The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මේ පාරත් අපි ලොස් වෙයි ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

March 5, 2023 • 7:11 PM

මේ පාරත් අපි ලොස් වෙයි ද? - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දුක් විඳින්නම උපන් ජාතියක් හැටියට යන්තම් ජීවිකාව ගැටගහගන්න ලැබුණොත් අයෙත් පරණ චක්කරේම කරකවන්න පුළුවන් උන් ටිකක් තමයි මේ රටේ ඉන්නේ.
  • දැන් රුපියල ශක්තිමත් කියල කියාගෙන යනවා.
  • අපි මාවනැල්ලේ බුදු පිළිමෙට ගල් ගහනකම් බලන් ඉන්නකොට උං ඔරායන් බෙල්ට් එකෙන් මොකෙක් හරි නයෙක් ගෙනල්ල පෙන්නල කියයි උං තමයි මේකෙ ඇත්ත උරුමක්කාරයෝ කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

දුක් විඳින්නම උපන් ජාතියක් හැටියට යන්තම් ජීවිකාව ගැටගහගන්න ලැබුණොත් අයෙත් පරණ චක්කරේම කරකවන්න පුළුවන් උන් ටිකක් තමයි මේ රටේ ඉන්නේ.

පෙට්‍රල් ඩීසල් ටිකට කේතයක් හඳුන්වල දීල පෝලිම් නැති කළා කීවා. මිනිස්සු කිව්ආර් ගැන කවි ලියන්න ගත්ත.

ගෑස් මිල අහස උසට වැඩිකරලා ගෑස් පෝලිම් නැති කළා කීවා. මිනිස්සු සතුටින් වැඩට ගියා.  

බඩු මිල අහස උසට නැග්ග. මිනිස්සු ඒකට හුරු උණා. අලුත් ස්වාමියෙක් දුන්න. දැන් මිනිස්සු ඒකට හුරුවෙන්න අරගෙන. දැන් බදු වලටත් හුරු වෙන්න අරගෙන.

මොනවා හරි වෙන්න මිනිස්සු අරගල කරපු එක නැතිවෙලා ගිහිල්ල අරගල කරපු උන් එක එකා හිරේ ගියා. මිනිස්සු බලාගෙන හිටිය.

චන්දයක් ආපු නිසා මිනිස්සු ඔන්න චන්දේ එක්ක ඔට්ටු උණා. මිනිස්සු චන්දේ පැත්තට කරකැවෙන එක දැක්ක නිසා මුං චන්දෙට කකුල් මාට්ටුවක් දැම්ම. දැන් ඒ සෙනගත් පේන්න නැහැ.

බිල තුන්ගුණයක් ඉහල දාල ලයිට් බිල වැඩිකළා. දැන් දිගට ලයිට් දෙනවා. පෙට්‍රල් ඩීසල් මිල වැඩි කරලා කිව්ආර් එක නැති කරනවා කියනවා. දේවල් ''නෝමල්'' කරන්න ලොකු වන්දියක් අපි ගෙවනවා. හැබැයි දැන් මිනිස්සු ඒ විපරීත නිව් නෝමල් (pervert new normal) එකත් එක්ක ජීවත් වෙනවා.

දැන් රුපියල ශක්තිමත් කියල කියාගෙන යනවා. ගෑස් මිල අඩුවෙනවා කියල කියනවා. රත්‍රන් මිල අඩුවෙනවා කියනවා. තවත් දේවල් අඩුවෙනවා කියනවා. දැන් සංචාරකයෝ එනවා කියනවා. ඒකත් ඉහල යයි.

දැන් ලෝක බැංකුව හරි මුල්‍ය අරමුදල හරි ලෝකේ වෙන රටක් හරි දුන්න මොකක් හරි එක්ක මුං ආයෙත් මොනවා හරි සෙල්ලමක් දාල පෙන්නලා තමයි චන්දෙට යන්නේ. මෙයාල මේ බ්‍රේක් එක ගන්නේ ඒ වෙනුවෙන්.

එහෙම නැත්නම් මන්නාරමේ තෙල් නිධිය ආයෙත් හාරයි. රට ස්වයංපෝෂිත කරයි.

අපි මාවනැල්ලේ බුදු පිළිමෙට ගල් ගහනකම් බලන් ඉන්නකොට උං ඔරායන් බෙල්ට් එකෙන් මොකෙක් හරි නයෙක් ගෙනල්ල පෙන්නල කියයි උං තමයි මේකෙ ඇත්ත උරුමක්කාරයෝ කියල.

එහෙව් ජාතිය.

කවදාවත් මේ පාලකයෝ අවතක්සේරු කරන්න එපා. දේශපාලන ගේම් එකේ උං හැමදාම අපිට ඉස්සරහින් හිටිය. අපිට වඩා ලස්සනට සහ සුරුවමට උන් දෘෂ්ටිවාදය කළමණාකරණය කරනවා.

අවම කොන්දේසි යටතේ හරි රටේ ප්‍රගතිශීලි කොටස් එකතු වෙන්නම වෙනවා.

නැත්නම් මේ පාරත් අපි ලොස් කියල ලියල තියාගනිල්ලා. ලොස් නෙවෙයි ලොසේ ලොස්


Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

 

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...