The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

යුක්රේනයේ ඇමෙරිකානු සෙබළුන්ටත් අණ දෙන ලංකාවේ කොල්ලා (වීඩියෝ)

T

The Leader Desk

March 27, 2023 • 4:55 AM

යුක්රේනයේ ඇමෙරිකානු සෙබළුන්ටත් අණ දෙන ලංකාවේ කොල්ලා (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානු හමුදාව ඉවක් බවක් නොමැතිව සුදු පොස්පරස් වැනි රසායනික ආයුධ පවා යොදාගන්නා බවත් රනිෂ් හේවගේ සඳහන් කළේ "Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග Exclusive සංවාදයකට එක්වෙමිනි.
  • රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව වසරකටත් වැඩි කලක් දිග ඇදෙන යුද්ධයේ දී දෙපාර්ශවයම යුද අපරාධ සිදු කරන බව ඔහු පිළිගත්තේය.
  • ඉන් අනතුරුව මේ වනවිට ඔහු 61 දෙනෙකුගෙන් සමන්විත විදේශික සටන්කරුවන් ඛණ්ඩයක අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරයි.
  • රනිෂ් පවසන්නේ, යුද්ධය කෙතරම් කුරිරු වුවත් ආක්‍රමණිකයාට යටත්වීමට යුක්රේන ජනතාව සූදානම් නැති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):



රුසියානු හමුදාව ඉවක් බවක් නොමැතිව සුදු පොස්පරස් වැනි රසායනික ආයුධ පවා යොදාගන්නා බවත් රනිෂ් හේවගේ සඳහන් කළේ "Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාව සමග Exclusive සංවාදයකට එක්වෙමිනි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව වසරකටත් වැඩි කලක් දිග ඇදෙන යුද්ධයේ දී දෙපාර්ශවයම යුද අපරාධ සිදු කරන බව ඔහු පිළිගත්තේය.

"යුද අපරාධ කියල විශේෂයෙන් දෙයක් නෑ. යුද්ධය කියන්නෙම මහා අපරාධයක්," ඔහු පැවසීය.

යුක්රේනයේ කර්කිෆ් (හර්කොෆ්) නගරයේ සිට මාධ්‍යවේදී සරෝජ් පතිරණ සමග අදහස් දැක්වූ රනිෂ් හේවගේ පවසන පරිදි යුක්රේන හමුදා සමග එක්ව සටන්කරන එකම ශ්‍රී ලාංකිකයා ඔහුය.

ආක්‍රමණික රුසියානු හමුදා මහල් නිවාසවල නිදා සිටින සාමාන්‍ය වැසියන් වෙත බෝම්බ හෙලමින්, යුක්රේන කාන්තාවන් දූෂණය කරමින්, "LTTE කාලේ වගේ අහිංසක මිනිස්සු කපල, කොටලා" මරා දමමින් දියත් කර තිබෙන අමානුෂික යුද්ධය ගැන දීර්ඝ වශයෙන් විස්තර කළ ඔහු පවසන්නේ, යුක්රේන ආක්‍රමණය දියත් කරන තුරු රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් තමන්ට "වීරයෙකු" වූ බවය.

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට යුද පෙරමුණේ සටන් වැද සිටින ඔහු, එක් අවස්ථාවක ඇමෙරිකානු සෙබලෙකු බේරාගැනීමට ගොස් දරුණු අන්දමින් තුවාල ලැබීමෙන් අනතුරුව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඔහුට පදක්කමක් පිරිනමා කපිතාන් පදවියකට ද පත්කොට තිබේ.

ඉන් අනතුරුව මේ වනවිට ඔහු 61 දෙනෙකුගෙන් සමන්විත විදේශික සටන්කරුවන් ඛණ්ඩයක අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරයි.

රනිෂ් පවසන්නේ, යුද්ධය කෙතරම් කුරිරු වුවත් ආක්‍රමණිකයාට යටත්වීමට යුක්රේන ජනතාව සූදානම් නැති බවය. කිසියම් ලෙසකින් පූතින්ට යටත්ව සටන් විරාමයකට හෝ සෙලෙන්ස්කි සූදානම් වුවහොත් යුක්රේන ජනතාව ඔහුට විරුද්ධව ද නැගී සිටිනු ඇති බවත් ඔහු පැවසීය.

රුසියානු ආක්‍රමණයේ අමානුෂික ස්වභාවය, යුද අපරාධ, යුද්ධය සම්බන්ධ බටහිර මාධ්‍යවල propaganda සහ යුද ගැටුම්වලට මැදිව සිටින ජනතාවගේ ජිවන තත්වය ඇතුළු බොහෝ කරුණු ගැන දීර්ඝව අදහස් දැක්වූ ඔහු සංවාදය අවසන් කළේ, "යුද්ධෙ පටන්ගත්තේ පූටින්. ඉවරකරන්නත් ඕන පුටින්," යනුවෙන් පවසමිනි.

යුක්රේන බලධාරීන්ගෙන් අවසර ලැබුණහොත් රනිෂ් හේවගේ යුද පෙරමුණේ සිටින අවස්තාවක සජීව විස්තරයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට ද "සංදේශය" බලාපොරොත්තු වේ.





 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුක්රේනයේ ඇමෙරිකානු සෙබළුන්ටත් අණ දෙන ලංකාවේ කොල්ලා (වීඩියෝ) | The Leader