The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : රට ඒකාධිපතිත්වයකට යනව කියන්නෙ බොරුනෙ !

T

The Leader Desk

March 5, 2023 • 9:33 AM

මානීගේ තීරුව : රට ඒකාධිපතිත්වයකට යනව කියන්නෙ බොරුනෙ !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "කල්දාන්න ඡන්දයක් තියෙන්න එපැයි" කියා ඔහු කී දවසේ මුළු රටම පාහේ රක්තහීනතාවයට ගොදුරු විය .
  • "මෑන් වැරුද්දක් විතරක් නෙවෙයිනෙ, තමන්ගෙ පක්ෂ නායකයට අපහාසෙකුත්නෙ කරල තියෙන්නෙ " "මට නම් තේරෙන්නෙ නෑ රනිල් වගේ වැඩකාරයෙක්ට මේ රටේ මිනිස්සු මෙච්චර අකැමැති මොකද කියල " බිරිඳ කියා සිටියාය.
  • "මට දැන්නෙ මතක් වුණේ, රජයේ මුද්‍රණාලයාධිපතිනිවයි, මුදල් ලේකම්වයි හිරේ යවන්න අනුර කුමාර ජනාධිපති වෙන්න ඕන නෑ කියල " බිරිඳ මට කියා සිටියාය "මේ ජනාධිපතිම යවයිනෙ දෙන්නව හිරේ " ඒ මෝඩ කතාවෙන් නම් මට හොඳටම කේන්ති ගියේය .
අකුරු ප්‍රමාණය (Font Size):

"කල්දාන්න ඡන්දයක් තියෙන්න එපැයි" කියා ඔහු කී දවසේ මුළු රටම පාහේ රක්තහීනතාවයට ගොදුරු විය .

"මට දැන්නෙ මතක් වුණේ, රජයේ මුද්‍රණාලයාධිපතිනිවයි, මුදල් ලේකම්වයි හිරේ යවන්න අනුර කුමාර ජනාධිපති වෙන්න ඕන නෑ කියල " බිරිඳ මට කියා සිටියාය "මේ ජනාධිපතිම යවයිනෙ දෙන්නව හිරේ "

ඒ මෝඩ කතාවෙන් නම් මට හොඳටම කේන්ති ගියේය .

"ඔහේට මැන්ටල්ද ?" මම ඇගෙන් ඇසුවෙමි. "ඒ දෙන්නගෙ ආරක්ෂකයම ඒගොල්ලන්ව හිරේ යවයිද?"

"හලෝ, මේ අහනව, ජනාධිපති කිව්ව නේද කල්දාන්න නම් ඡන්දයක් තියෙන්න එපැයි කියල " බිරිඳ මගෙන් අසා සිටියාය . "ඒ වුණාට දැනටමත් මුදල් ලේකම් මැකෝට ඡන්දෙට සල්ලි ටිකක් දීල තියෙනව , මුද්‍රණාලයාධිපතිනිත් ඡන්ද පත්‍රිකා කොටසක් ගහල තියෙනව. එතකොට ඔහේ කියන්නෙ නැති ඡන්දෙකට වියදම් කරාට මේ ජෝඩුව හිරේ දාන්න ඕන නෑ කියලද  ?"

 

රනිල් වික්‍රමසිංහ සම්ප්‍රාප්තිය යථාර්ථයක් වේද? -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

"අම්මට සිරි ! රනිල් එහෙනම් මුදල් ලේකම්ට පිස්සු කෙළින්න ඇරපු  මුදල් ඇමතිවත් හිරේ දායිනෙ" මට ඉබේටම කියවුණේය . "අඩේ! ඒත් කොහොමද හලෝ මිනිහ ඒක කරන්නෙ මිනිහමනෙ මුදල් ඇමති"

ඒ අසා බිරිඳ හිනා වුණාය.

"ඔව්නෙ, රනිල් කොච්චර හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක් වුණත් තමන්වම හිරේ දාගන්නෙ නැති වෙයිනෙ "ඈ කියා සිටියාය ."හැබැයි නැති ඡන්දෙකට නාමයෝජනා බාරගත්තු දිස්ත්‍රික් ලේකම්ලව නම් එයා අනිවාර්යයෙන් හිරේ දායි "

මෙහිදී අපේ පුතා තවත් කාරණයක් මතු කළේය .

"ඇයි නැති ඡන්දෙකට නාමයෝජනා බාර දීපු යූඑන්පී ලේකම් රංගෙ බණ්ඩාරගෙත් ඇඩ්‍රස් නැති වෙයි " පුතා පෙන්වා දුන්නේය. "මෑන් වැරුද්දක් විතරක් නෙවෙයිනෙ, තමන්ගෙ පක්ෂ නායකයට අපහාසෙකුත්නෙ කරල තියෙන්නෙ "

 

"මට නම් තේරෙන්නෙ නෑ රනිල් වගේ වැඩකාරයෙක්ට මේ රටේ මිනිස්සු මෙච්චර අකැමැති මොකද කියල " බිරිඳ කියා සිටියාය. " බලන්න මෑන් යහපාලන ආණ්ඩුව කාලෙම පළාත් සභා දින නියමයක් නැතුව කල් දැම්මා .දැන් පළාත්පාලන ඡන්දෙටත් ඒ ගේමම දුන්න . ඊයෙ පෙරේද ඉඳන් මිනිහට ඕන වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවන්නත් පුළුවන් නිසා ඒකත් සරෙන්ඩර්.⁣ ස්වාධීන කොමිෂන් සභා තියෙන්නෙ මෑන්ගෙ ඇඟිල්ල උඩ. මේ වෙද්දි ජනාධිපතිත් රනිල්, පාර්ලිමේන්තුවත් රනිල්, පළාත් සභාත් රනිල් , පළාත්පාලන ආයතනත් රනිල්, කොමිෂන් සභාත් රනිල් "

 

"ලංකාවෙ වන් මෑන් ෂෝ කාරයෙක් නොවෙන ජනාධිපතියෙක් ඉඳල නෑනෙ. හැබැයි ඒ කට්ටියගෙනුත් ලොකු ප්‍රේමෙ තමයි නොම්මර එක. ඒකනෙ මිනිහ මළාම රටම රතිඤ්ඤා පත්තු කරෙත්" මම බිරිඳට කියා සිටියෙමි . "හැබැයි මිනිහගෙ කාලෙත් පළාත් සභා, පළාත්පාලන ඡන්ද තිබ්බනෙ ඕයි "

"ඒකනෙ, ඒකනෙ" බිරිඳ වහා කියා සිටියාය ."දැන් මේක කෙළින්ම ඒකාධිපති  රටක් වේගෙනයි යන්නෙ  "

ඒ කතාව අපේ පුතාට ඇල්ලුවේ නැත.

"මොනවද අම්මෙ ඔයා මේ කියන්නෙ?" පුතා නොරිස්සුමෙන් කියා සිටියේය . "තේරුමක් නැති කතාවක්නෙ ඕක "

"ආ! එ හෙනම් ඔයා කියන්නෙ මේක ඒකාධිපති රටක් වෙන ලකුණක් නෑ කියලද ?"

"කවුද අම්මෙ එහෙම කිව්වෙ ?"පුතා ඇසුවේය ."මේක ඒකාධිපති රටක් වේගෙන යන්නෙ නෑ . දැනටමත් මේක ඒකාධිපති රටක් තමයි "


sundara nihathamani de mel(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...