The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විමලෙගෙ කොලම : දෙමුහුන් කුලයේ පැඟිරා

T

The Leader Desk

March 20, 2023 • 2:28 PM

විමලෙගෙ කොලම : දෙමුහුන් කුලයේ පැඟිරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දසන් විදා සුර කෙල්ලක් වාගේ, නිතර ඔබේ දෙසයි බලන්නේ, මහද මන්දිරේ සාමේ පෙනෙන සුන්දරී මාගේ, රෝස මල් කුමාරි මා ප්‍රියාවී ආදී මොන පදය කියනකොටත් සින්දුවේ තාලය කෙසේ වෙතත් එතුමාගේ තාලයකට අප්පුඩි ගසමින් ගෑනු පරාණයක් පේන්න නැති කොළු රංචුවක් මැද මෑන් පට්ට ෆන් එකක් ගත්තේ ය.
  • ආයෙත් සැරයක් මහින්දව ජනාධිපති කරන්න හදන්නේ කවුද කියා බලනකොට දැක්කේ ඒ පදය කියා තිබුණේ ජනාධිපතිතුමා ළඟ නට නටා සිටි නාමල් බවය.
  • පිස්සුද සර් එහෙම වෙන්න දෙනවද කියූ හර්ෂ ද සිල්වා කිරිපුස්සාගේ පැටියාගේ කරට අත දමා මචං කියා උගේ ඔලුවත් සිඹ සැනසුවේය.
  • සකබෝනා මට්ටමට වෙරි මතේ සිටි ජනාධිපතිතුමාගේ ක්ලාස් මේට් කෙනෙක් ඇසුවේ අප්‍රේල් 25 මුකුත් වෙනවද සර් කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

දසන් විදා සුර කෙල්ලක් වාගේ, නිතර ඔබේ දෙසයි බලන්නේ, මහද මන්දිරේ සාමේ පෙනෙන සුන්දරී මාගේ, රෝස මල් කුමාරි මා ප්‍රියාවී ආදී මොන පදය කියනකොටත් සින්දුවේ තාලය කෙසේ වෙතත් එතුමාගේ තාලයකට අප්පුඩි ගසමින් ගෑනු පරාණයක් පේන්න නැති කොළු රංචුවක් මැද මෑන් පට්ට ෆන් එකක් ගත්තේ ය.

ඊළඟට එතන කට්ටිය කීවේ ' රාළේ බැඳපන් කිරි පුස්සා, රාලේ බැඳපන් අපෙ පැඟිරා'  සිංදුව ය.

 රනිල්ගේ කැචරෙක් කිව්වේ දැන් කිරිපුස්සට දෙපැත්තෙන් අල්ලන්නෙ නැතුව ඇවිදගන්නත් බැහැ ඒ හින්දා දෙදාස් විසි හතරෙදි පැඟිරා සෙක්කුවේ බැඳපල්ලා කියාය.

මේ වෙලාවේ රෝයල් පිතිකරුවකු ගැසූ හයේ පාරක් ජනාධිපතිතුමා සිටි පැවිලියන් එකේ වහලය උඩට වැටුණු අතර එතුමා උඩ පැන පැන කීවේ 'දෙමුහුන් කුලයේ උපන්න කදීම නායකයෙකි තොපෙ පැඟිරා' කියාය. ළඟ සිටි තෝමියන් old boy කෙනෙක් ඒ වෙනකොටත් කන් පාත් කරගෙන සිටි සමකාලීන royalist කෙනෙක්ගෙන් ඇසුවේ මෑන් දෙමුහුම් වෙන්නේ කොහොමද මචං මට තේරෙන්නේ නෑ කියාය. පරණ රෝයල් කාරයා වටයක් කරකැවී කීවේ ඇයි යකෝ රනිල් රාජපක්ෂ කියන්නේ දෙමුහුන් උනාට පස්සේ තමයි කියාය.

මේ අව් අස්සේ එකෙක් කිව්වේ ආයෙත් සෙක්කුවෙ සරු බිම හොයන්න බඳිනවදෝ කිරිපුස්සා කියාය. ආයෙත් සැරයක් මහින්දව ජනාධිපති කරන්න හදන්නේ කවුද කියා බලනකොට දැක්කේ ඒ පදය කියා තිබුණේ ජනාධිපතිතුමා ළඟ නට නටා සිටි නාමල් බවය. හර්ෂ ද සිල්වා කොච්චරවත් වැටෙන්න යන තොප්පිය අතින් හදන ගමන් කීවේ මිනිහා දැන් කිරිපුස්සා නෙමෙයි බක පුස්සා කියාය.

ජනාධිපතිතුමා කාටත් ඇහෙන්න හයියෙන් කීවේ 'පැඟිරා පන්නා පුස්සව බැන්දොත් අයි එම් එෆ් වානා රාලේ' කියාය. පිස්සුද සර් එහෙම වෙන්න දෙනවද කියූ හර්ෂ ද සිල්වා කිරිපුස්සාගේ පැටියාගේ කරට අත දමා මචං කියා උගේ ඔලුවත් සිඹ සැනසුවේය. ජනාධිපතිතුමා හිනාවී කීවේ හර්ෂ හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක් කියාය. ඒ කතාවට බිය වූ අකිලයා 'අපි සුරංගනීට මාළු'  ගහමු සර් කියා ජනාධිපතිතුමාගේ අවධානය හද්දා නාකි සුරංගනීගේ පැත්තට හරවන්න බැලුවේය.

මේ වෙලාවේ සයින්ද පී. සකබෝනා මට්ටමට වෙරි මතේ සිටි ජනාධිපතිතුමාගේ ක්ලාස් මේට් කෙනෙක් ඇසුවේ අප්‍රේල් 25 මුකුත් වෙනවද සර් කියාය. ජනාධිපතිතුමා එකපාරටම ඔඩ්ඩිස ට ආරූඪ වී මොකුත් මතක නැතුව වගේ ආපහු සිහින ලොවේ සිහින මැවූ මාලිට මාරුවෙන්න හදන ගමන් පංති සගයාට කීවේ එදාට දාගත්ත විශේෂ වැඩක් නම් නැහැ, ඒ පැත්තෙ වරෙං මචං කියාය.

තෝමියන් බැට්ස්මන්ලා රෝහිතලා, මහින්දානන්දලා, ලොකුගේලා ගානට අවුට් වෙන මට්ටටමට වැටී සිටියෝය. රාජකීය ජයග්‍රහණය පෙනි පෙනී සිටි අවස්ථාවක ගුරු මාරු ලැබෙන්නට නියමිතව සිටි රෝයල් එකේ භූමිපුත්‍ර ගුරුවරු සෙට් එකක් ජනාධිපතිතුමා වටකරගෙන කීවේ සර් ගියොත් ජනාධිපතිකම කරන්න අයිඩියල් president කෙනෙක් රටට අහිමි වෙනවා කියාය. yes of course කී ජනාධිපතිතුමාට අනතුරුව ගුරුවරුන් කීවේ සර් අපෙත් ගුරුමාරු ඇවිල්ලා, අපි ගියොත් සර්ගෙ ඉස්කෝලෙට පාඩුයි කියාය. ඒකටත් yes of course කී ජනාධිපතිතුමා මැච් එක දිනා ගෙදර ආ ගමන් ජාතික පාසල් සඳහා වන ගුරු මාරු මණ්ඩලය අහෝසි කළේ ය.


Wimalanath Weerarathna(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී

wimale.ravaya@gmail.com

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...