The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විමලෙගෙ කොලම : සෝමාරාම

T

The Leader Desk

March 27, 2023 • 11:30 AM

විමලෙගෙ කොලම : සෝමාරාම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බිරිඳ කලබලයට පත්ව ඇසුවේ මොකද අනේ හීනයක් දැක්කද කියාය.
  • කැලණිය පන්සලට අයත්, යාබද පොල් රුප්පාව සරුවට වැඩී තිබුණි.
  • බුද්ධ රක්ඛිත කීවේ තරමක් උස ගසක ඇති කුරුම්බා ගෙඩියකට ඉලක්කය ගන්නා ලෙසය.
අකුරු ප්‍රමාණය (Font Size):
බිරිඳ කලබලයට පත්ව ඇසුවේ මොකද අනේ හීනයක් දැක්කද කියාය. දොලවත්ත ඇඳ මත වාඩිවී තද කල්පනාවකට වැටුණේය. බිරිඳ නොසන්සුන් වූවාය. මොකක්ද දැක්කෙ අනේ, රනිල් ආණ්ඩුව අවුල් කරගත්ත ද කියා ඇය ප්‍රශ්නාර්ථයක් සහිත සාත්වික අභිනයක් මවාගෙන ඇසුවාය.

දොලවත්ත මේසය උඩින් වතුර වීදුරුව අරං උගුරක් පානය කර කීවේ නැහැ ඩලා, ආණ්ඩු නම් මේ හදනවා මේ වැටෙනවා ඕවා එච්චර දේවල් නෙවෙයි අනේ කියාය. එහෙනම් කී බිරිඳට දොලවත්ත කීවේ නීතිඥ සංගමේ අලුත් සභාපති සෙනසුරාදා දවල් කියපු කතාව මහ රෑත් කිව්වනේ කියාය. මොන කතාවද කියා ඇසූ බිරිඳට දොලවත්ත කීවේ අධිකරණය ඉරිපත් කරපු ප්‍රගතිශීලී යෝජනා පාර්ලිමේන්තුව නොසලකා ප්‍රතික්ෂේප කරොත් ඒකට විරුද්ධව පියවර ගන්නවා කියලා මිනිහා මේ දැනුත් කිව්වනේ කියාය.

බිරිඳ කීවේ හරි ඉතිං ඕක එයා සෙනසුරාදා උදේ නීතිඥ සංගමේ නිලවරණය වෙලාවේ කියපු එකනේ සුදා කියාය. දොලවත්ත කිව්වේ ඉතිං ඒක මට රෑ හීනෙනුත් පෙනිච්ච එක හිතට හරි මදි අනේ, ඔයාට තේරෙන්නෙ නැද්ද කියාය.

බිරිඳ කීවේ නීතිඥ සංගමයේ සභාපති ඔයාට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්නවා කියලා කොතනදී වත් කියලා නැහැනේ මෙයා, ඒ නිසා ඕක අමතක කරලා නිදා ගන්න අනේ කියාය. දොලවත්ත කිව්වේ ඉතින් අධිකරණ තීන්දුව නිසා මන්ත්‍රී වරප්‍රසාද කැඩෙනවා කිව්වේ මමනේ, ඒක ඔයාට අමතකද කියාය.

එසේ කී දොළවත්ත කොට්ටය මදක් උස්සා තබා ඇඳ විට්ටමට හේත්තු වූ අතර බිරිඳ ඔහුගේ හිස පිරිමදින්නට පටන් ගත්තාය. දොලවත්තට යාන්තං නින්ද ගියේය. ඒ නින්දේ දී  ඔහු තවත් සිහිනයක් දුටුවේය. ඒකේ හිටියේ කැළණියේ බුද්ධරක්ඛිත හාමුදුරුවෝ සහ තල්දූවේ සෝමාරාම හාමුදුරුවෝය. කැලණිය පන්සලට අයත්, යාබද පොල් රුප්පාව සරුවට වැඩී තිබුණි. සෝමාරාම අතේ පිස්තෝලයකි. බුද්ධ රක්ඛිත  කීවේ තරමක් උස ගසක ඇති කුරුම්බා ගෙඩියකට ඉලක්කය ගන්නා ලෙසය. සෝමාරාම එසේ කළහ. අනතුරුව බුද්ධරක්ඛිත shoot කීහ. උණ්ඩය නිකුත්විය. කුරුම්බාව දෙකට පැලී බිම වැටුණි. බණ්ඩාරනායක ඝාතනය කරන්නට බුද්ධරක්ඛිත හාමුදුරුවෝ සෝමාරාමට වෙඩි තැබීම ඉගැන්වූයේ කැලණිය පන්සල් වත්තේ පොල් ගස් වල ගෙඩි වලට වෙඩිතබා යැයි කියවෙන ප්‍රකට කතාව දොළවත්තට සිහිවිය.

බුද්ධරක්ඛිත සහ සෝමාරාම පෙනී සිටි සිහිනයට සමාන්තර සිහිනයක සිටියේ දොලවත්ත සහ රනිල් වික්‍රමසිංහ ය.

ඒ සමාන්තර සිහිනයේ සෝමාරාම වෙනුවට පිස්තෝලයක් අතින් ගෙන සිටියේ දොලවත්තය. බුද්ධරක්ඛිත හිටපු  ආසන්නයේ හිටගෙන සිටියේ රනිල් වික්‍රමසිංහ ය. බණ්ඩාරනායකට වෙඩි තබන්නට තමන්ට අණ ලැබේවි යන බියෙන් දොලවත්තගේ අත වෙව්ලුවේය. එකෙණෙහිම ඔහුට මතක් වූයේ අපොයි සෝමාරාම, බණ්ඩාරනායකව ඝාතනය කරලා දැන් කොච්චර කල්ද, බයවෙන්න දෙයක් නැහැ නේ කියාය.

එකෙණෙහිම ෂූට් කියා අණ ලැබුණි. ඉලක්කය යොමුවී තිබුණේ පුද්ගලයෙකුට නොව සාන්ත බස්තියම කන්ද පැත්තටය. වැඩිදුර නොසිතා දොලවත්ත කොකා ඇද්දේය. වෙඩිල්ල වේගයෙන් පියාඹා ගියේ අලුත් කඩේ පැත්තේ සුදු උසය කොතක් බඳු ගොඩනැගිලි සංකීර්ණයක් දෙසටය.


Wimalanath Weerarathna(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී

wimale.ravaya@gmail.com



 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විමලෙගෙ කොලම : සෝමාරාම | The Leader