The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කෝච්චියේ දමා ගිය දරුවා කාගෙ ද?- (චින්තන ධර්මදාස)

T

The Leader Desk

March 12, 2023 • 6:47 AM

කෝච්චියේ දමා ගිය දරුවා කාගෙ ද?- (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ විදිහට දරුවන් කූඩවල දාලා තියලා යන එක අපේ ඉතිහාස කතාවල ඉඳන් එනවා.
  • එතනදි අනවශ්‍ය ගැබ් ගැනීම් ඇති නොවන ආකාරයට ලිංගිකව හැසිරීම පිළිබඳ දැනුම ලබා නොදෙන, එවන් ලිංගික අධ්‍යාපනික දැනුමක් අවහිර කරන හාමුදුරුවරු, දොස්තරවරු (වි‍ශේෂයෙන් සඳහන් කරන්න ඕන) සහ තවත් අධිපති බල ඇති සදාචාර මහත්වරු මේ වගකීමේ වැඩි කොටසක් බාරගන්න ඕන.
  • ඒක කිසිසේත්ම සුබවාදී එකක් නෙමෙයි.
  • ඇයගේ රැකියාව, ඇයට ඇති අනාගත බලාපොරොත්තු, ඇගේ සහ පෙම්වතාගේ ආර්ථිකය, මේ සෑම දෙයක්මත් අර දරුවාගේ උපත මත තීන්දු වෙලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ විදිහට දරුවන් කූඩවල දාලා තියලා යන එක අපේ ඉතිහාස කතාවල ඉඳන් එනවා. සුරංගනා කතාවලත් කියවෙනවා. ඒ කාලෙත් දරුවා හදාවඩා ගැනීම අසීරු තැනදි අම්මලා දරුවන්ව කූඩවල දාලා කවුරුන් හෝ යහපත් කෙනෙක් අතට පත්වේවා කියල ප්‍රාර්ථනාවෙන් ගඟවල්වල පා කරලා ඇරියා. ඒක සම්ප්‍රදායක්.

ඒත් නූතන නීති ප්‍රකාරව ඒක වරදක්. දරුවෙකුව නොතකා හැරීම, දරුවාගේ ජීවිතය අවදානමේ හෙලීම ආදී තව ගොඩක් කාරණා ඔතනට කියන්න පුළුවන්. ඒත් ඉතාමත් සරලව කාරණා දෙකක් පැහැදිලියි.

 

මේ මවට සහ පියාට දරුවා හදාවඩා ගැනීමේ අර්බුදයක් පවතිනවා. දරුවාට හානියක් නොවී යහපතක් වේවා කියන ප්‍රාර්ථනාව ඔවුන් සතුව තිබෙනවා.

se

 

# පළවෙනි කාරණය ගත්තොත් එතනදි මේ දරුවා අනවශ්‍ය ගැබ්ගැනීමක් කියන එක පැහැදිලි වෙනවා. එතනදි අනවශ්‍ය ගැබ් ගැනීම් ඇති නොවන ආකාරයට ලිංගිකව හැසිරීම පිළිබඳ දැනුම ලබා නොදෙන, එවන් ලිංගික අධ්‍යාපනික දැනුමක් අවහිර කරන හාමුදුරුවරු, දොස්තරවරු (වි‍ශේෂයෙන් සඳහන් කරන්න ඕන) සහ තවත් අධිපති බල ඇති සදාචාර මහත්වරු මේ වගකීමේ වැඩි කොටසක් බාරගන්න ඕන.

# ඒ වගේම දරුවෙක් හදාවඩා ගැනීම කියන්නෙ ලොකු ආර්ථික සමාජ කාර්යයක්. එතනදි විවාහයකට බැහැරින් සිදුවන ලිංගික එක්වීමකින් ලැබෙන දරුවෙක් ගැන දෙමව්පියන්, නෑදෑයන්ගෙ ඉඳන් වි‍ශේෂයෙන් මේ කාන්තාව ඇසුරු කරන සමාජය දක්වන ප්‍රතිචාරය අපි සැලකිල්ලට ගන්න ඕන. ඒක කිසිසේත්ම සුබවාදී එකක් නෙමෙයි. ඇයගේ රැකියාව, ඇයට ඇති අනාගත බලාපොරොත්තු, ඇගේ සහ පෙම්වතාගේ ආර්ථිකය, මේ සෑම දෙයක්මත් අර දරුවාගේ උපත මත තීන්දු වෙලා තියෙනවා.

 

# තුන්වෙනුව ඇයට දරුවෙක් අනවශ්‍ය නම් ඒ මුල්කාලයේදීම ඇයට ගබ්සාවක් කරගැනීමේ අයිතිය ලබා නොදීම කියන කාරණය. ඒ ගබ්සාවේ අයිතිය දරුවා බිහිකරන අම්මාගෙන් උදුරා ගන්නා නීතියටත්, ඒ නීතිය රකින, ඒ වෙනුවෙන් පෙනී සිටින සියලු ජනතාවටත් ඒ දරුවා මග දමා යාමේ වගකීමෙන් ගැලවෙන්න පුළුවන්කමක් නෑ.

 

මේ සියලු කාරණා තමයි දරුවා කෝච්චි පෙට්ටියක තබා යා‍මේ හේතු කාරණා වෙන්නෙ. එතනදි මේ මවට හෝ පියාට දරුවාගේ ජීවිතය අවදානමේ හෙලීම සම්බන්ධයෙන් පැවරෙන වගකීම ඉතාම අල්පයි. මොකද ඊට වඩා විශාල නීති, සංස්කෘතික, සදාචාර පරිසරයක් විසින් මේ අකාරයෙන් බිහිවන දරුවෙකුගේ ජීවිතය අවදානමේ දමා අවසන්.

දෙවෙනි කාරණය, ඔවුන් දරුවාගේ යහපතක් අපේක්ෂා කරමින් මේ අත්හැර යාම සිදු කර ඇති බව. මේ දරුවාට තමන්ගේ අර්බුදකාරී ජීවිතයෙන් ගැලවී යම් හොඳ වතාවාරණයක් යටතේ ලොකු මහත් වෙන්න අවස්ථාව ලැබේවා කියන ප්‍රාර්ථනාව අර රෙදිවල ඔතලා ප්‍රවේශම් සහගතව, ඇස ගැටෙන මානයක, දරුවා තබා යාමෙන් පේනවා.

ඒ වගේම දරුවෙක් ඉතාම ආදරෙන් හදාවඩා ගැනීමේ අපේක්ෂාවෙන්, සියලු තත්වයන් සාධනය කරගෙන මගබලා සිටින දරුවන් අහිමි, දෙමාපිය සිත් ඇත්තන් ඉන්නවා. මේ අතර දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් කියල පනවා ඇති ඉතාම අකාර්යක්ෂම නීති ක්‍රමවේදයක් පවතිනවා.

 

දරුවෙක් මේ ආකාරයෙන් දමා යාම දඩුවම් දිය යුතු වරදක් කරනවාට වඩා රාජ්‍යයක් විසින් දරුවන් බාරගන්නාසුලු මෘදු ක්‍රමවේදයක් සකස් කිරීමයි වැදගත් වෙන්නෙ. දරුවෙක් ලොකුමහත් කරගැනීමට නොහැකි වීම රාජ්‍යයේ වරදක් බව පිළිගන්න වෙනවා. ඒ වගේ ආර්ථික හෝ සංස්කෘතික අපහසුතා ඇති අයට රාජ්‍යය සංවේදී විය යුතු වෙනවා. දරුවෙක් කියන්නෙ අම්මලාට බරක් නොවිය යුතු යැයි කියනවා නම්, දරුවෙක් රාජ්‍යයටත් බරක් නොවිය යුතුව තියෙනවා.

 

ළමා නිවාසවල, පොදු රැකබලා ගැනීම් යටතේ දරුවන්ගේ ජීවිත නාස්ති නොකරන, ඉතාම කඩිනමින් ඒ දරුවන් බාරගත හැකි දෙමව්පියන් සමීපයට ඔවුන් පත් කරන ක්‍රමවේදයන් සකස් කරන්න ඕන. ඒ දරුවන් පිළිබඳ වරින්වර සොයා බලන්න සමාජ සේවිකාවන්ට පුළුවන්.

 

මෙවන් අසරණ තරුණ දෙමව්පිය යුවළක් වරදකරුවන් හැටියට අල්ලාගෙන, වෙනත් අයට ආදර්ශයක් වනු පිණිස යැයි සිතමින් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න යාම අගතියට පත් කිසිම පාර්ශ්වයක සුබසිද්ධියට හේතුවන තත්වයක් නෙමෙයි. ඒකෙන් චූන් වෙන්නෙ මෙවන් තත්වයන්ට සැබවින් වගකිව යුතු සදාචාර ප්‍රේක්ෂකයො විතරයි. නීතියක් ක්‍රියාත්මක විය යුත්තේ යම් කිසි හෝ පාර්ශ්වයක යහපත, ප්‍රතිඵලය වෙනුවෙනුයි. හැමෝටම තව තවත් හානි පමුණුවන නීති ක්‍රියාත්මක වෙනවා නම් ඒවා යල්පැනගිය ඒවා හැටියෙන් හඳුනාගන්න වෙනවා. හැමදේකටම කලින් මනුෂ්‍යත්වය කියන රාමුව මෙවන් සිදුවීමකදී ඉස්සරහට ගන්න වෙනවා.





Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk

vyadhadeva@gmail.com

(උපුටා ගැනීම -facultyofsex.com)



 

JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කෝච්චියේ දමා ගිය දරුවා කාගෙ ද?- (චින්තන ධර්මදාස) | The Leader