The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සංවර්ධනය මෙන්ම පාරිසරික ආරක්‍ෂාවද නීතියේ මූලධර්මයක් - (රවීන්ද්‍ර කාරියවසම්)

T

The Leader Desk

March 23, 2023 • 4:59 PM

සංවර්ධනය මෙන්ම පාරිසරික ආරක්‍ෂාවද නීතියේ මූලධර්මයක් - (රවීන්ද්‍ර කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංවර්ධනය කරගන යන විට පරිසරය හා සොබාදහම ඉල්ලා සිටිති.
  • මෙම මාර්ග දෙකටම මැදිව කල හැකි සංවර්ධන ක්‍රියා වලියක් ඇත්ද එසේ නැත්නමි සංවරධනය නොකර පරිසරය සුරැකීම සිදු කිරීමට ජනතාව කැමතිද?
  • මෙම ගැටලු අතර දෝලනය වෙමින් අද දවස වන විට ජනතාව හා සංවර්ධනය අතර අනවරත අරගලයක් ආරමිභ වී ඇත.
  • එහෙත් සංවර්ධනය හා සංරක්ෂණය දෙකම දූරදර්ශි බවක් මිනිසුන්ට ඇතිවිය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

සංවර්ධනය කරගන යන විට පරිසරය හා සොබාදහම ඉල්ලා සිටිති. මෙම මාර්ග දෙකටම මැදිව කල හැකි සංවර්ධන ක්‍රියා වලියක් ඇත්ද එසේ නැත්නමි සංවරධනය නොකර පරිසරය සුරැකීම සිදු කිරීමට ජනතාව කැමතිද?  මෙම ගැටලු අතර දෝලනය වෙමින් අද දවස වන විට ජනතාව හා සංවර්ධනය අතර අනවරත අරගලයක් ආරමිභ වී ඇත.

එහෙත් සංවර්ධනය හා සංරක්ෂණය දෙකම දූරදර්ශි බවක් මිනිසුන්ට ඇතිවිය යුතුය. ඒවා නිකමිම ඇතිවන්නේ නැත අත් දැකීමි , සිත් දැකීමි, නෙත් දැකීමි සහ පොත පතේ නොමැති දේවල් වලින් එහාට සිතන අවබොධයක්ද අවශ්‍ය වෙති.



1986 සංවර්ධනයට ඇති අයිතිය පිළිබඳ ප්‍රකාශනයෙහි පළමු වෙනි වගන්තියෙහි දැක්වෙන්නේ සංවර්ධනය වීම සඳහා ඇති අයිතිය අහිමි කළ නොහැකි මානව අයිතිවාසිකමක් බවයි. මෙම ප්‍රකාශනයට ජාත්‍යන්තර ප්‍රජාවගේ අතිමහත් සහයෝගයක් ලැබුණි.



1992 රියෝ ප්‍රකාශනයේ 3 වන මූලධර්මය මගින් සංවර්ධනයට ඇති අයිතිය සපුරාලීමේ අවශ්‍යතාව නැවත වරක් සහතික කෙරිණි. සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ ඇත්ත වශයෙන්ම එය සංවර්ධනය උදෙසාම හෝ එමගින් බිහි කරන ආර්ථික ප්‍රතිලාභ උදෙසාම ක්‍රියාත්මක වන දෙයක් නොවන බව සංවර්ධනය මානව ඉතිහාසයේ සිට සිදුවු යමි යම් ආකාරයන්ගෙන් හඳුනා ගත හකිය.

සංවර්ධනය සොබාදහම සුරක්ෂිත දෙකක් නොව එකම කාසියේ පැති දෙකකි එම නිසා මානවයාගේ නිසා  මානවයාගේ සමස්ථ සතුට , සුභසිද්ධිය  සොබාදහමෙි සුරක්ෂිත තාවය ඉහළ නැංවීමේ එහි අඩංගු ගුණයක් ලෙස පුරාණ  මිනිසුන්ගේ මෙන්ම තිරසාර සංවර්ධනය ලෙස වර්ථමානයේ හඳුන්වා දී ඇති සංවර්ධන මාදිලියේද ප්‍රමුඛ අදහස විය.

මානවයාගේ සමස්ත සතුට හා සුභසිද්ධිය වැඩි දියුණු කිරීම පිළිබඳ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ලෝකයේ සෑම පෙදෙසකම කලින් කලට කුඩා වූත් විශාල වූත් විවිධාකාරයේ සංවර්ධන ව්‍යාපෘතීන් දියත් කිරීම වැදගත් මෙන්ම නොවැළැක්විය හැකි දෙයකි. නමුත් මෙහිදි අපගේ මෙන්ම සත්ව හා ශාක ප්‍රජාවගේ මුලික පදනම වන සොබාදහම විනාස කරමින් එය සිදුකලහොත් ඉහත  සංවර්ධනයෙන් බලාපොරොත්තු වූ මානව සතුට හා සොභාග්‍ය පවත්වා ගන යා නොහැකි බව අපට උදාහරණ ඇතිව කොරෝනා වැනි ව්‍යවසනයන් පවා පෙන්වා දී ඇත.

සංවර්ධනය මෙන්ම පාරිසරික ආරක්‍ෂාවද නීතියේ මූලධර්මයක් ලෙස පිළිගන ඇත අතර  ඒ එය යහපත් සෞඛ්‍යයකට ඇති අයිතිය හා ජීවිතයට ඇති අයිතිය වැනි බොහෝ මානව අයිතිවාසිකම්වලට   අනනෝ‍යන්‍ය සමිබන්ධයක් දක්වති. පරිසරය නැසෙන විට මිනිසාගේ පමණක් නොව සියලුම ජීවීන්ගේ ජීවත්වීමෙි අයිතිය අභියෝගයට ලක්වෙයි. එම නිසා   නුතන සංවර්ධනය හා මානව අයිතිවාසිකමි යන දෙකම එකවර මිනිසුන්ට ඉල්ලා සිටිය නොහැකිය. ඒ දෙකම එකවිට දෙකම අවශ්‍යනමි  මිනිසුන් තමන්ගේ අවශ්‍යතා සීමා කරගැනීමට කැමැත්තක් දැක්විය යුතු අතර මිනිසාට  අත්‍යඅවශයම දේ පමණක් සංවර්ධනයෙන් බලාපොරොත්තු විය යුතුය.



සංවර්ධනයට ඇති අයිතිය පිළිබඳ ප්‍රකාශනයෙහි (1986) පූර්විකාව ප්‍රකාශ කරන්නේ සංවර්ධනය යනු ඒ සඳහා ඔවුන්ගේ ක්‍රියාශීලි, නිදහස් හා අර්ථාන්විත සහභාගිත්වය පදනම් කරගනිමින් සමස්ත ප්‍රජාවගේත් සියළුම පුද්ගලයන්ගේත්  සොබාදහමෙි යහපැවැත්ම වැඩි කිරීමත්, සංවර්ධනයේ ප්‍රතිලාභයන් සාධාරණ ලෙස බෙදා හැරීමත් අරමුණු කරගත් පුළුල් ආර්ථික, සමාජයීය හා සංස්කෘතික ක්‍රියාත්වයක් බවයි.



එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසමෙහි පළමු සභාපතිවරිය (1946 සිට 1951 දක්වා) ලෙසත් කටයුතු කළ රූස්වෙල්ට් මහත්මිය :ඵරිග ෑකැ්බදර ඍදදිඩැකඑ* 1947 දී මෙසේ ප්‍රකාශ කර සිටියාය.ීඅප මතක තබා ගත යුතු කරුණක් වන්නේ අප ලෝකය සඳහා වූ අයිතිවාසිකම් ප්‍රකාශනයක් සකසමින් සිටින බවත්, ඉතාමත්ම වැදගත් අයිතිවාසිකම් අතුරින් එකක් වන්නේ සංවර්ධනය වීම සඳහා අවස්ථාව සැලසීම බවත්ය. මෙම ප්‍රකාශය සිදුකලේ විශ්ව මානව හිමිකමි ලියවිල්ල නිර්මාණ කරන කාලයේය.

එහෙයින් සියළුම ජනතාවන්ට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමටත් ඒවායෙහි ප්‍රතිලාභ භුක්ති ඳීමටත් අයිතියක් ඇති අතරම එබඳු ව්‍යාපෘති මගින් පරිසරයට ප්‍රතිනිර්මාණය කල නොහැකි  හානියක් සිදු නොවන තැනට වගබලා ගැනීම සම්බන්ධයෙන් එකි රජ්‍යන් මෙන්ම ජන සමාජයද වග බලා ගත යුතුය. තිරසාර සංවර්ධනය යන්නෙහි මුලික අරමුණ හා අන්තර්ගතය මෙය වේ.

අප රටවලට අද වන විට පැමිණ තිබෙන්නේ තිරසාර සංවර්ධනයට මුවාවු ආර්ථික සංවර්ධන  ක්‍රියාවලියකි. ආර්ථික සංවර්ධනය පිළිබද අදහස් දක්වන ආර්ථික විද්‍යාඥයෙකු වන ජොන් යිටිස් ( )  පවසන තිබෙන අකාරයට  සොබාවික පරිසරය යනු මෙතෙක් කපා ඉවත් නොකල ශාක හා කඩ ඉවත් නොකල පාංශු කොටස් යනුවෙන් හඳුන්වා ඇත. ආර්ථික සංවර්ධනයේදි පරිසරය යනු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා භාවිතා කල හැකි දව්‍ය ලෙසයි.

එහෙයින් තිරසාර සංවර්ධනයේදී සෙබාදහම ආරක්ෂා කරගත යුතු බව මූලික අදහස වන අතර ආර්ථික සංවර්ධනයේදි සොබාවික සමිපත් ඒ සදහා භාවිතා කල යුතු බව ප්‍රායෝගිකව දැකගත හැකිය. ඒ අනුව අප රට තුල සිදුවන්නේ තිරසාර සංවර්ධනයක් නෙවෙි ආර්ථික සංවර්ධන ක්‍රීයාවලියකි එම ආර්ථික සංවර්ධණ ක්‍රිීයාවලියේ අනිවාර්ය සාධකය පරිසර විනාශයයි.



අප එයට අකමැතිනමි කල යුත්තේ කුමක්ද? ඒ සංවර්ධන මාදිලිය මාරු කිරීමට උත්සහ ගැනීමය. නමුත්  ඒ සදහා අපගේ ආර්ථිකය සොබාදහම මත පදනමි වූ ආර්ථිකයක් බවට පත්විය යුතු අතර මිනිසාගේ අසිමිත අශාවන් වෙනුවෙන් සොබදහම නැසීම හෝ පුද්ගල සහ කණ්ඩායමක ආර්ථික අවශ්‍යතාවය වෙනුවෙන් සොබාදහම නැසීමද නවතලිය යුතුය.

 


Ravindra Kariyawasam(පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්)
- පරිසර හා සොබාදහම් අධ්‍යන මධ්‍යස්තානය වෙනුවෙන්...

ecologyacens@gmail.com

 

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සංවර්ධනය මෙන්ම පාරිසරික ආරක්‍ෂාවද නීතියේ මූලධර්මයක් - (රවීන්ද්‍ර කාරියවසම්) | The Leader