The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දිලිත් ජයවීර සහ වික්ටර් හෙට්ටිගොඩ - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

T

The Leader Desk

March 7, 2023 • 3:05 PM

දිලිත් ජයවීර සහ වික්ටර් හෙට්ටිගොඩ - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම කලාපය ආශ්‍රිතව ගමේ කරන්නට දෙයක් නැතුව අතේ සතයක් නැතුව කොළඹ පැමිණ සාර්ථක ව්‍යාපාරිකයන් බවට පත්වූ මැලිබන්, නවලෝක, දාස මුදලාලිලාගේ කතා අප අසා ඇත.
  • දිලිත් ජයවීර “හොඳපිට හරවමු’’ යනුවෙන් ව්‍යාපාරිකයන්ට දේශන මාලාවක් දිවයින පුරා පැවැත්වීම ආරම්භ කොට ඇත.
  • වික්ටර් හෙට්ටිගොඩ උපන්නේද දිලිත් ගේ ගමට ආසන්නයේ ඇති ඉමදුව වල්පොල ය.
  • ඉන් නොනැවතුණු ඔහු 2005 ජනාධිපතිවරණයට එක්සත් ලංකා ජනතා පක්ෂයෙන් තරග කොට ඡන්ද 14,458 (0.15%) ලබාගෙන පස්වෙනියා බවට පත්විය.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙම කලාපය ආශ්‍රිතව ගමේ කරන්නට දෙයක් නැතුව අතේ සතයක් නැතුව කොළඹ පැමිණ සාර්ථක ව්‍යාපාරිකයන් බවට පත්වූ මැලිබන්, නවලෝක, දාස  මුදලාලිලාගේ කතා අප අසා ඇත. එම කොග්ගල ගම ආසන්නයේ අඟුලුගහ උපන් දිලිත් ජයවීර එම පරපුරේ නූතන පුරුකයි.  

 දිලිත් ජයවීර “හොඳපිට හරවමු’’ යනුවෙන්  ව්‍යාපාරිකයන්ට දේශන මාලාවක් දිවයින පුරා පැවැත්වීම ආරම්භ කොට ඇත. ස්වාධීන රූපවාහිනියේ අනිද්දා  පුවත්පතේ කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන මෙහෙයවන සාකච්ඡාවකට සහභාගී වෙමින් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳවත්  කැලණියේ නයා සහ දෙරණ  මාධ්‍ය භාවිතය පිළිබඳවත් අදහස් ප්‍රකාශ කළේය. 

 
දැන්වීම් ප්‍රචාරණ කලාවේ සහ දේශපාලනයේ දඟ වෙදෙකු ( spin Doctor) වන ඔහු දේශපාලන පක්ෂයක් මිලදී ගෙන ඇති බවටත් ආරංචි පැතිර යයි.

වික්ටර් හෙට්ටිගොඩ උපන්නේද දිලිත් ගේ ගමට ආසන්නයේ ඇති ඉමදුව වල්පොල ය.  දිලිත් මෙන් සේවා සැපයීමෙන් මෙන් නොව ඔහු දියුණු වූයේ නිෂ්පාදනයක් හරහා ය. හිසේ තබාගත් පෙට්ටියක සිද්ධාලේප රැගෙන ගොස් අලෙවි කිරීමෙන් ඔහු ව්‍යාපාරය ආරම්භ කළේය. පසුව එය දැවැන්ත සාර්ථක  ව්‍යාපාරයක් විය,  

මට වික්ටර් හෙට්ටිගොඩ සිහිපත් වූයේ ඔහුත් දිලිත් මෙන්ම ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමේ දේශන මාලාවක් රටපුරා පැවැත් වූ හෙයිනි. එමෙන්ම  ඔහු   රූපවාහිනී නාලිකාවක ගුවන් කාලය මිලට ගෙන එම දේශන විකාශය කිරීම ද සිදු කළේය. ඉන් නොනැවතුණු ඔහු 2005 ජනාධිපතිවරණයට  එක්සත් ලංකා ජනතා පක්ෂයෙන් තරග කොට ඡන්ද 14,458 (0.15%) ලබාගෙන පස්වෙනියා බවට පත්විය. එම පරාජයෙන් පසු ඔහු නැවතත් දේශපාලනය කතා කළේ නැත.

රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවක මෙන්ම පුවත්පතක ද හිමිකරු වන දිලිත් ජයවීර වික්ටර් හෙට්ටිගොඩ සමඟ සංසන්දනය කර නොහැකි නමුත් මෙම  ව්‍යාපාරික දේශන මාලාව තුල යම් සමානතාවයක් දැකිය හැකිය. දිලිත් උත්සාහ කරන්නේ රජුන් තනන්නන් ගේ භූමිකාව වෙනුවට තමන්ම රජවීමට දැයි  අප නොදන්නෙමු.

සාම්ප්‍රදායික මාධ්‍ය වෙනුවට සමාජ මාධ්‍ය ප්‍රබල වෙමින් පවතින බව මෙම යුගයේ පෙනී යයි.  නමුත් වෙලද දැන්වීම් ප්‍රචාරක කලාවේ ඉහළටම පැමිණි ඔහු   දේශීය ජන වින්‍යාසය හොඳින්ම හඳුනන පුද්ගලයෙකි. අත්හදා බැලීම් කිරීමට සුදුසුම වෙලාව මෙය බව ඔහු දනී. විවෘත ආර්ථිකයෙන් පසු උදාවූයේ දේශපාලකයාට ආයෝජනය කරන ව්‍යාපාරිකයා වෙනුවට තමන්ම දේශපාලනයට පිවිසීමට‍ කැස කවන ව්‍යාපාරිකයන්ය. නමුත් මේ දක්වා ඉන් රටට සිදු වූ සෙතක් නම් නැත.

Rasanga(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...