The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රටේ රාළ : වැඩ වරමු - රට නගමු

T

The Leader Desk

March 13, 2023 • 5:59 PM

රටේ රාළ : වැඩ වරමු - රට නගමු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගිය පෙබරවාරි 22 වෙනිදා කොළඹ කොටුවෙන් පටන් ගත්ත විරෝධතාවය ඊට පස්සේ කළු සතියක් බවට පත්වුනා.
  • ඊළඟට මාර්තු 01 වෙනිදා රට වැසීමේ දිනය බව ප්‍රකාශ කළා.
  • මාර්තු 08 වෙනිදායින් පස්සේ අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා කිව්වත් ඒක ක්‍රියාත්මක උනේ නෑ.
  • කොහොම උනත් දැන් ඒ දවස මාර්තු 15 විදිහට නම් කරලා තියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ගිය පෙබරවාරි 22 වෙනිදා කොළඹ කොටුවෙන් පටන් ගත්ත විරෝධතාවය ඊට පස්සේ කළු සතියක් බවට පත්වුනා. ඊළඟට මාර්තු 01 වෙනිදා රට වැසීමේ දිනය බව ප්‍රකාශ කළා. මාර්තු 08 වෙනිදායින් පස්සේ අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා කිව්වත් ඒක ක්‍රියාත්මක උනේ නෑ. කොහොම උනත් දැන් ඒ දවස මාර්තු 15 විදිහට නම් කරලා තියනවා. මාර්තු 13,14 කියන්නේ සමස්ථ මහා වැඩ වර්ජනය වෙනුවෙන් මූලික සුදානම් කිරීම් කරන දවස් දෙක.



අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පලාත් හතරක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා. ඒ හින්දම බස්නාහිර, දකුණ,නැගෙනහිර, මධ්‍යම පලාත්වල රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශ සහ සායනික සේවා සම්පුර්ණයෙන්ම අඩාලවුනා. වරායේ අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයෙන් වරායේ මෙහෙයුම් කටයුතු සැලකිය යුතු ප්‍රමාණයක් අඩපණ වුනා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ලෙක්චර්ස්වලින් අයින් වෙලා. දැනට දවස් ගාණක ඉදන් විශ්ව විද්‍යාලවල අධ්‍යන කටයුතු කෙරෙන්නේ නෑ. තවත් වෘත්තීය සමිති ගණනාවක් විවිධ වෘත්තීය අරගලවල යෙදිලා ඉන්නවා. 15 වෙනිදායින් පස්සේ සමස්ථ මහා වැඩ වර්ජනය කියලයි කියන්නේ.



කොහොම උනත් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පටන් ගත්තේ රනිල් හදුන්වලා දීලා තියන බඳු ප්‍රතිපත්තියට විරුද්ධව. එහෙමත් නැත්තං උපයන විට ගහන බද්ධට විරුද්ධව. බැංකුවල පොළී අනුපාතික ඉහළ දැමීමත් තවත් සටන් පාඨයක්. හැබැයි දැන් සටන් පාඨ ගොඩක් පැටව් ගහමින් තියනවා.

මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට නායකත්වය දෙන්නේ වෘත්තිය සමිති 40 කින් සැදුම්ලත් වෘත්තීය සමිති එකමුතුව කියලා හදුන්වා ගන්න කණ්ඩායමක්. එතන ජවිපෙ, සමගි ජන බලවේගයේ, ශ්‍රීලනිපය සහ වමේ වෘත්තීය සමිති ටික ඉන්නවා. ඊට අමතරව පොහොට්ටුවට පක්ෂපාතීව හිටපු වෘත්තීය සමිතිත් ඉන්නවා. තව ස්වාධීනයි කියා ගන්න වෘත්තීය සමිතිත් ඉන්නවා. කොහොම උනත් තවමත් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඉස්සරහා රනිල්ගේ ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තිය පැහැදිලි නෑ. ප්‍රතිපත්තිය කියන්නේ බඳු ප්‍රතිපත්තිය අකුලා ගැනීම නෙවෙයි. මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ කිවිවේ මොන හේතුවකටවත් බඳු ප්‍රතිපත්තියේ වෙනසක් වෙන්නේ නෑ කියලා. ඇත්තටම අපි IMF වැඩපිළිවෙළත් එක්ක යනවා නම් ඒක වෙනස් කරන්න බෑ. මොකද රනිල් IMF ගියේ එයාලා අපට දාපු කොන්දේසි 15 ටම එකඟ වෙලා. රනිල් ඒක පාර්ලිමේන්තුවේදී කිව්වා.



මගේ යුතුකම දැන් ඉවරයි. දැන් තියෙන්නේ IMF එකේ යුතුකම කියලා. රනිල් එයාගේ යුතුකම විදිහට කිව්වේ IMF එකට ඕනි විදිහට අපට බර පැටවීම වෙන්න ඇති. රටේ රාළ රනිල් වැඩ වර්ජනය ගැන අනුගමනය කරන ප්‍රතිපත්තිය කියලා කිව්වේ රනිල් මේකට මුහුණ දෙන විදිහ ගැනයි. ඒ කියන්නේ ජේ.ආර් පන්නයද නැත්තම් ගෝඨාභය පන්නයද කියන එකයි. ගෝඨාභය පන්නය කියන්නේ පැනලා දුවන යන එක. ජේආර් පන්නය කියන්නේ මර්ධනය කරන එක. ඒ කියන්නේ 80 ජූලි වැඩවර්ජන පන්නය. කොහොම උනත් රනිල්ගේ ඊළඟ පියවර තවම පැහැදිලි නෑ.



පහුගිය දවසක විදුලි බල ඇමති කාංචන විජේසේකර විදුලි වෘත්තීය සමිති එක්ක කතා කරලා තිබුණා. රන්ජන් ජයලාල් කියන විදිහට කාංචන කරලා තියෙන්නේ ඔක්කොම රනිල්ගේ පිටේ තියලා අත පිහදා ගැනීම. රනිල් එක පාරක් රඡයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, වෘත්තීය සමිති එකමුතුවේ කට්ටියත් හම්බ වෙලා තිබුණා. අද ආයෙත් වෘත්තීය සමිති එකමුතුවේ කට්ටිය හම්බ වෙන්න දාගෙන. තවම හරි රිසල්ට් එකක් නෑ.



ඊළඟට මොන පොර ටෝක් දුන්නත් ඔතන ඉන්න වෘත්තීය සමිති එක Agenda එකක නෑ. ඔතනත් සජිත් අනුර ගැටුම උඩට එන එක නවත්තන්න බෑ. ඒක නිසා අඛණ්ඩව යන සමස්ථ මහා වැඩ වර්ජන ගැන නං රටේ රාළ විශ්වාස කරන්නේ නෑ. අනිවාර්යයෙන්ම අරගලය පාවා දුන්නා වගේ ඔය සටනත් ඔය දෙගොල්ලෝ පාවා දෙනවා. ඕනිනං නං අද රටේ රාළ කිව්වා කියලා ලියලා තියාගන්න. ඕකත් හරියට සජිත් සහ අනුර කොළඹ වට කලා වගේ සටනක් වෙනවාම තමයි. අන්තිමට මෝඩකමට රස්සාව නැතිකර ගැනීම කියන්නේ වීරත්වය නෙවෙයි කියලා නායකයෝ කියන්න පුළුවන්. අර 80 ජූලි වැඩ වර්ජනය පාවාදුන්න වාසුලා තවමත් ඔය යසට ඉන්නේ.



කොහොම උනත් රටේ රාළගේ මතය මේක. රනිල්වත් ඔය වෘත්තීය සමිති පිටිපස්සේ ඉන්න දේශපාලන පක්ෂ නායකයෝවත් සුද්ධවන්තයෝ නෙවෙයි. ඒ වගේම ඔය වෘත්තීය සමිති නායකයෝ සියල්ලත් එහෙමයි. බහුතරය හොරිකඩයෝ. පාලකයෝ හරියට මේ රට පාලනයට කළා නම් මේ රට බංකොලොත් වෙන්න විදිහක් නෑ. ඒ වගේම වෘත්තීය සමිති හරියට වැඩ කළා නම් ඔය කිසිම ආයතන බංකොලොත් වෙන්න විදිහක් නෑ.



දේශපාලකයෝ රට කද්දී වෘත්තිය සමිති නායකයෝ ආයතන කෑවා. ඔය දෙගොල්ලොගේම කෙරුවාව තමයි මේ අපි ඉදිරිපිට තියන යථාර්ථය. හැබැයි මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියනවා. අපි දැන් බංකොලොත් රටක්. ඒක කවුරුත් පිලිගන්න ඕනි. මේක ඇමරිකාවවත් ජපානයවත්, ස්විට්සර්ලන්තවත් නෙවෙයි. ලෝකයේ මුල්‍ය ආයතනවල ශ්‍රේණිගත කිරීම්වලට අනුව අන්ත දුගී රටක්. මානුෂික ආධාර දෙන්න ඕනි රටක්. ඇත්තටම ඒක අපි ප්‍රායෝගිකව අත්වින්දා. අදත් අත්විදිනවා. මීට මාස කීපයකට උඩදී හැමදේකටම පෝලිමක් තිබුණ රටක්. පෝලිම්වල මිනිස්සු මැරිලා වැටුණ රටක්. ඉදිරියට එන සාගතයක බයෙන් මිනිස්සු ජීවත්වුන රටක්. අදත් ජීවත් වෙන්න විදිහක් නැතිව, ණය බරෙන් මිරිකිලා පවුල් පිටින් සියදිවි නසා ගන්න රටක් මේක.



රටේ රාළ අහන්නේ ඔය තත්වය යටතේ තවදුරටත් රට අකර්මන්‍ය කරන එක හරිද කියලයි. ඊළඟට රනිල්, IMF,  ණය සහනය ගෙනත් එයාට තේරෙන විදිහට ආර්ථික යථාවත් කරන්න උත්සාහ දරන වෙලාවක් මේක. ඒ වගේම වෙන කිසිම දේශපාලන පක්ෂ නායකයෙකුට උත්තරයක් තොතිබුන ප්‍රශ්නයක් මේක. රටේ රාළ අහන්නේ මේ වෙලාවේ රනිල් එක්ක තියන දේශපාලන තරහට ශ්‍රී ලංකා රාජ්‍ය වටිටන එක හරිද? නිකං මෙහෙම හිතන්නකෝ. මේ සටන් පාඨවල කොච්චර පරස්පරයක් තියනවද කියලා.

උදාහරණයක් විදිහට සෞඛ්‍ය වෘත්තීමය සමිතිවල සටන් පාඨ ගම්මු. ඒක පැත්තකින් කියනවා බෙහෙත් ගෙනත් දියව් කියලා. අනිත් පැත්තෙන් කියනවා බදු ප්‍රතිපත්තිය අයින් කරපල්ලා කියලා. ඔයාලා දන්නවා අපිට බෙහෙත් නෙවෙයි කන්න බොන්න ඕනි දේවල් ටික ගන්න ණයක් දෙන්න ලෝකයේ රටක් නෑ. ආයතනයක් නෑ. ඇත්තටම ශ්‍රි ලංකාව ලෝකය ඇතුලේ කැළණි හිඟන්නෙක්.එ හෙම නං අපිට බෙහෙත් ටික ගන්න සල්ලි හොයා ගන්න වෙන්නේ බඳු ගහලා තමයි. හැබැයි මෙයාලා කියන්නේ බඳු ගහන්නේ එපා කියලා. ලක්ෂයකට වැඩිය ආදායමක් ගන්න අයට උපයන විට බද්ධ ක්‍රියාත්මකයි.

ඇත්තටම රටේ රාළ ඒ සීමාවට විරුද්ධයි. අඩුම ගානේ ලක්ෂ එකහමාරකවත් සීමාවක් තිබුණා නම් හොදයි. එහෙමත් නැත්තම් මූලික වැටුප ලක්ෂයට උඩ අයට උනානම් ඒත් කමක් නෑ. මොකද කවදාවත් මේ බඳු දැලට අහු වෙන්නේ නැතී තෝරු, මෝරු දහස් ගානක් ඉන්නධා. රනිල්ලා කවදාවත් ඒ දැල එලන්නේ නෑ. උඩින් එලමින් පහලට එන්න ඕනි දැල පහලින් එලමිනුයි උඩටයි යන්නේ. ඒකත් එක තැනකින් නැවතිනවා. එතන ප්‍රශ්නයක් තියනවා. හැබැයි ඔය කවුරු ආවත් ඒ තෝරු, මෝරුන්ට දැල එලන්නේ නෑ. ඔය මහ ලොකු විප්ලවවාදීන් ජීවත් වෙන්නෙත් එයාලගෙන් කප්පම් අරන්. මහ ලොකු මූලස්ථාන හදලා තියෙන්නේ එයාලගේ සල්ලිවලින්. බිම අඩිය තියාගෙන ඉන්න ටයිල් එක දිහා බැලුවම සමහරුන්ට මනිලාල්ලත් පේනවා. බිත්ති දිහා බැලුවම ධම්මික පෙරේරලා පේනවා.

රටේ රාළ අහන්නේ මෙච්චරයි. දැන් මේ වැඩ වර්ජකයෝ කියන්නේ මේ සෘජු බද්ධ අයින් කරලා ඒක වක්‍ර බද්දක් විදිහට ජනතාවට පචවන්න කියලද? ඔයාලට වැඩිය අන්ත දුක්ඛිත ජීවිතය ගතකරන මිනිස්සුන්ට පටවන්න කියලද? රටේ රාළ රනිල්ගේ සෘජු බඳු වැඩි කිරීමේ ප්‍රතිපත්තියට එකඟයි. ඒත් එක ක්‍රියාත්මක කරන විදිහට එකඟ නෑ. රාජපක්ෂලා ඒ දැලට අහුවෙන්නේ නෑ. රාජපක්ෂලා වටේ ඉන්න ව්‍යාපාරික බූවල්ලෝ ඒ දැලට අහුවෙන්නේ නෑ. ඔය හැම සටනකටම ප්‍රායෝගික විසදුම් තියනවා. රටේ රාළ රනිල්ට කියන්නෙත්, වෘත්තීය සමිතිවලට කියන්නෙත් මැද තැනකට එන්න කියලා.එක එක්කෙනාගේ බල උවමනාවට ශ්‍රී ලංකා රාජ්‍ය වටිටන එපා කියලා.


රටේ රළ එදත් අදත් හෙටත් වෘත්තීය සමිති දේශපාලනයට විරුද්ධයි. ඒක මහ තක්කඩි දේශපාලනයක්. රටේ අහිසංක ජනතාව බිල්ලට තියමින් කරන නිවට දේශපාලනයක්. ඒ වගේම වෘත්තීය සමිතිවාදයට යටත් වුන පක්ෂවල දේශපාලනයටත් රටේ රාළ විරුද්ධයි. බලමු 15 වෙනිදාට මොකද වෙන්නේ කියලා. රනිල්ටවත් වෘත්තිය සමිතිවලචවත් ජයවේවා කියලා රටේ රාළ කියන්නේ නෑ. ඒත් මෙතනදී ජනතාවට ජයවේවා කියලා නොකියම බෑ.



හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.

මීට
Priyanjith Vitharanaරටේ රාළ
Priyanjethjnp@gmail.com

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

 

kjsdf

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රටේ රාළ : වැඩ වරමු - රට නගමු | The Leader