The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නීති අධ්‍යාපනය ගැන පාර්ලිමේන්තුවේ ඇත්තටම උනේ මොකද්ද ?

T

The Leader Desk

March 25, 2023 • 11:18 AM

 නීති අධ්‍යාපනය ගැන පාර්ලිමේන්තුවේ ඇත්තටම උනේ මොකද්ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිගින් දිගටම විවෘත වුණු නීති උපාධි කඩ හේතුකොටගෙන සමස්ත නිදහස් නීති අධ්‍යාපනයම බරපතළ අර්බුදයකට ගිය බව අපි දනිමු.
  • අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ ආදීනව හොදින්ම වටහා දුන් ක්ෂේත්‍රය නීති අධ්‍යාපනය බවට පත්විය.
  • වන විට රජයේ විශ්ව විද්‍යාල සහ නීතී විද්‍යාලය ඇතුලු නිදහස් අධ්‍යාපනය සහිත ආයතන 5 තිබියදී පුද්ගලික උපාධි කඩ 14 ක් ව්‍යාපාරිකයින් විවෘත කර තිබූ අතර තවත් 10 ක් පමණ විවෘත වීමට නියමිතව තිබිණි.
  • දෙවැනි යෝජනාව වූයේ හතු පිපෙන්නා ලෙස මතු වෙන පුද්ගලික නීති උපාධි කඩ හේතුකොටගෙන විනාශ මුඛයට යමින් පැවති නීති අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා එම නීති උපාධි කඩ නියාමනය කිරීමටත් පුද්ගලික ආයතනවලින් නීති උපාධිය ගෙන නීති විද්‍යාලයට ප්‍රවේශ වන සංඛ්‍යාවට සීමාවක් පැනවීමටත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


දිගින් දිගටම විවෘත වුණු නීති උපාධි කඩ හේතුකොටගෙන සමස්ත නිදහස් නීති අධ්‍යාපනයම බරපතළ අර්බුදයකට ගිය බව අපි දනිමු. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ ආදීනව හොදින්ම වටහා දුන් ක්ෂේත්‍රය නීති අධ්‍යාපනය බවට පත්විය. 2016 වන විට රජයේ විශ්ව විද්‍යාල සහ නීතී විද්‍යාලය ඇතුලු නිදහස් අධ්‍යාපනය සහිත ආයතන 5 තිබියදී පුද්ගලික උපාධි කඩ 14 ක් ව්‍යාපාරිකයින් විවෘත කර තිබූ අතර තවත් 10 ක් පමණ විවෘත වීමට නියමිතව තිබිණි.

මේ ඛේදනීය තත්ත්වය සම්බන්ධයෙන් සංවේදීතාවක් සහිත නීතිඥවරුන් විසින් සිදුකල අඛණ්ඩ අරගලයක ප්‍රතිඵලයක් ලෙස 2016 වර්ෂයේ දී නීති අධ්‍යාපනය පුළුල් ප්‍රතිසංස්කරණයක් කිරීම සඳහා නීතීඥ සංගමය විසින් පත්කරන ලද කමිටුවක් මගින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අධ්‍යයනය කිරීමෙන් අනතුරුව වාර්තාවක් එළි දක්වන ලදී. ඒ වාර්තාව අනුව මූලික වශයෙන් යෝජනා වූයේ රජයේ විශ්වවිද්‍යාලවල සහ නීති විද්‍යාලයේ දියත් වන නිදහස් නීති අධ්‍යාපනය වඩා ශක්තිමත් කිරීම සහ එම ආයතනවල ගුණාත්මකභාවය ජාත්‍යන්තර මට්ටමට ඉහල නැංවීමයි.

දෙවැනි යෝජනාව වූයේ හතු පිපෙන්නා ලෙස මතු වෙන පුද්ගලික නීති උපාධි කඩ හේතුකොටගෙන විනාශ මුඛයට යමින් පැවති නීති අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා එම නීති උපාධි කඩ නියාමනය කිරීමටත් පුද්ගලික ආයතනවලින් නීති උපාධිය ගෙන නීති විද්‍යාලයට ප්‍රවේශ වන සංඛ්‍යාවට සීමාවක් පැනවීමටත්ය.

Untitled 114

ඒ අනුව එකී වාර්තාවේ ප්‍රධානතම යෝජනාව වූයේ රජයේ විශ්වවිද්‍යාල වලට මෙන්ම පුද්ගලික උපාධි කඩ වලින් නීති අධ්‍යාපනය ලබා ගන්නා පිරිසට සීමාවක් පනවා නීති විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේදී තරග විභාගයක් පවත්වා සීමිත පිරිසක් පමණක් පුද්ගලික අංශයෙන් නීති විද්‍යාලට බඳවා ගැනීම වේ.

මෙකී යෝජනාව එළිදැක්වීමත් සමගම පුද්ගලික නීතිය උපාධි කඩ හරහා මුදල් උපයා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිස පමණක් නොව කෙසේ හෝ තමාගේ දරුවා නීතීඥවරු බවට පත් කර ගැනීමේ සිහිනයේ සිටින බොහෝ දෙනෙකු එය කඩාකප්පල් කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයක නිරතවන ලදී.

ඒ අනුව එකී වාර්තාව ක්‍රියාවට නැගීමෙන් වසර ගණනාවක් ප්‍රමාද කරන ලද අතර කෙසේ නමුත් සංස්ථාපිත නීතී අධ්‍යයන සභාවේ එකී වාර්තාව අනුමත වීමෙන් පසු ගැසට් කිරීමෙන් එකී සම්පූර්ණ වාර්තාව ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කර තිබුණි. තවද තමන්ට හසුරුවා ගත හැකි ඩීල් කාරයෙකු ඇමති පුටුවට එනතුරු ද ඔවුන් ඇගිලි ගනින ලදි.

  එම වාර්තාවේ පැවති එක් කූඩා යෝජනාවක් වූයේ නීති විද්‍යාලය තුළ අධ්‍යාපනය ක්‍රමානුකූලව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමයි. කිසිදු තැනක සම්පූර්ණයෙන් නීති විද්‍යාලයේ අධ්‍යාපනය එක් රැයින් ඉංග්‍රීසි භාෂාවට පත් කිරීමේ යෝජනාවක් එහි අන්තර්ගතව නොතිබිණි. කෙසේ නමුත් පුද්ගලික උපාධි කඩ හිමියන් සිය ප්‍රාග්ධනය සහ ශ්‍රමය යොදවා ඉංග්‍රිසි අධ්‍යාපනය යන මාතෘකාව ඉහලට ගෙන සමාජ මතය ක්‍රමයෙන් විකෘති කිරීමේ උත්සායක් ආරම්භ කලද එය අසාර්ථක විය.

ඔවුන්ගේ අවසාන උත්සාහයක කූටප්‍රාප්තියට පැමිණියේ පසුගියදා පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීමට නොතිබුනු එම ගැසට් පත්‍රය කුමන්ත්‍රණකාරීව පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීම වේ. ඒ සදහා ඔවුන් මිලියන ගණනක් මුදල් ද වැය කරන ලදි.

 
ඒ අනුව සත්‍ය වශයෙන්ම පරාජය වූයේ නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමේ යෝජනාවක් නොවේ. සත්‍ය වශයෙන්ම පරාජය වූයේ පුද්ගලික නීති උපාධි කඩවලට දොර වසා නීති අධ්‍යාපනය නියාමනය කිරීම සඳහා වූ සම්පූර්ණ යෝජනාවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ අණ්ඩුවේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් විපක්ෂයද වංචනිකව සහ වංක සහයෝගයෙන් කටයුතු කරමින් එකී යෝජනාව එදින බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවට ගෙන සියල්ලෝ ඊට විරුද්ධව ඡන්දය ලබා දී සම්පූර්ණ වාර්තාවම පරාජය කරන ලදී.

සිදු වූ සත්‍ය දේ පිළිබඳව යම් අවබෝධයක් සමාජට නැති  බව පළ කරන ලද අදහස්වලින් පැහැදිලි වේ.

  මේ කුමන්ත්‍රණ විසින් නැවත වතාවක් අවධාරණය වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති විකෘතිය වන අතර මන්ත්‍රි තක්කඩියන් කිසිදු විටක ජනතාවගේ සහ අනාගත පරපුරේ පැත්තේ හිට ගන්නා පිරිසක් නොවන බවත්, පාර්ලිමේන්තුව යනු කුමන්ත්‍රණකාරීව මේ රටේ ජනතාවගේ අනාගතය සහ ශුද්ධ වූ සියල්ල විනාශ කොට ලේ උරා බොන ආයතනයක් පමණක් වන බවය.


- Ramzi Bacha
(උපුටා ගැනීම Ramzi Bacha ගේ ෆේස්බුක් පිටුවෙන්)

 JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නීති අධ්‍යාපනය ගැන පාර්ලිමේන්තුවේ ඇත්තටම උනේ මොකද්ද ? | The Leader