The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඩොයිලි සහ අනුර

T

The Leader Desk

March 9, 2023 • 3:53 PM

ඩොයිලි සහ අනුර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇවිත් කීවේ මිල්ටන් පෙරේරාගේ සිංදුවකි.එය නම් 'ගංගානියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්' නමැති ගීතයයි.
  • දෙපාරක් විතර ඒ පදේ ඕසෙ අදිනකොට කුස්සියේ සිටි ගංගානි කීවේ ඇත්තටම ඩලා මං මෙතෙක් නෑසූ කතාවක් ළඟදී ඇහුවා කියාය.
  • අනතුරුව සැමියා ඩබල් එකේම ඇසුවේ එතකොට කවුද අර හීනෙන් ඇවිත් තමුසෙ මෙතෙක් නොඇසූ කතාව කිව්ව එකා කියාය.
  • හරි ඉතිං මහින්ද සල්ලි දුන්නත් ඩොයිලි කියන එක අහලා තමුසෙ ඡන්ද කොළ නොගහා ඉන්නද හදන්නෙ කියා ඇසූ සැමියාට ගංගානි කීවේ මහින්ද සල්ලි දෙන්නෙ නෑ මොකද මිනිහටත් ඩොයිලි වගේ එක්කෙනා ෂුවර් එකටම හීනෙන් තර්ජනය කරලා ඇති කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇවිත් කීවේ මිල්ටන් පෙරේරාගේ සිංදුවකි.එය නම් 'ගංගානියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්' නමැති ගීතයයි.

දෙපාරක් විතර ඒ පදේ ඕසෙ අදිනකොට කුස්සියේ සිටි ගංගානි කීවේ ඇත්තටම ඩලා මං මෙතෙක් නෑසූ කතාවක් ළඟදී ඇහුවා කියාය.



ඒ මොකක්ද කියා වෙරි පිටම ඇසූ සැමියාට ගංගානි කීවේ මහින්ද සල්ලි දුන්නත් ඡන්ද පත්‍රිකා නම් ඔයිට වඩා එකක්වත් අච්චු ගහන්න එපා කියලා හීනෙන් කවුරු හරි මම මෙතෙක් කිසිම ඡන්දෙකදි නෑසූ කතාවක් කිව්වා කියාය.



තමුන්ට දැන් හීනෙන් එක එකා පේන්න පටන් අරන් නේහ් කියා ටිකක් ඔරොප්පු මූඩ් එකෙන් ඇසූ ගංගානිගේ සැමියා,හරි කමක් නෑ ඉස්සෙල්ලම කියනවා මහින්ද කියන්නෙ කවුද කියලා කියා ගංගානිගෙන් ඒ ටු ඉසෙඩ් දැනගන්නා අටියෙන් ඇසුවේය.

මහින්ද කියන්නෙ ට්‍රෙෂරි එකේ සෙකට්‍රි කී ගංගානිගෙන් සැමියා ඇසුවේ ඒ යකා අහවල් මගුලකටද තමුසෙට සල්ලි දෙන්නෙ මිනිහා තමුන්ගෙ ගෑනි අත ඇරලාවත්ද අනුන්ගෙ වහන්තරා පස්සෙ යන්නෙ කියාය.

කන සාක්කුවට වැටෙන්න බිව්වාම තැන නොතැන මතක නෑ මේ මිනිහට කියා සැමියාට බැන වැදුණු ගංගානි ඕයි මම ගවර්න්මන්ට් ප්‍රින්ටර් කියා කීවාය.

සැමියා මදක් කල්පනාභරිතව සිට සිනා මුසු මුහුණින් යුතුව කීවේ තමුසෙයි, මහින්ද සිරිවර්ධනයි කසාද බඳින්න තිබුණෙ,ගැලපෙන ඩබල ඕයි කියාය.

අනතුරුව සැමියා ඩබල් එකේම ඇසුවේ එතකොට කවුද අර හීනෙන් ඇවිත් තමුසෙ මෙතෙක් නොඇසූ කතාව කිව්ව එකා කියාය.



මිනිහ නම් සුද්දෙක් වගේ, එක වෙලාවකට නිකං ජෝන් ඩොයිලි වගේ කපටි පෙනුමකුත් මතුවෙනවා මෙයා කියා හුරතල් වූ ගංගානි මිනිහට ඩොයිලිටත් වඩා ඉංග්‍රීසි පුළුවන් කියා හිකි හිකි ගෑවාය.



හරි ඉතිං මහින්ද සල්ලි දුන්නත් ඩොයිලි කියන එක අහලා තමුසෙ ඡන්ද කොළ නොගහා ඉන්නද හදන්නෙ කියා ඇසූ සැමියාට ගංගානි කීවේ මහින්ද සල්ලි දෙන්නෙ නෑ මොකද මිනිහටත් ඩොයිලි වගේ එක්කෙනා ෂුවර් එකටම හීනෙන් තර්ජනය කරලා ඇති කියාය.

එදා රෑ ගංගානි තවත් හීනයක් දැක්කාය.එවර හීනයේ ඇය ඉදිරියේ පෙනී සිටියේ අනුර දිසානායකය.

ගංගානි අක්කේ කියා ආමන්ත්‍රණය කළ අනුර හෙන අහිංසක ලීලාවෙන් ඇහුවේ බැලට් පේපර් ටික අච්චු ගහලා දෙන්න පුළුවන් වෙයිද අක්කේ කියාය.ගංගානි ඇසුවේ මල්ලියේ උඹලා ජේවීපී එකෙන් අස්වුණේ ඇයි කියාය.ඇය ඩබල් එකේම කීවේ රතු,රෝස වෙනකොට උඹලට ඔහොම සන්තෑසියක් වෙයි කියලා මට නිකමට හිතුනා කියාය.

අනුර ඊට පිළිතුරු වශයෙන් මොකක් හරි කියන්න හදනකොට ගංගානි කීවේ ඈ බං මල්ලියෙ උඹලා ඉස්සර වගේ ලියුම් කෑල්ලක් මහින්දටයි මටයි වේලාසනම එව්වා නම් මෙව්වා මෙච්චර දුර දිග යන්නෙ නෑ,එහෙනං අද ඡන්දෙත් තියලා ඕං කියාය.

අනුර කීවේ අක්කේ අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදෙට ගියා ඉතිං අර වගේ දේවල් වානා කියාය. මේ වෙලාවේ ගංගානිගේ සැමියා හීනයට එබී බලා කීවේ මං කියන්නම් ඉතුරු ටික,උඹලා සමාජ ප්‍රජාතන්ත්‍රවාදෙට එනකොට ඔතන හිටපු එකා පැසිස්ට්වාදෙට ගියා,ඒක නෙමෙයිද දැන් වෙලා තියෙන්නෙ කියාය.

 

Wimalanath Weerarathna

  • - විමලනාත් වීරරත්න

 

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...