The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රටේ රාළ : බැසිල්ගේ හඩ පචය

T

The Leader Desk

March 25, 2023 • 5:29 PM

රටේ රාළ : බැසිල්ගේ හඩ පචය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු පොහොට්ටු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අතරත් ඇතිවුන උනුසුම් සංවාදයක් කියලා හදුන්වන හඩපටයක් වෛරල් වෙමින් යනවා.
  • බැසිල් කියන්නේ මැයි 09 වෙනිදා බැසිලුත් ,මහින්දත් එපා කියලා තියෙද්දී සමන්ලාල් අහිසංක මිනිස්සු ගෙනැල්ලා ගුටි ගස්සලා, බේරේ වැවේ ඔබ්බවලා යැව්වා කියලා.
  • මැයි 09 වෙනිදා ගෝඨාගෝගමටයි, මයිනාගෝගමටයි එල්ල කරපු ම්ලේච්ඡ ප්‍රහාරයට, ඊට පස්සේ රටේ ඇතිවුන තත්වයට සහ රාජපක්ෂලාට එල්ල වෙච්චි චෝදනාවලට උත්තර දෙන්න හදපු හඩ පචයක් මේක.
  • මේ හඩපටයෙන් කරන්න හදන්නේ ඒ ප්‍රහාරයේ වගකීමෙන් රාජපක්ෂලා සම්පුර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කරගෙන සියලු රාජපක්ෂලා සාන්ත දාන්ත තීන්ත කූඩු බවට පත් කිරීමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු පොහොට්ටු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අතරත් ඇතිවුන උනුසුම් සංවාදයක් කියලා හදුන්වන හඩපටයක් වෛරල් වෙමින් යනවා.

 
රටේ රාළට හිතෙන්නේ බැසිල්ගේ හඩපටියක් ලීක් වෙච්චි පළවෙනි අවස්ථාව මේක. ඉස්සර උනත් එලියට ආවේ බැසිල්ගේ පද පෙරලි මිසක් හඩපට නෙවෙයි. කපුටු කාක්... කාක් ...කාක්  -  බැසිල්.... බැසිල් ..බැසිල්.... බැසිල් වගේ දේශපාලන උපහාස හැදුනේ ඒවයින්.

සාමන්‍යයෙන් බැසිල් කියන්නේ ලේසියෙන් ලීක් කරගන්න කෙනෙක් නෙවෙයි. ඒ වගේම News Plant කරන්න බැසිල් තරම් දක්ෂයෙක් තවත් නැති තරම්. රටේ රාළ හිතන්නේ මේකත් හිතාමතා එහෙම Plant කරපු හඩපටයක් කියලයි. මේකේ බැසිල් මල පැනලා සමන්ලාල්ට බනිනවා. අම්මෝ බැසිල්ගේ සැර. බැසිල් කියන්නේ මැයි 09 වෙනිදා බැසිලුත් ,මහින්දත් එපා කියලා තියෙද්දී සමන්ලාල් අහිසංක මිනිස්සු ගෙනැල්ලා ගුටි ගස්සලා, බේරේ වැවේ ඔබ්බවලා යැව්වා කියලා. තවමත් ඒ මිනිස්සු උසාවි යනවාලු.



මැයි 09 වෙනිදා ගෝඨාගෝගමටයි, මයිනාගෝගමටයි එල්ල කරපු ම්ලේච්ඡ ප්‍රහාරයට, ඊට පස්සේ රටේ ඇතිවුන තත්වයට සහ රාජපක්ෂලාට එල්ල වෙච්චි චෝදනාවලට උත්තර දෙන්න හදපු හඩ පචයක් මේක. බලන්නකෝ රාජපක්ෂලා නොදැන ඒවා එලියට එන හැටි. මේ හඩපටයෙන් කරන්න හදන්නේ ඒ ප්‍රහාරයේ වගකීමෙන් රාජපක්ෂලා සම්පුර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කරගෙන සියලු රාජපක්ෂලා සාන්ත දාන්ත තීන්ත කූඩු බවට පත් කිරීමයි.

 

එහෙම නිදොස් කොට නිදහස් වෙච්චි තැන් ඇති. හැබැයි ඒක ජනතාව ඉස්සරහදී නම් ලෙසියෙන් වෙන්න දෙන්න බෑ. මේ හඩපටයේ හැටියට ඔක්කොම කරවලා තියෙන්නේ සමන්ලාල්. බැසිල් එහෙම කියන හින්දම අපිටත් ඒ ගැන කතා කරන්න වෙනවා. එදා එතන මොරටුවේ මිනිස්සු විතරක් නෙවෙයි රට පුරා පොහොට්ටුවේ සාමාජිකයෝ හිටියා. විශේෂයෙන්ම පොහොට්ටුවේ පලාත් පාලන මන්ත්‍රීලා සහ එයාලගේ ගෝලබාලයෝ. ඒ රැස්වීමේ මහින්ද හිටියා. නාමල් හිටියා, ජොනීලා, පවිත්‍රලා, සනත් නිශාන්තලා ඇතුළු තව ගොඩක් හිටියා, එතනදී මහින්ද සහ ජෝනීගේ කථාවලින් අරගලකරුවන්ට ගහන්න ඕනි මානසිකත්වය හැදුවා. එතකොට ඒ මනස මහින්දට සහ ජොනීට හැදුවේ සමන්ලාල්ද?

අරලිය ගහ මන්දිරයෙන් ගෝල්ෆේස් දක්වා ගිය චන්ඩි අතට පොලු දුන්නා. එතකොට ඒ පොලු දුන්නේ සමන්ලාල්ද? පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තත් අරගලකරුවන්ට ගහන්න ගියා. එතකොට සනත් නිශාන්ත එතෙන්ට එක්කරගෙන ගියේ සමන්ලාල්ද? සනත් නිශාන්තලා, දේශබන්දුත් එක්ක කතා කරකර තමයි අරගලකරුවන්ට ගැහුවේ.

පොලිසියත් ගෝල්ෆේස් එකට මහින්දගේ බත් බැලයන්ට ඇතුළු වෙන්න ඉඩදීලා නිරායුධ අරගලකරුවෝ ඉන්න පැත්තට කඳුළු ගෑස් ගැහුවා. එතකොට එහෙම කරන්න කියලා පොලීසියට Orders දුන්නේ සමන්ලාල්ද? හරි මේ වෙන්න යන ගැටුම වළක්වගන්න අරලිය ගහ මන්දිරයේදී මහින්දට හරි, බැසිල්ට හරි, නාමල්ට හරි මැදිහත් වෙන්න තිබුණේ නැද්ද? එහෙමත් නැත්තං ඊට ඉස්සෙල්ලා නෙළුම් මාවතට ගෙනත් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා එක්ක කරපු සාකච්ඡාවලදී ගැටුමකට යන්න එපා කියලා කියන්න බැසිල්ට තිබුණේ නැද්ද? එදා අරලිය ගහ මන්දිරයට එකතු වුන ගොඩක් දෙනෙක් රැස්වීම ඉවරවුන ගමන් ගිහින් බස්වලට නැගලා ගෙවල්වලට යන්න පිටත් වුණේ ගැටුමකට කට්ටිය යන බව දන්න නිසයි. ඕවා ඔක්කොම තියෙද්දී තමයි සමන්ලාල් වැඩේ කරලා තියෙන්නේ. ඒ තරමට බැසිල් සමන්ලාල්ට බයයිද? ඔය කියන විදිහට මැයි 09 එල්ල කරපු ප්‍රහාරය සහ ඊට එරෙහිව මතුවුන ජනතා නැගිටීම පාලනය කරන්න එපා කියලා පොලිස්පතිට සහ හමුදාපතිට කිව්වෙත් සමන්ලාල්ද දන්නේ නෑ?



බලනකොට සමන්ලාල් මාර පොරක්නේ. මෙතනදී රටේ රාළ බැසිල්ට කියන්නේ මෙච්චරයි. ඔය වගේ ජොක් පොහොට්ටුවේ ඉතිරි වෙලා ඉන්න බයියන්ට කරන්න. රටට කරන්න නං එන්න එපා. මැයි 09 ප්‍රහාරය පිටිපස්සේ රාජපක්ෂලා හිටියේ නෑ කියලා හිතන්න මේ රටේ මිනිස්සු මැරිලා ඉපදුනේ නෑ. මේ ලීක් කරපු හඩපටය සංවිධානාත්මකව රාජපක්ෂලා සුද්ධ කරන්න කරපු වැඩක්ද කියන සැකය එන්නේ නැත්තං ඒක ලෙඩක්.



කොහොම උනත් මේ හඩපටය එලියට ඒම ගැන මෙහෙම තර්ක තුනක් ගොඩනගන්න පුළුවන්. එක තමයි බැසිල් කියන කතාව ඇත්ත කියලා. සමන්ලාල් රාජපක්ෂලා අමාරුවේ දැම්මා කියලා? ඒ කියන්නේ රාජපක්ෂලා ප්‍රහාරයට සම්බන්ධ නෑ. එහෙමත් නැත්තං මේක බැසිල් සහ සමන්ලාල් කතා වෙලා කරපු රඟපෑමක්. මොකද බැසිල් බනිද්දී සමන්ලාල් දිගටම දෙන්නේ Love talk. නැත්තං සියලු පව් සමන්ලාල් පිටේ තියලා රාජපක්ෂලා බේරගන්න බැසිල් කරන පාවාදීමක් මේක.

මෙතනදී පළවෙනි තර්කය රටේ රාළ කීයටවත් පිලිගන්නේ නෑ.ඒ කියන්නේ මැයි 09 ප්‍රහාරයට රාජපක්ෂලා සම්බන්ධව නෑ කියන එක. ඒක තේරෙන්නේ නැත්නම් හොඳමදේ තමයි දේශපාලනය නොකර වනගත වෙන එක. හැබැයි දෙවෙනි සහ තුන්වෙනි තර්ක දෙකෙන් ඕනි එකක් වෙන්න පුළුවන්. මොකද මේ දවස්වල රාජපක්ෂලා සුද්ධ කිරීමේ කැම්පේන් එකක් යනවා. ගෝඨාභය විතරක් බිල්ලට දීලා සියලු රාජපක්ෂලා සුද්ධවන්තයෝ කරන මෙහෙයුමක් ඒක. මහින්ද, නාමල් ඒක ප්‍රසිද්ධියේ කරමින් ඉන්නවා. බැසිල් කොහොමත් තිරය පිටුපස ගේම් ගහන මිනිහා. හැබැයි ඒවා මහින්දලා, නාමල්ලා එළියේ ගහන ගේම්වලට වඩා වෛරල් වෙනවා. කවුරු හරි බිල්ලට දිලා රාජපක්ෂලා තමන්ගේ බලය ආරක්ෂා කරගන්න ලෑස්තියි කියන එක පරම සත්‍යයක්. විමල්ලා, ගම්මන්පිලලත් ඒ පෝලිමේ හිටපු බිලි boys ලා තමයි.

සමන්ලාල් කියන්නේ ඒ තක්කඩි දේශපාලනයේ තවත් එක නර බිල්ලක් විතරයි. ඇත්තටම දේශපාලන බත් බැලයන්ට අන්තිමට වෙන්නේ ඒක. මහින්ද සුළගේ පාවෙලා ආපු ගොඩක් විකට චරිත බැසිල් සුළඟ එන්නත් ඉස්සෙල්ලා අතමං කරලා දාලා.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට
Priyanjith Vitharanaරටේ රාළ
Priyanjethjnp@gmail.com

(Priyanjith Vitharana ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...