The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අමතක වූ 'උතුර'; දකුණට දේශපාලනය මතක් කිරීම

T

The Leader Desk

March 26, 2023 • 5:20 PM

අමතක වූ 'උතුර'; දකුණට දේශපාලනය මතක් කිරීම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ උතුරේ ජනතාවගේ “පැමිණිල්ල” පිළිබඳව දකුණේ අධිපති මාධ්‍ය සහ එහි මතවාදී බලය හිමි “කොලඹ කපුටන් ” සුපුරුදු පරිදිම නිහඩ යි.
  • තමන්ගේ ජනතාව විසින් සිය විමුක්තිය උදෙසා කල සටන 2009 දී වෙල්ලමුල්ලවයික්කාල් වලදී අවසන් වෙන්නේ ලේවැකි අතීතයක් ඉතිරි කරමින්.
  • දැන් පෙරටුගාමීන්ගේ විප්ලවවාදී රැඩිකල් බුවාලා බවට පත්වී සිටින නායකයන් යනු මහින්ද රාජපක්ෂගේ සාටකය තුල තොටිලි හදාගෙන නැලවෙමින් සිටි නරුමයන්.
  • අනිත් පැත්තෙන් ත්‍රස්ත්‍රවාදය වැලැක්වීමේ පනතට එරෙහිව දැඩිව වීදි සටන් වලට යොමුවුනු පෙරටුගාමීන් මෙන්ම අන්තරේ ශිෂ්‍ය බබාලාද නොදන්නේ උක්ත පනතින් දෙමල ජනතාව කොපමණ මර්ධනීය හස්තයකින් සිරකොට ගෙන සිටියාද යන්න යි.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ උතුරේ ජනතාවගේ “පැමිණිල්ල” පිළිබඳව දකුණේ අධිපති මාධ්‍ය සහ එහි මතවාදී බලය හිමි “කොලඹ කපුටන් ” සුපුරුදු පරිදිම නිහඩ යි. නමුත් මේ දේශපාලනය පිළිබඳව වන කියවීමක් කලයුතුවද තිබෙනවා.

එක් පසෙකින් දකුණේ සමාජය තුල ගොඩනැගෙන විරෝධතාවල මූලික ඉල්ලක්කය වන්නේ ආණ්ඩුවයි. එනම් රාජ්‍ය බලය අභ්‍යාස කරන කණ්ඩායමයි. නමුත් මෙහිදී විරෝධතාවය එල්ලවන්නේ ක්‍රම වෙනසක් වෙනුවෙන් දැඩිව පෙනී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ, ශිෂ්‍ය අංශයේ මෙහෙයුම්කරුවාට වීම දේශපාලනිකයි.

තමන්ගේ ජනතාව විසින් සිය විමුක්තිය උදෙසා කල සටන 2009 දී වෙල්ලමුල්ලවයික්කාල් වලදී අවසන් වෙන්නේ ලේවැකි අතීතයක් ඉතිරි කරමින්. උතුරේ අරගලයට එරෙහිව රාජපක්ෂ රෙජීමය බලයට ගේන්නට පිටිය සකසන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින්. දැන් පෙරටුගාමීන්ගේ විප්ලවවාදී රැඩිකල් බුවාලා බවට පත්වී සිටින නායකයන් යනු මහින්ද රාජපක්ෂගේ සාටකය තුල තොටිලි හදාගෙන නැලවෙමින් සිටි නරුමයන්. එය දකුණට අමතක වුවද, උතුරට එය අමතක නෑ. සිය ලෙයින් හා යකඩයෙන් කල සටනකදී ඒහා බැදුනු වේදනාකාරී අතීතය ඔවුන් අමතක කිරීමටත් සූදානම් නෑ.



අනිත් පැත්තෙන් ත්‍රස්ත්‍රවාදය වැලැක්වීමේ පනතට එරෙහිව දැඩිව වීදි සටන් වලට යොමුවුනු පෙරටුගාමීන් මෙන්ම අන්තරේ ශිෂ්‍ය බබාලාද නොදන්නේ උක්ත පනතින් දෙමල ජනතාව කොපමණ මර්ධනීය හස්තයකින් සිරකොට ගෙන සිටියාද යන්න යි. කලු කබා මහත්වරු හා නෝනලා දකුණේ ගාලුමුවදොර අරගලයේ මර්ධනීය අවධීන් පිළිබඳව සිය කෑම පැයේදී කරන මාධ්‍ය සංදර්ශන වලට දකුණ රැවටිය හැකි මුත් උතුර රැවටිය නොහැකියි.



වසන්තගේ කම්මුල අතගාන ගමන් දෙමළ ජනතාව කියන්නේ සිය විමුක්ති අරගලය තිරශ්චීන ලෙස මර්ධනය කරද්දී නිහඩව ඊට අනුග්‍රහය දැක්වූ දකුණේ වාමාංශික ජාතිවාදීන් දැන් පැළඳ ඇති වෙස් මුහුණ තමන් හඳුනන බවයි.

LTTE සංවිධානය යනු ඕපපාතිකව බිහිවූවක් හෝ ඊට අදාල කොන්දේසිද ඕපපාතික නැහැ. තමන් කෙරෙහි 1948 දී අධිරාජ්‍යවාදයෙන් පසු ලංකාවේ බලය ලබාගත් සිංහල-බෞද්ධ බලවේග කල නොසැලකීම් මෙන්ම දෙවන පෙළ පුරවැසියන් සේ සලකා කටයුතු කිරීම හරහා මතුවූ නිදහස පිළිබඳව වන බලාපොරොත්තු ඔවුන්ගේ ජීවිත වලින් වන්දිගෙවා මිල කරනු ලැබූවද, වසන්න බබාට අමතක වූවද, ඔවුන්ට අමතක වී නැහැ.

ලංකාවේ දේශපාලනය තුල මේ මොහොතේද ”උතුර” යනු නොපවතින දෙයක් බව හැගවෙන විට ඊට එරෙහි වන දේශපාලනික අනුරාගය අපි කියවා ගත යුතුයි.



පෙරටුගාමීන්ගේ න්‍යාචාර්‍යවරුන් බවට පත්වී ඇති විශ්ව විද්‍යාලීය ආචාර්‍ය්, මහාචාර්‍යවරැන් හා “කොලඹ කපුටන්” මෙම ඉතිහාසයේ වසන් කරන ස්ථානයත්, තිරෙන් පිටුපස “අපි රාජපක්ෂල ගෙනාවේ උතුරට කෙලවන්න තමයි” කියන වාගාලංකාරයත් අතර ඇති නරුමවාදී ආත්මය යනු එය යි.



එය යහමින් නඩත්තු කරන ගමන් උතුරට අරගල රැගෙන යාමට වලිකන රැඩිකල් ගොබ්බයන්ට උතුරේ ජනතාව එල්ලකර ඇති මේ කනේපාර අපිටනම් විශ්මයක් ජනිත කරන්නේ නෑ.

තමන්ගේ විමුක්ති අරගලය බිමටම සමතලා කල පසු කිරිබත් කා සතුටුවුනු දකුණේ රැඩිකල් වාමාංශික බබාලාට උතුර කියන්නේ එක දෙයයි.

“කරුනාකර මෙහෙ එන්න එපා.''

(carbonnews.lk)

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...