The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිංහයෙක්ගේ සුරංගනා කතාව - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

March 18, 2023 • 7:38 AM

 සිංහයෙක්ගේ සුරංගනා කතාව - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැබැයි මේ සටහන ලෝක කුසලානේ ගැන නෙවෙයි.
  • ගුරා වගේ කෙනෙක්, මාවන් වගේ කෙනෙක්, හෂාන් වගේ කෙනෙක් ඇරෙන්න කොහොමත් 96 ටීම් එක ගොඩක් පරිස්සම්කාරයෝ නෙවෙයි.
  • කොච්චර දේශපාලන නිරවද්‍ය බව රකින්න උත්සාහ කරනව ද?
  • එක වචනයක් මිස් උණොත් ඒ හානිය හදන්න ගොඩක් අමාරුයි කියල හිතන නිසා වෙන්න ඇති වචන තෝරලා තෝරලා කතාකරන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

හැබැයි මේ සටහන ලෝක කුසලානේ ගැන නෙවෙයි. පොලිටික්ස් ගැන.

ලෝක කුසලානේ වෙලාවේ සනා බලන්න. අවදානමක් අරන් සෙල්ලම් කලේ. කළු ගත්තත් ලොකු පරිස්සම් කාරයෙක් නෙවෙයි. මේකේ අග්‍රඵලය අරවින්ද. ගහන්නේ යකෙක් වගේ. ගුරා වගේ කෙනෙක්, මාවන් වගේ කෙනෙක්, හෂාන් වගේ කෙනෙක් ඇරෙන්න කොහොමත් 96 ටීම් එක ගොඩක් පරිස්සම්කාරයෝ නෙවෙයි. ප්‍රහාරකයෝ. ආරක්ෂිතව ගහන උන් උනත් බය නැහැ.  

ඒ එතරම් පරිස්සම් නැති, බය නැති, අභියෝගාත්මක, හිතුවක්කාර කණ්ඩායම ජයග්‍රහණ ගෙනාවා. ලංකාව කවදාවත් නොසිතුව සිහිනයක් අත්පත් කරලා දුන්න. ලෝකයේ ජයග්‍රහණ දැක්ක හැම කණ්ඩායමක් වගේ රණශුරයෝ (warrior) විදියට ක්‍රීඩා කළා. ආසියාව පැත්තේ කපිල් දේව්, ඉම්රාන් ඛාන්, මියන්ඩාඩ්, වසීම් අක්‍රම්, අරා, අර්ජුණ මේ හැමෝම වගේ බය නැති ක්‍රීඩකයෝ. බය නැති එකටත් වඩා ඔය කිව්ව හැම චරිතයක්ම වගේ නාහෙට අහන්නෙත් නැති උං. විශේෂයෙන් ඔස්ට්‍රේලියාව.

cricket 1555484884

නාහෙට අහන්නේ නැති ඔස්ට්‍රේලියාවට අපි ගැහුවෙත් ඒ තාක්ෂණයම පාවිච්චි කරලා. සිංහයෙක්ගේ සුරංගනා කතාව ආරම්භ වෙන්නේ ඒ විදියට (Lion's fairy tale).

නමුත් දැන් දේශපාලන දිහා බලන්න. කොච්චර පරිස්සම් ද? කොච්චර පෝස්ට් මොඩන් ද? කොච්චර දේශපාලන නිරවද්‍ය බව රකින්න උත්සාහ කරනව ද? කොච්චර බුර්ෂුවා මැද පංතික වටිනාකම් වලට යටත් ද?

විප්ලව දෙකක් කරපු පක්ෂයක් හැටියට ජ. වි. පෙ. වර්තමාන නායකයා කතාකරන කොට වචන ගැන ගොඩක් පරිස්සම් වෙනවා කියල කියනවා.

එක වචනයක් මිස් උණොත් ඒ හානිය හදන්න ගොඩක් අමාරුයි කියල හිතන නිසා වෙන්න ඇති වචන තෝරලා තෝරලා කතාකරන්නේ.

හැබැයි බලන්න එස්බී. ''දන්නේ නැහැ ...දෙන්නේ නැහැ..කියන්නෙත් නැහැ ...පුළුවන් දෙයක් කරපන්'' කියල ගේම ඉල්ලනවා. එයා මොන තත්වය ඇතුලේ උනත් අර බුර්ෂුවා දේශපාලන නිරවද්‍ය වහන්තරාවට අභියෝග කරනවා. වාසු. ඒත් එහෙමයි. යකා නැග්ග. කියල දැම්ම.


නිකම් බලන්න එයාලට අදාල වෙනත් දේශපාලන කුජීතකම් ඇති. හැබැයි එස්. බී. ල, වාසු ල කුණුහරපයක් කීවා කියල මිනිස්සු එයාල ප්‍රතික්ෂේප කළේ නැහැ. අඳුරු පැවැත්මක්, හිතුවක්කාර පැවැත්මක් තිබ්බ කියල මහින්ද ප්‍රතික්ෂේප උනෙත් නැහැ. මිනිස්සු කැමතියි එහෙම බොරු බුර්ෂුවා සදාචාරයක් නඩත්තු නොකරන දේශපාලනයට. බොරු සංකේත පිළිවෙල අපි රකින්න ඕනි නැහැ.

දේශපාලනයේ නොසිතුව දුරක් යන්න මහින්දට එයාගේ 'හිතුවක්කාර' කියන පැවැත්ම බලපෑවා. ඒක අපි ඉගෙන ගතයුතු දෙයක්.

Spotlight චිත්‍රපටියේ The Boston Globe පත්තරේ අයිතිකාරයා අලුත් කතෘගෙන් (මාටි) අහනවා පල්ලිය ගැන නිශේධනාත්මක දෙයක් පළ කරන්න ගිහිල්ල අපේ ක්‍රිස්තියානි පාඨක ප්‍රජාව නැති වෙයිද කියල. මාටි එකවරම කියනවා, ''නැහැ..පාඨකයෝ වඩාත් ඒ ගැන උනන්දු වෙයි'' කියල. කිව්වා වගේම මිනිස්සු බොස්ටන් ග්ලෝබ් පත්තරේ නිව්ස් එක විශ්වාස කළා.

 බොරුවට බය වෙන්න එපා. දේශපාලන නිරවද්‍ය බව රකින්න එපා. උං ඒවා රකින්නෙත් නැහැ. සටන්කාමී වෙන්න. රැඩිකල් වෙන්න. සමාජවාදය තියා මොන වාදයක්වත් තනුක කරන්න යන්න එපා. තමන් විශ්වාස කරන දේ එක්ක ඉන්න. මිනිස්සු නිකම්ම ඔයාල විශ්වාස කරයි.


මීට වසර විසි හතකට කලින් අපි එයාල විශ්වාස කළා. ලෝක ගෝලයේ පොඩි හැබැයි නිර්භීත රණශුරයෝ ටිකක් ගේම ගහල කුසලානේ අරන් ආව. එතනින් ඉගෙන ගමු.

අපිට නැතිවෙන්න කියල තවත් දේවල් නැහැ. අළු වල ඉඳල පටන් ගම්මු.

Mahesh Hapugoda

 

 

 (ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...