The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පාර දිගේ (තෙවැනි නිෂ්පාදනය) -(ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

March 11, 2023 • 6:34 AM

 පාර දිගේ  (තෙවැනි නිෂ්පාදනය) -(ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "එක්කෝ මං ඩිවෝස් වෙනවා බං" (පාර දිගේ, ටෙලි නාට්‍යය, ජයප්‍රකාශ් සිවගුරුනාදන්, 244 කොටස, 2022) මා සමාජ මාධ්‍යයේ නිතර සොයන බලන, පොලෝ කරන හිතවත් චරිත දෙකක් ඇත.
  • පසු කලෙක මොහු නැවතත් සරසවි රැකියාවකට බැඳී, ඇකඩමිකයෙකු ලෙස ස්ථාපිත වුණේ උනන්දු දේශපාලන ක්‍රියාධරයෙකු ලෙස ද සමාන්තර ගමනක් යමිණි.
  • දෙවැන්නා හෙවත් සාපේක්ෂ ව බාලයා, මා දන්නේ ඔහුගේ පියා මා සමග වෘත්තීම ය ලෙස කටයුතු කර ඇති නිසා ය.
  • යට කී පියාට, විප්ලවවාදී පසුබිමක් තිබුන නමුදු මා ඔහු දන්නේ ප්‍රගතිශීලී ඇන්ජීඕකරුවෙකු ලෙස යි.
අකුරු ප්‍රමාණය (Font Size):


"එක්කෝ මං ඩිවෝස් වෙනවා බං" (පාර දිගේ, ටෙලි නාට්‍යය, ජයප්‍රකාශ් සිවගුරුනාදන්, 244 කොටස, 2022)  

මා සමාජ මාධ්‍යයේ නිතර සොයන බලන, පොලෝ කරන හිතවත් චරිත දෙකක් ඇත. මොවුන් දෙදෙනා මා දන්නේ කලක සිට ය. එනම් පූර්ව සමාජ මාධ්‍ය යුගයේ සිට ය. මොවුන් දෙදෙනාගෙන් වැඩිහිටි පුද්ගලයා මා දන්නේ ඔහු සරසවි සිසුවෙකු ව සිටි කාලය සිට ය. සරසවියෙන් පිට වූ පසු ඔහු වෙනත් සරසවියක තාවකාලික කණිෂ්ඨ රැකියාවක් කෙටි කලක් කළ ද ඉන් අනතරු ව ජාත්‍යන්තර ඇන්ජීඕවක උසස් තනතුරක් ලැබ, එය ඉතා හොඳින් කරමින් රට පුරා ගමන් කරමින් ප්‍රජාවට මහඟු සේවයක්  කළ අතර, වරින් වර පුහුණු සඳහා රට  රාජ්‍ය වල ද කාලය ගත කර වෘත්තීය වශයෙන් පරිණත විය.

පසු කලෙක මොහු නැවතත් සරසවි රැකියාවකට බැඳී, ඇකඩමිකයෙකු ලෙස ස්ථාපිත වුණේ උනන්දු දේශපාලන ක්‍රියාධරයෙකු ලෙස ද සමාන්තර ගමනක් යමිණි. දෙවැන්නා හෙවත් සාපේක්ෂ ව බාලයා, මා දන්නේ ඔහුගේ පියා මා සමග වෘත්තීම ය ලෙස කටයුතු කර ඇති නිසා ය. යට කී පියාට, විප්ලවවාදී පසුබිමක් තිබුන නමුදු මා ඔහු දන්නේ ප්‍රගතිශීලී ඇන්ජීඕකරුවෙකු ලෙස යි.

පුතා ද වැඩිකල් නොගොස් පියාගේ අඩි පාරේ ම ගියේ ය. හිටපු ඇන්ජීඕකාර දැන් ඇකඩමික මිත්‍රයා හා කවදත්-ඇන්ජීඕ මිත්‍රයා අතර කෙරෙන සමාජ මාධ්‍ය සංවාද මා මනස නිතර ආලෝලණය කරයි. මෙය මට වැදගත් වන්නේ ඔවුන් දෙදෙනා වාර්තමානයේ සක්‍රීය දේශපාලන ධාරා දෙකක් නියෝජනය කරන්නන් වන නිසා ය.        

2022 07 21T052744Z 2022758078 RC25GV9XEHI3 RTRMADP 3 SRI LANKA CRISIS PRESIDENT
මිත්‍රයන් දෙදෙනාට ම තමන් එල්බ ගෙන සිටින දේශපාලන මතවාද හා ඔවුන් සම්බන්ධ වී ඇති දේශපාලන පක්ෂ හෝ ධාරාවන් හේතු කොට ගෙන ජනපති රනිල් වික්‍රමසිංහ වහ කදුරු ය. ඔවුන් දෙදෙනා ම සැදැහැවත් බෝන'ගේන් සිස්ටම්චේන්ජ් බැතිමත්හු වෙති (බෝන'ගේන් සිස්ටම්චේන්ජ් යනු 2022/23 කාලයේ මතු වුණු ඇදහිලි ක්‍රමයකි. මෙහි ඔරිජිනල ඇදහිල්ල 2019 දී වියතුන් පිරිසක් විසින් සුභාරංචියක් ලෙස පතුරුවා නව නායකයෙක් ද ආණ්ඩුවක් ද ගෙන එන ලදී). වත්මන් බෝන'ගේන් සිස්ටම්චේන්ජ් ඇදහිලි ක්‍රමය තුල නපුර නොහොත් සාතන් වන්නේ 2022 ජූලි මාසයේ සිට රනිල්  රාජපක්ෂ ලෙස බොතීස්ම කෙරුණු රනිල් වික්‍රමසිංහ මහතා ය.

යට කී මිත්‍රයන් දෙදෙනාගේ අවදි ව සිටින කාලය සම්පුර්ණයෙන් ම වාගේ ඇදහිල්ලෙන් කැප කෙරෙන්නේ මේ නපුර දුරලන්නට ය. වික්‍රමසිංහ මහතා ජනපති වූ විගස ම 'හැප්පිලා බලමු' යන සටන් පාඨයෙන් එක් මිත්‍රයෙකු අතිශයෙන් ජ්වලිත ව සෙසු සැදැහැවතුන් බලමුළු ගැන් වූ අයුරු මතක ය.  හැප්පුනා ද නැති ද යන වග මට නිශ්චිත ව මතක නැති අතර, නපුර නම් නොනැසී පැවැතිණ. නපුර කෙතරම් නපුරු වුව ද එය නසාලණු ලෙහෙසි පහසු නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදය නිතර කබල් ගාන රටක නිසි කලට වැසි වැසුණේ නැතත් මැතිවරණ නම් පැවතිය යුතු බවට අප අතර ශ්‍රේෂ්ඨ සම්ප්‍රදායක් මුල් බැස ගෙන ඇත. ඒ අනුව, .මාර්තු නම වැනි දින පොඩි මට්ටමේ මැතිවරණයක් පැවැත්වීමට දින වකවානු යොදාගෙන තිබුණ අතර බොහෝ බොන'ගේන් සිස්ටම් චේන්ජ් බැතිමත්හු විශ්වාස කළෝ එදින හවස් භාගය වන විට නපුර සහමුලින් ම පරාජය කළ හැකි බවයි. ඇත්තට ම එය එසේ විය හැකි යැයි සැදැහැවත් බැතිමතුන් පමණක් නොව මිසදිටු නිරාගමිකයෝ ද සිතූ හ.

දෙටු මිතුරා අනුයුක්ත පක්ෂය දිනුමට කලින් ම ජයපැන් බොමින්  දෙරණ පුරා රැස්වීම් උත්සව පැවැත් වී ය. මේ අතරේ නපුර දහන් ගැට දාහක් ගැට ගසමින් අවසානයේ උද්දච්ච ලෙස ඇසුවේ කල් දමන්නට හෝ මැතිවරණයක් තිබුණේ කොහේ ද කියා ය. මින් දැඩි ලෙස උරණ වූ අප මිතුරෝ දෙදෙනා නැවත සමාජ මාධ්‍ය සංවාද පැවැත් වූ හ. අවසානයේ දෙටු මිතුරා කීවේ 'දැන් ඉතිම් මේක බේර ගන්ට වෙලා තියෙන්නේ පාරේ ම තමා"  කියා ය. කණිටු මිතුරා ලද අවසරයෙන් ඊළඟ කොමෙන්ටු බොක්සයේ ලීවේ "ඕකනේ අපි හැම දාම කීවේ" කියා ය.    

0616 GOTGOGAMA march

 

 කන්ටෙන්ශ්‍යස් පොලිටික්ස් (contentious politics) කියා දේශපාලන විද්‍යාවේ සංකල්පයක් ඇත. මීට සිංහලෙන් භාවිතා කරන පාරිභාෂික යෙදුම කුම ද යී මම හරියට ම නොදනිමි.   කන්ටෙන්ශ්‍යස් යන ඉංග්‍රීසි යෙදුමේ සාමාන්‍ය අර්ථය වන්නේ මතභේදාත්මක, කලහකාරී, කලහයට කැමැති, ප්‍රතිවාදී, වාද කරන, විවාදශීලී හා විවාදී ආදිය යි. කෙසේ හෝ මේ සංකල්පයෙන් දේශපාලන සන්දර්භය තුල අදහස් කරන්නේ යම් කණ්ඩායමක් විසින් කඩාකප්පල්කාරී (disruptive) ක්‍රම භාවිතා කොට යම් දේශපාලන කරුණක්, මතයක් හෝ ප්‍රකාශයක් ස්ථාපිත කිරීම හෝ යම් රාජ්‍ය ප්‍රතිපත්තියක් වෙනස් කිරීමට බලපෑම් කිරීම යි. විරෝධතා, වැඩ වර්ජන, කලහකාරී කටයුතු හා නීතියට අවනත නොවීම (සිවිල් ඩිස්ඔබීඩියන්ස්) ජනප්‍රිය කෙන්ටෙන්ශ්‍යස් දේශපාලන උපකරණ වේ.

ත්‍රස්තවාදය හා  විප්ලවය ද මේ උපකරණ මාලාවේ තවත් අන්තයක ස්ථානගත වේ.      නූතන ස්ලෑන්ම ය වහරෙන් යෙදුමක් කුලියට ගතහොත් 'ගේම ඉල්ලීම'  යන්න කන්ටෙන්ශ්‍යස් දේශපාලනය යන්නට ඔබින අරුතක් දෙන්නේ ද කියා මම සිතමි. ගේම ඉල්ලන දේශපාලනය ට විකල්ප ව ඇත්තේ සම්ප්‍රදායානුකූල දේශපාලන ආයතන -- විධායකය හා ව්‍යවස්ථාදායකය -- හා ඒ වට ගොඩ නැගී ඇති පිළිවෙත් හා යාන්ත්‍රණ මගින් කෙරෙන දේශපාලන ප්‍රතිසංස්කරණ යි.  ගේම ඉල්ලමින් පාරට බැසීම පසු ගිය හා මේ වසරේ ඉතාමත් ප්‍රශස්ත ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාපනය වන දේශපාලන ප්‍රවණතාවක් බව පෙනේ.

සම්ප්‍රදායික දේශපාලන යාන්ත්‍රණ, ආයතන හා ක්‍රියාදාම තුල ක්‍රියාත්මක වීමට යම් කුසලතා හා පුහුණුවක් තිබිය යුතු ය. 1987/89 ප්‍රචණ්ඩ දේශපාලනයෙන් මිදී ජනතා විමුක්ති පෙරමුණ අනූවේ දශකයේ දී සම්ප්‍රදායනුකුල ආයතනයක් වන පාර්ලිමේන්තුවේ නියෝජනය කරන විට, එම නවක මන්ත්‍රීවරුනට කෘතහස්ත පාර්ලිමේන්තු සේවාධාරී සෑම් විජේසිංහ මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා විධික්‍රම ගැන ක්‍රෑෂ් කෝසයක් දුන් බව කියැවේ.

 

334559151 612240020767872 6406461765496530125 n

 එමෙන් ම,  පාරදිගේ දේශපාලන සම්ප්‍රදායට ද නිශ්චිත කුසලතා හා පුහුණුවක් අවශ්‍ය ය. දැන් දැන් හිස් මුහුණු වැස්මක් පැළඳ කඳුළු ගෑස් කුප්පි එක්කාසු කොට අහකට විසි කරන වීථි සටන් බල ඇණියක් ප්‍රවර්ධනය කර ඇති බව මෑතක පැවැති පාර දිගේ දේශපාලන මොහොතක දී දැක ගත ඇහැකි විය. හැබිචෝලාකාරයෙන් අත්අඩංගුවට ගැනෙන, කලක් බන්ධනාගාර ගත ව සිට නැවත ජයග්‍රාහී ව නිදහස් වීමේ නායකත්වයක් ද කනිටු මිතුරා හේත්තු වී ඇති දේශපාලන ධාරාව විසින් ප්‍රගුණ කර ඇති කුසලතාවයක් බව පෙනේ.

මීට ප්‍රතිපක්ෂ ව නපුර නියෝජනය කරන පොලීසිය ද පිරිස් බලය ද කඳුළු ගෑස් ටැංකි ද වීථියට ස්ථානගත කරමින් යම් ප්‍රාගුණ්‍යතාවක් වඩවා ඈති බව ද පෙනේ. මේ ලොමු දැහැගන්වමින් 'ට්‍රෙන්ඩින්' වන පාර දිගේ ක්‍රියාවලියට සජීවී ලෙස ආශක්ත වීමේ ඇබ්බැහියක් ජනතාවට  අතර ද වැඩෙමින් පවතී. මේ අතර, පාර්ලිමේන්තුවේ  රේටිං ක්‍රමයෙන් ඛාදනය වී ඇති බව පැහැදිලි ය.

'පැතුවේ සුන්දර දවසක් -  දවස ම මහ පාරේ'  වැනි ත්‍රීවීලර් රුවන් වැකියක් ගැන ද අප නැවත නැවත සිතිය යුතු ය කියා මට සිතෙන්නේ යට කී පාර-දිගේ හැබිචෝල් සම්ප්‍රදායක් ලෙස ප්‍රධාන ධාරාවට එක්වන්නට වැඩි කලක් යන්නේ නැති නිසා ය.  අප 'ස්ට්‍රීට්-ස්මාර්ට්' හෙවත් වීථි-සුහුරු-දැයක් ලෙස අනන්‍ය වීම ඉතිහාසයට කෙලෙසකවත් වලකනු නොහේ.

ප.ලි.: කලක ජනප්‍රිය මහා මාර්ග ඇමති කෙනෙකු ලෙස සිටි පවුසි මයා නැවතත් පාර්ලිමේන්තුවට පැමිණ ඇති නිසා එතුමාට මහා මාර්ග (නව දේශපාලන අරුතින්) ඇමති ලෙස පත් වීමක් ලැබෙන්නට ද ඉඩ ඇත.


Udan fernando

 

 

 

 

(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක ) 

Anida

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...