ඇමතිවරයාට සහ මහ භාණ්ඩාගාර ලේකම්ට අතුරු නියෝගයක් නිකුත් කළේ යැයි මාධ්‍යවල වාර්තා පළ විය.
  • ඒ සමග, මාර්තු 09 වන දිනට ප්‍රථම මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන මෙන් මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවද අතුරු නියෝගයේ සඳහන්ව ඇතැයි වාර්තා විය.
  • පළාත් පාලන මැතිවරණය කල් දැමීමට අදාලව ස.ජ.බ මහ ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, ලබා දුන් ඒ අතුරු නියෝගය සම්බන්ධව විවිධ අවධාරණය කිරීම් නීතිඥ ප්‍රජාව අතරත් දේශපාලන නායකයින් අතරත් ඇත.
  • බොහෝ දෙන කියන්නට වූයේ “වෙන් කරන ලද මුදල” වහා නිකුත් කරන්නට මහ භාණ්ඩාගාරයට දැන් සිදුවන බවත් ඒ අනුව පළාත් පාලන මැතිවරණය වහා පැවැත්විය හැකි බවත් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් ඇමතිවරයාට සහ මහ භාණ්ඩාගාර ලේකම්ට අතුරු නියෝගයක් නිකුත් කළේ යැයි මාධ්‍යවල වාර්තා පළ විය. ඒ සමග, මාර්තු 09 වන දිනට ප්‍රථම මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන මෙන් මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවද අතුරු නියෝගයේ සඳහන්ව ඇතැයි වාර්තා විය. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට අදාලව ස.ජ.බ මහ ලේකම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, ලබා දුන් ඒ අතුරු නියෝගය සම්බන්ධව විවිධ අවධාරණය කිරීම් නීතිඥ ප්‍රජාව අතරත් දේශපාලන නායකයින් අතරත් ඇත.

Finance Court

 
බොහෝ දෙන කියන්නට වූයේ “වෙන් කරන ලද මුදල” වහා නිකුත් කරන්නට මහ භාණ්ඩාගාරයට දැන් සිදුවන බවත් ඒ අනුව පළාත් පාලන මැතිවරණය වහා පැවැත්විය හැකි බවත් ය. තවත් අය කියන්නේ නිත්‍යානුකූලව අවසන් දින ලෙස සඳහන්වන මේ වසරේ මාර්තු 19 වන දිනට පෙර මැතිවරණය පැවැත්වීමට දැන් ඉඩ ඇතැයි කියා ය. තවත් අය කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය වහා මුදල් ලබා දෙන මෙන් මහ භාණ්ඩාගාරයට නියෝග නොකළ බවත් අතුරු නියෝගය ඇත්තේ මුදල් රඳවා නොගත යුතු යැයි කියා පමණක් බවත්ය.

 
නමුත් මා තේරුම් ගත් අයුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයෙන් මුදල් ඇමතිවරයාට සහ මහ භාණ්ඩාගාර ලේකම්ට දන්වා ඇත්තේ මැතිවරණය සඳහා වන මුදල් ලබා දීමට බාධා නොකළ යුතු යැයි කියා ය. ඒ අනුව මැතිවරණ කොමිසම අදාල පාර්ශව සමග සාකච්ඡාකර මාර්තු 09 වන දිනට ප්‍රථම මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශ කළ යුතු බවය.

 
මැතිවරණ කොමිසම ඊයේ දින (මාර්තු 03) අලුත් මැතිවරණ දිනයක් ප්‍රකාශ කරන බවට දන්වා තිබුණද, ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ මැතිවරණයට අදාල මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගනු ලබන නිසා මැතිවරණ කොමිසම ඔවුන්ගේ තීන්දු ගැනීම කල් තැබුවේය. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගය අනුව ඔවුන් අදාල පාර්ශව සමග මාර්තු 07 වන දින රැස්වී මැතිවරණය සඳහා අලුත් දිනයක් තීන්දු කරනු ඇත. එය ලබන 09 වන දින හෝ ඊට පෙර ප්‍රකාශ කළ යුතුව ඇත.  
 
මා පමණක් නොව, බොහෝ අය දන්නා පරිදි, ආණ්ඩුවක් ඉදිරි වර්ෂය සඳහා, මේ කාරණයේදී 2023 වසර සඳහා විවිධ ආයතන හා කාර්යන් වෙනුවෙන් සිය අයවැයෙන් මුදල් වෙන් කරන්නේ යැයි කියන්නේ, එවැනි මුදලක් පොරොන්දුවීම ය. ඒ සඳහා වසර ආරම්භයේදීම ඒ මුදල් එකතු කරගෙන තබා ගන්නේ යැයි කියන්නක් නොවේ. අප දන්නා සම්මතය අනුව ආණ්ඩුව දේශීය ආදායම් එකතුකර ගන්නා අයුරු ආයතන සඳහා පොරොන්දු මුදල් ලබා දෙන්නේ කාර්තුවෙන් කාර්තුවටය. ඇතැම් රජයේ ආයතන සඳහා වසරේ අවසන් කාර්තුව සඳහා මුදල් ලබාදීමට අවශ්‍ය නොවන්නේ ඒ ආයතන තුන්වන කාර්තුවට ලබා දුන් මුදල් හෝ වැය කර අවසන් නොමැතිවන හෙයිනි.

 
ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගය ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇතිව දෙනු ලැබූවක් බැවින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දැන් සිදුවිය හැක්කේ මහ භාණ්ඩාගාරය, රජයේ මුද්‍රණාලය, පොලීසිය වැනි අත්‍යාවශ්‍ය පාර්ශව සමග මැතිවරණ කොමිසම එකඟතාවයකට පැමිණෙන්නාවූ කාල සටහනකට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගය අනුව මහ භාණ්ඩාගාරය මුදල් ලබා දීමට පියවර ගැනීම ය. එසේ නැතිව මැතිවරණ කොමිසම ඉල්ලා සිටින සමස්ථ මුදල එකවර ඔවුන් ඉල්ලන දිනයට පෙර ලබා දීම නොවේ.

 
ඒ සමග මතුවන්නේ මහ භාණ්ඩාගාරයටද මුදල් ලබා දිය හැකි මැතිවරණය සඳහා අලුතින් දින නියම කළ හැකි ආසන්නම දින කවරේද යන්න ය. ප්‍රායෝගිකව නම්, මේ මාර්තු මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ ඉඩක් නැත. පැහැදිලිවම, ඊළගට මැතිවරණය සඳහා දින නියම කිරීමට ඉඩ තිබිය හැක්කේ අප්‍රේල් මාසයේ සිංහල-දෙමළ අලුත් අවුරුද්දත් මුස්ලිම් ලබ්ධිකයින්ගේ රාමදන් කාලයද සැළකිල්ලට ගැනීමෙනි. අනතුරුව මැයි මාසයේ සාමාන්‍ය පෙළ විභාගයද ඇත. එසේ වුවහොත් සාමාන්‍ය පෙළ විභාගයේ සියලු කටයුතු අවසන් වූ පසු මැතිවරණයට දින තිබිය හැක්කේ ලබන ජුනි මාසයේ විය හැකිය.
 
RW 1
 
එය බොහෝවිට ජනාධිපති වික්‍රමසිංහගේ කාල සටහනට සමාපත වන්නක් විය හැකිය. මේ වනවිට රුපියල යළි ශක්තිමත් වන්නේ යැයි ආර්ථිකය දන්නෝ කියති. පසුගිය පෙබරවාරි අවසානය දක්වා ඩොලරය සඳහා රුපියල් 362 ක් ගෙවිය යුතු වූවත් දැන් එය රුපියල් 339 ක්ව ඇතැයිද ඉදිරියේදී රුපියල තව ශක්තිමත් විය හැකි යැයිද කියති. ජනාධිපති වික්‍රමසිංහ ඊයේ පෙරේදා කියූ අයුරු ඉදිරි මාසයේ ඉතා සතුටු දායක ආරංචියක් දෙකක් ලබා දිය හැකි ය. ඔහු කියන්නේ අර්බුදය දැන සාර්ථකව කලමනාකරණය කිරීමට ඔහු සමත්ව ඇති බවය. එබැවින් ජුනි වන විට ආණ්ඩු මාරු නෙකෙරෙන මැතිවරණයකට යාමේ අවාසියක් ඔහු නොදකිනවා විය යුතුය.  

 
ඒ කෙසේ වෙතත් ස්ථිරව කිව හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයෙන් පසු මෙවර මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරන දින වෙනස් කරන්නට කිසිවකුට ඉඩක් නොලැබෙන බවය. සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන අතුරු නියෝගය අදාල පෙත්සම් විභාගය නිමකර ලබා දෙන අවසන් නියෝගය මගින් ස්ථාවර කෙරෙන්නකි. එහි අනෙක් ප්‍රතිපලය වන්නේ මැතිවරණ ඉල්ලා පාරට බසින අයට ඉදිරියටත් පාරට බසින්නට අවශ්‍ය නම් ඔවුන්ට වෙනත් මාතෘකාවකට මාරු වන්නට සිදුවිය හැකි බවය.
 
 

 
kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 මාර්තු 04  

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...