The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විමලෙගෙ කොලම : මාර සනීපයි මචං

T

The Leader Desk

March 21, 2023 • 5:06 PM

විමලෙගෙ කොලම : මාර සනීපයි මචං

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගත්තේ ඔන්න අපේ පැත්තේ යුතුකම අපි ඉටු කරා කියන්නටය.
  • කින්ද මන්ද අසා IMF දූත මණ්ඩල ප්‍රධානී මෂීරෝ මහතාට මුව නොසෑහෙන ලෙස ස්තුති කළේය.
  • අපොයි සර් ඕකා මාලිමාවේ එකෙක් වෙන්න ඇති උන් කවදත් IMF විරෝධියි කියා කීවේය.
  • පූසා අනතුරුව ඇසුවේ ඇත්තටම බොස් බොස්ලගෙ නිර්දේශවල හැටියට අපි ඔය සල්ලි වලින් මොන මොන වගේ වැඩද කරන්න ඕනේ කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):

ගත්තේ ඔන්න අපේ පැත්තේ යුතුකම අපි ඉටු කරා කියන්නටය. ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ පම්ප් එකක් ගසන්නට ගොස් සිටි අතර දුරකථනයට ආන්සර් කළ ජනාධිපතිතුමාගේ පූසා කතා කරන්නෙ කවුද? කින්ද මන්ද අසා IMF දූත මණ්ඩල ප්‍රධානී මෂීරෝ මහතාට මුව නොසෑහෙන ලෙස ස්තුති කළේය.

මෂීරෝ, ජනාධිපතිතුමාගේ පූසාගේ තෙත්තියං පාර අසාගෙන සිට අපි දැනං උන්නෙ නැහැනෙ මේ රටේ පූසොත් මාර විදිහට කළගුණ මතක තියන සෙට් එකක් කියලා කීවේය. අනතුරුව දූත මණ්ඩල ප්‍රධානියා අර යානිස් වරුෆාකිස් කියන එකා අපි ගැන පච කෙල කෙල ලෝකේ පුරා යනවා, උඹලා ඕවා ගණන් ගන්න එපා කියා කීවේය. අපොයි සර් ඕකා මාලිමාවේ එකෙක් වෙන්න ඇති උන් කවදත් IMF විරෝධියි කියා කීවේය.



මෂීරෝ අනතුරුව ඇසුවේ ඒක නෙමෙයි, උඹලගෙ බොසාගේ ඇහැ වහලා අර කපුටාස් කියන එකා බිලියන දෙකයි දසම නමයට කෙළියිද, ඒ ගැන කල්පනාවෙන් ඉන්න කියලා බොසාට කියපන් කියාය. මෂීරෝ ඩබල් එකේම ඇසුවේ උන්ගෙ අයියත් ඉස්කෝලෙ යන කාලේ කැන්ටිමේ මාළු පාන් ණයට කාලා කාලා සල්ලි ඉල්ලපුවාම කැන්ටිම කරන එකාට පිහියෙන් ඇනලා ඉස්කෝලෙනුත් අස්කරාලු නේද කියාය.



සර්ලා ඒ යක්කු ගැන ඔච්චර හොඳට දන්නේ කොහොමද කියා ඇසූ පූසාට මෂීරෝ කීවේ ඒකෙන් උඹට කමක් නෑ, කපුටුහාමි ඕකෙනුත් සීයට දහයකට අරියිද කියන එකයි අපිට තියන අවුල කියාය.

පූසා අනතුරුව ඇසුවේ ඇත්තටම බොස් බොස්ලගෙ නිර්දේශවල හැටියට අපි ඔය සල්ලි වලින් මොන මොන වගේ වැඩද කරන්න ඕනේ කියාය. දූත මණ්ඩල ප්‍රධානියා කීවේ බොලාගේ balance of payments වල මාර ප්‍රශ්න ගොඩක් තියෙනවලු නේ, ඒවා විසඳ ගන්න තමා ඕක මූලික වශයෙන් දෙන්නේ. ඒත් ඉතිං උඹලා හෙන හාන්සි පිට ඉන්න හින්දා budget support  එකකටත් මේ සල්ලි පාවිච්චි කරන එක ගැන අපේ විරුද්ධත්වයක් නැහැ කියාය.

හරි ඉතින් වෙන වෙන කියා ඇසූ පූසාට IMF දූත මණ්ඩල ප්‍රධානියා කීවේ තව ඉතිං බොලාගෙ social safety net එක ශක්තිමත් කරගන්න ඔය සල්ලි පාවිච්චි කරන්න පුළුවන් කියාය.

පූසා ඒ කියපු සමාජ ආරක්ෂණ දැළේ පැටලී දිගු කල්පනාවකට වැටුණු අතර මෂීරෝ කීවේ ඔච්චර හිතන්න දෙයක් නෑ, රටේ විදෙස් සංචිත ඉහලටම නංවන්න මේ ඩොලර් බිලියන 2.9 පාවිච්චි කරනවා කියලා ලෝකෙ හොදම මුදල් ඇමති කියලා තිබුණනේ, ඉතින් අවුලක් නැහැ නේ කියාය. ඒ කතාව ඇසූ ගමන් පූසාට සිහි විසඥ විය. මෂීරෝ Hello my dear  cat, cat  කියා කෑගැසුවත් පූසාට එය නෑසුණි. පූසාට එසැනින්ම හීනයක් පෙනෙන්නට පටන් ගත්තේය.



IMF ණය මුදල වන ඩොලර් බිලියන දෙකයි දසම නමය මාගලක් මත වේලෙන්නට දමා තිබුණි. මාගල දෙපැත්තේ වාඩිවී සිටි ලෝකයේ හොඳම මුදල් ඇමති සහ හිටපු මුදල් ඇමති මොළ හතා රටේ විනිමය සංචිත නැංවීම පිළිබඳ සාකච්ඡා  ආරම්භ කර තිබුණි.


       

Wimalanath Weerarathna(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී

wimale.ravaya@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විමලෙගෙ කොලම : මාර සනීපයි මචං | The Leader