The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රුපියල අධිප්‍රමාණය වීම අර්ථිකයට බලපාන්නේ කොහොමද?

T

The Leader Desk

March 10, 2023 • 5:59 PM

රුපියල අධිප්‍රමාණය වීම අර්ථිකයට බලපාන්නේ කොහොමද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසේවෙතත් දින කිහිපයක් පුරා අඛණ්ඩව රුපියල අධිප්‍රමාණය වීම පාරිභෝගිකයින්ට වාසිදායක ලෙස මෙන්ම අපනයනකරුවන්ට අවාසි සහගත බලපෑමක් එල්ලකර තිබේ.
  • රුපියල විශාල වශයෙන් අධිප්‍රමාණය වීම ආර්ථිකයට ඇති කරන බලපෑම කුමක්ද ?
  • රුපියලේ හදිසි අධිප්‍රමාණය 2023 පෙබරවාරි 28 වැනිද වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පැවතියේ ගැනුම් මිල රුපියල් 357 .68ක් සහ විකුණුම් මිල රුපියල් 366.92ක් ලෙසය.
  • එහෙත් අද (මාර්තු 10 වැනිදා) ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පැවතියේ ගැනුම් මිල රුපියල් 311 .62ක් සහ විකුණුම් මිල රුපියල් 328.90ක් ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙසේවෙතත් දින කිහිපයක් පුරා අඛණ්ඩව රුපියල අධිප්‍රමාණය වීම පාරිභෝගිකයින්ට වාසිදායක ලෙස මෙන්ම අපනයනකරුවන්ට අවාසි සහගත බලපෑමක් එල්ලකර තිබේ. රුපියල විශාල වශයෙන් අධිප්‍රමාණය වීම ආර්ථිකයට ඇති කරන බලපෑම කුමක්ද ?


රුපියලේ හදිසි අධිප්‍රමාණය

2023 පෙබරවාරි 28 වැනිද වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පැවතියේ ගැනුම් මිල රුපියල් 357 .68ක් සහ විකුණුම් මිල රුපියල් 366.92ක් ලෙසය.

එහෙත් අද (මාර්තු 10 වැනිදා) ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පැවතියේ ගැනුම් මිල රුපියල් 311 .62ක් සහ විකුණුම් මිල රුපියල් 328.90ක් ලෙසය.

බ්‍රිතාන්‍ය පවුමක ගැනුම් මිල රුපියල් 370.0797ක් ලෙස අද (මාර්තු 10 වැනිදා) දැක්වුණු අතර විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 393.49 ලෙසය.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ස්ටර්ලින් පවුමක ගැනුම් මිල දැක්වුණේ රුපියල් 428.87 සහ විකුණුම් මිල රුපියල් 444.31 ලෙසය.

ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ සැලකිය යුතු ශක්තිමත් වීමක් පසුගය දින 10 තුළ දක්නට ලැබිණි.

00154dfds


අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහළට

ඩොලරය වැඩි වන විට එදින සිටම භාණ්ඩ මිල වැඩිවුවත්, ඩොලරයේ අගය අඩුවන විට භාණ්ඩ මිල අඩුවන්නේ මන්දගාමීව බව පාරිභෝගිකයින් පෙන්වා දෙන කාරණයකි.

“අපි දැන ගන්න ඕනේ අඩු කරවා ගන්න. ඒ නිසා තමා සතොස වගේ ආයතනවල ඉක්මනින් මිල අඩු කරපුවාම වෙළෙඳපොල තුළ මිල අඩු වෙනවා. අනිත් එක අපි සුපර් මාර්කට් එක්ක කතා කරලා තියෙනවා මිල අඩු කරන්න කියලා. එතකොට අනිවාර්යෙන් අඩු වෙනවා. මම හිතන්නේ සතියක් දෙකක් යද්දි පාරිභෝගිකයාට විශාල මිල අඩුවීමක් වෙයි," මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය‍ නලින් ප්‍රනාන්දු බීබීසී සිංහල සමග පැවසීය.

ඔහු සඳහන් කළේ මේවන විට සියලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයකම පාහේ මිල ගණන් 10%කට වැඩි අගයකින් පහළ ගොස් ඇති බවය.

ඉදිරියේදී භාණ්ඩ මිල ගණන් තවත් අඩුවන බව ඔහු කියා සිටියේ ය.

මේවන විට සීනි, පරිප්පු, තිරිඟු පිටි ඇතුලු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩුවී ඇති අතර ඊට සාපේක්ෂව පාන් මිල ද අඩු කර තිබේ.

මේවන විට වෙළෙඳපොළේ සීනි කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 185 දක්වාත්, පරිප්පු රුපියල් 310 දක්වාත්, තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක තොගමිල රුපියල් 195 දක්වාත් අඩුවී ඇත.


ආනයනකරුවන් මොකද කියන්නේ?

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පැවසුවේ මේන විට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් 7% - 10% අතර අගයකින් පහළගොස් ඇති බවය.

රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය අඩුවීම සම්බන්ධයෙන් ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න බීබීසී සිංහල සමග පැවසුවේ, “එකපාරටම කඩා වැටීමත් හොඳ එකක් නෙමේ. ක්‍රමානුකූලව මේක වෙන්න ඕනේ. රුපියල ශක්තිමත් වෙන එක හොඳයි. ප්‍රශ්නය වෙලා තියෙන්නේ දවස් දෙක තුනක් ඇතුලත නේ මේක වෙලා තියෙන්නේ. මේක ස්ථාවර වෙන්න ඕනේ.”

“එතකොට තමා ආර්ථිකයට හරියන්නේ. එතකොට තමා ව්‍යාපාර කරන්න පුළුවන්. දැන් ව්‍යාපාර මුකුත් කරන්න බැහැ. එක්ස්පෝටර් කෙනෙක්ටවත් බඩුවක් විකුණන්න බැහැ. හරියට දන්නේ නැතිව කොහොද ඉන්නෙ කියලා,” ඔහු පෙන්වා දුන්නේ ය.

ඔහු කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ ව්‍යාපාරිකයින්ට පාඩු විඳීමට සිදුව ඇති බවය.

“මුළු ව්‍යාපාරික ප්‍රජාවම ලොකු පාඩුවක් ලබලා තියෙන්නේ. දරාගන්න බැරි පාඩුත් වෙලා තියෙනවා සමහර අයට,” ඔහු පවසයි.

“ආනයනකරුවන් තමා ආහාර සංචිත පවත්වාගෙන යන්නේ. පිටි ගත්තත්, සීනි, පරිප්පු ගත්තත් මාසයකට අවශ්‍ය කරන සංචිත තියෙනවා ව්‍යාපාරිකයෝ ළඟ. සීනි කිලෝ එක රුපියල් 225ට එදා අරන් තිබුණා නම් අද රුපියල් 185 වුණාම රුපියල් 40ක් අඩු වෙලා තියෙනවා. ලක්ෂයක සීනි අරන් තිබ්බා නම් විකුණුවාම හම්බ වෙන්නෙ රුපියල් 60000 යි. 40000ක් නැහැ. ඒක තමා ඇත්ත තත්ත්වය.”



02120xfb2023 වසරේ ජනවාරි මාසයේ දී ආනයන වියදම ඩොලර් මිලියන 1,387.9 විය

අපනයනකරුවන්ට දැඩි බලපෑමක්..?

කොළඹ විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමලා ද සිල්වා බීබීසී සිංහල සමග පැවසුවේ, “පාරිභෝගිකයින්ගෙන් පැත්තෙන් හොඳයි. අපනයනකරුවන්ගේ පැත්තෙන් ඒක හොඳ නොවෙන්න පුළුවන්. මොකද අපි බඩුවක් ලංකාවෙන් ගන්න අයෙකුට ඩොලර් වලින් ගෙවන්න ඕන ප්‍රමාණය වැඩි වෙනවා.”

ඇය සඳහන් කළේ අනම්‍ය ඉල්ලුමක් සහිත භාණ්ඩ මෙරටින් අපනයනය නොකෙරෙන බවය.

“අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩයක් නම් මිල වැඩි වුණත් ගන්නවා. හැබැයි ලංකාවේ අපි අපනයනය කරන භාණ්ඩ ඒවගේ අනම්‍ය ඉල්ලුමක් තියෙන භාණ්ඩ නෙමේ. අපි අපනයනය කරන්නේ කෘෂිකාර්මික ඵලදාව, ඇඟළුම් වගේ දේවල්,” ඇය පැවසුවාය.

000541sdfපසුගිය වසරට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි මාසයේ දී අපනයන ආදායම පහළ ගියේය.


මෙම තත්ත්වය තුළ මෙරටින් අපනයන කරන භාණ්ඩවල මිල ගණන් වැඩි විය හැකි බව ද ඇය සඳහන් කළාය.

මහාචාර්යවරිය පෙන්වා දුන්නේ, “භාණ්ඩයේ මිල වැඩිවෙනවා ඩොලර්වලින් විදේශීය පාරිභෝගිකයින්ට. ඇඟළුම් ගත්තාම ලොකු තරගයක් තියෙනවා නේ. මේක අපේ තරගකාරීත්වයට අහිතකර ලෙස බලපාන්න පුළුවන්.”

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමක් අපේක්ෂා කරන අතර එහි පළමු වාරිකය නොදුරේදීම ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙයි.

ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය ද සඳහන් කළේ, ඩොලර් බිලියන 2.9 කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සමාලෝචනය කිරීමට IMF විධායක මණ්ඩලය මාර්තු 20 දින නියම කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව IMF වෙතින් අදාළ ණය පහසුකම ලබා ගැනීමට ඉඩ ඇති බවය.

මහාචාර්ය අමලා ද සිල්වා සඳහන් කළේ, IMF ණය පහසුකම ලැබුනහොත් රුපියල තවත් ශක්තිමත් වනු ඇති බවය.

“තවත් ශක්තිමත් වෙයි කියලා තමා අපි හිතන්නේ. අපනයනකරුවන් මේ පිළිබඳ විමසිල්ලෙන් ඉඳලා, දැනුවත් වෙලා ක්‍රියා මර්ගයකට යන්න වෙනවා. ඔවුන්ට තමා මේක ගොඩක්ම බලපාන්නේ.”

“අනිත් අයට හොඳයි රුපියල අතිප්‍රමාණය වීම. විශේෂයෙන්ම පාරිභෝගිකයින්ට හොඳයි. දේශීය නිශ්පාදකයින්ටත් හොඳයි. අමුද්‍රව්‍ය සහ යන්ත්‍රෝපකරණ මිල අඩු වෙනවා. අපනයනයකරුවන් තමයි අවබෝධයෙන් කටයුතු කරන්න ඕනේ,” ඇය අවධාරණය කළාය.

ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න ද පෙන්වා දුන්නේ පවතින තත්ත්වය තුළ ආනයනකරුවන් පමණක් නොව මෙරට නිශ්පාදන අපනයන කරන ව්‍යාපාරිකයින්ටද පාඩු විඳීමට සිදුව ඇති බවය.

“අපනයනකරුවන්ටත් බලපාල තියෙන්නේ. ඩොලර් එක රුපියල් 370ක් කියලා ගණන් බලලා විකුණපු බඩුවලට අද දෛනික මිල ගණන් අනුව බලපුවම එගොල්ලන්ට රුපියල් 305යි අද හම්බ වෙන්නේ,” ඔහු සඳහන් කළේය.

(BBC සිංහල සේවය)

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...