The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කාංචන ඇමතිගේ කතාව; මිරිස් ගලේ කොච්චි ඇඹරීම

T

The Leader Desk

March 25, 2023 • 4:48 AM

 කාංචන ඇමතිගේ කතාව; මිරිස් ගලේ කොච්චි ඇඹරීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක් පසෙකින් විශාලව වැඩුණු රාජ්‍ය සේවයේ බරත්, ඊට සමගාමීව බලවත් වුනු වෘත්තීය සමිතිවල අත්තනෝමතික ක්‍රියාකලාපයත් දැඩිව විවේචනය කල කාංචන, ඒ මතවාදයට යට වුනු විපක්ෂයටද සිය විවේචනය එල්ල කලේය.
  • අනිත් අතින් සියලුම පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් එහි වග උත්තරකරුවන් වන බවද ඔහු පැවසිය.
  • මෙම සියලුම දේශපාලනඥයින් විසින් පසුගිය වසර 75 ක් මුළුල්ලේ මේ රට විනාශ කලානම් ඒ කලේ ජනතාවගේ කැමැත්තෙන් බවද අමතක නොකල යුතුය.
  • කාංචනගේ කතාව තුළ තමන් ගත් තීරණ පසුපසට නොගන්නා බව සෘජුව පවසා සිටීම වැදගත්‍ ය.
අකුරු ප්‍රමාණය (Font Size):


එක් පසෙකින් විශාලව වැඩුණු රාජ්‍ය සේවයේ බරත්, ඊට සමගාමීව බලවත් වුනු වෘත්තීය සමිතිවල අත්තනෝමතික ක්‍රියාකලාපයත් දැඩිව විවේචනය කල කාංචන, ඒ මතවාදයට යට වුනු විපක්ෂයටද සිය විවේචනය එල්ල කලේය.

75′ වසරක ශාපයක් පිළිබඳව හා අසාර්ථක දේශපාලන ව්‍යාපෘති පිළිබඳවත්, නාස්තිය හා දූෂණය පිළිබඳවත් එන සුපුරුදු කතා තවදුරටත් වලංගු නොවන්නේ එය කියූ පමණින් සියලුම ගැටලු නොවිසදෙන බැවිනි. අනිත් අතින් සියලුම පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් එහි වග උත්තරකරුවන් වන බවද ඔහු පැවසිය. මේ සියලුම දෙනා රාජ්‍ය පාලනය පැත්තෙන් ඊට අඩුවැඩි වශයෙන් දායක වී තිබේ.

අනිත් අතින් ලංකාවේ ජනතාව පිළිබඳව දක්වන ආකල්පයෙහි සාධනීය ඛන්ඩනයක් ලකුනු කලයුතු ස්ථානයකට දැන් පැමින තිබේ. මෙම සියලුම දේශපාලනඥයින් විසින් පසුගිය වසර 75 ක් මුළුල්ලේ මේ රට විනාශ කලානම් ඒ කලේ ජනතාවගේ කැමැත්තෙන් බවද අමතක නොකල යුතුය. මේ සියලුම රාජ්‍ය පාලනය කල ආණ්ඩු පත්වුණේ ජනතාවගේ ඡන්ද බලයෙනි.

 කාංචනගේ කතාව තුළ තමන් ගත් තීරණ පසුපසට නොගන්නා බව සෘජුව පවසා සිටීම වැදගත්‍ ය. ගෝඨාභය මෙන් තමන් ගන්නා තීරණ නැවත හකුලා ගැනීමක් රනිල්ගෙන් නොදැකීම ඔහු ඒකාධිපතියෙකු බව හැගවීමට භාවිතා කලද “ගැසට් රිවස්” යනුවෙන් ගෝඨාභය සමච්චලයට ලක් කලේ මෙම පිරිසම බව අමතක නොකල යුතුය.

කාංචන පෙන්වා දෙන්නේ මෙම දුෂ්කර මොහොතේදී ගන්නා තීන්දු තීරණ වල දැඩිව පෙනී සිටීමේ අවශ්‍යතාවය යි. එය එක් පසෙකින් ඊට එරෙහි පාර්ශව අතරමැදි සාමයක් කෙරෙහි වන අනුරාගය ප්‍රතික්ෂේප කරයි. අනෙක් පසින් ඊට පක්ෂව පෙනී සිටින පාර්ශව ශක්තිමත් කරයි. දියාරුවනු වෙනුවට ශක්තිමත්ව මුහුණ දීමේ දේශපාලනය අතරමැද දෝලනය වෙන්නවුන්ට එක් පාර්ශවයක් හා හිටගැනීමේ තල්ලුවක් ලැබෙයි.

කුමන තත්ත්වයක් යටතේ හෝ අතීතය පිළිබඳව වන ආඩපාලි හරහා වැටී ඇති තැනින් ගොඩ ඒම කල නොහැකිය. අපි කැමති හෝ අකමැති වුවද, IMF හරහා අපිට ලබාදී ඇති නිර්දේශිත මාවතේ ගමන් කරනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ඉතිරි වී නැත. ඊට විකල්පයක් ලෙස යෝජනා ලෙස ඉදිරිපත් වන ඇජෙන්ටා යනු මනෝවිකාර පමනක් වනවා පමනක් නොව ඒවා පසුගාමී අගති හා බැඳී ද තිබේ.

කාංචනගේ මැදිහත් වීම අනෙක් අතින් පොහොට්ටු දේශපාලනය රාජපක්ෂවරුන්ගෙන් ඉවත්වීමේ ඉඩක් හරහාද ගමන් කිරීමේ නැඹුරුතාවයක්ද පෙන්වයි. වැදගත්ම කරුණ එයයි. රාජපක්ෂවරුන්ගේ කුරහන් සාටක ජාතික ඇදුම වෙනුවට කාංචන බටහිර ටයි, කෝට් තෝරාගෙන තිබීමත් නිරන්තරයෙන් රනිල් වික්‍රමසිංහ වෙත දක්වන නැමියාවත් පමනක් නොවේ, අගතිගාමී හා පසුගාමී ලාංකීය චින්තනයේ පියවරුන් වන රාජපක්ෂලාගේ චින්තනයෙන් විතැන් වීමත් මෙහිදී වැදගත් සංඝටක වෙයි.

නාමල් රාජපක්ෂ වැනි කෙනෙකු රැදී සිටින දේශපාලන කලාපය කාංචන විසින් අතික්‍රමනය කරන අතර ඉදිරි තාරුණ්‍යයේ දේශපාලනය පිළිබඳව වන කියවීමක්ද ඊට අන්තර්ගත වෙයි.

කාංචන විසින් ජී.ඇල්.පීරිස් වැනි කෙනෙකුට වඩා ඉදිරිගාමී වෙන්නේ මෙහිදීය. තමන්ගේ පංති පදනමට හා අධ්‍යාපනයට නොගැලපෙන රාජපක්ෂවරුන්ගේ ලෝකය තුල ජී.ඇල්. වියැකී යද්දී ඊට බාහිරව වැඩෙන්නට කාංචන දක්වන සමත් කම කියවිය යුතුම ය. පොහොට්ටුව තමන්ගේ ඉදිරි දේශපාලනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ පැරණි ආකෘතියෙන් නම් කාංචන තමන්ගේ ස්ථානය සලකුනු කරගනු ඇත්තේ රනිල් ළඟ වීම දෛවෝපගතය. සාගල රත්නායක හෝ රුවන් විජේවර්ධන ඊට මුහුණ දීම බලාසිටින්නට හැකි තරමේ නාටකය කි.

(උපුටා ගැනීම - carbonnews.lk)

 JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කාංචන ඇමතිගේ කතාව; මිරිස් ගලේ කොච්චි ඇඹරීම | The Leader