The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව හැර අන් සියල්ලම පෞද්ගලිකරණය කළ යුතුයි - (මහිම සුජීව ගමගේ)

T

The Leader Desk

March 25, 2023 • 5:55 PM

අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව හැර අන් සියල්ලම පෞද්ගලිකරණය කළ යුතුයි - (මහිම සුජීව ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෞද්ගලික දේපල වුවත්, රජය සතු දේපල වුවත් අවසාන විග්‍රහයේදී එකී දේපල යොදා ගත යුත්තේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසාය.
  • එවිට නියත ලෙසම මිනිස් අයිතිවාසිකම්ද ආරක්ෂා වේ.
  • දේපල අයිතිය පිලිබඳ සමාජවාදී දැක්ම නූතන අවධිය තුළ යල්පැනගිය දැක්මක් බවට පරිවර්තනය වී හමාරය.
  • වර්තමානයේ දී ලෝකයේ දියුණු වූ රටවල් සියල්ලම දියුණු වී ඇත්තේ පෞද්ගලික දේපල ආර්ථීක රටාවට අනුගත වීමෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 


පෞද්ගලික දේපල වුවත්, රජය සතු දේපල වුවත් අවසාන විග්‍රහයේදී එකී දේපල යොදා ගත යුත්තේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසාය. එවිට නියත ලෙසම මිනිස් අයිතිවාසිකම්ද ආරක්ෂා වේ. දේපල අයිතිය පිලිබඳ සමාජවාදී දැක්ම නූතන අවධිය තුළ යල්පැනගිය දැක්මක් බවට පරිවර්තනය වී හමාරය. වර්තමානයේ දී ලෝකයේ දියුණු වූ රටවල් සියල්ලම දියුණු වී ඇත්තේ පෞද්ගලික දේපල ආර්ථීක රටාවට අනුගත වීමෙනි. එබැවින් මිශ්‍ර ආර්ථීක ක්‍රමයද මුළාවකි.



මීට දශක කිහිපයකට උඩදී සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිය ආර්ථීක පද්ධතීන් මෙහෙය වූ චීනය, රුසියාව, කියුබාව වැනි රටවල් පවා පොදු දේපල ආර්ථීක රටාවෙන් බැහැර වී පෞද්ගලික දේපල ආර්ථීක රටාවට අනුගත වී තිබේ.

කෙසේ වුවද එම ආර්ථීක පද්ධතීන්  හරහා එම රටවල් ලබා ඇති දියුණුව ඉහළ මට්ටමට පැමිණ ඇති බැව් පෙනෙන්නට තිබේ.



සිංගප්පූරුව අද වන විට ආසියාවේ ඉහළම ආර්ථීක දියුණුවක් ලබා ඇති රටකි. ජපානය, දකුණු කොරියාව, මැලේසියාව පවා දියුණු වී ඇත්තේ පෞද්ගලික ව්‍යවසායකත්වයට ඉහළම තැනක් ලබා දීම නිසාය. එහෙත් ඒ කිසිදු රටක මානව හිමිකම් කඩවීමක් සිදුවී නැත.



ඕනෑම රටක් සංවර්ධනය වන්නට නම් ආර්ථීක කාර්යක‍ෂමතාව තිබිය යුතුය. රාජ්‍ය ව්‍යවසායකත්වය මූලික කරගත් රටවල් සංවර්ධනය නොවන්නට හේතුව ආර්ථීක කාර්යක‍ෂමතාවක් නැතිවිටය‍ ඊට හේතුව රාජ්‍ය ව්‍යවසායකත්වය මිස අන් කිසිදු හේතුවක් නොවේ.

සියළුම දේපළ රජය සතුවීම නිසා රාජ්‍ය නිලධාරිවාදය ඉහළමට්ටමට යාම වැළැක්විය නොහැකි අතර රාජ්‍ය හා සම්බන්ධ  දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් අතර සහසම්බන්ධතාව හේතුකොටගෙන නාස්තිය, දූෂණය, වංචාව, සොරාකෑම, ආදී කූප්‍රකට දේපල පරිහරණයන් සිදුවෙයි. ආර්ථීක පරිහානියක් ඇතිවෙයි. සියළු ආයතන රාජ්‍යයට යටත්ව පාලනය වීමෙන් සිදුවන්නේ ආර්ථීක අගතියකි.



'ඒබ්‍රහම් ලින්කන්' ට අනුව මිනිස් අයිතීන් හා දේපල අයිතීන් අතර ගැටුමෙන් මිනිස් අයිතීන් ජයගත යුතු බව කියවෙයි. දේපල අයිතිය මිනිස් අයිතිවාසිකම් යටතේ කිරීම හරහා කිසිවිටෙක ජය ලබා නැති අතර මිනිස් අයිතිවාසිකම් යටපත් වන්නේ නම් එය සිදුවන්නේ ජනතාව සතු දේපල සාවද්‍ය පරිහරණය කිරීමෙනි. එසේ ජනතාව සතු දේපල සාවද්‍ය පරිහරණයට ලක්වන්නේ ජනතාව උදෙසා සේවය කළ යුතු කළහැකි රාජ්‍ය ආයතනවලින් දේශපාලනඥයින් සහ නිලධාරීන් කොල්ලකෑම් හේතුවෙනි. එය වැළැක්වීමේ එකම මග වන්නේ රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණ කිරීමයි. පෞද්ගලික ආයතන තුළ සොරකමට, වංචාවට ඉඩක් නැත.


දේශපාලනඥයාට සහ නිලධාරියාට පැවරිය යුතු එකම පාලන බලය විය යුත්තේ ආයතන නියාමනය කිරීම පමණකි.  එසේ නැතිව පාලනය කිසිවිටෙක දේශපාලනඥයා සතුව හෝ නිලධාරියා සතුව හෝ පැවතිය යුතු නැත. දේශපාලනඥයාටත් නිලධාරියාටත් මහජන දේපල කොල්ලකෑමේ මග වැසිය හැක්කේ  රජය සතු ආයතන පෞද්ගලිකරණය කිරීමෙනි.

රජයට දේශපාලඥයාට, නිලධාරියාට බාර දිය යුතුව ඇත්තේ පෞද්ගලික ආයතනවලින් සැපයෙන සේවාවන් සහ භාණ්ඩ සඳහා ජනතාවට දැරිය හැකි මිලක් නියම කිරීම සහ එම ක්‍රියාවලිය නියාමනය කිරීමය.

අපේ රටේ ලංකා විදුලිබල මණ්ඩලය, ඛණිජතෙල් නීතිගත සංස්ථාව  කෝටි ගණන් පාඩු ලබන්නේ ලාභ නැති නිසා නොව එම ලාභ දේශපාලනඥයින් සහ නිලධාරීන් සොරකම් කිරීම නිසාවෙනි.

ආණ්ඩුවක් කළ යුත්තේ අධ්‍යාපනය සහ සෞඛ්‍යක්ෂේත්‍රය පමණක් ආණ්ඩුව යටතේ තබාගෙන අනෙකුත් ආයතන දේශීය සහ විදේශීය  සමාගම්වලට පැවරීමය. පාසල් සහ රෝහල් අනිවාර්යයෙන්ම රජය යටතේ පාලනය වෙමින් ඒවා ලාබ නොලබන ජනතාව සතු ආයතන ලෙස පමණක් පැවැතිය යුත්තේය.

අධ්‍යාපනය නොමිලයේ ලබා දිය යුතු අතර සෞඛ්‍ය සේවාවන්ද නොමිලයේ ලබාදිය යුතුය. එවිට  'ඒබ්‍රහම් ලින්කන්' කී ආකාරයට මිනිස් අයිතීන් ජයග්‍රහණය කරවිය හැකිය. මුදල් ගෙවා රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීම මානුෂීය නැත. මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමට පමණක් ඉඩ ලබාදීමෙන් වන්නේ දුප්පත් අසරණ ජනතාවට මියයාමට සිදුවීමය. එසේම නිදහස් අධ්‍යාපනය නීතියක් බවට සම්මත කළ යුතුය. කෙසේ වුවද ඇති හැකි අය සඳහා මුදල මත සෞඛ්‍යසේවා සපයන රෝහල් හෝ අධ්‍යාපනය ලබාදෙන සරසවි හෝ තිබුණාට කමක් නැත.

මේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය මුළුමනින්ම පෞදගලිකරණය කළ යුතුය. ඒ සඳහා උසස් ප්‍රමිතියේ සේවා සපයන විදේශීය හෝ දේශීය සමාගම් තෝරා ගැනීම කළ යුතුය.

එසේම තෙල්, විදුලිබලය, වරාය, තැපැල් ආදී රාජ්‍ය ආයතනද පෞද්ගලිකරණය කළ යුතුය. එහෙත් එම ආයතන ලංකාවේ සිටින කසිප්පු මුදලාලිලාට හෝ කුඩු මුදලාලිලාට බාරදීම නොකළ යුතුය. ඒ සියළුම ආයතන බාරදිය යුතුව ඇත්තේ කීර්තිමත් දේශීය-විදේශීය ආයතනවලටය.



අපට සිංගප්පූරුවෙන්, මැලේසියාවෙන් අඩුම තරමින් ඉන්දියාවෙන් හෝ පාඩම් ඉගෙන ගත නොහැක්කේ ඇයි ? ලෝකයේ ඉන්න හිතෙන රටවල් අතර ප්‍රමුඛ රටවල් වන පින්ලන්තය, නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්,කැනඩාව, ආදී රටවල් වල මොඩල මේ රටට අනුගත කළ නොහැක්කේ ඇයි ?



කෙසේ වුවද පෞද්ගලිකරණය කිරීමේ නාමයෙන් මෙතුවක් කල් කර ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන හෙංචයියලාට රජයේ ආයතන පවරා දීම විනා අන් කිසිවක් නොවේ.

අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ කීර්තිමත් විදේශීය ප්‍රවාහන ආයතනයට බාර දෙන්නේ නම් ඉන් විපුල ඵල ලබාගත හැකිවනු ඇත. තෙල් වෙළඳාම මැදපෙරදිග තෙල් බහුල රටකට බාරදුනහොත් තෙල් මිලද අඩුකර ගත හැකිවනු ඇත. පුනර්ජනනීය බලශක්තීන් කරා ප්‍රවේශවීම සඳහා විදේශීය සමාගම් තෝරා ගැනීම හරහා එම බලශක්තීන් ක්ෂේත්‍ර දියුණුකළ හැකිවේ. දුම්රිය සේවාව පිළිබඳව ද යථාර්තවාදීව සිතන්න.

අපට දැන් අවශ්‍ය වී ඇත්තේ පෙර මෙන් ලීක්වාන් යූ ලාගේ ඊනියා අවතාර නොවේ. සැබෑම ලීක්වාන් යූ ලාය.

mahima sujeewa gamage(මහිම සුජීව ගමගේ)
නිදහස් මාධ්‍යවේදී

mahimasgamage@gmail.com

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව හැර අන් සියල්ලම පෞද්ගලිකරණය කළ යුතුයි - (මහිම සුජීව ගමගේ) | The Leader