The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දෙව්සිරිගේ සංග්‍රාමය - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

March 28, 2023 • 12:20 PM

දෙව්සිරිගේ සංග්‍රාමය - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සඳහා ඔහු පාදක කරගන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වසන්ත මුදලිගේ සහ පිරිසක් විසින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හා සිදු කළ කිසියම් දේශපාලන කටයුත්තකට එරෙහිව යාපනයේ වැසියන් පිරිසක් විරෝධය දැක්වීමේ ආසන්න සිදුවීමයි.
  • අන්තරයට සිදු වූ ඒ මදි පුංචිකම සහ ඒ හරහා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තරයට කෙරෙන සෝපහාස විසින් ට්‍රිගර් කෙරුණු දේවසිරි විසින් එය අස්වසනු පිණිස මෙම වාර්ගික ප්‍රකාශය කෙරෙන්නට ඇතැයි මා සිතනවා.
  • එමෙන්ම අන්තරයට කෝචෝක් කරන ජාතිකවාදීන්ගේ බඩට යටින් ගැහීමත් දේවසිරිගේ #අරමුණ වූ බව පැහැදිලියි.
  • මේ ක්ෂණික ප්‍රකාශ මෝචනය දේවසිරිගෙන් අප හැමදාම දකින දුර්වලතාවයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


337675920 613600203538651 2768484083331585905 n

ඒ සඳහා ඔහු පාදක කරගන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වසන්ත මුදලිගේ සහ පිරිසක් විසින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හා සිදු කළ කිසියම් දේශපාලන කටයුත්තකට එරෙහිව යාපනයේ වැසියන් පිරිසක් විරෝධය දැක්වීමේ ආසන්න සිදුවීමයි.

අන්තරයට සිදු වූ ඒ මදි පුංචිකම සහ ඒ හරහා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තරයට කෙරෙන සෝපහාස විසින් ට්‍රිගර් කෙරුණු දේවසිරි විසින් එය අස්වසනු පිණිස මෙම වාර්ගික ප්‍රකාශය කෙරෙන්නට ඇතැයි මා සිතනවා. එමෙන්ම අන්තරයට කෝචෝක් කරන ජාතිකවාදීන්ගේ බඩට යටින් ගැහීමත් දේවසිරිගේ #අරමුණ වූ බව පැහැදිලියි. මේ ක්ෂණික ප්‍රකාශ මෝචනය දේවසිරිගෙන් අප හැමදාම දකින දුර්වලතාවයක්. නමුත් එම සරල ප්‍රකාශනයට ඔබ්බෙන් ඇති දේවසිරි ඉන්න දේශපාලන කඳවුරේ මතවාදීමය පරස්පරයන් හඳුනාගැනීමට මෙය කදිම අවස්ථාවක්.

 

පළමුව අපට පෙනෙන්නේ දේවසිරි මෙම සිදුවීම දෙස බලන්නේ “සිංහල vs දෙමළ” දෘෂ්ටියේ සිට බවයි. එනම් දේවසිරි උතුරේ දෙමළා දෙස බලන්නේ දකුණේ තමන්ගෙන් ඉඳුරා වෙනස් අයෙකු ලෙස පමණක් නොව තමන්ට “ප්‍රතිවිරුද්ධ” (opposite) අයෙකු ලෙසයි. තමා හා ලෙස දේවසිරි දකින අන්තරේට විරෝධය දක්වන දෙමළා ඒ තමාට විරෝධය දැක්වීම නිසාම දේවසිරි අතින් වහාම වාර්ගික ප්‍රතික්ෂේප කිරීමකට ලක් වෙනවා.

 

නමුත් ගැටලුව තිබෙන්නේ දේවසිරිගේ මන්ත්‍රණ සභාවේ සභිකයන් කව් ගී නිසඳැස් ලියන්නේ “සිංහල දෙමළ අපි හැමෝම එකයි… ලල්ල ලල්ල ලා” වගේ සංකල්පයකින්. එතකොට මෙතන පැහැදිලි පරස්පරයක් තිබෙනවා. අන්තරේට දකුණේ වැසියන් දිගින් දිගටම දක්වන විරෝධය දේවසිරිට මේ විදිහට පෙනෙන්නේ නැත්තේ ඔහු ඉන්න අර “සිංහල vs දෙමළ” කියන discriminatory දෘෂ්ටිය නිසා බවත් ඒ අනුව අපට පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් මේකට තමයි “ජාතිවාදය” කියන්නේ…

දෙවනුව අපට පෙනෙන්නේ දේවසිරි විසින් මේ එක සිදුවීමක් මත උතුරේ ජීවත් වෙන සමස්ත දෙමළ ප්‍රජාවම “බෙදුම්වාදීන්” ලෙස stereotypically ලඝු කිරීමයි. එය සමාන වෙන්නේ -නම ලිව්වොත් block වෙන- ජවිපෙට සම්බන්ධ ඉස්ලාම්වාදී අන්තවාදීන් විසින් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර සිදු කිරීම නිසා සියලු මුසල්මානුවන් ආත්මඝාතක ඝාතකයන් ලෙසට ලඝු කිරීමටය.

 

HBM

නමුත් දේවසිරිගේ අනුගාමිකයන් නම් කියන්නේ එහෙම මිනිසුන් stereotype කිරීම වරදක් බවයි. උදාහරණයක් ලෙස ඊනියා අරගලය අතරතුර පොහොට්ටුවේ සාමාජිකයන්ගේ නිවාස මංකොල්ල කා ගිනි තැබීම නිසා සියලු අරගලකරුවන් ප්‍රචණ්ඩ සාහසිකයන් වශයෙන් නම් කිරීම නොකළ යුතු යැයි ඔවුන් කියනවා. නමුත් දේවසිරිගේ මෙම තර්කය අනුව “සියලු අරගලකරුවන් ම්ලේච්ඡයන්” ලෙස හැඳින්විය හැකියි.

තුන්වනුව දේවසිරිගේ මෙම ප්‍රකාශයෙන් නැවතත් අපට පේනවා දෙමළ “ජනතාවගේ අවශ්‍යතාවය” හරියටම නිර්වචනය කිරීමේ දේව වරම දකුණේ සිංහල ජාතික දේවසිරිට උරුම බවට උගත් මහාචාර්යවරයා තුළ පවතින දැඩි ආත්මවිශ්වාසය. ඒක තමයි මගේ පෙර ලිපියෙන් පැහැදිලි කළේ අරුන් සිද්ධාර්ත්ගේ ප්‍රකාශයට අදාළව. “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” යනුවෙන් ජනතාවට “ව්‍යවස්ථා” පැනවීමට තමන්ට හැකි බවට දේවසිරි තුළ පවතින දරුණු “මසයියාහ් සංකීර්ණය” හඳුනාගැනීමට මේක තවත් නිදසුනක්. ධර්මය අපට මග වේවා!


eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

eranda.ginige@gmail.com

2023 මාර්තු 28


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දෙව්සිරිගේ සංග්‍රාමය - (එරන්ද ගිනිගේ) | The Leader