The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රාජපක්ෂ නායකත්වය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 13, 2023 • 8:56 AM

රාජපක්ෂ නායකත්වය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන් සිය ඇමති ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි අත්සන් කළේ පසුගිය වසරේ මාර්තු මාසයේ සාහසික අරගලකරුවන් විසින් ජනපති ගෝඨාභයගේ පුද්ගලික නිවසට පහර දීමටත් පෙරය.
  • නමුත් ප්‍රේමදාස සහ අනුර කුමාර මෙන්ම විකට විමල් විසින් වත්මන් ආණ්ඩුව හඳුන්වන්නේ “රනිල් රාජපක්ෂ ආණ්ඩුව” ලෙසය.
  • කාලයේ සිට ඇරඹෙන එම ව්‍යාපෘතිය විසින් 2015 වසරේ ජනපති මහින්ද රාජපක්ෂ ගෙදර යවයි.
  • සතුරන් විසින් “රාජපක්ෂ” නමට ඔය තරම් ගහන්නේත් ඒ නිසාමය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන් සිය ඇමති ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි අත්සන් කළේ පසුගිය වසරේ මාර්තු මාසයේ සාහසික අරගලකරුවන් විසින් ජනපති ගෝඨාභයගේ පුද්ගලික නිවසට පහර දීමටත් පෙරය. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේවත් නැත. ගෝඨාභය රාජපක්ෂ සිය ජනපති ධූරයෙන් ඉල්ලා අස් වී ය. නමුත් ප්‍රේමදාස සහ අනුර කුමාර මෙන්ම විකට විමල් විසින් වත්මන් ආණ්ඩුව හඳුන්වන්නේ “රනිල් රාජපක්ෂ ආණ්ඩුව” ලෙසය. ඒ ඇයි?

රාජපක්ෂවරුන්ගේ සිංහල බෞද්ධ මූලික නායකත්වය මෙරටින් තුරන් කිරීමට දැඩිව අවශ්‍ය විවිධ පාර්ශවයන් සිටී. නොමළ කොටි ඩයස්පෝරාව, කාළ කතෝලික සභාව, මෙගා බෝර්න් අගේන් නිකා, ඉස්ලාම්වාදී සැටනික් අන්තවාදීන්, චෞර ව්‍යාපාරික වළල්ල සහ බූරුවා ලකුණ පක්ෂයේ ඇමරිකාව ප්‍රමුඛ විදේශීය බලවේග ඒ අතර ප්‍රධාන වේ. තිස් වසරක යුද්ධය අවසන් කර රට සීග්‍රයෙන් ආර්ථික වශයෙන් දියුණු කරමින් සිටි රාජපක්ෂ නායකත්වය මුලිනුපුටා දැමීම සඳහා ඔවුන් නිර්මාණය කළ රැවටිල්ලේ කැම්පේන් එක තමයි “රාජපක්ෂ හොරු” කියන ව්‍යාජ ප්‍රොපගැන්ඩාව. 2012-13 කාලයේ සිට ඇරඹෙන එම ව්‍යාපෘතිය විසින් 2015 වසරේ ජනපති මහින්ද රාජපක්ෂ ගෙදර යවයි.

 

GR

2015 සිට ඇරඹෙන දැවැන්ත ආර්ථික පරිහානිය, දේශපාලන අස්ථාවරත්වය, සිංහල බෞද්ධ සංස්කෘතික උරුමයට එල්ල කළ මර්දනය සහ රාජ්‍ය ආරක්ෂාව දුර්වල වීම යන කරුණු හේතුවෙන් නැවතත් රාජපක්ෂ නායකත්වයේ වැදගත්කම මෙරට සබුද්ධික ජනයාට වැටහෙන්නට විය. එම සිරිසේන-රනිල් විකෘති යුගය අවසානයේ, ලක්ෂ හැට නවයක එනම් ඉතිහාසයේ වැඩිම ජනතා ඡන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මෙරට ජනපති වන්නේත් ⅔ කට ආසන්න පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවකින් රාජපක්ෂ නායකත්වය සහිත පොහොට්ටුවේ ආණ්ඩුවක් හැදෙන්නෙත් ඒ අනුවය.

නමුත් වහාම ක්‍රියාත්මක වෙන අර පරණ අවතාර ටික නැවතත් අර පරණ “රාජපක්ෂ හොරු” කැම්පේන් එකම උස්සා ඊනියා අරගලයක් නිර්මාණය කර රාජපක්ෂ නායකත්වය නැවතත් යටපත් කරන ලදී.

“රාජපක්ෂ යනු සිංහල බෞද්ධ ගමේ සංස්කෘතිය” යැයි කීවේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකමය. කුමක්ද ඒ සංස්කෘතිය? එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව දකුණෙන් ඇරඹෙන අවසාන නිදහස සටනේ අව්‍යාජ සිංහල බෞද්ධ ගැමි සංස්කෘතියයි. මහාසම්මතගේ සිට පැවත එන ඛත්තීය හෙවත් කෙතේ නායකත්වයයි. ඒ රාජපක්ෂ සංස්කෘතිය තමයි පරම්පරාවකට පසුව බෙදුම්වාදී කොටි ත්‍රස්තයන්ගෙන් රට නිදහස් කරගන්න නායකත්වය දෙන්නේත්. ඒක පුද්ගලයන්ට එහා ගිය යථාර්ථයක්.

 

“රාජපක්ෂ” යනු පුද්ගල වාසගමක් නොවේ. රාජපක්ෂ යනු පවුලක් නොවේ. රාජපක්ෂ යනු මෙරට සිංහල බෞද්ධ නායකත්වයේ නූතන අවස්ථාවයි. කොටි ත්‍රස්තයන්ට එරෙහිව යුද්ධ කළේ රාජපක්ෂ පවුලේ උදවිය පමණක් නොවේ. අර සිංහල බෞද්ධ ගැමි සංස්කෘතික මිනිස්සු තමයි “රාජපක්ෂ” නායකත්වය සමග එකතු වෙලා ඒ සටන කළේ. රාජපක්ෂ නායකත්වය සිංහල බෞද්ධ අපට අතිශය වැදගත් වන්නේ ඒ නිසාය. සතුරන් විසින් “රාජපක්ෂ” නමට ඔය තරම් ගහන්නේත් ඒ නිසාමය. රාජපක්ෂ නායකත්වය සදහටම නැති කිරීම හරහා ඔවුන් හදන්නේ මෙරට සිංහල බෞද්ධ බලය විනාශ කිරීමටය.

 

“ගෝඨාභය රාජපක්ෂ ඉවරයි. එතනින් සිංහල බෞද්ධ බලයත් ඉවරයි” යන සෝභිතගේ අසෝභිත ප්‍රකාශය එළියට පනින්නේ ඒ නිසාය.

ඉවරයි කිව්වට එහෙම ඉවර වෙන්නේ නැත. සතුරා විසින්ම නොදැනුවත්වම “(රනිල්) රාජපක්ෂ” සන්නාමය තුළ රාජපක්ෂ නායකත්වය සනිටුහන් කර තිබේ. රාජපක්ෂ නමැති පුද්ගලයන් ආණ්ඩුවේ නොසිටියත් සතුරාගේ විඥානය තුළ “රාජපක්ෂ” නායකත්වය අධිගෘහිත වීමෙන් පෙන්වන්නේ එය පුද්ගල සිද්ධාන්තයක් නොවන බවයි. එය මහපොළොවේ සත්‍යයි. අනුර කුමාර වර නගන “සංස්කෘතිය” එයයි. සංස්කෘති කියන ඒවා පුද්ගලයන් නැති කළ පමණින් ඉවර කරන්නට බැරිය. අනුර කුමාර වර නගන “සංස්කෘතිය” එයයි. සංස්කෘති කියන ඒවා පුද්ගලයන් නැති කළ පමණින් ඉවර කරන්නට බැරිය.

 

ආණ්ඩුව “(රනිල්) රාජපක්ෂ” නම්, මේ වන විට රටේ ඇතිවෙමින් තිබෙන ආර්ථික සාමාන්‍යකරණයේ ගෞරවය යා යුත්තේත් “(රනිල්) රාජපක්ෂ” එකටය. සතුරා කියන හැටියට ආණ්ඩුව මෙහෙයවන්නේ රෝහණ රාජපක්ෂ නම්, තෙල් පෝලිම් නැති වූයේත්, ගෑස් පෝලිම් නැති වූයේත්, විදුලිය කැපීම් නැති වූයේත් රෝහණ රාජපක්ෂ නිසා විය යුතුය. කරුණුමය වශයෙන් ගත්තත් එහි සත්‍යයක් තිබේ. ඒ අනුව සතුරා සැබැවින්ම කරන්නේ “රාජපක්ෂ නායකත්වය” පිළිගැනීමයි.

 

එය වෙනත් වාසගමක් නොවී “රාජපක්ෂ”ම වෙන්නේ ඇයි කියා අප තේරුම් ගත යුතුය. එහි අදහස වන්නේ අපේ දේශපාලන කඳවුරේ ඓන්ද්‍රීය නායකත්වය එය බවයි. එනම් පොහොට්ටුවේ නායකත්වය “රාජපක්ෂ”ම බවයි. එම නායකත්වය ගත හැකි වෙනත් නායකත්වයක්ද නැත. එවැනි නායකත්වයක් ඇත්නම් එය ස්වභාවිකව සිංහල බෞද්ධ සමාජය තුළින් පැමිණිය යුතුය. එබැවින් මේ අභියෝගාත්මක යුගයේ අපගේ ස්වභාවික නායකත්වය වන්නේ “රාජපක්ෂ නායකත්වයයි”. ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 මාර්තු 13



JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රාජපක්ෂ නායකත්වය - (එරන්ද ගිනිගේ) | The Leader