The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඇසට ඇසක්-ලෙයට ලෙයක් මෝසස්ගේ තියරිය රටකට හරි යයිද? - (සූජීව ගමගේ)

T

The Leader Desk

March 16, 2023 • 7:20 PM

ඇසට ඇසක්-ලෙයට ලෙයක් මෝසස්ගේ තියරිය රටකට හරි යයිද? - (සූජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ කතාව මඳකට අසන්න, 'ඒක ප්‍රේම කතාවක්'
  • රදළ තැනැත්තාගේ පවුලේ ඇත්තන් මේ සම්බන්ධය කඩන්න බැරි නිසා තරුණියගේ පවුලේ ඇත්තන්ව මරා දමන්න පටන් ගත්තා.
  • රදළ කුමාරයාගේ පවුලේ ඇත්තන්ව මරා දමන්න පටන් ගත්තා, තරුණියගේ පැත්තේ කට්ටිය.
  • මේ දෙපැත්තෙන් එක පැත්තක් නම්‍යශීලි වුනානම් ඒ දෙපැත්තේම පවුල් වල ඇත්තන්ට යහතින් ඉන්න තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ කතාව මඳකට අසන්න,  'ඒක ප්‍රේම කතාවක්' .. එකමත්එක රටක ලස්සන තරුණියක් හිටියා. මේ තරුණියගේ ලස්සනට වශි වුන වංශවත් රදළ තැනැත්තෙකු ඇයට ආදරය කරන්න පටන් ගත්තා. ඇයත් ඔහුට ආදරය කරන්න පටන් ගත්තා. රදළ තැනැත්තාගේ පවුලේ ඇත්තන් මේ සම්බන්ධය කඩන්න බැරි නිසා තරුණියගේ පවුලේ ඇත්තන්ව මරා දමන්න පටන් ගත්තා. ඒත් මේ තරුණිය කෙලින් හිටියා සම්බන්ධය අත්හරින්නේ නැහැ කියලා. රදළ කුමාරයාගේ පවුලේ ඇත්තන්ව මරා දමන්න පටන් ගත්තා, තරුණියගේ පැත්තේ කට්ටිය. මේ දෙගොල්ලන්ම මරා ගෙන මරා ගෙන ගිහින් ඉතුරු වුනේ අර පෙම් යුවළ පමණයි.

මේ දෙපැත්තෙන් එක පැත්තක් නම්‍යශීලි වුනානම් ඒ දෙපැත්තේම පවුල් වල ඇත්තන්ට යහතින් ඉන්න තිබුණා.

මේ කතාව මතක් කෙරුවේ මේ එක් දින සංකේත වර්ජනය ගැන කියන්නයි.

වර්ජකයන් සහ ආණ්ඩුව හිටියෙත් අර පෙම් යුවලගේ පවුල් දෙකේ ඇත්තන් වගේ උද්දච්ඡ කමින්.



වර්ජනය කරන්න කම්කරු පන්තියට අයිතියක් තියෙනවා. ඒ අයිතිය සාධාරණයි. ආණ්ඩුවක් බදු ගහලා බදු ගහලා මිරිකලා ජීවත් වන බැරිතරමට පීඩනයක් එල්ල කරන කොට කම්කරු පන්තියට ඉතුරු වන එකම ආයුධය තමයි වර්ජනය. ඉතිං ආණ්ඩුවත් බලන්න ඕනේ ඒවාට විසඳුම් දෙන්න මිසක් තව තවත් ඒ වර්ජන මර්දනය කරන එක නෙමෙයි.



උද්ඝෝෂණය කරන්න පාරට බහිනකොටම ආණ්ඩුව කරන්නේ හමුදාව යොදවලා ගහන එක. රටේ ජනතාව උද්ඝෝෂණය කරන්නේ වර්ජනය කරන්නේ ආණ්ඩුවේ ආර්ථීක පීඩනය උහුලගන්න බැරි උනාම. ඉතිං නොදීපු පරණ ඉල්ලීමුත් ඔවුන් ඒ වෙලාවට ඇදලා ගන්නවා.

ආණ්ඩු සහ වැඩ කරන ජනතාව දෙගොල්ලොම හැසිරෙන්නේ බයිබලයේ පැරණි ගිවිසුමේ හැටියට මෝසස්ගේ ප්‍රතිපත්තිය ඉස්සරට දාගෙන නම් විනාශය හැර වෙන දෙයක් සිද්ධ වෙන්නේ නෑ.

මෝසස්ගේ න්‍යාය වුනේ ඇසට ඇසක් ලෙයට ලෙයක් තියරිය. ඒක කෘෘරත්වයට බරයි. බයිබලයේ අලූත් ගිවිසුමට අනුව ජේසු තුමන් දේශනා කළේ වම් කම්මුලට ගැහැවුවොත් දකුණ කම්මුලට ගහන්න ඉඩ දෙන්න කියලයි. ජේසුස් වහන්සේගේ ආදරය කරුණාව ප්‍රේමය ද වටින්නේ මෝසස්ගේ ඇසට ඇසක් ලෙයට ලෙයක් වෛරයේ තියරිය ද වටින්නේ. විනාශය නම් තෝර ගන්න තියෙන්නේ ඔබ මෝසස්ව තෝර ගන්න. හරි පැවැත්ම නම් ඔබ තෝරා ගන්නේ,ජේසුතුමන්ගේ අසල්වැසියන්ට ප්‍රේම කරන්න කියන එක තෝරා ගන්න.

ආණ්ඩුවේ නායකයා වර්ජනය ගැන දක්වන්නේ දරඳඩු ප්‍රතිපත්තියක් නම් ඒක සාධාරණ නැහැ. මොකද ආණ්ඩුව මැතිවරණ සිතියම එක පැත්තකින් අකුලන ගමන් හුස්ම හිරවන ජනතාවගේ ඛෙල්ලට තොණ්ඩුව දලා එල්ලන්නයි හදන්නේ. තව තවත් තිත්ත ඛෙහෙත් බොන්න තියෙනවා කිය කියා ආණ්ඩුව කරන්නේ ජනතාව මත බර පටවන එක උහුලන සීමාව පැන්නම ජනතාව එන්නේ මහ මුහුද ගොඩගලනවා වගේ. ගෝඨාභයට යන්න සිද්ධ වුනේ ජනතාව නැගිට්ට නිසා. හැබැයි ගෝඨාභය වෙඩි තියලා මර්දනය කළේ නැහැ. ඒ අරගලය හරි හෝ වැරදි හෝ වේවා ඒක වෙඩි තියලා යටපත් කරන්න බැරි බව ගෝඨා දැනගෙන සිටිය නිසා තමයි එයා යන්න ගියේ.



එය වත්මන් ජනපති රනිල් ගේ අවධානයට යොමු විය යුතු කාරණයක්. ඉතිහාසය තුළ කිසිම මර්දනකාරි පාලකයෙකුට පැවැත්මක් තිබිලා නැහැ විනාශය මිසක් 

ඒ වගේමයි වැඩ කරන ජනතාවත් මෝසස්ගේ තියරියෙන්ම කටයුතු කරනවාට වඩා මඳ ලිහිලක් දක්වන්න ඕන. ආණ්ඩුව ඒ ලිහිල හමුවේ දැඩිවෙනවා නම් ඉතිං අසල්වැසියාට වගේ ආණ්ඩුවට ප්‍රේම කරලා හරියන්නේ නැහැ.



ඒත් ආණ්ඩුවත් වර්ජකයනුත් හිතන්න ඕනේ ජනතාව ගැන. ආණ්ඩුව බලාගෙන ඉන්නවා IMF ණය මුදල හම්බවෙනකං. ඒකත් දෙන්නෙ හතර පාරකට. පළමු වාරිකය මාර්තු 20 දෙනවයි කියනවා. ඒ හතරවතාව දෙන්නේ අවුරුදු හතරකට ඛෙදලා. තිබුණු ආණ්ඩු IMF ණය අරං කරපු හරියේ සන්තැසිය  තමයි අද ජනතාවට ගෙවන්න වෙලා තියෙන්නේ.

ආණ්ඩුව ණය අරං කරන්නේ ඒ ගොල්ලන්ගේ සුඛවිහරණයට භාගයක්ම අරං පිස්සු කෙලින එක නම් ඒක වැරදියි. අනික ජනතාවට කැමති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය නැති කරන්න හදනවා නම් ඒක ජනතාව අතරින්ම මතු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමට එරෙහිව ප්‍රතිරෝධයක් විදිහටයි.


ආණ්ඩුව තිත්ත ඛෙහෙත් බොන්න කිය කියා ජනතාව මත බර පටවනවා නම් ඒකෙත් සීමාවක් තියෙනවා. උපයන විට බදු ගෙවීම විදුලි බිල නහුතයට නැගීම ජීවන වියදම ඉහළයාම වගේ කාරණා හමුවේ දැන් ජනතාව ඉන්නේ පාන් කියාගන්නත් බැරුවයි. රුපියල උඩ යනවා කිය කිය චූන් උනාට ඩොලරය ආයෙමත් ඉහළ යන්න ගියාම අපිට වෙන්නේ හොම්ඛෙන් යන්න වෙන එක. මෙතෙක් තිබුණු සෑම ආණ්ඩුවක්ම වගේ මේ ආණ්ඩුවත් ෂඵත‍ ණය මුදල අරං බාල් නටන්න ගියොත් සිද්ධ වෙන්නේ ජනතාවගෙන් පාඩම් ඉගෙන ගන්න සිද්ධ වෙන එකයි.

දැන් පැහැදිලිවම පේන්න තියෙන දෙයක් තමයි ආණ්ඩුව ඇතුළෙ පැහැදිලි ජනවරමක් නැහැයි කියන එක. දැන් පාර්ලිමේන්තුව ඇතුලේ බල තුලනය හේතුවෙන් ආණ්ඩුව ඉතාම දුර්වල බවට පත් කරගෙන තිඛෙනවා. ජනතාව සිතුම් පැතුම් එතන නියෝජනය වෙන්නේ නැහැ. අද වැදගත් ජනහිතකාමී යෝජනාවකට ඡන්දය දෙන්න මන්ත්‍රීවරු එන්නේ නැහැ. ඡන්දය දීමෙන් වැළකී සිටීමේ තියරියට අනුව එදාට පාර්ලිමේන්තු එන්නේ නැතුව ඉඳලා ආණ්ඩුව රකින්න සාපෝට් එක දෙන්නේ යටින්. විශේෂයෙන්ම උතුරේ දේශපාලන පක්ෂ උතුරේ ජනතාවගේ ඡන්දය අරං පාර්ලිමේන්තුව ඇතුළේ ඒ ජනතාවටම කොකා පෙන්නවා. පොහොට්ටුවෙන් කැඩිච්ච මන්ත්‍රීවරුත් එහෙමයි. පාර්ලිමේන්තුවට නාවත් ආවා වගේ. සජඛෙහි, ජාජඛෙයි විතරයි කෙලින්ම විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්නේ.

ඉතිං ආණ්ඩුවේ මහත්වරුන්ට කියන්න තියෙන්නේ ජනතාව හමුවේ, වර්ජකයන් හමුවේ දරඳඩු නොවි නම්‍යශීලි වෙන්න. ප්‍රශ්න විසඳන්න මර්දනය කියන විසඳුම දැන් යල්පැන ගිහින්. ජනතාවගේ ඡන්ද අයිතිය ජනතාවට දෙන්න.

එංගලන්තයේ සුප්‍රසිද්ධ ලේඛකයෙකු වන ජැක් ලන්ඩන් ගේ වැකියකින් මේ ලිපිය හමාර කරන්නම්.


''ඊසාන් තමාටම ද්‍රෝහියෙකු විය. ජූදාස් ඉස්කාරියොත් දෙවියන්ට ද්‍රෝහියෙකු විය. ඛෙනඩික්ට් ආර්නෝල්ඩ් තමන්ගේ රටට ද්‍රෝහිවිය. වර්ජනය බිඳ දමන්නෙකු ඔහුගේ දෙවියන්ට ද්‍රෝහියෙකු වන්නේය. ඔහුගේ රටට ද්‍රෝහිවන්නේය. ඔහුගේ බිරිඳට ද්‍රෝහිවන්නේය. ඔහුගේ පවුලට සහ පන්තියට ද්‍රෝහි වන්නේය.


ජැක් ලන්ඩන් නැමැති එංගලන්තයේ මහා ගත් කරුවාට අනුව වර්ජනයක් බිඳ දැමීම දෙවියන්ට ද්‍රෝහිවීමකි. රටට ද්‍රෝහිවීමකි. බිරිඳට ද්‍රෝහිවීමකි. සිය පවුලට සහ පන්තියට ද්‍රෝහීවිමකි.

සැබෑවින්ම එය සත්‍යයක් ද? එය සත්‍යයක් විය හැක්කේ වර්ජනය සාධාරණත්වය සහ යුක්ති සහගතව බව හේතු කොටගෙන විය යුතුය. අනිත් අතට ජැක් ලන්ඩන්ට අපගෙන් මෙසේ ප්‍රශ්න කළ හැකිය. සාධාරණ නොවන යුක්ති සහගත නොවන වර්ජනයක් තිබිය හැකිද යනුවෙනි.

කෙසේ වුවද සෑම පාලකයෙකුටම වර්ජනයක් පෙනෙන්නේ තම පාලනයට එරෙහිව කරනු ලබන නිහීන ක්‍රියාවක් ලෙසිනි. එය මර්දනය කරන්නේ එබැවිනි. එහෙත් වර්ජනයක මූල බීජය හටගන්නේ වර්ජකයන්ගේ සාගින්දර තුළය. ජීවත් වීමට නොහැකි අන්දමින් තමන් ආර්ථීකමය වශයෙන් පෙළෙන විටදීය.

එහෙත් 'ෆ්‍රැන්සිස්කෝ ෆ්‍රාන්ස්' අනුව නම් වර්ජනය යනු අපරාධයකි. කැලෑ නීතියකි. ආදීකල්පිත සමාජයන්ට ගැලපෙන්නෙකි. එහෙත් සැබෑවින්ම එය එසේ නොවන බව වර්තමාන ආර්ථීක අර්බුදය තුළින් අපට පෙනෙන්නේය.


mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...