The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දේව දෘෂ්ටිවාදය සහ ව්‍යවස්ථා උල්ලංඝනය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 18, 2023 • 6:38 PM

දේව දෘෂ්ටිවාදය සහ ව්‍යවස්ථා උල්ලංඝනය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යනුවෙන් පාස්ටර් ජෙරම් විසින් නටමින් ගයන ගීයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිරේ.
  • මෙහි කියන යේසුස් හෙවත් එකම දෙවියන්ගේ “බලය” දෙහි ගෙඩියකට හෝ නූලකට හෝ තෙල් ටිකකට හෝ සමාන කිරීම ජෙරම්ගේ #අරමුණ නොවූ බව මට විශ්වාසය.
  • “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය.” (2022) යනුවෙන් මහාචාර්ය නිර්මාල් දේවසිරි විසින් කරන ප්‍රකාශය පිළිබඳව සැබැවින්ම පොතක් ලිවිය හැකි තරම් විශ්ලේෂණ පරාසයක් තිබේ.
  • මෙහිදී මා පෙන්වන්නට උත්සාහ කරන්නේ නිර්මාල්ගේ එම ප්‍රකාශයට පදනම් වන්නේ දේව දෘෂ්ටිය බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

යනුවෙන් පාස්ටර් ජෙරම් විසින් නටමින් ගයන ගීයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ පැතිරේ. මෙහි කියන යේසුස් හෙවත් එකම දෙවියන්ගේ “බලය” දෙහි ගෙඩියකට හෝ නූලකට හෝ තෙල් ටිකකට හෝ සමාන කිරීම ජෙරම්ගේ #අරමුණ නොවූ බව මට විශ්වාසය. නමුත් ඔහු වණන දෙවියාගේ සාර්ව “බලය” මේ ලිපියට ක්ලික් වේ.



“ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය.” (2022) යනුවෙන් මහාචාර්ය නිර්මාල් දේවසිරි විසින් කරන ප්‍රකාශය පිළිබඳව සැබැවින්ම පොතක් ලිවිය හැකි තරම් විශ්ලේෂණ පරාසයක් තිබේ. නිර්මාල්ට අනුව ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකි වන්නේ කෙසේද? යන මූලික ප්‍රශ්නය කෙටියෙන් විමසන කටුසටහනකි මෙය. මෙහිදී මා පෙන්වන්නට උත්සාහ කරන්නේ නිර්මාල්ගේ එම ප්‍රකාශයට පදනම් වන්නේ දේව දෘෂ්ටිය බවයි.



ව්‍යවස්ථාවක් (Constitution) පිළිබඳ අදහසට මූලික වන්නේ බයිබලයේ එන “දසපනත” (Ten Commandments) යැයි මතයක් තිබේ. දසපනත ප්‍රකාශ කරන්නේ ප්‍රොෆට් මෝසස් වුවත් ප්‍රොෆට් මෝසස් කියන ආකාරයට එය ඔහුට කියන්නේ කන්ද උඩ ස. බ. දෙවියාය. මෙහි අදහස වන්නේ දසපනතේ එන නීතිරීතී මනුෂ්‍යයා විසින් පිළිගත යුත්තේ ඒවා ස. බ. දෙවියා විසින් පනවන නීති නිසාය. දෙවියාගෙන් තොරව එම නීතිවලට නිරපේක්ෂ හෝ වාස්තවික හෝ පරම හෝ සුදුසුකමක් නැත. එනම් ඒවා “උල්ලංඝනය කළ නොහැක්කේ” ඒවා ස. බ. දෙවියා විසින් පනවන නිසා සහ ඒ නිසා පමණී.



උදාහරණයක් ලෙස “Thou shalt not kill” හෙවත් “තෝ නොමරනු” යන හයවැනි පනත “උල්ලංඝනය නොකළ යුත්තේ” එය ස. බ. දෙවියා විසින් තොපට පනවන ලද නිසා මිසක් “ප්‍රාණඝාතයෙන් වැළකීමෙහි” කිසිදු නෛසර්ගික සත්‍යයක් නොමැති නිසාය යන්න දේව දෘෂ්ටියයි. සරලව කිව්වොත් අපි "එකිනෙකාව ඇදගෙන ගොස් මුගුරෙන් පහර දී ඝාතනය කර ලේ හලමින් මහමග ඇදගෙන යන්නට" නිර්මාලියානු “හැකියාවක්” නොමැති වන්නේ ස. බ. දෙවියා විසින් “තා එසේ නොකරනු” යැයි කියා ඇති නිසාය. මෙන්න මේක තමයි නිර්මාල්ගේ ප්‍රකාශයට අදාළ වෙන දේව දෘෂ්ටිය.



නිර්මාල් සහ ඔහුගේ අනුගාමිකයන් ඉන්නේ මෙන්න මේ දේව දෘෂ්ටියේ. ඒ නිසා තමයි ඔවුන් මගෙන් අහන්නේ “කවුද ඔය ව්‍යවස්ථාව හැදුවේ?” වැනි ප්‍රශ්න. මොකද ඔවුන්ගේ සදාචාරය පිළිබඳ අදහස එන්නේම “කවුද” (දෙවියද?) කියන තැනින්. ඔවුන්ගෙන් ඇතැමුන් ස්වයං ප්‍රකාශිත අදේවවාදීන් (ජනප්‍රිය නිරාගමික) වුවත් මෙවැනි අවස්ථාවල ඔවුන්ගේ දේව දෘෂ්ටිය අපට පැහැදිලිව හඳුනාගත හැකියි.

මෙතන විශේෂත්වය තමයි ස. බ. දෙවියා පනවන නීති ස. බ. දෙවියාටම පමණක් “උල්ලංඝනය කළ හැකි” වීම. මහා ජලගැල්මක් එවා සමූහ මනුෂ්‍ය ඝාතන කිරීම “Thou shalt not kill” යන්න අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. දෙවියාට අවශ්‍ය නම් දෙවියාම වන දෙවියාගේ පුත්‍රයා කුරුසයේ ඇණ ගසා ඝාතනය කළ හැකිය. සියල්ල සිදු වන්නේ ස. බ දෙවියාගේ කැමැත්තට අනුවය. ජෙරම් කියන ආකාරයට ක්‍රිකට් මැච් ගහන ලංකාවේ කණ්ඩායම දිනවන්නෙත් පරදවන්නෙත් ස. බ. දෙවියාය. ගෝඨාභය ජනපති කරගන්නෙත්, ගෙදර යවන්නෙත් ස. බ. දෙවියාය. ඒ අනුව පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුත් ස. බ. දෙවියාය. මේ තමයි “පරමාධිපත්‍ය” පිළිබඳ දේව දෘෂ්ටිය (Sovereignty of God).



නිර්මාල්ගේ ප්‍රකාශයේ පදනම වන්නේ දැන් පරමාධිපත්‍ය “බලය” පිහිටා ඇත්තේ “ජනතාව” කෙරෙහි නිසා ජනතාව විසින් පනවන “ව්‍යවස්ථාව” ජනතාවට ඕනෑ වෙලාවක “උල්ලංඝනය කළ හැකි” බවයි. නිර්මාල් කරන්නේ ඔහුගේ “ජනතාව” සහ “ස. බ. දෙවියා” සමාන කිරීමකි. එය පැහැදිලිවම දේව දෘෂ්ටියයි. ජනතාව යනුත් ස. බ. දෙවියා වැනි සංකල්පයක් මිසක් සැබැවින්ම නොපවතින දෙයක් බව ඔහු කියන්නේ ඒ පදනමිනි. එයත් දේව දෘෂ්ටියම බව ඔහුට නොතේරේ.



නිර්මාල් සහ ඔහුගේ අනුගාමිකයන්ගේ මෙම දේව දෘෂ්ටියට පරිබාහිරව කුසලාකුසල හෙවත් සදාචාරය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් සහ ඊට සමපාත වන පැවැත්ම සඳහා සදාචාරය (morality) පිළිබඳ නූතන ස්වභාව විද්‍යාත්මක සොයාගැනීම් තිබේ. ඒ මත පිහිටන ව්‍යවස්ථාව පිළිබඳ නූතන අදහස් ගැන නිර්මාල්ට කීමෙන් ඵලක් නොවන්නේ ඔහු දැඩිව දේව දෘෂ්ටියේ එල්බ සිටින නිසාය. නමුත් කවදා හෝ ඔහුට එය අවබෝධ වනු පිණිස ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 මාර්තු 18

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දේව දෘෂ්ටිවාදය සහ ව්‍යවස්ථා උල්ලංඝනය - (එරන්ද ගිනිගේ) | The Leader