The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මානීගේ තීරුව : අපේ රටේ ප්‍රීතිමත්ම මනුස්සයා කවු ද ?

T

The Leader Desk

March 19, 2023 • 11:33 AM

මානීගේ තීරුව : අපේ රටේ ප්‍රීතිමත්ම මනුස්සයා කවු ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ අසල්වැසියා අප දුටු වහාම සිනා මුහුණින් එතනට ඇදී ආවේය.
  • රනිල් ලොක්කගෙ පින තමයි " "පච කෙළින්න එපා හලෝ.
  • "ඇත්තටම ඒක සජබෙ විතරක් රනිල්ට දෙන සහයෝගයක් නෙවෙයි" අසල්වැසියා කියා සිටියේය .
අකුරු ප්‍රමාණය (Font Size):



අපේ අසල්වැසියා අප දුටු වහාම සිනා මුහුණින් එතනට ඇදී ආවේය.

"මාර්තු විසිවැනිදා ඉන්ටනැෂනල් හැපි ඩේනෙ (ජාත්‍යන්තර ප්‍රීතිමත් දිනය)" ඔහු සිනාසෙමින් අපට දැනුම් දුන්නේය ." මේ අවුරුද්දෙ ලංකාවත් ඒක මහ ඉහළින් සමරයි නේද ?"

"තමුසෙට මැන්ටල්ද ඕයි ?" මට එසැණින්ම ඇසුණේය. "රටේ මිනිස්සු මෙච්චර අවුලෙන් ඉන්න කාලෙක කොයි එකාට ද ප්‍රීතිමත් දිනයක් සමරන්න පුළුවන් ?"

"ඒ වුණාට රටේ ජනාධිපති හොඳටම ප්‍රීතියෙන්නෙ ඉන්නෙ "අසල්වැසියා කියා සිටියේය. "ඒක නිසා සමරයි "

"එයා මොකටද සන්තෝසෙන් ඉන්නෙ ?" මෙහිදී බිරිඳ නොරිස්සුමෙන් ඇසුවාය . "අයි.එම්.එෆ්. ණය හම්බුවෙනවට ද?"

"ඒක එකක් විතරයිනෙ. ජීවිත කාලෙම පරම හතුරා වෙලා හිටපු මිනිහට පොහොට්ටුවෙ දැන් තියෙන භක්තියම මදිද එයාට සතුටු වෙන්න " අසල්වැසියා අපෙන් අසා සිටියේය. "රනිල් උන්ට වශී ගුරුකමක් කරල වගේනෙ මෑන් ගහන ගහන පදේට කට්ටිය නටන්නෙ"

"මොකට කියනව ද ? "බිරිඳ අවඥාවෙන් කියා සිටියා . "ජනමතය කල් ඉකුත් වෙච්චි කට්ටියගෙ තමයි ඉතින් එයැයිට පිළිගැනීම තියෙන්නෙ "

"එහෙම කියන්න එපා. කවුද හිතුවෙ ආණ්ඩු විරෝධී වෘත්තීය සමිතිත් මනුස්සයට සපෝට්ටෙක දෙයි කියල " ඔහු ඊළඟට කියා සිටියේය ."කට්ටිය කතා කරපු හැටියට මං හිතුවෙ ලොක්කටත් ගෝටාට වෙච්චි සන්තෑසියම තමයි කියල . ඒ වුණාට අඛණ්ඩ වැඩ වර්ජනේ එක දවසෙන් නැවැත්තුව කියන්නෙ කොහොමද ඒ සහයෝගෙ? රනිල් ලොක්කගෙ පින තමයි "

"පච කෙළින්න එපා හලෝ. වෘත්තීය සමිති කියන්නෙ කාටවත් සපෝට් කරන කට්ටියක් නෙවෙයිනෙ " මම ඔහුට මතක් කර දුනිමි . "ඒගොල්ලො සපෝට් කරගන්නෙ ඒගොල්ලන්ටම විතරයිනෙ "

"ඒක නම් හරි. ඒ වුණාට වෘත්තීය සමිති නායකයො කියන්නෙ මොන ලොක්කෙක්වත් ගණන් නොගන්න පට්ට පොරවල්නෙ" අසල්වැසියා කියා සිටියේය.
" කොටින්ම රට බංකොලොත් කරල දැමීමෙ ගෞරවේ අපි දෙන්නෙ දේශපාලනඥයන්ට විතරක් වුණාට හරි නම් ඒකෙන් බාගයක්ම අයිති වෘත්තීය සමිති නායකයොන්ටනෙ. එහෙව් වැඩ්ඩොත් රනිල්ට සුමානෙකට චාන්ස්සෙක දුන්න කියන්නෙ කොච්චර සන්තෝස වෙන්න ඕන කාරණයක්ද?"

"වෙන මොනවද රනිල්ට සන්තෝස වෙන්න තියෙන කාරණා?"

"සජිත් බබා පුද්ගලිකව දෙන සහයෝගෙයි, සජබෙ පක්ෂයක් හැටියට දෙන සහයෝගෙයිත් රනිල්ට විශාල හයියක්නෙ මචං "

"සජිත් කියන්නෙ විපක්ෂ නායකයා, රනිල්ව එළවල ජනාධිපති වෙන්න ලෑස්ති වෙන මිනිහා" මම කේන්තියෙන් කියා සිටියෙමි . "එහෙම මනුස්සයෙක් රනිල්ට සහයෝගෙ දෙනව කියල මඩ ගහන්න එපා මිනිහො"

"එහෙම දැනුවත්ව සපෝට් කරනව නෙවෙයිනෙ බං" අසල්වැසියා කියා සිටියේය. "ඒ වුණාට සජිත් කතා කරන කොට හිතෙන්නෙ නැද්ද (ඉතිරි කොටස කපා හරින ලදී )

"මොකක්ද එතකොට සජබෙ පක්ෂයක් හැටියට රනිල්ට දෙන සහයෝගෙ ?" බිරිඳ අප්‍රසාදයෙන් ඇසුවාය.

"ඇත්තටම ඒක සජබෙ විතරක් රනිල්ට දෙන සහයෝගයක් නෙවෙයි" අසල්වැසියා කියා සිටියේය . "ජෙප්පොත් එක්ක එකට එකතු⁣ වෙලා දෙගොල්ලොමයි ඒ සහයෝගෙ දෙන්න "

මේ වන විට මුණුබුරා සමග ගේට්ටුව ළඟට පැමිණ අපේ සංවාදයට සවන් දෙමින් සිටි පුතාට ඒ කතාවෙන් කේන්ති ගියේය.

"මොකක්ද අන්කල් ඒ කබල් කතාව?" ඔහු උද්වේගයෙන් ඇසුවේය . "මොකක්ද ජෙප්පොයි, සජබෙයි එකතු⁣ වෙලා රනිල්ට දෙන සපෝට්ටෙක?"

"ඇයි දෙයියනේ ඒක මේ මුළු රටටම පේන්න තියෙනවනෙ  "අසල්වැසියා හයියෙන් කියා සිටියේය. "ආණ්ඩුව තමන්ගෙ පොදු හතුරා නම් මුන් දෙගොල්ල එකතු⁣ වෙන්න ඕන නේද ආණ්ඩුවට විරුද්ධව සටන් කරන්න"

අපි සියළු දෙනා කටවල් ඇරගෙන අසා සිටියෙමු.

"ඒ වුණාට උන් දෙගොල්ලො බැණගන්නෙ තමන්ගෙ ප්‍රධාන හතුරා සජබෙ නැත්නම් ජවිපෙ කියල හිතාගෙනනෙ" ඔහු අප⁣ට කියා සිටියේය."විපක්ෂෙ පොදු හතුරා රනිල් නෙවෙයි නම්, මුන් දෙගොල්ලොම  ඉල්ලන ජනාධිපතිවරණයකට තමනුත් ඉල්ලන්න රනිල් කොච්චර සන්තෝසෙන්ද ඇත්තෙ?"



sundara nihathamani de mel(සුන්දර නිහතමානි ද මැල්)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

(සුන්දර නිහතමානි ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගැනිණ )


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...