The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'ඉවසිලිවන්ත මිනිසෙකුගේ කෝපයෙන් ප්‍රවේසම් වන්න' - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

March 8, 2023 • 4:40 PM

'ඉවසිලිවන්ත මිනිසෙකුගේ කෝපයෙන් ප්‍රවේසම් වන්න' - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නායකයකු සැමවිටම බුද්ධිමතෙකු විය යුතු අතර අනිත් අතට බුද්ධිමතෙකුට නායකයකු වීමටද හැකිවේ.
  • එහෙත් බුද්ධිමතෙකු වීමටත් නායකයකු වීමට අවශ්‍ය වන ප්‍රධාන සාධකයක් ඇත.
  • 'ඉවසීම'ගැන මහා දාර්ශනික 'රූසෝ'කියා ඇති මෙ නිර්වචනය බලන්න.
  • කෙසේ වුවද ජනතාවකගේ බලය සහ විමුක්තිය ඇත්තේ මෙවන් බුද්ධිමත් නායකයින් තුළය.
අකුරු ප්‍රමාණය (Font Size):




නායකයකු සැමවිටම බුද්ධිමතෙකු විය යුතු අතර අනිත් අතට බුද්ධිමතෙකුට නායකයකු වීමටද හැකිවේ. එහෙත් බුද්ධිමතෙකු වීමටත් නායකයකු වීමට අවශ්‍ය වන ප්‍රධාන සාධකයක් ඇත.

එය නම්, 'ඉවසීම' ය.

'ඉවසීම'ගැන මහා දාර්ශනික 'රූසෝ'කියා ඇති මෙ නිර්වචනය බලන්න.



'' ඉවසීම තිත්තය, එහෙත් එහි ඵලය මිහිරිය...'' ලෝක ඉතිහාසයෙහි බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී හෝ ඒකාධිපතිවාදී හෝ කවර නායකයෙකු වුවද ඉවසීම සම්බන්ධයෙන් නම් පරමාදර්ශී වුවෝ වෙති. තම අරමුණට ඉලක්කයට ළඟාවීම පිණිස ඔවුන් තරම් ඉවසූ පුද්ගලයෙන් මේ මිහිපිට නැත.

එහෙත් ඉවසීම පිලිබඳ ශ්‍රේෂ්ඨතම පරමාදර්ශී චරිතය වන්නේ බුදුරජාණන් වහන්සේය. බුද්ධත්වයට පත්වීම සඳහා  දුෂ්කර ක්‍රියා කරමින් කොතෙක් ඉවසුවේද යන්න ගැන දහම් පොත්වල දැක්වේ.

 

'වින්ස්ටන්ට් චර්චිල්' වැනි විශිෂ්ට නායකයකු දෙවැනි ලෝක යුද්ධයේදී මහා බ්‍රිතාන්‍ය නායකත්වය නොහිටියේ නම් හිට්ලර් හමුවේ බ්‍රිතාන්‍ය පරදින්නටද ඉඩ තිබුණි.

නරක පාලකයෙකු වුවද හමුදා බැරැක්කයක කෝකියකුව සිට උගන්ඩාවේ රාජ්‍ය නායකත්වයට පත් වන්නට තරම් ඉවසීමක් ඉඩි අමින්ට නොතිබුණි නම් ඔහුට කිසිදාක උගන්ඩාවේ නායකයා වීමට නොහැකි වන්නේය.

එසේම දුම්රිය මැදිරි තුළ තේ විකුණු කොලූවෙකුට නරේන්ද්‍රමෝදි යන නමින් ඉන්දියාවේ රාජ්‍ය නායකයා වීමට නොහැකිවන්නේය.

එබැවින් ඉවසීම සහ බුද්ධිය අතර පාලම වන්නේ ප්‍රඥාව මිස අන් දෙයක් නොවේ.

දේශපාලනයේදී පමණක් නොව ව්‍යාපාරික ලෝකයේදී පවා ජීවිතය සාර්ථක කරගත්තවුන්ගේ නාමාවලිය ලෝක ඉතිහාසය හැඩ ගන්වා තිබේ.

මාක් සකර්බර්ග්ලා, බිල්ගේට්ස්ලා, ඉලෝන්මස්ලා, කොයිචිරෝ ගෝන්ඩාලා ලෝකයම දිනා ගත්තේ ඉවසීම හා බුද්ධිය යා කළ ප්‍රඥාවෙනි.

කෙසේ වුවද ජනතාවකගේ බලය සහ විමුක්තිය ඇත්තේ මෙවන් බුද්ධිමත් නායකයින් තුළය.

අපේ රටේද දේශපාලනය තුළ මෙන්ම ව්‍යාපාරික ලෝකය තුළද එවැනි බුද්ධිමත් පරමාදර්ශී නායකයින් සිටියහ, සිටිති.



දේශීය දේශපාලනයේ දී නම් ඉවසීම සහ බුද්ධිය සිය ප්‍රඥා මහිමයෙන් යා කරමින් සිය අරමුණට ලඟා වූ පරමාදර්ශී චරිතය වන්නේ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහයෝය.



ඔහුගේ දේශපාලන ගමන් මග දෙස විමසුම් සහගතව බැලීමේදී ඔහු තරම් ඉවසූ, බුද්ධිමත්, ප්‍රඥාවන්ත දේශපාලනඥයකු තවත් සිටිය හැකිදැයි සැක සහිතය.
ඔහු බොහෝ විට පරාජය වූයේය. එහෙත් ඒ පරාජයෙන් පරාජය වූයේ ඔහු නොව ජය ලැබුවන්ය. ඔහු පරාජය ජයග්‍රහණයට හරවා ගැනීමට සමත්වූයේ ඉවසීම සහ බුද්ධිය යා කළ ප්‍රඥාවෙනි.

ඔහුගේ දේශපාලන භාවිතය නිවැරදි වුවත් නිවැරදි නොවුවත් මෙහිලා සලකා බලන්නේ දේශපාලන නායකයකු සිය අරමුණු ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා  කොතෙක් ඉවසිය යුතුද යන කාරණාව ගැන පමණි.

1979 වසරේදී බියගම ආසනයෙන් මහමැතිවරණයට පිවිස ජයග්‍රහණය කරමින් තරුණ කටයුතු අමාත්‍ය ධූරයද ලබමින් පළමු පියවර තැබූ ඔහු පසුව අධ්‍යාපන ඇමති ලෙසද කටයුතු කරමින් සැමවිටම සිය නායකත්වයට අවනතව කීකරුව සේවය කළ අතර නායකයින්ගේ විශ්වාසයද දිනා ගත්තේය. අවුරුදු 17 ක් අඛණ්ඩ එ.ජා.ප. පාලනයේ සැලකිය යුතු වැදගත් භූමිකාවන් රඟදැක්වූ රනිල් වික්‍රමසිංහ, 1994 වසරේ සිටම රණසිංහ ප්‍රේමදාසගේ අභාවයේ සිටම එ.ජා.ප. යේ නායකත්වය ඉසිලු අතර අද දවසේද ඔහු නායකයා ලෙස කටයුතු කරයි.

පසුගිය මැතිවරණයේදී අන්ත පරාජයකට පත්වූ එ.ජා.ප.යේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය දරා ඒ හරහා අගමැති ධූරයටත්, පසුව වර්තමානයේ ජනාධිපති ධූරයටත් ඔහු පත්වූ කාපරාසය අනුව බලනවිට කිසිවිටෙක මහජන ඡන්දයෙන් ජනපති ධූරයට පත්නොවී මැතිසබයේ මන්ත්‍රී ඡන්දයෙන් ජනපති ධූරයට පත්වීමද ඉවසීම සහ බුද්ධිය යා කළ ප්‍රඥාවේ ප්‍රතිඵලයකි.



රනිල් වික්‍රමසිංහ වත්මන් ජනපතිට සාපේක්ෂව එවන් දේශපාලන ගමනක ඉවසීමෙන් යෙදුණු අනෙක් ප්‍රතිරූපය වන්නේ මහින්ද රාජපක්ෂය. ඔහුට චන්ද්‍රිකා පාර්ශ්වයෙන් බොහෝ කෙනෙහෙලිකම් සිදුවුවද බොහෝ ඉවසීමෙන් සිය ඉලක්ක සපුරාගත් ඔහු දෙවරක්ම ජනපතිවරණය ජයග්‍රහණය කර යුද්ධයද නිමා කළේය.



අනෙක් විශ්ෂ්ට නායකත්ව ලක්ෂණ පෙන්නුම් කළ නායකයා වන්නේ රණසිංහ ප්‍රේමදාස ය. ඔහුට ජනපතිවරණ සටනට ප්‍රභූ දේශපාලනයෙන් බාධක එල්ල වූයේ මහින්ද රාජපක්ෂටද හේ බාධක එල්ලවූ සේමය.

මෙම චරිත ත්‍රීත්වය තුළ ඇති චරිත ලක්ෂණවල බොහෝ පරස්පරතා තිබුනද ඔවුන් සිය ඉලක්ක සපුරා ගැනීමේදී දක්වන ලද සාම්‍යත්වය විශිෂ්ට බව කිව යුතුය.

ගෝඨාභය සිය ජනපතිධූරය හැරදා යාමෙන් පසුව රට යම්තාක් දුරකට හෝ ගොඩ ගැනීමට වත්මන් ජනපති සමත්වී තිබේ. ඔහු සතු ප්‍රධානතම චරිත ලක්ෂණය නම් මොනතරම් විරෝධතා, උද්ඝෝෂණ ඔහුට එරෙහිව දියත් වුවත් ඒ කිසිවක් ගණන් නොගෙන සිය කටයුතු ඒ අයුරින්ම ඉදිරියට ගෙන යාමයි.

ජනාධිපතිවරණ වලදී ඔහු ජනාවගෙන් ප්‍රතික්ෂේපවුවත් ජනතා නියෝජිතයින්ගෙන් ඔහු ප්‍රතික්ෂේප නොවී ජනාධිපතිධූරයටද පත්වූයේය. ඔහුගේ ඊළඟ ඉලක්කය ජනාධිපතිවරණයෙන් ජයගැනීමය. ඒ සඳහා ඔහු ආර්ථීකය ඔසවා තැබීමේ වෑයමක නිරතව සිටියි.

එම යුද්ධයෙන් ඔහුට ජයගත හැකිවේනම් ඔහු තම ප්‍රතිරූපය වර්ධනය කරගෙන ඊළග ජනාධිපතිවරණයට සූදානම් වනු ඇත.

ඔහුගේ දර්ශනය වන්නේ පළමුවත් ආර්ථීකය, දෙවනුවත් ආර්ථීකය, තෙවනුවත් ආර්ථීකය යන ස්ලෝගන් එකය. මහින්දගේ දර්ශනය වූයේ පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තෙවනුවත් මවිබිමය.

එහෙත් වර්තමානයේදී මව්බිම රැකෙන්නට නම් ආර්ථීකය රැකිය යුතුය. ගොඩගත යුතුය. ඒ සඳහා ඔහු 'පට්ට' ඉවසීමකින් කල්බලයි. දැන් ඩොලරයට ද සාපේක්ෂව රුපියලද ගොඩ එමින් තිබේ. ගෝඨාභය බලයට පෙර සිටි තැනට රට ගෙනයා හැකි නම් ඔහුත් ගොඩය, රටත් ගොඩය.

'ආර්නෝල්ඩ් ග්ලාස්ගෝ' ගේ වැකියකින් සහ රිචඩ්සන්ගේ වැකියකින් මා මෙය හමාර කරමි.


''සෑම දෙයකම යතුර ඉවසීමයි. ඔබ  බිත්තරයතින් කුකුළු පැටවකු ගත යුත්තේ බිත්තරය දෙපළුකර මිස එය පොඩිකර නොවේ.''
- (ආර්නෝල්ඩ් ග්ලාස්ගෝ)


" ඉවසිලිවන්ත මිනිසෙකුගේ කෝපයෙන් ප්‍රවේසම් වෙන්න''
- (රිචඩ්සන්)




mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...