The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කාන්තා ශ්‍රම සුරා කෑමට එරෙහිව එක්ව සටන් කරමු -(නෙළුම්මලී දේවසිංහ)

T

The Leader Desk

March 8, 2023 • 12:18 PM

කාන්තා ශ්‍රම සුරා කෑමට එරෙහිව එක්ව සටන් කරමු -(නෙළුම්මලී දේවසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙසේ කාර්මික විප්ලවය වනතුරුම යමිකිසි ආකාරයට කාන්තාවට පැවරී තිබුනේ පවුල මුලික කරගත් ගෘහස්ථ වගකීමි ප්‍රමාණයකි.
  • ඒ සමගම කාන්තාවටද වැඩබිමට යාමට සිදු වු අතර හාම්පුතුන් විසින් සිදුකරන ලද ශ්‍රම සූරාකෑමේ නිෂ්පාදන රටාවට කාන්තාව ගොදුරක් බවට පත්වනු දක්නට ලැබෙන කරුණකි.
  • ලාංකීය සමාජය ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් ද බරපතල ව්‍යාකුලත්වයකට පත්ව ඇති මෙවන් මොහොතක කම්හල් තුල සිදුවන්නේ එක් එක් නාමකරණයන් ඔස්සේ කාන්තාවන්ගේ ශ්‍රම සුරා කෑමකි.
  • සෝවියට් රුසියානු කොමියුනිස්ට් නායක වී අයි ලෙනින් වරෙක ප්‍රකාශ කරන ලද ආකාරයට සමාජය තුල කාන්තාවන් ද්විත්ව සුරා කෑමට ලක්වෙි.
අකුරු ප්‍රමාණය (Font Size):



මෙසේ කාර්මික විප්ලවය වනතුරුම යමිකිසි ආකාරයට කාන්තාවට පැවරී තිබුනේ පවුල මුලික කරගත් ගෘහස්ථ වගකීමි ප්‍රමාණයකි.. නමුත් මෙය කාර්මික විප්ලවයෙන් පසුව නව යන්ත්‍ර සුත්‍ර අලුතින් බිහිවිම සහ ධනේශ්වරය පුඵල් අර්ථයකින් ව්‍යාප්ත විම හේතු කරගෙන සිදුවුණු සමාජ පරිවර්තනය සමග වෙනස්කමි රාශියක් දක්නට ලැබුණි. ඒ සමගම කාන්තාවටද  වැඩබිමට යාමට සිදු වු අතර හාම්පුතුන් විසින් සිදුකරන ලද ශ්‍රම සූරාකෑමේ නිෂ්පාදන රටාවට කාන්තාව ගොදුරක් බවට පත්වනු දක්නට ලැබෙන කරුණකි.

 

petrograd 1917 womens day teaser

ලාංකීය සමාජය ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් ද බරපතල ව්‍යාකුලත්වයකට පත්ව ඇති මෙවන් මොහොතක  කම්හල් තුල සිදුවන්නේ එක් එක් නාමකරණයන් ඔස්සේ කාන්තාවන්ගේ ශ්‍රම සුරා කෑමකි.

සෝවියට් රුසියානු  කොමියුනිස්ට් නායක වී අයි ලෙනින් වරෙක ප්‍රකාශ කරන ලද ආකාරයට සමාජය තුල කාන්තාවන් ද්විත්ව සුරා කෑමට ලක්වෙි. එය ද්විත්ව පීඩාවක් ලෙසින් ද හැදින්විය හැකිය.
එනම්,

1 නිවස තුලදි වටිනාකමක් රහිතව වගකීමි සහ යුතුකමි ලෙස සලකා ශ්‍රමය සුරාකෑම
2- වැඩබිමතුල සිදුවන ශ්‍රම සුරාකෑම


මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වී ඇත්තේ ``තාක්ෂණය ස්ත්‍රි පුරුෂ සමාජභාවීය සමානාත්මතා සදහා නවෝත්පාදනය සහ තාක්ෂණය`` යන්නයි. මෙිවා අපේ කරුමෙ / අපි ගැහැණුනෙ අපිට මෙිවා තනියම කරන්න බැහැ /අපලය / දෛවය යන ආදි ගැටඵ පුරාතනයේ දුටුවද දිනෙන් දින දියුණුවන තාක්ෂණ මෙවලමි සමග ඔවුන්ගේ සිතුමි පැතුමි පවා වෙනත් මගක් ඔස්සේ ගමන් ආරමිභ කර ඇත.

උකුස්සා යම් කාලයක් සැගව සිට නියපොතු ද ගලවාගෙන යළි අලුතින් පැමිණි පසු නැවතත් පියාසර කරයි නැවත ඔහු ශක්තිමත් වෙයි.

එසේම විටෙක වරදින කාන්තාවම විටෙක ශක්තිමත් නායකත්වයෙන් අන් අයටද සේවය කරන මටිටමේ තින්දු තීරණ ගන්නා තැන්වලට යාමටද හැකියාව ලැබී ඇත.

Sri Lanka.Women crane operators.Sean Stephen SC.2018.Larger size

අපරට මේ තිබෙන ආර්ථික අර්බුදය ගොඩ ඒමට කාන්තාවගේ ශ්‍රමය අමිල මෙහෙවරක් ඉටු කරන්නීය.

වැටුපෙන් එහායින් අපි හිතන්නේ කොහොමද ? ධනවාදි ආකල්ප තුලින් හිතන්න අපට වැටුපට එහායින් ගෞරවාන්විත අපගේ ඉපයිම වැඩිකර ගත හැක
ව්‍යවසායකත්වය කරා ගමන් කරන්නේ කොහොමද?

ලෙනින් එක අවස්ථාවක විස්තර කරනව මිනිස්සුන්ගෙ සවිඥාණිකත්වය තියෙන පඩිපත ලගට එනකන් විතරයි කියල.

IMF ණයට කරදරයට අපිත් යට වෙලා අප ස්වාධිනව හිතන්නට තවත් බොහෝ දේ ඉතිරිවෙලා නිතැතින්ම කාන්තාවන් වන අපට ජිවිතය තුල නිදහසේ භුක්ති විදිමට ඇති කාරණා සියල්ලටම පාහේ කොන්දේසි සහ නියාමනයන් දාල තියෙන්නේ නිහඩ මිනිසුන් තුලද වටිනා අදහස් ඇති බැවින් ඒවාද සාමජගත කල යුතුව ඇත.

තාරුණ්‍ය නව ආරයට හිතන්න පුරුදුවෙලා තියෙනවා තරුණ කාන්තා නායකක්වය හරි ප්‍රබලයි. තනිතනිව අයිතින් දිනා ගැනීමට නොහැක මගතොටේ දි / සේවා ස්ථානයේද් / සමාජයතුල / රටතුල දේශපාලනයතුල එක්ව කටයුතු කල යුතුයි.

කේවල් කිරිමට ඇති එකම මාර්ගය වෘත්තීය තුල සංවිධානගත වීමෙන් බව  වැඩ කරන කාන්තාවන් දැන් අවබෝධ කරගනිමින් සිටින්නීය.

 

නිදහස් වෙළඳ කලාප කාන්තා කම්කරුවන්, වතු කම්කරු ස්ත්‍රීන්, ගෘහස්ත සේවයේ යෙදෙන කාන්තාවන්, විදේශ රටවල දහදිය වගුරන සංක්‍රමණික කාන්තාවන් හා විශ්‍රාමිකව දිවිගෙවන කාන්තාවන් ද සමස්ත කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනට එක්ව නායකත්වය දෙමින් ඉදිරියට යාමේ උවමනාව  අන් කවරදාටත් වඩා අද දවසේ අවශ්‍ය වී තිබේ.

 

(නෙළුම්මලී  දේවසිංහ)
ප්‍රධාන ලේකම්

නිම් භාණ්ඩ ඇගළුමි හා රෙදි පිළි සේවක සංගමය



JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...