The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඒක ගහන්නම ඕන ගේම් එකක්! - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

March 24, 2023 • 9:36 AM

 ඒක ගහන්නම ඕන ගේම් එකක්! - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මංගල ඉස්සර කියපු කතාව මං ඒ වෙලාවෙ මංගලට කිව්වා.
  • පක්ෂයක්, ජනතාවක් නැති තනි මිනිහෙක් විදිහට රට වෙනස් කරන්න බාරගත්තා.
  • අවුරුදු 74ක මනුස්සයෙක් මට මීට කලින් කවදාවත් ඉන්ස්පිරේෂන් එකක් වෙලා නෑ.
  • ව්‍යවස්ථාවෙ ඉතුරු වුනු අහම්බයක් තමයි රනිල් විසින් අනිවාර්යයක් බවට පරිවර්තනය කරන්නෙ.
අකුරු ප්‍රමාණය (Font Size):

රනිල්ට බෑ.. මංගල ඉස්සර කියපු කතාව මං ඒ වෙලාවෙ මංගලට කිව්වා. කොහොම හරි ඒක කතාබහකින් එහාට ගියේ නෑ. රනිල්ට කිසිසේත්ම නැවත වචනයකින් හෝ උදව් කරන්නෙ නෑ කියන තැනට මං ඒ වෙද්දි ඇවිත් හිටියා. ඒ රනිල් ඒ වෙද්දි තමන්ගේ පක්ෂයත් විනාශ කරගෙන, ජන පදනමත් විනාශ කරගෙන, පාර්ලිමේන්තුවෙ නිකංම නිකං ලැයිස්තු මන්ත්‍රී කෙනෙක් ගානට වැටිලා හිටපු නිසා. රනිල් අන්ත පරාජිතයෙක් විදිහට මං දක්කා.

ඊට පස්සෙ ජයග්‍රාහකයන් විසින් රට බංකොලොත් කළා. උන්ව කරේ තියන් ආපු මිනිස්සු අරගල කළා. ගෝටාබය විසිවුනා. එකපාරට අර තනි රනිල් මතුවුනා. සියල්ලේ කේන්ද්‍රය රනිල් වුනා. ඒක හොලිවුඩ් ෆිල්ම් එකක් වගේ.

එයා අගමැති වුනා.එතනින් ජනාධිපති වුනා. විපක්ෂය පාරවල් දිගේ කැරලි ගැහුවා. රනිල්ට හැමදාම එලව එලවා පහර දුන් පොහොට්ටුවට රනිල්ව කරේ තියාගත්තා. රටට කිසිම විකල්පයක් නැති මොහොතක් රනිල් එකම විකල්පය වුනා. ඒක ඓතිහාසික මොහොතක්.

පක්ෂයක්, ජනතාවක් නැති තනි මිනිහෙක් විදිහට රට වෙනස් කරන්න බාරගත්තා. ඒක තනි පුද්ගල කැරැල්ලක්. රට බංකොලොත් කරපු ජනතාවක් මැද්දෙ, උන් විසින් පත් කරපු දේශපාලකයො රොත්තක් මැද්දෙ, කයිය ගහන උන් ගොඩක් මැද්දෙ, ජන මතයක් නැති රනිල් ගේමට බැහැලා හිටියා.

ඒ අතරෙ බහුතරය හොරු අල්ලන්න, පාරිශුද්ධ පාලකයො පත් කරන්න, පාර්ලිමේන්තුව වෙනුවට පාලනය පාරට ගේන්න, ව්‍යවස්තා වෙනස් කරන්න වගේ විහිලු සටන් කරමින් හිටියා. පෙට්‍රල්, ගෑස්, විදුලිය නැතුව මිනිස්සු පෝලිම්වල හිටියා.

 අවුරුදු 74ක මනුස්සයෙක් මට මීට කලින් කවදාවත් ඉන්ස්පිරේෂන් එකක් වෙලා නෑ. ඒ තනියම ගහන ගේම පට්ට. ව්‍යවස්ථාවෙ ඉතුරු වුනු අහම්බයක් තමයි රනිල් විසින් අනිවාර්යයක් බවට පරිවර්තනය කරන්නෙ. මිනිහෙක් මානසිකව ඇද වැටෙද්දි රනිල් දිහා බැලුවනම් ඇති.

තමන්ට ලැබෙන තත්වයන් තුල, ලැබෙන අවස්ථාවන්ගෙන් උපරිම වැඩ කරන්න, හොරු එක්ක වුනත් තමන්ගේ අරමුණ කරා යන්න වැඩ කරන්න, නින්දා අපහාස මැද වැඩකරන්න, බොරුකාරයන් මහා වීරයන් සේ වැජබෙද්දිත් වැඩ කරන්න, තමන්ගේ ගෙදර ගිනිබත් කරද්දී පවා වැඩ කරන්න, සියල්ල අවිනිශ්චිත, අරාජික මොහොතේ පවා වැඩ කරන්න.

අවුරුදු 74ක් ගතවුනත්, තමන් පරාජිතව පිටුවහල්ව හිටියත්, තමන්ගේ සිහිනය වෙනුවෙන් වැඩකරන්න..

මං අද රනිල්ගෙන් දකින්නෙ ඒකයි. රනිල් කියන්නෙ තරුණ මදයෙන් උද්දච්ඡ පැපොල් ඇටලොnතයන්ට මැද ඇගිල්ල පෙන්නන කැරලිකාර නාකියෙක්.

රනිල්ට ඒ සිහිනය සැබෑ වනු දකින තෙක් නිදුක් නිරෝගී, ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.

සුබ උපන්දිනයක් හිතුවක්කාර නාකියා!

Chinthana D

 

 

 

 


(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk

vyadhadeva@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...