The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විමලෙගෙ කොලම : බැලන්ස් එක

T

The Leader Desk

March 28, 2023 • 12:11 PM

විමලෙගෙ කොලම : බැලන්ස් එක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය මුලින්ම කිව්වේ අනේ ලාල් ඇම්බුං කැනක් පීදිලා, වඳුරො කොයි වෙලේ පනියිද දන්නෑ පිලි වැස්සක් දාන්නකො කියාය.
  • බිරිඳ කුස්සියේ සිට උස් හඬින් කීවේ වහලෙ වඳුරො පැනලා බිඳිච්ච තැන් දෙක තුනකුත් ඇති, ඒකත් පොඩ්ඩක් බලන්න ලාල් හොඳ එක්කෙනා වගේ කියාය.
  • අනතුරුව ඇය ඇනුම් පදයක් කීවේ කෝ ඉතිං ගෙදරක ඉන්න එකක්යැ, ඔහොමත් වෙලාවක තමයි ගෑනියෙක් ඉන්නවද කියලා මතක් වෙන්නේ කියාය.
අකුරු ප්‍රමාණය (Font Size):



ඇය මුලින්ම කිව්වේ අනේ ලාල් ඇම්බුං කැනක් පීදිලා, වඳුරො කොයි වෙලේ පනියිද දන්නෑ පිලි වැස්සක් දාන්නකො කියාය. මේ වඳුරොත් එක්ක කෙහෙල් කැනක් නෙවෙයි ඡන්දෙවත් තියාගන්න බැහැ කියා ආඩපාලි කියමින් ලාල් පෝර උරයකුත් අරං ඉණිමග තබා වහලෙට නැග්ගේය. බිරිඳ කුස්සියේ සිට උස් හඬින්  කීවේ වහලෙ වඳුරො පැනලා බිඳිච්ච තැන් දෙක තුනකුත් ඇති, ඒකත් පොඩ්ඩක් බලන්න ලාල් හොඳ එක්කෙනා වගේ කියාය.

ඉතින් අද දවසෙම වැඩ මවයි කියා තමන්ටම කියාගත් ලාල් පෝර උරයත් අතේ තියාගෙන වහලේ කැඩිච්ච තැන් සොය සොයා එකල මෙකල වෙමින් සිටියේය.

මේ වෙලාවේ ලාල්ගේ නෝනා හිටියේ ලාල්ට ඉඟුරු තේකක් හදමිනි. පූසා හිටියේ ටීවී එක බලමිනි. එකපාරටම ටීවී එකේ ගියේ ලාල්ගේ වොයිස් කට් එකකි. ඔහු කිව්වේ ගල් කැටයක් වත් නැතුව මිනිස්සු සේරම සාක්කුවේ අත් දෙක දාගෙන කොළඹ ආපු දවසක ඡන්දෙ ලැබෙයි කියාය. බිරිඳට එය ඇසී වහලය උඩ සිටින ලාල්ගෙන් ඇසුවේ කොහොමද අනේ එහෙම වෙන්නෙ කියාය.

ලාල් කීවේ ඕක එච්චර දෙයක් නෙවෙයි, නිකංම සාක්කුවේ අත් දෙක දාගෙන ආපු මිනිහා ජනාධිපති වුණේ කියාය.

මේ වෙලාවේ පූසා ලාල්ගෙන් ඇසුවේ දිගටම සාක්කුවේ අත් දෙක දාගෙන ඉන්නකොට බලාගෙන ඉන්න එවුන් නරක දෙයක් හිතෙයිද කියාය. ඒ කිව්වේ කියා අවධානයෙන් ඇසූ ලාල්ට පූසා කීවේ, නෑ ඉතින් සාක්කු දෙකේම අත්දෙක දාගෙන ඉන්නකොට එතන වෙන කර්මාන්තයක් සිද්ධ වෙනවා කියලා මිනිස්සු හිතන්න පුළුවන් කියාය. මූ මේ රෙද්දක් කතා කරනවා කියා පූසාට බැණවැදුණු ලාල් වහලේ බිඳුනු තැනකින් අත දමා ඌට කැට කැබිලිත්තකින් ගැසුවේය. එය පූසා පසුකර ගොස් සාලය දෙසට එමින් සිටි බිරිඳට වැදුණු අතර ඇය සිතුවේ ලාල් කෝලිත්තමකට එන්න හදනවා කියාය. අනතුරුව ඇය ඇනුම් පදයක් කීවේ කෝ ඉතිං ගෙදරක ඉන්න එකක්යැ, ඔහොමත් වෙලාවක තමයි ගෑනියෙක් ඉන්නවද කියලා මතක් වෙන්නේ කියාය. ලාල්ට හිතුනේ නිකම්ම සාක්කුවේ අත් දෙක දාගෙන හිටියට වැඩක් නෑ, ගල් කැටයකින් වත් ගහන්න ඕනෑ තමයි කියාය.

මේ වෙලාවේ පූසා බැල්කනියෙන් වහලයට පැන්න අතර පෝර උරය පැත්තක වැටී තිබෙනු ඌ දුටුවේය. වහලයේ කැඩුණු තැන්ද එහෙමමය. පූසා මද වේලාවක් ඒ දෙස බලා සිට ලාල් ගෙන් ඇසුවේ ආණ්ඩුව කරන්න හිතන් ඉන්නෙත් ඔය විදිහට ද කියාය. ලාල් කැඩිච්ච රීප්පයක් සොයන්නට වට පිට බලන අතරේ පූසා අල්ලපු වහලට පැනගත් අතර මේ වෙලාවේ කරලක් කපාගෙන යමිං ගමං ගිරවෙකු කීවේ වයසට ගිහින් ආණ්ඩු හදලා වැඩක් නෑ, නර්ස් කෙනෙක්වත් ස්ලිම් කරගන්න බැරි වෙනවා කියාය. ලාල් කීවේ අපි තරුණ ව්‍යාපාරයක්, ඒ නිසා අවුලක් නැහැ කියාය.

බිරිඳ ඉඟුරු ප්ලේන්ටියකුත් අරං මිදුලට විත් වහලය දෙස බලනකොට ලාල් හිටියේ දබර ඇඟිල්ල උඩ තබා රීප්පයක් බැලන්ස් කරමිනි. මද වේලාවක් ඔහුගේ ක්‍රියාව දෙස බලාගෙන සිටි බිරිඳ, ජාතික ජන බලවේගය කියන්නේ ඔන්න ඔහොම එකක් කීවාය. ලාල් රීප්පය ක්ෂණිකව එක් අතකට අරන් ඒ කිව්වේ කියා ඇසූ අතර බිරිඳ කීවේ නැහැ ඉතින් ඕගොල්ලන්ට ජේ. ආර්වයි, විජේවීරවයි දෙන්නවම  බැලන්ස් කරගෙන ගමනක් යන්න පුළුවන් වෙච්ච එකත් මාර වැඩක් කියාය.

මේ මොහොතේ කුස්සිය පැත්තෙන් වඳුරෙක් ගෙට පනිනවා දුටු ලාල්ගේ බිරිඳ ෂෝ වඳුරා කියමින් කුස්සිය පැත්තට දිව ගියාය. ඒ ඇසිල්ලෙන් යළිත් රීප්පය ඇඟිල්ල මත තබා බැලන්ස් කර බලන්නට ලාල්ට සිතුනේය. රීප්පය දෙපසින් ලාල් දෙස බලා සිනා සිසී ජේආරුත්,විජේවීරත් ඉන්නවා වගේ ලාල්ට දැනුනේය.




Wimalanath Weerarathna(විමලනාත් වීරරත්න)
නිදහස් මාධ්‍යවේදී

wimale.ravaya@gmail.com


JW

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විමලෙගෙ කොලම : බැලන්ස් එක | The Leader