The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විමලෙගෙ කොලම : බල්ලෝ

T

The Leader Desk

March 15, 2023 • 12:32 PM

විමලෙගෙ කොලම : බල්ලෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකපාරටම අනුර දිසානායකගේ වොයිස් කට් එකක් ප්‍රචාරය වුණු අතර මිනිහා කීවේ බයිනෙත්තු කොච්චර තිබුනත් රනිල්ට ඒවා පත්තු කරගන්න සෙබලෙක් නැති වෙන දවස වැඩි ඈතක නෙමෙයි කියාය.
  • ජනාධිපති තුමා කිව්වේ ඊළඟ ජූලි 9 විතර වෙනකොට විකුම් ලියනගේත් ශවේන්ද්‍රගේ අඩිපාරෙම ගියොත් මොකද කරන්නෙ, ඒ නිසා අද හෙටම ශවේන්ද්‍ර උල තියන්න වෙනවා කියාය.
  • you are correct cat, but it is my destiny කියූ ජනාධිපතිතුමා මේ පාර සාමකාමීව බලය දෙන්න නායකයෙක් ඉතුරු වෙලා නැති නිසා මට දිගටම ඉන්න වෙනවා කියා කීවේය.
  • බල්ලෝ එතුමා දෙස සෙවල හල හලා බලා සිටි අතර නිකමට මෙන් එතන කීදෙනෙක් ඇත්දැයි ගණන් කර බලන්නට ජනාධිපතිතුමාට සිතුණේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එකපාරටම අනුර දිසානායකගේ වොයිස් කට් එකක් ප්‍රචාරය වුණු අතර මිනිහා කීවේ බයිනෙත්තු කොච්චර තිබුනත් රනිල්ට ඒවා පත්තු කරගන්න සෙබලෙක් නැති වෙන දවස වැඩි ඈතක නෙමෙයි කියාය.

පූසා දැවටිදීම නවත්වා ජනාධිපතිතුමා දෙස බැලූ අතර එතුමා කිසි වෙනසක් නොපෙන්වා යළි සඟරාවට එබුනේය. ලොක්කා කිසිවක් නෑසුණු ගානට සඟරාව පෙරලමින් සිටි අතර පූසා ඇසුවේ අනුර දිසානායක කියපු කතාව ගැන මොකද හිතන්නේ කියාය.

Anura 2023.03.15

එතුමා හීනියට හඬ පිට කළේ ඔය සෝල්ජර් වජිර ඉන්නෙ කියාය.

එතෙකින් නොනැවතුණු අනුර කීවේ ශවේන්ද්‍ර අරගල කාරයන්ට වෙඩි නොතිබ්බ හින්දා රනිල් ශවේන්ද්‍රට විරුද්ධව පරීක්ෂණයක් කරන්න යනවා, මම ශවේන්ද්‍රගේ පැත්තේ හිට ගන්නවා කියාය.

ජනාධිපතිතුමා ඒකත් නෑසුණු ගානට ඉන්න හදනකොට පූසා ටිකක් තදින් ඇසුවේ what do you say about it කියාය. ජනාධිපති තුමා කිව්වේ ඊළඟ ජූලි 9 විතර වෙනකොට විකුම් ලියනගේත් ශවේන්ද්‍රගේ අඩිපාරෙම ගියොත් මොකද කරන්නෙ, ඒ නිසා අද හෙටම ශවේන්ද්‍ර උල තියන්න වෙනවා කියාය.

 ඊට පස්සේ කියූ පූසාට ජනාධිපති තුමා කිව්වේ ඉතිං ශවේන්ද්‍ර උල තිබ්බොත් තමයි විකුම්, විකුම් පා මාවත් බේරලා එයත් බේරෙන්නෙ කියාය. පූසා කීවේ ඒත් බොස් ස්ට්‍රගල් එක වෙලාවේ ශවේන්ද්‍ර සාමකාමීව බලය හුවමාරු වෙන්න ඉඩ දුන්නු නිසා නේද බොස් වුණත් මෙච්චර උඩ ගියේ කියාය.  

you are correct cat, but it is my destiny කියූ ජනාධිපතිතුමා මේ පාර සාමකාමීව බලය දෙන්න නායකයෙක් ඉතුරු වෙලා නැති නිසා මට දිගටම ඉන්න වෙනවා කියා කීවේය.MV5BZDQxMDU0NjgtYjI5Zi00MjgyLTkyMDQtYjYyOWIzZDJjOTlkXkEyXkFqcGdeQXVyNzU1NzE3NTg. V1

මේ අවස්ථාවේ ජනාධිපතිතුමා පම්ප් එකක් ගහන්න වොෂ් රූමයට ගිය අතර ඒ වෙලාවේ ජෝසප් ස්ටාලින් කීවේ වැඩ වර්ජනය අති සාර්ථකයි, එකෙක්වත් උගන්වන්න ආවෙත් නෑ ඉගෙන ගන්න ආවෙත් නෑ කියාය. 

පම්ප් එක ගසා ආ ජනාධිපතිතුමාට පූසා ප්‍රවෘත්තිය විස්තර කළ අතර ජනාධිපති තුමා කිව්වේ ප්‍රශ්නයක් නෑ, මං හැදුවේ රට ගොඩ දාන්න, ඒක එපානං ඉතින් මං මගෙ පාඩුවේ ජනාධිපතිකම කරගෙන ඉන්නවා කියාය.

පූසා කීවේ ඉතිං උන් විරුද්ධ ඒකටනෙ බොස් කියාය. අනතුරුව ඌ ඩබල් එකේම කීවේ තරහ වෙන්න එපා බොස්, බොස්ගෙ ඔය තනි තටුවෙන් පියාඹන්න හදන වැඩපිළිවෙළට පූසො පවා විරුද්ධයි කියාය.

 ජනාධිපතිතුමා පූසා කියූ ඒ කතාවත් අහගෙන හාන්සි පුටුවේ කෙටි නින්දකට වැටුණු අතර එතුමා හෙමින් හෙමින් හීනෙකට පිළිපන්නේය. හීනය අරා සිටි පූසෝ සෙට් එකක් එතුමා හූරන්නට පැන්න අතර එතන ජෝසප් ස්ටාලින්ලා, වසන්ත සමරසිංහලා, චමීර පෙරේරලා මනෝජ් නානායක්කාරලා වැනි හෙන කරදරකාර පූසන් සිටිනු එතුමා දුටුවේය.

උන් ඤාව් ගගා එතුමාට විරුද්ධත්වය පළ කළ අතර ඊට විරුද්ධ දිසාවේ හිටියේ බලු රෑනකි. බල්ලෝ එතුමා දෙස සෙවල හල හලා බලා සිටි අතර නිකමට මෙන් එතන කීදෙනෙක් ඇත්දැයි ගණන් කර බලන්නට ජනාධිපතිතුමාට සිතුණේය.

එතුමා එක දෙක තුන හතර කියා ගණන් කරන්නට පටන් ගත් අතර අවසන් වන විට  බල්ලන් එකසිය තිස් හතරක් ගණන් කර තිබුණි.

Wimalanath Weerarathna

 

 

 

 

 


(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී
wimale.ravaya@gmail.com

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...