The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විමලෙගෙ කොලම : ලේනෝ ලේනෝ මේ පොත අරගෙන අමුතු පොතක් මට සොයා දියෝ

T

The Leader Desk

March 13, 2023 • 6:59 AM

විමලෙගෙ කොලම : ලේනෝ ලේනෝ මේ පොත අරගෙන අමුතු පොතක් මට සොයා දියෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රනිල් කුස්සිය පැත්තේ ටිකක් බර වැඩක ඉන්න ගමන් ඇසුවේ මොකක් ගැනද ඔයා අහන්නේ කියාය.
  • ජනාධිපතිතුමා කිව්වේ අනේ නැහැ ඒ අසරණයො මේකෙ නමවත් අහලා නැතුව ඇති, ජාජබේ ලාල් කාන්ත නම් 'ස්පාටකස්' වගේ ලෝකෙ පබ්ලිෂ් වෙන අලුත්ම පොත් කියවන මිනිහෙක් කියාය.
  • ගින්න බෝකරන ගමන් තවත් මොන මොනවා හෝ කී රනිල් තව පොතක් අතට අරන් ගින්නට දාන්න හදනකොට මෛත්‍රී දැක්කේ ඒ පොත නීට්ෂේගේ beyond good and evil බවය.
අකුරු ප්‍රමාණය (Font Size):



රනිල් කුස්සිය පැත්තේ ටිකක් බර වැඩක ඉන්න ගමන් ඇසුවේ මොකක් ගැනද ඔයා අහන්නේ කියාය. ඒ ගමන මෛත්‍රී කිව්වේ ජූලි චංග් ඡන්දෙ තියන්න කිව්වා නේද කියාය. ජනාධිපති තුමා කිව්වේ ජූලි මාසෙ විතර බලමු තව කල් තියෙනවා නේ කියාය.

ගේ පිටිපස්සෙන් හීනියට දුමක් මතුවෙනු යන්තම් පෙනී මෛත්‍රී දුවගෙන ගියේ මේ දවස් වල ජනාධිපතිතුමා දාගන්නා කරදර ගැන හිතේ දෙගිඩියාවෙනි. නෝනා කුස්සිය පැත්තට යනකොට එතුමා පිළිකන්නේ කොළොම්බු කොටයක වාඩිවී කිසියම් දෙයක් ගිනි අවුළුවමින් සිටියේය.

ඔය මොකක්ද කරන්නේ කියා ඇසූ මෛත්‍රීට එතුමා කීවේ මේ කිසි කමකට නැති පොත් වගයක් තියෙනවා ඒවා පුච්චලා දානවා කියාය.

 

0x0

මෛත්‍රී ඇසුවේ ෆයර් මෑන්ලා මැයි නමේ history ගැන ඔයාගේ වැදගත්ම කලෙක්ෂන් එක පුච්චලා දැම්මට පස්සේ philosophy පොත් ටික විතරයි නේද ඉතුරු උනේ, දැන් මොනවද ඔය ගිනි තියන්නේ කියාය.

ජනාධිපතිතුමා ඒකට උත්තරයක් නොදී ටිකක් බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගෙන පොතක් මත ගින්න අවුළුවමින් සිටියේය.

ඔය මොකක්ද අමාරුවෙන් පුච්චන පොත කියා ඇසූ මෛත්‍රීට ජනාධිපතිතුමා කීවේ මේක මේ critique of pure reason කියන පොත දැන් ඉතිං වැඩකට නැහැ තියාගෙන ඉඳලා කියාය.

5145gzzGfCLඔළුවේ අතගසා ගත් මෛත්‍රී නෝනා ඇසුවේ කාන්ට්ගේ critique of pure reason ද කියාය. ජනාධිපති තුමා කිව්වේ නැතුව ඉතින් මෙහෙ එකෙක් ඔහොම පොතක් ලිව්වයැ එම්මෑනුවෙල් කාන්ට් කාරයාගේ පොත තමයි කියාය.

මෛත්‍රී නෝනා ඇස් උඩ තියාගෙන කිව්වේ ඉතින් දැන් රටේ තියන සමහර ප්‍රශ්න philosophically තේරුම් ගන්න ඕකෙ තියෙන සංකල්ප වැදගත් වෙනවනේ  කියාය.

ජනාධිපතිතුමා කීවේ ඕවා කාන්ට්ලා කියන හැටියට තේරුම් ගන්න ගිහින් තමයි මං අමාරුවේ වැටුණේ, මහින්දානන්දලා රත්තරන්ලා එක්ක මේ අවුරුදු හතළිස් තුනේ  වැඩ කරානම් අද මං සක්විති රජෙක් කියාය.

මෛත්‍රී නෝනා ඇසුවේ ඒගොල්ලො ද කාන්ට්ගෙ පොත පුච්චන්න කිව්වේ කියාය.

ජනාධිපතිතුමා කිව්වේ අනේ නැහැ ඒ අසරණයො මේකෙ නමවත් අහලා නැතුව ඇති, ජාජබේ ලාල් කාන්ත නම් 'ස්පාටකස්' වගේ ලෝකෙ පබ්ලිෂ් වෙන අලුත්ම පොත් කියවන මිනිහෙක් කියාය.

beyond good and evil 9781625586100 hrගින්න බෝකරන ගමන් තවත් මොන මොනවා හෝ කී රනිල් තව පොතක් අතට අරන් ගින්නට දාන්න හදනකොට මෛත්‍රී දැක්කේ ඒ පොත නීට්ෂේගේ beyond good and evil බවය.

ඔය විදිහට මෛත්‍රී නෝනා කම්මුලේ අත ගසා ගෙන සුසුම් ලද්දී ජනාධිපතිතුමා රෙනේ ඩෙකාට්ස්, වික්ටර් ෆ්‍රැන්කි, ඇරිස්ටෝටල්, සාත්‍රේ ආදීන්ගේ පොත් වියරු සිනා පාමින් ගිනි දෙවියාට බිළිදුන් අතර අන්තිමට මෙතෙක් වෙලා වාඩි වී සිටි කොළොම්බු කොටයක් බඳු පොත ගින්නට විසි කොට නැගිට්ටේය. එතුමා අන්තිමට ගින්නට දමා තිබුණේ ප්ලේටෝගේ රිපබ්ලික් ය.

දැන් මේ සේරම පිච්චුනාම ඔයා මොනවද කියවන්නේ කියා ඇසූ මෛත්‍රී නෝනාට ජනාධිපතිතුමා කිව්වේ මීට වඩා හොඳ පොත් ගාමිණී ලොකුගේගේ ගෙදර ලයිබ්‍රියේ තියෙනවා කියාය.

ජනාධිපතිතුමා ඒ වැඩ ටික අහවර වී අළු පිස දම දමා වොෂ් රූමයට  ගියේය. මෛත්‍රී නෝනා තාන්තුවාවෙන් මෙන් රනිල්ගේ කාමරය වෙත ගොස් හිස්ව තිබුණු පොත් අල්මාරි දෙස බලා සිටියාය. එසැණින්ම ඇයට ඔහුගේ ලියන මේසය මත දිනපොත තිබෙනවා දක්නට ලැබුණි. ඇය කිසිදාක නොකරන වැඩක් කළා ය. රනිල්ගේ දිනපොතක පෙරලුවා ය. එදිනට අදාළ සටහනක් එහි ලියා තිබුණි.

critique of pure reason බල බලා කොහොමද expire වෙච්ච කඳුළුගෑස් ගහන්නේ. Beyond good and evil බල බලා කොහොමද හමුදාවත් එක්ක කුරුඳු පොලු එවන්නේ යන අදහස ඉංග්‍රීසි බසින් එහි ලියා තිබෙනු මෛත්‍රී නෝනා දුටුවාය.



Wimalanath Weerarathna(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී

wimale.ravaya@gmail.com

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විමලෙගෙ කොලම : ලේනෝ ලේනෝ මේ පොත අරගෙන අමුතු පොතක් මට සොයා දියෝ | The Leader