The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යුද්ධයට, සාමයට, ජීවිතයට, ලෝකයට සිනාසුණු විස්මිත මිනිසා!

T

The Leader Desk

March 25, 2023 • 10:50 AM

යුද්ධයට, සාමයට, ජීවිතයට, ලෝකයට සිනාසුණු විස්මිත මිනිසා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු තියුණු උපහාසයෙන් යුත් දරුවෙක්.
  • ඔහුගේ පියා වරින් වර ලිපිකරුවකු සේ වැඩ කළත්, පහළ මට්ටමේ දේශපාලනයකු ලෙස වැඩ කළා.
  • තර්බර් කියන්නේ ඔහුගේ මව ‘උපන් විහාසිකාව’ (විහිළුකාරියක) බවයි.
  • “ඈ තරම් සරදම් සූරියක් තවත් නෑ” යි කියන තර්බර් ඇය වරක් අංගවිකල අයකු ලෙස, දිව්‍යමය රෝග සුව කරන්නකුගේ දේව මෙහෙයකට ගොස් ඔහුගේ ආශිර්වාදයෙන් ඇය සුවපත් වූයේ යැයි උඩ පැන පැන විනෝද වූ බව කියයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙමහල්ලන්ගේ දරුවකු ලෙසයි. ඔහු තියුණු උපහාසයෙන් යුත් දරුවෙක්. ඔහු ලෝකය තුළ දකින හැම දෙයකට ම සිනාසුණා. යුද්ධයට, සාමයට, ජීවිතයට, ලෝකයට, නිර්මාණවලට සිනාසුණු විස්මිත මිනිසෙක්. ඔහුගේ සියුම් උපහාසයට හසුනොවූ දෙයක් නැති තරම්.

thurber 02                                                        ජේම්ස් ග්‍රෝවර් තර්බර්

ඔහුගේ මේ උපහාසයට පදනම් වූයේ ඔහුගේ දෙමාපියන්. ඔහුගේ පියා වරින් වර ලිපිකරුවකු සේ වැඩ කළත්, පහළ මට්ටමේ දේශපාලනයකු ලෙස වැඩ කළා. ඔහු සිහින මැව්වේ නීතිඥයකු හෝ නළුවකු වෙන්නයි. ඔහු සිනා කතා කියන්න දක්ෂයෙක්. මිතුරන් එකතු වුණාම එයා හාස්‍යජනක කතා කියනවා. තමා කථානායකයා වෙමින් ඔහු තමාටම සිනාසෙනවා. තර්බර් කියන්නේ ඔහුගේ මව ‘උපන් විහාසිකාව’ (විහිළුකාරියක) බවයි. “ඈ තරම් සරදම් සූරියක් තවත් නෑ” යි කියන තර්බර් ඇය වරක් අංගවිකල අයකු ලෙස, දිව්‍යමය රෝග සුව කරන්නකුගේ දේව මෙහෙයකට ගොස් ඔහුගේ ආශිර්වාදයෙන් ඇය සුවපත් වූයේ යැයි උඩ පැන පැන විනෝද වූ බව කියයි.

තර්බර්ට විලියම් හා රොබට් කියා සහෝදරයන් දෙදෙනකු සිටියා. වරක් විලියම් ටෙල් සෙල්ලම කරන ගොස් ඔහුගේ විලියම් අයියා තර්බර්ගේ හිස මත වූ ඇපල් ගෙඩියට ඊතලයක් යවන්නට ගොස් ඉලක්කය වැරදී තර්බර්ගේ ඇසක වැදුණා. එකල තිබූ අඩු වෛද්‍ය පහසුකම් නිසා එය බේරා ගැනීමට ඔවුන්ට නොහැකි වුණා. ඒ අනතුර, තර්බර් පසු කලෙක පූර්ණ අන්ධ භාවයකට පත් වීමට තරම් හේතු වුණා. ඒ නිසා ඔහුට ළමා කාලයේ ක්‍රීඩා වැනි දෙයෙහි සක්‍රියව යෙදෙන්නට ඉඩ ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඔහු නිර්මාණත්මක ලේඛනයෙහි යෙදුණා. Time 2023

1913 සිට 1920 දක්වා තර්බර් ඔහියෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයට ඇතුළුවී ඉගෙන ගත්තද ඔහුගේ ඇස් පෙනීමේ ගැටළුව නිසා ඔහුට උපාධිය සම්පූර්ණ කිරීමට ලැබුණේ නැත. ඔහුට එම විශ්ව විද්‍යලයයෙන් ආචාර්ය
උපාධියක් පිරි නැමුණේ මරණිනුත් කලකට පසුවයි. ඒ 1995 දියි.

1918 සිට 1920 දක්වා පළමුවන ලෝක යුද්ධයේ අවසානයත් සමඟ ඔහු රැකියාවක් ලැබුණා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලිපිකරු රැකියාවක් කළා. මුලින් ම වොෂිංටන් ඩී.සී. වලත් පසුව ප්‍රංශයේ පැරීසියේ ඇමරිකන් තානාපති කාර්යාලයේත් රැකියාව කළා. එයින් පසුව තර්බර් කොලම්බස්වලට ආපසු ආ අතර එතැන් සිට ‘කොලම්බස් ඩිස්පැච්’ පත්‍රයේ වාර්තාකරුවකු වශයෙන් සේවයට බැඳුණා. ඒ කාලය තුළ දී ඔහු ‘ක්‍රෙඩෝස් ඇන්ඩ් කියුරියෝස්’ යන මැයෙන් විචාර ලිපි තීරුවක් සම්පාදනය කළා. එයට නව ග්‍රන්ථ, සිනමා, නාට්‍ය ආදී විවිධ නිර්මාණ ගැන විචාර ඇතුළත් වුණා. මේ නමින් ඔහුගේ විචාර ලිපි එකතුවක් අභාවයෙන් පසු ග්‍රන්ථයක් වශයෙන් පළ කෙරුණා. මේ කාලය තුළ පැරීසියට ආපසු ගිය තර්බර් එහි සිට චිකාගෝ ට්‍රිබියුන් ඇතුළු පුවත්පත රැසකට සිය නිර්මාණ සැපයුවා.                                                                                            


 1925දි තර්බර් නිව් යෝක් සිටිහි ග්‍රීන්විච් විලේජ් එකට ආවා. එහිදී ඔහුට නිව් යෝක් ඊවිනින් පෝස්ට් පත්‍රයේ වාර්තාකරුවකු ලෙස වැඩ කරන්න අවස්ථාව ලැබුණා. 1927දි ඔහු සංස්කාරකයකු ලෙස ‘ද නිව් යෝකර්’ කාර්ය මණ්ඩලයට එක් වූයේ ඊ.බී. වයිට් නම් ලේඛකයාගේ අනුග්‍රහය මතයි. කාටූන් ශිල්පියකු වශයෙන් ඔහුගේ දක්ෂතා පෙන්වනු ලැබුවේ 1830දියි. තර්බර් විසින් අඳින ලද කාටූන් චිත්‍ර වගයක් තර්බර්ගේ කුණු කූඩයේ තිබී වයිට්ට දැක ගන්න ලැබුණා, ඒ චිත්‍රවල නවතාවක් දුටු වයිට් ඒවා පළ කරන්නට ප්‍රකාශකයන් දිරිමත් කළා. ඔහු ඔහුගේ කාටූන් චිත්‍ර ඇඳ ඒවා සමඟ උපහාස මුසු කථා පළ කරන්නට පටන් ගත්තේ එයින් පසුවයි. තර්බර්ගේ විශිෂ්ට නිර්මාණ පළ වූයේ මේ කාලයේදියි. 1950 දශකයේ දී ඉමහත් ජනප්‍රියත්වයට පත් වූයේ ‘ද නිව් යෝකර්’ පත්‍රයේ පළ වූ ඒ කාටූන් හා හාස්‍යෝත්පාදක කතා නිසයි.

 

තර්බර් දෙවරක් විවාහ වුණා. 1922 දී ඇල්තියා ඇඩම්ස් සමඟ සිදු වු විවාහය දික්කසාදයකින් 1935 දී අවසන් වුණා. ඒ විවාහයෙන් ඔහුට රෝසමරී නමින් එකම එක දියණියක් ඉන්නවා. ඔහු දෙවන වරට විවාහ වූයේ හෙලන් වයස්මර් සමඟයි. ඒ විවාහය 1961 වන ‍තෙක් පැවතුණා. ඔහු 66 හැවිරිදි වියේ දී ඔහු අභාවයට පත් වූයේ උණ සන්නිපාතය උත්සන්න වීමත් සමඟ ඇති වූ හෘදයාබාධයකින් යැයි කියැවෙනවා. තර්බර් මිය ගියේ 1961 නොවැම්බර් 2 වැනිදායි.



Home 2023.03.25      සැමියා, නිවස හා බිරිඳ - ඉරි කෑලිවලින් කියන මේ කතා ලියැවිල්ලකට වඩා කෙතරම් ප්‍රබලද? (ඉහළ) ජේම්ස් තර්බර් විසින් ඇඳ පොකට් කාටූනයක්.


ජේම්ස් තර්බර්ගේ කෘති අතර ‘ෆේබල්ස් ෆෝ අවර් ටයිම්’ (1940), ‘ද තර්බර් කානිවල්’ (1945) ‘මයි ලයිෆ් ඇන්ඩ් හාඩ් ටයිම්ස්’ (1949), ‘ජේම්ස් තර්බර් - හිස් ලයිෆ් ඇන්ඩ් ටයිම්ස් (1948), ‘කොලෙක්ටඩ් ෆේබල්ස්’ (1949), ‘ද වොන්ඩර් ෆුල් ඕ’ (1957), ‘ද ජේම්ස් තර්බර් ඔඩියෝ කලෙක්ශන්ස්’ (1956)‘ජේම්ස් තර්බර් - 92 ස්ටෝරීස්’ (1957) ‘ද බෙස්ට් ඉන් මී ඇන්ඩ් අදර් ඇනිමල්ස්’ (1948), ‘ෆර්දර් ෆේබල්ස් අවර් ටයිම්’ (1956), ‘ද තර්බර් ඇල්බම්’ (2011), ‘මයි වර්ල්ඩ්’ (1952), ‘අ තර්බර් ගාලන්ඩ්’ (1955), ‘ද සීක්‍රට් ලයිෆ් ඔෆ් වොල්ටර් මිටී’ (1947, 2013), ‘ද ඉයර්ස් විත් රොස්’ (1959), ‘කලෙන්ටින් හිම්සෙල්ෆ්’ (1960), ‘ද තර්ටීන් ක්ලොක්ස්’ (1950), ‘මෙනි මූන්ස්’ (1957), ‘තර්බර් කම්පැනි’ (1953) ආදි වශයෙන් තර්බර්ගේ නිර්මාණ කෘති රැසක් පළ වී තියෙනවා. අන්තර් ජාලයෙන් ඔහුගේ කතා ඔබටත් අවශ්‍ය නම් කියවන්න පුලුවන්.

ඇමරිකන් හාස්‍යය පටන් ගත්තේ මාක් ටිවේන්ගෙන්. එහි ඊළඟට කැපී පෙනෙන නිර්මාණකරුවා වූයේ ජේම්ස් තර්බර්. ඔහු කාටූන් ශිල්පියෙක්; ලේඛකයෙක්; විචාරකයෙක්; චිත්‍රශිල්පියෙක්; නාට්‍ය රචකයෙක්; පත්‍රකලාවේදියෙක්. ඔහු අවසාන කාලයේ මේ සියලු නිර්මාණ කළේ ඇස් පෙනීම නැතුවයි. ඔහු රේඛා චිත්‍ර මගින් පළ කළ සමහර අදහස් ඔහුට දැක ගැනීමට හැකියාවක් තිබුණේ නෑ. ඔහුගේ නිර්මාණ අතර විශේෂයෙන් කැපී පෙනෙන්නේ අදට ගැළපෙන උපමා කතායි. එයින් ඔහු ඊසොප්ගේ උපමා කතාවලට නව දැක්මක් ලබා දුන්නා. ඔහු ඒ කතා නැවත ලීවේ අමුතු හාස්‍යයක් මතු කරමින්.

abab27da 1f0a 4485 abd2 efa402d95af2 rw 1920

කපුටා සහ කේජු කෑල්ල කතාවේ කපුටා ඒ සුප්‍රකට ඊසොප්ගේ කතාව කලින් අසා තිබූ එකෙක්. ඒ නිසා ඌ කේජු කෑල්ල කටින් ගෙන ඇඟිලි අතර රඳවා ගෙන ඔය වගේ වර්ණනාවකට අපේ නෑයෙක් ඉස්සර රැවටුනා. ඒ බව මම දන්නවා, මං ඒකයි ඔහෙ එක්ක කතා කරද්දි මේ විදියට පරිස්සම් වුණේ. ඒ විදියටයි, තර්බර් ඒ කතාව අලුතින් ලිව්වේ. අහසින් ගිය ඉබ්බාගේ කතාව නං ඊට වෙනස්. ඒ කතාවේ හැටියට ඒ ඉබ්බාත් කලින් වූ දේ අහලා තිබුණා. ඒ නිසා ‘අන්න ඉබ්බෙක් අහසින් යනෝ’ තියලා කොල්ලන් බිම ඉඳන් කෑ ගහද්දී කට අරින්නැතුව තදින් අල්ලාගෙන හිටියා. අහස් ගමන හොඳින් කෙරුණත් ඒ අනතුර පහවුණාට පස්සේ එක කොකෙක් වැඩේ වැරෙද්දුවා. ඒ කොකා අහසේදිම ඉබ්බාගේ ඉවසීම ගැන ප්‍රශංසා කරන්න කට ඇරියා. ඉතිරි හරිය ඔයාලාට හිතා ගන්න පුලුවන්

. ඒ කතා කිපයක් පසුව කියන්නම්. ඒ වෙනුවට තර්බර් ලියූ ‘වත්තට ආ කඟවේනා’ කතාව ඔබට කියන්නම්.


වත්තට ආ කඟවේනා

 

The Unicorn in the Garden
තර්බර්ගේ උපහාස කතා අතරින් ‘වත්තට ආ කඟවේනා’ (The Unicorn in the Garden) සුවිශේෂ එකක්. දවසක් සැමියා උදේ නැඟිට ජනේලයෙන් එළිය බලන විට ඔහු අපූරු කල්පනාවක් ආවා. ඔහු දැක්කා කඟවේනෙක් වත්තට ඇවිත් සූරියකාන්ත මල් කකා ඉන්නවා. ඔහු බිරිඳට කතා කරලා කිව්වා,

“අනේ, ඩාලින් එන්න! බලන්න! අර අපේ වත්තට කඟවේනෙක් ඇවිත්!” ඔහුට බිරිඳට කතා කර කීවා. බිරිඳ ඒක පිළිගත්තේ නෑ.

“බොරු කියන්න එපා! කඟවේනා කියන්නේ මනඃකල්පික සතෙක් නෙ. මට ඔයාගෙ විකාර කතා අහන්න වෙලාවක් නෑ මට වැඩ තියෙනවා.” බිරිඳ මුළුතැන්ගෙයි හිඳිමින්ම කීවා.

“අනේ, ඩාලින් එන්න! බලන්න! අර අපේ වත්තට කඟවේනෙක් ඇවිත්!” ඔහු යළිත් කෑගැහුවා.

“ඔයාට පිස්සුද? හීනයක් දැකලද ඔය කෑගහන්නේ” බිරිඳ ඇහුවා.

“නෑ අනේ මං කියනවට ඇවිල්ලා බලන්න” ඔහු කීවා. “අන්න! අරූ සූරිය කාන්ත මල් කනවා! ඉක්මනට එන්න ඇවිත් බලන්න” ඔහු තවත් ඇවිටිලි කළා.

අන්තිමේ දී බිරිඳ බේරෙන්න බැරි තැන ඔහු සිටි කාමරයට ආවා. “කෝ! ඔය කියන කඟවේනා?” ඇය ජනේලයෙන් පිටත බලමින් ඇසුවා.Screenshot 2023 03 25 at 4.19.02 PM

“අර බලන්න! අර සූරියකාන්ත මල් කනවා! අර බලන්න! අර උගේ අඟ රිදීපාටින් දිළිසෙනවා. අර බලන්න උගේ ඇඟ සුදු පාටයි. එහෙම සුදු පාටක් මම නං කවදාවත් දැකලා නෑ” සැමියා සතුටින් ඉපිළ යමින් කෑ ගැසුවා.

ඇය ජනේලය ළඟට ගිහින් හොඳින් විපරම් කළා. ඒත් සැමියා කී විදියේ කඟවේනකු ඇය දුටුවේ නැත. “කෝ අනේ ඔයා ඔය කියන කඟවේනා ? මට නං පේන්නෙ නෑ.” ඇය කීවා.

“මොකද අනේ නෑ කියන්නේ අර ඈත කෙළවරේ සූරියකාන්ත පඳුර ගාව අර ඉන්නේ” ඔහු යළිත් කීවා.

ඒත් ඇය ඒ කිසිවක් දැක්කේ නැත. ඇය විමතියෙන් සැමියා දෙස බැලුවා. ඔහු තවමත් වෙනසක් නොපෙන්වා කඟවේනා ගැන කියමින් ඉන්නවා. ඇයට බියක් දැනුණා. ඇය අඬාගෙන කාමරයෙන් පිටතට ගියා. ගිහින් මානසික රෝහලේ හදිසි ඇමතුම් ඒකකට කතා කළා.

“අනේ අපේ මහත්තයාට පිස්සු හැදිලා ඉක්මනට එන්න! ඇවිත් අරන් යන්න. පමා වුණොත් මොනව කරයි ද දන්නේ නෑ.” ඇය කීවා.

ඊළඟ මොහොතේ වෛද්‍යවරයකු හා සුව සේවක පිරිසක් ගිලන් රියක් ආවා. ඇවිත් බිරිඳට කතා කළා. ඇය සිදු වූ දෙය ඔවුනට කීවා. වෛද්‍යවරයා සැමියා සිටි කාමරයට ගියා. ඔහු හා කතා කළා.

“කඟවේනා කොතනද හිටියේ?” කියා ඇසුවා.

“මා දැක්කේ නෑ. කඟවේනා කියන්නේ මේ ලෝකෙ ඉන්න සතෙක් නෙමෙයි. ඉතින් කොහොමද මං ඒ වගේ සතෙක් දකින්නේ?” ඔහු තිර හඬින් කීවා.

“එතකොට ඔයා දැක්කා කියලා කීවේ?” දොස්තර මහතා ඇසුවා. “ අපේ නෝනට පිස්සු මං එහෙම එකක් කිවේ නෑ. කඟවේනා කියන්නේ මනඃකල්පික සතෙක් නෙ.” සැමියා කීවා.

“නෑ එයා කිව්වා. කඟවේනෙක් ආවා කියලා මට උදේ ඉඳලා කරදර කරනවා.” බිරිඳ කෑගැහුවා.

“මම නෙමෙයි එයා තමයි මං කඟවේනෙක් දැක්කා කියලා මට කියන්නේ.” සැමියා කීවා.

“එයාටයි, පිස්සු! මට පිස්සුවක් නෑ” බිරිඳට ඒ කතාවට තව තවත් කේන්ති ගියා. ඇය කේන්තියෙන් බෙරිහන් දුන්නා. ඇය පාලනය කරන්න බැරි තරමට ‍කෝපයට පත්ව සිටියා. වෛද්‍යවරයා තීරණය කළා, මානසික ගැටලුව ඇත්තේ ඇයට කියා. අන්තිමේ දී ඔවුන් ඇය කෑ ගහද්දීම ගිලන් රියට දමා ගෙන රෝහලට රැගෙන ගියා.

(පර්සි ජයමාන්න - Percy Jayamanna)
උපුටා ගැනීම :malkakulu.com

 JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුද්ධයට, සාමයට, ජීවිතයට, ලෝකයට සිනාසුණු විස්මිත මිනිසා! | The Leader